Watch Trailer

Born To Be Wild (2011) with Sinhala Subtitles | වනගත වනතුරු [සිංහල උපසිරසි සමඟ]

අන්තිමට උපසිරැසි ගන්වපු The last lions (2011) Documentary එකෙන් පස්සේ ටික කාලයක් Documentaryම බැලුවා. The last lions (2011) බලපු අය දන්නවා ඇති ඒක මොන තරම් නම් සුපිරිද කියලා. හිතට වැදුනු තවත් ඒ වගේ එකක් ගෙනාවා. Born To Be Wild. ඒ කියන්නේ කැලයට යන්නට සූදානම් වෙනතුරු ඇති දැඩිවෙන සතුන් ගැනයි මේකෙන් කිය…

Born To Be Wild (2011)අන්තිමට උපසිරැසි ගන්වපු The last lions (2011) Documentary එකෙන් පස්සේ ටික කාලයක් Documentaryම බැලුවා. The last lions (2011) බලපු අය දන්නවා ඇති ඒක මොන තරම් නම් සුපිරිද කියලා. හිතට වැදුනු තවත් ඒ වගේ එකක් ගෙනාවා. Born To Be Wild. ඒ කියන්නේ කැලයට යන්නට සූදානම් වෙනතුරු ඇති දැඩිවෙන සතුන් ගැනයි මේකෙන් කියන්නේ. දඩයක්කාරයින් තමන්ගේ මවුවරු පියවරු මරා දැමුවට පස්සේ, හිතක් පපුවක් නැති කුරිරු මිනිස්සු තමන්ගේ වාසස්ථාන විනාශ කරලා ඉන්න හිටින්න තැනක් පවා අහිමි කරනවා. ඊට පස්සේ ජීවිතය අවදානමට වැටුනු පැටවුන්ව බේරාගෙන උන් කැලයට ගිහින් ජීවත් වෙන්න තරම් ලොකු මහත් කරන පිරිසක් ගැන තමයි කතාව දිවෙන්නේ. ප්‍රධාන වශයෙන්ම අලි ඇතුන් සහ ඔරං ඔටං යන සතුන් බේරාගන්නා ආකාරය වගේම ලොකු මහත් කරලා කැලේට යනව ආකාරයත් හොඳින් බලා ගන්න පුලුවන්. මේක බලද්දී තමයි හිතුනේ අලින් සහ ඔරං ඔටං කියන සත්ව විශේෂ දෙක මොන තරම් බුද්ධිමත්ද වගේම උනුන් අතර කොයි තරම් නම් ඉහල සන්නිවේදන හැකියාවත් තියෙනවද කියන එකත්. ඒ වගේම මිනිසුන් හා සතුන් අතර තිබෙන අපූර්ව වූ බැඳීම ගැන මනා අවබෝධයක් ගන්නත් පුලුවන්.

මේකත් 2011නිපදවපු  wildlife Adventure Movie එකක්.  දැනට IMDB දර්ශකයේ 7.6 ක් වගේ ඉහල අගයකටත්, Rotten Tomatoes දර්ශකයේ 98%ක ප්‍රතිශතයකටත්  හිමිකම් කියන මේ වාර්තාමය චිත්‍රපටය David Lickley ගේ අධ්‍යක්ෂණයක්. ඒ වගේම මෙහි පසුබිම් කථනය (Narrate) කරලා තියෙන්නෙත් සුපිරි නලු Morgan Freeman විසින්. ඒ වගේම IMAX තාක්ෂණය උපයෝගී කරගෙන තිබෙන  3D ආකාරයෙනුත් බාගන්න පුලුවන් එකක්. මේකේ 300mb වගේම 500mb YIFY BRrip එකක් හොයාගන්නත් පුලුවන්.  සුපිරිම වාර්තාමය චිත්‍රපටියක්. අනිවා බලන්න කියලා යෝජනා කරනවා.

Born to Be Wild (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

1,735 downloadsDownload Born-To-Be-Wild-2011.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දමිත් තරංග

Subtitles

1,735 downloadsDownload Subtitles23 KB

21 comments

  1. Thilina weerasinghe

    Thanks for the Subtitles Machan...
    Mama kalin BORN TO BE WILD balala thiyenava... niyama documentary movie ekak
    ...

  2. Udara Damith B/K

    ...සිංහල
    ...උපසිරැසි
    ........වලට
    ..........බොහොමත්ම
    .................ස්තූතියි...................

  3. Chalana Rukshan

    thnx bro...

  4. chin

    thnx mac

  5. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  6. thilina

    thanks machan

  7. Kamal

    Thanks for the subtitle machan...!!!

  8. අබා

    වෙනසකටත් එක්ක වෙනස් වාර්තාමය වැඩසටන් 2ක් අරන් ආවාට බොහොම ස්තුතියි....ඔබේ කැපවීම ඉතා අගය කොට සලකමි...ජයවේවා......!!!!!!!!!!!!!!!

  9. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  10. Sajith Anthony

    උපසිරැසියටම බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  11. charith

    නියමයි,
    දෙකම බලනව.
    Thanks

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Pavindu

    Machan thanks for documentaries, I Love it, keep giving them. Good Luck.

  14. එල්.සී. දමැල්

    තෑන්ක්ස් සහෝ...

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  17. sampath n perera

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!

  18. nimal dissanayake

    හරිම අපූරුයි දමිත්!
    ලස්සනම ලස්සන වාර්තා චිත්‍රපට දෙකක්.
    අපි වගේ රසිකයෝ ලක්ෂ ගණන් වියදම් කරගෙන
    කවද මේ වගේ තැන් බලන්න යන්නද?
    එහෙම යන අයටවත් මේ ඔක්කොම
    විස්තර ඇතිව බලන්න ලැබෙන්නේ
    නැති බව නම් ෂුවර්.
    බාගෙන ටික කලක් වුණත්
    බැලුවේ ඊයේ.
    ඔන්න අද හිමිදිරියේම
    ඔයාට ස්තුති කළා!
    දැනට ඔයා සබ්ස් දුන් ෆිල්ම්ස්වලින්
    අටක් බලල තියෙනවා!
    ම්, Jerusalem එකේ
    අපූරු උපක්‍රමයක් ගැනත් කියන්නම ඕනේ!
    භාෂා තුනක් කතා කරන,
    සංස්කෘති තුනක අය නියෝජනය කරමින්
    ඒ ඒ තැන් පෙන්වන්න
    රූමත් ගැටිස්සියෝ තුන් දෙනෙක්
    යොදා ගන්නවා.
    අන්තිමට ඒ තුන් දෙනාම එක තැනකට ගෙනැල්ලා
    දෙන විස්තරයේ චුට්ට
    මහා මේරුවක් තරම් දේවල්
    පහදලා දෙනවා!
    අලුතින් බලන අයටත්
    ඒ අපූරුව බලන්න ඔන්න ආරාධනා කරනවා!
    ගොඩක් ස්තුතියි දමිත්!

  19. Waruna Kamalawansha

    නියමයි... බොහෝම ස්තූතියි

  20. chinthaka_priyadrshana

    Thanks bro.. 3D eka balanna yanne

  21. Wayantha Sandaruwan

    wooow supirima wadak... me wage film balana aya adu unath api wenuwen karana sewayata godak pin
    jaya wewa!!