සුභ දවසක් හැම දෙනාටම. ඔන්න එහෙනම් සුපිරිම ෆිලුමකට උපසිරැසියක් ගෙනාවා. පෝය නිවාඩුවත් ආව නිසා වැඩ රාජකාරි මැද වුනත් ගොඩක් කල් ගන්නේ නැතුව උපසිරැසිය කරලා ඉවරන්න පුළුවන් වුණා මං හිතන්නේ. මේ පාර මම හොරර් වලින් මාරුවෙලා ඇක්ෂන් ෆිලුමකට තමයි උපසිරැසි කලේ. මේක චීන කතාවක්. Benny Chan විසින් අධ්‍යක්ෂණය කර ඇති…

සුභ දවසක් හැම දෙනාටම. ඔන්න එහෙනම් සුපිරිම ෆිලුමකට උපසිරැසියක් ගෙනාවා. පෝය නිවාඩුවත් ආව නිසා වැඩ රාජකාරි මැද වුනත් ගොඩක් කල් ගන්නේ නැතුව උපසිරැසිය කරලා ඉවරන්න පුළුවන් වුණා මං හිතන්නේ. මේ පාර මම හොරර් වලින් මාරුවෙලා ඇක්ෂන් ෆිලුමකට තමයි උපසිරැසි කලේ. මේක චීන කතාවක්. Benny Chan විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙයට Louis Koo, Ching Wan Lau, Eddie Peng, Jing Wu ඇතුළු රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා. IMDb දර්ශකයත් 6 කට වඩා ගන්න සමත්වුණු සුපිරි චීන ක්‍රියාදාම ෆිලුමක් මේක.
කතාව ගැන චුට්ටක් කියන්නම්කො. 20 වෙනි ශතකේ මුල්ම කාලයේ වගේ චීනයේ උතුර, දකුණ දරුණු යුදගැටුම් ඇතිවුනා. උතුරේ ජෙනරාල් කාඕ තමයි දරුණුම. එයාටත් වඩා එයාගේ පුතා. එයාට ඇත්තටම මරන්න තියෙන්නේ ආසාවක්. ලොකු පොඩි කියලා නෑ, ඕනම අහිංසක කෙනෙක් එයාට හිතුන ගමන් මරනවා. එයාට මරන්න හේතුවක් ඕන නෑ. ඉතින් ඔය යුද්ධ වෙන කාලේ චීනයේ තියෙන පූචෙන්ග් කියන පළාතටත් මේ කාඕගේ පුතා එනවා. පූචෙන්ග්වල හමුදාවත් යුද්ධයේ ඉදිරි පෙලට යවලා තිබුණු නිසා, මේ නගරේ ආරක්ෂා කරගන්න එක මේ පළාතේ ඉන්න ප්‍රාදේශීය ආරක්ෂකයන්ගෙ උරමත තමයි පැටවෙන්නේ. තව එකී නොකී කතා ගොඩක් තියෙනවා, ඒත් වැඩිය කියන්න ගියොත් කතාවේ රසය නැතිවෙනවනේ. ඉතින් ඒ නිසා මේ පූචෙන්ග් නගරය ආරක්ෂා කරගන්න පුළුවන් වෙයිද, පළාතේ හමුදාව ආයේ උදව්වට එයිද, නැත්නම් වෙන කවුරුහරි උදව් කරයිද, අහිංසක මිනිස්සුන්ට බේරෙන්න පුළුවන් වෙයිද, පළාතේ ආරක්ෂකයින් මේ කාඕගේ සේනාවට කොහොම මුහුනදෙයිද කියලා දැනගන්න ඔයාලත් ෆිලුම අරගෙන බලන්නකෝ.
මේ ෆිලුම ලබාදීම සම්බන්ධවත් මම සමන් ප්‍රසාද් සහෝදරයට මගේ විශේෂ ස්තූතිය පුද කරනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු මම සමුගන්නයි හදන්නේ. මේ ෆිලුමට ලින්ක්ස් හොයාගන්න අපහසු කෙනෙක් ඉන්නවනම් පහතින් දාල තියෙන ෆේස්බුක් ගිනුම හා සම්බන්ධ වී විමසන්න. ඔබට ජය…!
අදාළ පිටපත්
- Call.of.Heroes.2016.720p.WEB-DL.850MB.Ganool
- Call.of.Heroes.2016.CHINESE.1080p.WEBRip.x264.AAC2.0-FGT
- