හැමදාම මගේ ආදරවන්තිය කියලා කිව්වට අද තමයි අපි දෙන්න විවාහ ගිවිස ගන්නේ… අද ඉදන් කියන්න වෙන්නේ මගේ නෝනා කියලා… ඒ දේ වෙනුවෙන් අපි දෙන්නම එකතු වෙලා ඔයාලා වෙනුවෙන් තවත් ලස්සන හින්දි බයිස්කෝප් එකක් ගෙනාවා… අපේ කතා වැඩක් නැහැනේ මේ බයිස්කෝප් එක ගැන කිව්වොත් … 2015.05.27 වන දින තිරගත වූන මේ බයිස්කෝප් එක වින…
හැමදාම මගේ ආදරවන්තිය කියලා කිව්වට අද තමයි අපි දෙන්න විවාහ ගිවිස ගන්නේ… අද ඉදන් කියන්න වෙන්නේ මගේ නෝනා කියලා… ඒ දේ වෙනුවෙන් අපි දෙන්නම එකතු වෙලා ඔයාලා වෙනුවෙන් තවත් ලස්සන හින්දි බයිස්කෝප් එකක් ගෙනාවා…
අපේ කතා වැඩක් නැහැනේ මේ බයිස්කෝප් එක ගැන කිව්වොත් …
2015.05.27 වන දින තිරගත වූන මේ බයිස්කෝප් එක විනාඩි 177 ක් දක්වා තිර ගත වෙනවා.. IMDb 6.2 අගයක් අරන් තියන මේ බයිස්කෝප් එක සැදීමට නිෂ්පාදක මඩුල්ලට ඉන්දියන් රුපියල් මිලියන 120 වියදමක් දැරූවත් ඉන්දියන් රුපියල් මිලියන 632 උපයන්න සමත් වෙලා තියනවා මේ බයිස්කෝප් එක… මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ ශාඩ් අලී. නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙන්නේ ආදිත්‍ය චොප්රා.. තිර රචනයත් ආදිත්‍ය චොප්රා ගෙනි… සංගීතය ශංකර් – එශාන් – ලොයි…
මේකේ රගපාන නළුවන් කිව්වොත්.
ප්‍රධාන වශයෙන් රගපාන්නේ
අමිතා බච්චන් – ප්‍රධාන පොලිස් පරීක්ෂක ධශ්රත් සින්ග්
අභිෂේක් බච්චන් – රාකේෂ් තිවාරි / බන්ටි
රාණි මුකර්ජි – විම්මි සලුජා ට්‍රිවේදී / බබ්ලි
අමතර රංගනයෙන් දායක වෙන්නේ
රාජ් බබ්බර් – බන්ටිගේ තාත්තා
තල්ලුරි රාමේෂ්වරී – බන්ටිගේ අම්මා
පුනෙත් ඉස්සාර් – බබ්ලිගේ තාත්තා
කිරාන් ජුනේජා – බබ්ලිගේ අම්මා
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්..
රාකේෂ් ත්‍රිවේදි (අභිෂේක් බච්චන්) පුංචි නගරෙකින් එන්නේ. ඔහුගේ තාත්තා දුම්රියේ ටිකට් එකතුකරන්නෙක් සහ ඔහුට ඕනේ පුතාවත් ඒ පැත්තෙන්ම යවන්න.කොහොම නමුත්, රාකේෂ්ට තියෙනවා ලොකු හීනයක්; එයා හැමදාම ව්‍යපාරයක් කරනවා කියලා සැලසුම් කරගෙන හිටියේ. කවදාහරි ඒක ලොකු ව්‍යපාරයක් කරන්න සිහින දැක්කා. ඔහු මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කරනවා 9 ඉදන් 5 වෙනකන් කරන රස්සාවල්.
