Watch Trailer

Bridge of Spies (2015) With sinhala subtitles|සීතල යුද්ධයේ උණුසුම! [සිංහල උපසිරසි සමඟ]

“ස්ටීවන් ස්පිල්බර්ග්” මේ නම ඇහුනාම මොකද හිතෙන්නේ??? ඔව් ඔව්, සුපිරි ගණයේ සිනමාපට රාශියක අධ්‍යක්ෂක තනතුරට මොහු උරුමකම් කියනවා. Jaws, E.T., Indiana Jones, Empire of the Sun ,Jurassic Park, Saving Private Ryan, Minority Report, Catch Me If You Can ,War of the Worlds, Munich, The Adventures of Tintin :…

Bridge-of-Spies-(2015)

“ස්ටීවන් ස්පිල්බර්ග්” මේ නම ඇහුනාම මොකද හිතෙන්නේ??? ඔව් ඔව්, සුපිරි ගණයේ සිනමාපට රාශියක අධ්‍යක්ෂක තනතුරට මොහු උරුමකම් කියනවා. Jaws, E.T., Indiana Jones, Empire of the Sun ,Jurassic Park, Saving Private Ryan, Minority Report, Catch Me If You Can ,War of the Worlds, Munich, The Adventures of Tintin : The Secret of the Unicorn ,War Horse වගේ සුපිරි සිනමාපට අධ්‍යක්ෂණය වුණේ මොහු අතින් තමා.

ඉතින් අදත් අරගෙන ආවේ ස්පිල්බර්ග් අතින් නිමවුණු නවතම සිනමාපටයයි. නමින් Bridge of Spies. ඓතිහාසික නාට්‍ය ඝණයට වැටෙන මෙම සිනමා සිතුවමේ තිර රචනය ලියවෙන්නෙ Matt Charman සහ Ethan Coen, Joel Coen යන සහෝදරයින් අතිනුයි. සිනමාපටයට පාදක වෙන්නෙ දෙවන ලෝකයුද්ධයට පසුව ඇති වූ සීතල යුද්ධය අතරතුරේ සිදු වූ 1960 U-2 සිදුවීමයි. එම සිදුවීමේදී සෝවියට් රජයේ ග්‍රහණයට හසු වූ U-2 ගුවන්යානයේ නියමුවා වූ Francis Gary Powers නිදහස් කර ගැනීමේ කටයුත්ත භාරදෙන James B. Donovan නම් නීතිඥයා වටාමේ සිනමාපටය ගෙතී පවතිනවා. 2014 වසරේ රූපගත කිරීම් ආරම්භ කළ මෙම සිනමාපටය 2015 ඔක්තෝබර් 16 වන දින ප්‍රදර්ශණය ආරම්භ කළා. ඒවගේම සදහන් වෙන පරිදි මේ වන විට විවිධ සම්මාන 10 දිනාගෙන ඇති අතර තවත් සම්මාන 39කට නිර්දේශ වී තිබෙනවා.

IMDb අගය 7.9 ක් වන මෙම සිනමාපටයේ James B. Donovan ලෙස Tom Hanks ද, Rudolf Abel ලෙස Mark Rylance ද, Mary McKenna Donovan ලෙස Amy Ryan ද, Thomas Watters ලෙස Alan Alda ද,Francis Gary Powers ලෙස Austin Stowell ද රංගනයෙන් දායක වෙනවා. එහෙනම් කතාව පැත්තට හැරෙමු…

ඉතින් කට්ටිය දන්නවා ඇතිනේ මේ සීතල යුද්ධය ගැන.මේක ඇති වෙන්නේ 1945දී ලෝක යුද්ධය අවසන් වීමත් සමග. ලෝක යුද්ධය නිසා ජර්මනිය මෙන්ම තවත් යුරෝපා රටවල් යම්තාක් දුරකට පහලට වැටෙන විට මහා ලෝක බලවතුන් ලෙස ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය නැගී එනවා.නමුත් කවුරුත් දන්නා පරිදි මේ රටවල් දෙකේ එවකට දේශපාලන සහ ආර්ථික දර්ශනයන් වෙනස්. ඇමරිකාව ප්‍රජාත්‍රන්තවාදී ධනවාදී පිළිවෙතක් අනුගමනය කරනවිට සෝවියට් සංගමය සමාජවාදී නැතිනම් කොමියුනිස්ට් ක්‍රමයක් තමා අනුගමනය කලේ.

