ඔන්න මම තවත් මලයාලම් ෆිලුමක් අරන් ආයෙත් ආවා.මේක අයිති වෙන්නේ Adventure,Drama කියන ප්‍රභේද වලට.ගොඩක් ජනප්‍රිය වුන මලයාලම් ෆිල්ම්වල රඟපාපු Dulquer Salmaan මේකට ප්‍රධාන රංගනයෙන් දායකවෙලා තියෙනවා.ආදර කතාවක් මේකේ අන්තර්ගත වුනත්,සාම්ප්‍රදායික ආදර කතා වලින් ඔබ්බට ගිය ෆිලුමක් කියලා කියන්න පුළුවන්.කේරලය,ආන්…

ඔන්න මම තවත් මලයාලම් ෆිලුමක් අරන් ආයෙත් ආවා.මේක අයිති වෙන්නේ Adventure,Drama කියන ප්‍රභේද වලට.ගොඩක් ජනප්‍රිය වුන මලයාලම් ෆිල්ම්වල රඟපාපු Dulquer Salmaan මේකට ප්‍රධාන රංගනයෙන් දායකවෙලා තියෙනවා.ආදර කතාවක් මේකේ අන්තර්ගත වුනත්,සාම්ප්‍රදායික ආදර කතා වලින් ඔබ්බට ගිය ෆිලුමක් කියලා කියන්න පුළුවන්.කේරලය,ආන්ද්‍රා ප්‍රදේශ්,කර්ණාටක ඇතුළු ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම මේකේ රූගත කිරීම් සිදු කරලා තියෙනවා.තරුණ වාමාංශික දේශපාලනය,ආගම-ජාතිය ගැන මිනිස්සු පටු විදියට හිතන්න ගිහින් ඒකෙන් ඇතිවුණු සමාජ බලපෑම් වගේ සමාජ පැතිකඩයන් ෆිලුම පුරා දකින්න තියෙනවා.
කාසි කියන්නේ ඉංජිනේරු ශිෂ්‍යයෙක්.මෙයා කේරලයේ ඉඳන් ඊසානදිග ඉන්දියාවේ තියෙන නාගලන්ඩ් වලට බයික් එකේ යද්දී මෙයාට මුහුණ පාන්න වෙන දේවල් එක්ක තමයි ෆිලුම ඉස්සරහට යන්නේ.කාසි එක්ක එයාගේ යාළුවා සුනී මේ ගමනට එනවා.මෙයාලා යන්නේ කාසිගේ පෙම්වතිය හොයාගෙන.මෙයාලට කොලේජ් එකේදී මුහුණපාන්න සිද්දවුන සිද්දිත් ෆිලුමේ තියෙනවා.ඉතින් මේ දෙන්නට මේ ගමනේදී මොන වගේ මිනිස්සු මුණගැහෙයිද? කාසිට එයාගේ පෙම්වතිය මුණගැහෙයිද? එයා කාසිව දාල යන්න හේතුවුනේ මොන වගේ සිද්දියක්ද? මේ දේවල් ඔයාලට ෆිලුම බලද්දී එකින් එක දැනගන්න පුළුවන් වෙයි !
මේකේ නියම මලයාලම් නම තමයි,’Neelakasham Pachakadal Chuvanna Bhoomi’ කියන එක.ඒත් IMDb එකේ තියෙන්නේ ඉංග්‍රීසි පරිවර්තිත නම-‘Blue Skies,Green Waters,Red Earth’ කියන එක.චේ ගුවේරාගේ තරුණ කාලයේ සිද්දි ඇතුලත් කරලා හදපු The Motorcycle Diaries කියන ෆිලුමේ ආභාෂය මේකට ලැබිලා තියෙනවා කියලා තමයි කියැවෙන්නේ.මේක මගේ හයවෙනි උපසිරැසි ගැන්වීම.මේ ෆිලුම බලලත් ඔයාලට වෙනස්ම අත්දැකීමක් ලබාගන්න පුළුවන් වෙයි ! ඒ වගේම ෆිලුම බලලා සබ ගැන හිතෙන ඕනෙම දෙයක්-යෝජනාවක්,චෝදනාවක්,දිරිගැන්වීමක් පල්ලෙහායින් කොමෙන්ටුවක් විදියට දාගෙන යන්නත් අමතක කරන්න එපා !
තවත් ෆිලුමකින් අපි ආයෙත් හමුවෙමු !
ඔබට ජය !

Due to copyright issues, we do not provide any torrent links.
Blue Skies, Green Waters, Red Earth (2013)
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,847 downloadsDownload Blue-Skies-Green-Waters-Red-Earth-2013.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු රසාංග
Subtitles
24 comments
Kantha_DLA
චමෝද්
Thnq thnq...........................ජයවේවා ..
Kulanjana Maduranga
niayamai…malayalm 1k nm atharin na...balanawama thama.thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thara
thanks for the subtitle. really appreciated.
Hasitha Deegoda
බොහොම ස්තුතියි සහෝ සබට.....දිගටම මෙහෙම සබ් කරන්න ලැබේවා
Sohan jayasooriya
Thanx saho sub ekata jaya weva
praneeth madu
බොහොම ස්තුතියි සහෝ සබට
rkkasun
thanx
Adheesha
link please
තරිඳු රසාංග
මේ වෙද්දී ෆිලුම බාගෙනත් ඇති.
Baiscopedownloads site එකෙන් ලේසියෙන්ම බාගන්න පුළුවන්.
කොහොමවුනත් Hash එක මම මෙතනින් දාන්නම්.
66A4FC6CC0458FF0602A5F0643AD2ECD49E9776A
manoj
thank you sahoooooo niyama wadak
indika
මලයාලම් කිව්වොත් නම් ආයේ අනිවා බලනවා... පට්ටම වැඩක් සහෝ...
Chami.S
Thanks..
LaPaT
පට්ට මචන්....
මුගෙ ෆිල්ම් සුපිරි........
ඔක්කොටම සබ් දෙන්න....
(ඔයාලගෙන් තම මේ නලුවව හොයා ගත්තෙ....දැන් උගේ එවා හොය හොය බලන්නෙ..........)Gayan
sub ekata thank's. Jayawewaa!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kamal
සබ අරගන නම් ගොඩක් දවස් මචන් අද තමයි බලන්න වෙලාවක් ලැබුනේ. සබට බොහොම ස්තුතියි. හොඳට කරලා තිබුනා මචන්. Dulquer Salmaanගේ අලුත් ෆිල්ම් එකටත් සබ් දෙන්න.
Jomonte Suvisheshangal(2016)SPD
බොහොම ස්තුතියි තරිඳු රසාංග සහෝ සබට. ඉදිරියටත් මේ වගේ චිත්‍රපට සඳහා උපසිරසි ලබාදීමට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
janani
dulqure salmange salalah mobiles,cia kiyana film walath sub denna
Pasan
බොහොම ස්තුති සහෝදරයා උපසිරැසියට..ජය වේවා
Mithun
Thx bro makat balamuu
Hemantha De Silva
බලමුකෝ මේක මිස් වෙලානේ...
පරක්කු වෙලා හරි අද ගත්තා.
ස්තුතියි තරිඳු...
ස්තුතියි බයිස්...malith
Ela ela
Gandhaka Indrajith
Thanks for the subtitle
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----