Watch Trailer

Breathe In (2013) | ඉංග්‍රීසි කුසුමක්, වියපත් බඹරෙක් සහ තහනම් ආදරයක්. [සිංහල උපසිරැසි සමඟ]

වෘත්තියෙන් සංගීත ගුරුවරයෙකු වන කීත්, ‍රැකියාව කරන්නේ තම නව යොවුන් දියණිය වන ලෝරන් ඉගෙනුම ලබන පාසලේමයි. ඔහු විවාහයට පෙර සංගීත කණ්ඩායමක සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති අතර, ඔහුගේ බිරිඳට දරුවකු පිළිසිඳ ගැනීමත් සමග එම කටයුතු නවතා දමා නගරයෙන් පිට පලාතක පදිංචියට යාමට සිදු වූවෙක්. යහපත් පවුල් ජීවිතයක් ගත කළත…

Breathe In 2013

වෘත්තියෙන් සංගීත ගුරුවරයෙකු වන කීත්, ‍රැකියාව කරන්නේ තම නව යොවුන් දියණිය වන ලෝරන් ඉගෙනුම ලබන පාසලේමයි. ඔහු විවාහයට පෙර සංගීත කණ්ඩායමක සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති අතර, ඔහුගේ බිරිඳට දරුවකු පිළිසිඳ ගැනීමත් සමග එම කටයුතු නවතා දමා නගරයෙන් පිට පලාතක පදිංචියට යාමට සිදු වූවෙක්. යහපත් පවුල් ජීවිතයක් ගත කළත්, ඔහු පසුවෙන්නේ තම බිඳ වැ‍ටුනු සංගීත දිවිය පිලිබඳ නිරන්තර පසුතැවීමකින් සහ තම වර්තමාන ‍රැකියාව පිළිබඳව වූ කළකිරීමකින්. වාදන වෘන්දයකට බැඳී, සංගීත දිවිය නැවත ආරම්භ කිරීමට ඔහු දැඩි උත්සාහයක් ගත්තත්, ඔහුගේ බිරිඳ සහ දියණිය ඒ පිළිබඳව කිසිදු උනන්දුවක් හෝ සහයක් නොදක්වයි.

කෙටි කාලයකට ඇමරිකානු පාසලක ඉගෙනුම ලැබීමට පැමිණෙන ඉංග්‍රීසි ජාතික ශිෂ්‍යාවක් වන සොෆීට, කීත්ගේ නිවසේ නවාතැන් ලබා දීමට මැදිහත් වෙන්නේ ඔහුගේ බිරිඳයි. කීත්ගේ දියණිය හා සම වයසේ පසුවන සොෆී සංගීතයට ලැදි තරුණියක්. සංගීතය පිළිබඳව ඇති පොදු ලැදියාව තුලින් කීත් සහ සොෆී අතර වයස් පරතරය ඉක්මවූ බැඳීමක් ඇතිවෙනවා. එවැනි සමාජ සම්මතයන් බිඳගෙන යන සම්බඳතාවක අනාගතය කෙසේ වේද?

අපට හුරුපුරුදු හොලිවුඩ් ආකෘතියෙන් තරමක් බැහැර වූ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ඩ්‍රේක් ඩොර්මස්. මෙම චිත්‍රපටය නැරඹීම අපූරු අත්දැකීමක් වන්නේ ඔහු විසින් භාවිත කරන නැවුම් වූ රූප රාමු සහ සංස්කරණ රටාව නිසයි. බොහෝදුරට මේ සඳහා භාවිතා කර ඇත්තේ අතේ තබාගෙන යන (Hand-held) කැමරාවන්. ප්‍රකට හොලිවුඩ් නළු ගයි පියර්ස් (Memento, The King’s Speech, Hurt Locker) මෙහි කීත් ලෙසත්, බ්‍රිතාන්‍ය ජාතික නිලි ෆෙලිසිටි ජොන්ස් (Amazing Spider man, Like crazy, The Invisible Woman) සොෆී ලෙසත් රංගනයේ යෙදෙනවා. සම්ප්‍රදායෙන් මිඳුනු සුමටව ගලා යන ආදර කථාවක් නැරඹීමට කැමති ඔබටයි මේ තිලිණය.

Breathe In (2013) on IMDb

 

 

753 MB කොපිය මෙතනින් බාගන්න

7e16aeb4214c46e439020babc5cf9fc9ff8e9e09 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,387 downloadsDownload Breathe.In_.2013.baiscopelk.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “rum2550” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

rum2550

Subtitles

1,387 downloadsDownload Subtitles29 KB

26 comments

  1. nuwantha

    thanq saho, niyamai (y)

  2. yashan

    thanx saho....patta

  3. Shan Vimukthi

    බොහොම ස්තුතියි සහෝ වෙනස් ආරක සිනමාපටයක් තිලින කලාට
    ඒ වගේම බොහොම ස්තුතියි උපසිරසටත්
    වියපත් බඹරෙක් කිවුවම මං හිතුවේ අමරසිරි පිරිස් මහත්තය වෙන්නැති කියල :P

  4. Global

    Thanks Bro..Good Work..!

  5. නලින්

    ස්තුතියි සහෝදරයා! අමුතුම ස්ටොරියක් වගේ !

    ජය වේවා!

  6. mudiya / මුදියා

    ලස්සන කතාවක් වගේ.
    නියමයි රම්.
    ජයවේවා.බොහෝ..................................................................................................ම ස්තූතියි...!

  7. Dwayne rocky johnson

    Ela

  8. SaDuN dAnUsHkA

    වෙනස් ආකරයක චිත්‍රපටයක් වගේ
    මරු, මරු.....................

  9. තිසර නියෝ (Thisara Buddhika)

    උපසිරසියට තුති සහෝ :)
    ජයවේවා

  10. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  11. Jack

    බොහෝම ස්තුතියි සහෝ.
    වෙනස් විදිහේ කතාවක් දුන්නට.

  12. me

    Thanks

  13. ෂෙහාන් [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  14. chana

    onna math banna damma..
    kathawa wenas ekak wage.. ela ela..
    balalama comment ekak dannamko aye..
    thanxxx.. jaya wewa...

  15. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො

  16. “චූටී මල්ලි”

    එල මචෝ
    කාලෙකින් නෙහ්
    සබට තුති
    ඔබට ජය...........

  17. Nandana

    Thank U Rum 2550

  18. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  19. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  20. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  21. Naween

    උපසිරසට බොහොම ස්තුතියි සහෝ...

  22. Prasanna de Silva

    උපසිරෑසියට බොහොම් ස්තුතියි.

  23. P.K

    Thank you for the sub..

  24. wiki

    Thanks

  25. ricadodamien

    Thank u brother & baiscope team for the sub, all the best to baiscope team..................

  26. Chamindalakruwan

    Tnz bro sub ekata