ඉතින් ලෝකය තුළ තම ආධිපත්‍යය ව්‍යාප්ත කිරීම තමා මේ මහා බලවතුන්ගේ අනවරත උත්සාහය වුනේ. ඒ උදෙසා අනෙකා කෙසේ හෝ විනාශ කිරීම අවශ්‍ය වුනත් ඒ සදහා යුධමය පිළිවෙත් අනුගමනය නොකර රහස් තොරතුරු සෙවීම මගින් රටේ ආර්ථික,සමාජ සහ යුධ ශක්තින් අඩපන කිරීම තමා මේ දෙරටේම අරමුණ වුනේ. ඉතින් ඒ අරමුණ උදෙසා ක්‍රියාත්මක වෙද්දී ඇතිවූ සිදුවීමක් අලලා තමයි මේ සිනමාපටය නිර්මාණය වී තිබෙන්නේ.

කතාවේ හැටියට ඇමරිකාව අල්ලාගෙන සිටින රුඩොල්ෆ් එබල් නම් සෝවියට් ඔත්තුකරුවාට දඩුවම් පැමිණවීමට අවශ්‍ය වෙනවා. නමුත් සැවොම දන්නා පරිදි ලොව ප්‍රජාතන්ත්‍රවාදය වැඩිම රට ලෙස හදුන්වාගන්න ඇමරිකාවට මේක කරන්න අවශ්‍ය වෙන්නේ ඔවුන් සිරකරුවකුගේ වුනත් අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට ලොවට පෙන්වාදෙමින්.මේ සදහා එබල්ගේ නීතිඥයා ලෙස දක්ෂ නීතිඥයෙක් වන ජේම්ස් ඩොනොවන්ව පත්කරනු ලබනවා.නමුත් ඩොනොවන් තම රාජකාරිය සතුරාට වුවත් අකුරට ඉෂ්ට කරනවා. ඔහුට අවශ්‍ය වන්නේ කෙසේ හෝ තම සේවාදායකයා නිදහස් කරලීමයි.

නමුත් ඒ සදහා ඔහුට ප්‍රමාණවත් සාක්ෂි නොලැබීම නිසා එබල්ට වසර 30ක සිරදඩුවමක් නියමවෙනවා. මෙන්න මේ අතරතුරේ ඇමරිකා ඔත්තුකරුවෙක් වන ගැරී පවර්ස් රුසියානු හමුදා අංශ භාරයට පත්වෙනවා. මේ හේතුව නිසා ඇමරිකානු රජය තීරණය කරනවා නිල නොවන වශයෙන් රජයේ නිලධාරියෙක් නොවන ඩොනොවන්ව ජර්මනියට යවලා සිරකරුවන් හුවමාරුවක් ගැන සාකච්ඡා කරන්න. ඩොනොවන්ට නියෝග ලැබෙන්නේ පවර්ස් වෙනුවට එබල් හුවමාරු කිරීමට පමණයි. නමුත් ඔහු ජර්මානු බාරයේ සිටින ඇමරිකානු ශිෂ්‍යයකුද ඉල්ලා සිටිනවා.

මම හිතනවා දැන් මේ කිව්ව ටික හොදටම වැඩිත් එක්ක කියලා. එහෙමනම් කට්ටිය බලලම දැනගන්න ඩොනොවන් සාර්ථක වෙයිද නැද්ද මේ ගමනේදී මොනවගේ බාධක ඔහුට එල්ලවෙයිද කියලා? හොදයි එහෙමනම් මම සමුගන්නවා එකදිගට කොටලා කොටලා දැන් මාරම මහන්සියි. කට්ටිය ලොබ නැතුව කොමෙන්ටුවක් දාගන යන්න ඕන.