විම්මි සලුජා (රාණි මුකර්ජි) තවත් පුංචි ගමක පන්ජාබ් පවුලක දියණියක්. ඇය කාලය ගත කරේ චිත්‍රපට බලමින් සහ සුපිරි මොඩ්ල් කෙනෙක් වෙන්න. ඇයගේ සිහිනය වුනේ මිස් ඉන්දියා වීමයි. විම්මිගේ දෙමාපියන් එයාට කියනවා හොද රස්සාවක් කරන මනුස්සයෙක්ව විවාහ වෙන්න ලෑස්ති කරලා තියෙන්නේ කියලා. ඒ කාලෙම, රාකේෂ්ගේ තාත්තාත් අන්තිම නිවේදනය නිකුත් කරනවා ජොබ් ඉන්ටවිව් එකට යන්න එහෙමත් නැත්නම් ගෙදරින් යන්න කියලා.
රාකේෂ් සහ විම්මි එයාලගේ බඩු ටික පැක් කරගෙන රෑ අදුරේ පැනලා යනවා.එයාලා දුම්රිය මැදිරියකදී එකිනෙකා මුණ ගැහෙනවා.එයාලා යාලුවෝ වෙනවා එයාලගේ කතාවල් එක වගේ කියලා තේරුම් අරන්.එයාලා ඔවුනොවුන්ට උදව් කරගනවා තම තමන්ගේ හීන හැබෑ කරගන්න.විම්මි උත්සහ කරනවා මිස් ඉන්දියා තරගයට ඇතුලත් වෙන්න එත් එක පොඩි බහින්බස්වීමකින් එයා ඒ අදහස අයින් කරගන්නවා.රාකේෂ් එයාගේ අදහස ආයෝජන සමාගමකට විකුණන්න උත්සහ කරනවා,එත් එකේ ලොක්කා එයාව එලවගන්නවා.ඒ අතරතුරේ රාකේෂ් එයාගේ අදහස කිව්ව මිනිහා ඒ අදහස අරන් ගිහින් රාකේෂ්ට කලින් ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කරනවා.ඒ මනුස්සය රාකේෂ්ගේ අදහස ඉදිරිපත් කරලා සල්ලි හම්බ කරගෙන තියෙනවා.රාකේෂ් සහ විම්මි එකතු වෙලා ඒ මිනිහව රවට්ටලා එයාගෙන් සල්ලි ගන්නවා. එයාලා හිතනවා ඒ සල්ලි වල අයිතිය තියෙන්නේ එයාලට කියලා.
එක සැරයක් කරලා එයාලා තේරුම් ගත්තා මිනිස්සු රවට්ටන එක කොච්චර ලේසිද කියලා, එයාලා තීරණේ කරනවා එහෙම මිනිස්සු රවට්ටලා සල්ලි හම්බ කරන්න බොම්බේ වලදී. ඉන්දියාවේ අවාසනාවට, එයාලා ජිවන ක්‍රමය විදියට තෝරාගන්නවා. “බන්ටි” සහ “බබ්ලි” ලෙස නම් වෙනස් කරගෙන, එයාලා රැවටිල්ලෙන් රැවටිල්ල සාර්ථක වෙනවා, ධනවත් විදියට ඇද පැළදගෙන ආගමික ශාස්තෘන් වගේ, සෞඛ්‍ය පරීක්ෂකවරුන් වගේ, ව්‍යාපාර හවුල්කරුවන් වගේ.එයාලා එයාලගේ නම් රට පුරා පත්තර වල යන්න සලස්වනවා. ඔහොම යනකොට එයාලගේ මිත්‍රත්වය ආදරයකට පෙරලෙනවා. එයාලා තීරණය කරනවා මිනිස්සු රවට්ටන්න ස්වාමි පුරුෂයයි බිරිදයි විදිහට….
අම්මෝ කතාව කිව්වා බොහොම වැඩි… අරගෙනම බලන්නකෝ… ලස්සන බයිස්කෝප් එකක් මේක.. අන්තිමට ඇහැට කදුලක් උනනවා අනිවාර්යෙන්ම.
මේ තමයි මේ බයිස්කෝප් එක ලබාගෙන තියන සම්මාන හා නිර්දේශ වී ඇති සම්මාන වලින් කිහිපයක්…
16 වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල හොදම සංගීත අධ්‍යක්ෂක – ශංකර් – එශාන් – ලොයි
16 වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල හොදම පසුබිම් ගායනය (කාන්තා) – කජරා රේ සින්දුව වෙනුවෙන් අලිෂා චිනයි..
