මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 6.9 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, “බ්‍රහ්මචාරී” නමැති තරුණයෙක් ළමා අනාථ නිවාසයක් පවත්වාගෙන යයි. ඔහු පුවත්පත් වාර්තාකරුවෙක් ලෙස සේවය කරමින් එහි ලැ…

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 6.9 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, “බ්‍රහ්මචාරී” නමැති තරුණයෙක් ළමා අනාථ නිවාසයක් පවත්වාගෙන යයි. ඔහු පුවත්පත් වාර්තාකරුවෙක් ලෙස සේවය කරමින් එහි ලැබෙන වැටුපෙන් ඉතා අපහසුවෙන් මෙය පවත්වාගෙන යනු ලබන අතර, දිනක් පුවත්පතට ආරංචියක් සොයා යන ඔහුට සිය දිවි නසාගන්නට උත්සාහ කරන “ශීටාල්” නමැති තරුණියක් බේරා ගැනීමට ලැබෙයි. පසුව ඇයව තම ළමා නිවාසයට කැඳවාගෙන එයි. ඇය තමාගේ ධනවත් පෙම්වතා පිටුපා යාම නිසා මෙසේ සියදිවි හානිකර ගැනීමේ තීරණයට එළඹී තිබිණි. මෙතැන් සිට බ්‍රහ්මචාරී විසින් මෙම තරුණියට තමගේ පෙම්වතා සමඟ නැවත එක්වීමට සහයෝගය දීමට උත්සාහ කරයි. නමුත් මෙතැන් සිට “බ්‍රහ්මචාරීට සහ ශීටාල්ට ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවේ. ෂම්මි කපූර්, රාජශ්‍රී සහ ප්‍රාන් ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙම ගීතවල තනු ආශ්‍රයෙන් නිර්මාණය කළ සිංහල ගීත කීපයක්ම ඇත.
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති”, “ආයි මිලන් කී බේලා”, ඇන් ඊවිනින් ඉන් පැරිස්”, බූට් පොලිෂ්”, “සංගම්”, “සාති” “මෙරා නාම් ජෝකර්”, “අනාරි”, “දේව්දාස්”, “ආහ්”, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ”, හම් හින්දුස්ථානි”, “හම්රාස්”, “සුරාජ්”, “ගීත්” ,”අප්නා දේශ්”,”අර්සු”,”කැරවෑන්”, “අල්බේලා”, “ජන්ග්ලී”, චෝරි චෝරි”, අන්දාස්”, “ආන්” “ජිස් දේශ් මෙන් ගංගා බේති හේ”, “තෙරේ ගර් කී සාම්නේ”,”ගෝරා ඕර් කාලා” “සෝල්වා සාල්” යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන තිස්වෙනි සිංහල උපසිරසිකරණයයි. පැය දෙකයි, මිනිත්තු නමයයි, තත්පර තිහක ධාවන කාලයක් සහිත වීඩියෝවක් මෙම සිංහල උපසිරැසිය සඳහා ගැළපෙන බව සලකන්න. එමෙන්ම මෙය මා විසින් ගූගල් ඩ්‍රයිව් වෙත අප්ලෝඩ් කළ මෙගා බයිට් 891 ක වීඩියෝවකි. එම වීඩියෝව පමණක් මෙම උපසිරසියට ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම පමණයි මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!

Due to copyright issues, we do not provide any torrent links.
ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.
1,119 downloadsDownload Brahmachari-1968.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
24 comments
Alankara
Kulanjana Maduranga
subata thanks saho...keep it up....
Priyantha Dayakeerthi
පැය දෙකයි, මිනිත්තු තිස් හයයි, තත්පර පනස් හතක ධාවන කාලයක් සහිත වීඩියෝවක් මෙම සිංහල උපසිරැසිය සඳහා ගැළපෙන බව සලකන්න. එමෙන්ම මෙය මා විසින් ගූගල් ඩ්‍රයිව් වෙත අප්ලෝඩ් කළ මෙගා බයිට් 831 ක වීඩියෝවකි.
TharakaWAS
Upasirisiyata Bhmatma stutui..!!!
Diagatama me wage lassana ewata sub denna...!!!
Jaya wewa...!!!Video 1ka gnna puluwan link 1kak denna...
Tharaka
thanks................
jstar
brilliant work bro thanks a lot more
Udaya Saman
බොහොම ස්තූතයි සිංහල උපසිරසියට.ටික දවසකින් සබ් එකක් නැති නිසා බලන් හිටියේ කවද්ද සබ් එකක් දෙන්නෙ කියලා.
pubudu prasanna
පරණ චිත්‍රපටි වලට සබ් දෙන 1 නම් මරු.
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kantha_DLA
oya upload kala video eka baiscopedownloads
wala nehene saho...
mokada karanne ekata.?Priyantha Dayakeerthi
මෙයට අදාළ වීඩියෝව ඩවුන්ලෝඩ් කරගැනීම සඳහා මෙහි දී ඇති සබ් එක ඕපන් කර බලන්න. එහි උපදෙස් ඇත.
පරණ චිත්‍රපටි වලට උපසිරැසි ලබා දීමෙන් ඔබ කරන මෙහෙය ඉතාමත් අගය කොට සලකන්න පුළුවන් සහෝදරයා.
ඉදිරියේදී තව තවත් හොඳින් මෙය කර ගැනීමට හැකි වේවා.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
උපසිරැසියට බොහොම තුති.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.James DC
උපසිරසියට බොහොම ස්තූතියි.
HasinduDW
thank you
lalvidya
අප වෙනුවෙන් නොමිලේ කරන සේවයට ස්තුතියි සහෝදරයා......විද්‍යා
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......
Amanda Sandu
thank you very much
nilamahee
Thanks.
S.H Dilshani
Thank you
Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ. පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි ප්‍රියන්ත සහෝදරයා...
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

ඔබට බොහෝමත්ම ස්තුතියි..... තව තවත් උප සිරැසි කිරීමට ශක්තිය ධෛර්යය ලැබේව......