Bridge of Spies (2015)

Beyond the mask( (2015) on IMDb

Hitman_:_Agent_47_(Wikipedia)

 

 

681 MB (720p BR x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

B41C79EBEFC17DE341775A0A3C4749938E813756

953 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

5D548407F9217D250D9A0CE0FC90B6B6CFDAB87A

2.70 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

4D866ED41C54DDB6767B1F173719FE0B9BF59B02 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,110 downloadsDownload Bridge-of-Spies-2015-BR-UPDATE.zip274 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

6,110 downloadsDownload Subtitles274 KB

39 comments

  1. Chaturange

    Thanks Bro....enakan Maga balan hitiye meka...Revenant Movie ekatath Sub laba deemata Hakiyawa Dhairayaya labewaaa...

  2. සනත් ශ්‍රීමාල් පෙරේරා

    බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට....
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා...
    ජයෙන් ජය වෙවා සහෝට....

  3. නිරෝෂ්

    බොහොම ස්තුතියි මධුකප්‍රිය.ජයවේවා!

  4. රවිඳු තේනබදු

    එල එල. අනිව බෑමක්...

    ලිපිය කියෙව්වෙත් නෑ කතාව ගැන මොකවත්ම දැනගන්න ඕනි නැතිනිසා... :-D

    බොහොම තුති!

  5. asitha

    ela thanks,hoda copiyaka awama balamu

  6. thisal

    අම්මා ගහයි මැසාම බඩුවක් br ආවම බලමු තැන්ක්ස් බන් සබට

  7. “චූටී මල්ලි”

    BR sub update kranna awwaama
    tnx

  8. me

    Thanks

  9. nalinda

    thank you

  10. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. vikum

    ela sahooo...ekmanata anit ekat demu....

  12. Kalana Wasala

    thank you

  13. Iraj Asela

    Bridge of Spies

  14. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  15. Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුති සහෝ,
    ජය වේවා...!!!

  16. Global

    Lot Of Thanks Bro..

  17. indika

    බොහොම ස්තුතියි... :)

  18. tharindu

    Thank you very much saho....!!!

  19. රොයිලි

    සුපිරි, සුපිරි. බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. chanu

    direct download denna.... link natuwa. plzzz

  21. ANUSHKA

    THANK U VERY MUCH.

  22. Jeewantha

    පට්ට ෆිල්ම් එකක්. නියමයි මචන්.

  23. kavinda

    ela ela machan thanxx

  24. Nimesh

    Supiri eka Bavenna demma

  25. Chamara

    බොහොම ස්තූතියි..... නියම වැඩක්.....

  26. Tharindu Athukorala

    thank kiwwa...ela

  27. Prasa

    Thanks

  28. Chathu

    Thanks.

  29. Prasad Kandamulla

    හොඳ ෆිල්ම් එකක් වගේ.......සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ'''''''

  30. sumudu

    thx bro

  31. wayantha

    ස්පිල්බර්ග් නං ඉතින් අනිවා ෆිල්ම් එක බලනවාමයි....ගොඩක් ස්තුතියි sub එකට ජය වේවා! දිගටම sub දෙන්ඩ...

  32. Supitha

    බොහෝම ස්තුතියි

  33. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  34. Hiranhiru

    ස්තුතියි ගොඩක්.
    දිගටම උපසිරැසි දෙන්න. එතකම්ම අපිත් පිලුම් බලනවා.තෙරුවන් සරණයි....!

  35. sathyajith

    Thanks for the sub

  36. Wicki

    උපසිරසට බොහොම ස්තූතියි

  37. Anonymous

    thanks for sub

  38. Dewadithya

    Thanks for sub!

  39. Anonymous

    Sub ekata thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.