16 වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල හොදම පද රචනය – කජරා රේ සිංදුව වෙනුවෙන් ගුල්සාර්..
16 වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල හොදම චිත්‍රපටිය – ආදිත්‍ය චොප්රා (නිර්දේෂ වී ඇත)
16 වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල හොදම නළුවා – අභිෂේක් බච්චන් (නිර්දේෂ වී ඇත)
16 වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල හොදම නිළිය – රාණි මුකර්ජි (නිර්දේෂ වී ඇත)
16 වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල හොදම සහය නළුවා – අමිතාබ් බච්චන් (නිර්දේෂ වී ඇත)
17 වන IFFA සම්මාන උළෙල හොදම සංගිත අධ්‍යක්ෂක – ශංකර් – එශාන් – ලොයි
17 වන IFFA සම්මාන උළෙල හොදම පද රචනය – කජරා රේ සිංදුව වෙනුවෙන් ගුල්සාර්..
17 වන IFFA සම්මාන උළෙල හොදම පසුබිම් ගායනය (කාන්තා) – කජරා රේ සිංදුව වෙනුවෙන් අලිෂා චිනයි..
18 වන Zee Cine සම්මාන උළෙල හොදම සංගිත අධ්‍යක්ෂක – ශංකර් – එශාන් – ලොයි
18 වන Zee Cine සම්මාන උළෙල හොදම පසුබිම් ගායනය කාන්තා – කජරා රේ සින්දුව වෙනුවෙන් අලිෂා චිනයි..
ඊලග බයිස්කෝප් එකකින් හම්බ වෙන තුරු නවතින්නම්…
ජය…

Due to copyright issues, we do not provide any torrent links.
Moviescounter.B4nty.24r.B2bl1.05
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
3,947 downloadsDownload Bunty-Aur-Babli-2005.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාරුක ලක්ෂිත” සොහොයුරාට සහ “ඉෂාරා දිල්ශානි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
15 comments
සචින් කෙවින්
shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.mahesh babu
Thank's for sub....
And
Good luck for ur future.....Udara Damith B/K
උපසිරසට ස්තුතියි දෙන්නටම
තව වැදි වැඩියෙන් උපසිරස ගේන්ඩ වාසනාව ලබේවා
ඉස්සරහට එන ජීවිතය හොදට ගතකරන්ඩ වාසනාව LAබෙන්ඩ කියලා පතනවා
මන් ගියා
සුබ රෑයක් වේවා ඔක්කොටොමD.Chamara
oba depalatama bohoma stuthi..
Sanindu Lakkitha
::::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට::::::::::::::
ඔයාලගේ විවාහ ජිවිතේ සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා.. දෙන්න එක්කම තවත් උපසිරැසියකින් හමුවෙමු..
::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::Udaya Fernando
Thanks bro
charli
Thanks
..........රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nishan Randika
නියමයි
Mahesh Walatara
Subtitles ko?????
akila13
thanx for sub
lucifer_morningstar
"හැමදාම මගේ ආදරවන්තිය කියලා කිව්වට අද තමයි අපි දෙන්න විවාහ ගිවිස ගන්නේ… අද ඉදන් කියන්න වෙන්නේ මගේ නෝනා කියලා… ඒ දේ වෙනුවෙන් අපි දෙන්නම එකතු වෙලා ඔයාලා වෙනුවෙන් තවත් ලස්සන හින්දි බයිස්කෝප් එකක් ගෙනාවා… "
dennatama suba anagathayak prarthana karanawa saha oyalage sathuta me wage upasirasi nirmanaya kirima magin apitath beda denawata bohoma sthuthi. dennatama sathuta samaya sapiri yuga diwiyak itha sithinma wish krarnwa. ! sub eka deela dan awuruddk wenwa neda, never mind :)
Shane de Silva
Thanks for the subtitle. keep it up the good work.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..