Bougainvillea (2024) Sinhala Subtitles ආයුබෝවන්, 2024 වසර ගෙවී ගියා. ගිය වසර මලයාලි රසිකයින්ට නම් ඉතා සුවිශේෂ වසරක් වෙන්න ඇති මේ වසර පටන් ගත්තෙ ඉතා උනුසුම් ලෙස දිගින් දිගටම බ්ලොක්බස්ටර්, සුපර් හිට් ගණනාවක් නිකුත් කරමින් ඉන්දීය සිනමාව හෙල්ලුව සිනමාවක් තමයි මොලිවුඩය.. වසර මැදදි ටිකක් නිද්‍රාශීලී ගතිය…

Bougainvillea (2024) Sinhala Subtitles

ආයුබෝවන්, 2024 වසර  ගෙවී ගියා. ගිය වසර මලයාලි රසිකයින්ට නම් ඉතා සුවිශේෂ වසරක් වෙන්න ඇති මේ වසර පටන් ගත්තෙ ඉතා උනුසුම් ලෙස දිගින් දිගටම බ්ලොක්බස්ටර්, සුපර් හිට් ගණනාවක් නිකුත් කරමින් ඉන්දීය සිනමාව හෙල්ලුව සිනමාවක් තමයි මොලිවුඩය.. වසර මැදදි ටිකක් නිද්‍රාශීලී ගතියක් තිබුනත් නැවත අවසන් මාස දෙකේදී ඉතා විශිෂ්ඨ චිත්‍රපට රැසක් එලි දක්වන්නමොලිවුඩය කරා. සමස්ථ වශයෙන් මේ වසර ඉතා හොඳ චිත්‍රපට රාශියක් එලි දැක්වූ වසරක් උනත් මේ වසරේ නිකුත් වූ මලයාලි චිත්‍රපට 204 අතුරින් වාණිජ අතින් ඉතා සාර්ථක උනේ 26ක් පමණයි.මේ අසාර්ථක චිත්‍රපට අතරත් ඉතා ගුණාත්මක චිත්‍රපට රැසක් තිබෙනවා. මේ වසරේ ශ්‍රී ලාංකික අපටත් මලයාලි සිනමාව විශේෂ උනා. මුල් වරට ශ්‍රී ලාංකික අධ්‍යක්ෂක වරයෙක් වන ප්‍රසන්න විතානගේ මලයාලි චිත්‍රපටයක් අධ්‍යක්ෂනය කලා.( PARADICE.). ඊට අමතරව මලයාලි චිත්‍රපට කිහිපයක් ලාංකික සිනමාහල් වල ප්‍රදර්ශනය උනා. ඒ වගේම මම්මුටි, මොහාන් ලාල්, කුන්චාකෝ බොබන්. ෆහාද් ෆසිල් වැනි නළුවන් රඟපාන චිත්‍රපට කීපයක්ම ලංකාවෙ කැමරා ගත කෙරුනා. කොහොමත් ශ්‍රී ලාංකික රසිකයො රැසක්ම මලයාලි සිනමාවට අලුතින් එකතු උන වසරක් හැටියට මේ වසර හඳුන්වන්න පුළුවන්.

අද මම උප සිරැසිය රැගෙන එන චිත්‍රපටය රිලීස් වෙලා සති දෙක තුනක් ගිහින්. මේ වෙන කොට ඔබ බලලත් ඇති. විදේශ ගත වී සිටි නිසා මට උප සිරැසිය කරන්න මදක් පමා උනා. ඒත් මේ වගේ හොඳ චිත්‍රපටයකට බයිස්කෝප් අඩවියේ උපසිරැසියක් නැති එක අඩුවක් නිසා පමා වී හෝ මෙය නිකුත් කරනවා.

psychological thriller වලට මලයාලින් තරම් දක්ෂ තිර පිටපත් රචකයො ඉන්දියාවෙ වෙන කොහෙවත් නැති තරම්. මේකත් අමුතු තේමාවක් රැගත් චිත්‍රපටයක්. සිය මතකය අවුල් වූ කාන්තාවක් තමන්ගෙ ජීවිතේ වටා සිදු වන සිද්ධීන් සමූහයක් මතකයට නගා ගන්න කරන උත්සාහයක් සහ ඒ අතර විශාල අභිරහසක් මෙහි කියවෙනවා.

කුන්චාකෝ බොබන්, ෆහාද් ෆසිල්, ජ්‍යෝතිමායි රඟන මේ චිත්‍රපටය අධ්‍යක්ශනය සම්මාන්නනීය චිත්‍රපට අධ්‍යක්ශක වරයෙක් වන අමල් නීරද් විසින්. එහෙනම් නව වසරෙ අළුත් චුත්‍රපට සමග හමු වෙමු. එතෙක් ආයුබෝවන්

Bougainvillea (2024) Sinhala Subtitles  

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

6,439 downloadsDownload Bougainvillea-2024.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Madanolsavam (2023) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

6,439 downloadsDownload Subtitles40 KB

5 comments

  1. Buddhika laKMal

    ඔයාගේ උපසිරැසියෙන් බලන්න හිටපු ෆිලුමක්...
    ස්තූතියි මචං පරක්කුවෙලා හරි සබ්එක දුන්නට.........

  2. විමා - Admin

    උපසිරසියට බොහොම ස්තුතියි බන්දුල අයියේ!

  3. Kasun Bandara

    Le.Comte.de.Monte-Cristo.2024.720p.BluRay.x265.10Bit film ekata sinhala subtitle eka dennako sir

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  5. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata