800 Bullets (2002) Sinhala Subtitles 2002 වසරේ නිෂ්පාදනය කළ ස්පාඤ්ඤ චිත්‍රපටයක් තම අද අරන් ඇවිත් තියෙන්නේ. මේ චිත්‍රපටය ස්පැගෙටි වෙස්ටන් චිත්‍රපටවල වැඩ කළ ස්පාඤ්ඤ ස්ටන්ට් රංගන ශිල්පීන්ට ගෞරවයක් විදියට තමා නිර්මාණය කරලා තියෙන්නේ. කතාව මේකයි, ජුලියන් ස්පාඤ්ඤයේ පිටිසර පළාතක් වෙන අල්මේරියාවේ හිටපු චිත්…

800 Bullets (2002) Sinhala Subtitles

2002 වසරේ නිෂ්පාදනය කළ ස්පාඤ්ඤ චිත්‍රපටයක් තම අද අරන් ඇවිත් තියෙන්නේ. මේ චිත්‍රපටය ස්පැගෙටි වෙස්ටන් චිත්‍රපටවල වැඩ කළ ස්පාඤ්ඤ ස්ටන්ට් රංගන ශිල්පීන්ට ගෞරවයක් විදියට තමා නිර්මාණය කරලා තියෙන්නේ.

 

කතාව මේකයි,


ජුලියන් ස්පාඤ්ඤයේ පිටිසර පළාතක් වෙන අල්මේරියාවේ හිටපු චිත්‍රපට ස්ටන්ට් රංගන ශිල්පියෙක්. මෙයා ඉස්සර ස්පාඤ්ඤයේ රූගත කළ ඇමරිකානු පැරණි බටහිර චිත්‍රපට බොහෝමයකටම රංගනයෙන් දායක වෙලා තියනවා, ලොකු ප්‍රසිද්ධ නළුවන්ට කරගන්න බැරි අමාරු ජවනිකා එයාලා වෙනුවෙන් කරලා දෙන එක තමා මෙයාගේ ප්‍රධාන රාජකාරිය ඒ කාලේ වෙලා තියෙන්නේ. මෙයාට මේ ඉස්සර කාලේ තිබිලා තිබුණේ හොඳ ගෞරවාන්විත සුන්දර ජීවිතයක්, නමුත් වර්තමානයේ මෙයා ඉන්නේ ගරාවැටිලා ගිය රංගන භූමියක සුළු ප්‍රේක්ෂකයින් පිරිසක් වෙනුවෙන් ස්ටන්ට් ප්‍රදර්ශන පවත්වන වයසක බේබදු මනුස්සයෙක් විදියටයි. ජුලියන් තමන්ගේ පුතාගේ මරණය ගැන අවුරුදු ගාණක ඉඳන් පසුතැවීමෙන් කල් ගෙවීම තමයි මේකට ප්‍රධානම හේතුව. මෙයාගේ පුතත් ස්ටන්ට් රංගන ශිල්පියෙක් විදියට ඉඳපු කෙනෙක්. ඉතින් මේ ජූලියස් අවුරුදු ගණනාවක ඉඳලා දුරස්වෙලා ඉන්න තමන්ගේ ලේලිය වෙන ලෝරා එක්ක ප්‍රශ්නයක් ඇතිවෙලා දෙන්නාගේ හිත් තිබුණටත් වඩා අමනාප වෙනවා. මෙතනදි මේ ලෝරා ජූලියස්ගෙන් පළිගන්න තීරණය කරනවා. ලෝරට ඉන්නවා පොඩි පුතෙක්, ඒ කියන්නේ ජූලියස්ගේ මුණුපුරා. මේ ළමයා තමන්ගේ මැරිච්ච තාත්තට තිබුණු ජීවිතය ගැන හුඟක් උනන්දු වෙනවා මෙයාට තමන්ගේ සීයාව පළවෙනි වතාවට මුණ ගැහුණම.

එහෙනම් කතාව බලන්න.
තවත් චිත්‍රපටියකින් හම්බවෙමු.
800 Bullets (2002) Sinhala Subtitles

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

1,426 downloadsDownload 800.Bullets-2002.zip61 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

800 Bullets (2002) Sinhala Subtitles

Subtitles by

UD Shehan

Subtitles

1,426 downloadsDownload Subtitles61 KB

3 comments

  1. Buddhika laKMal

    ස්තූථියි ශෙහාන් සහෝ උපසිරැසියට

  2. ashan shanaka

    Ela Bro

  3. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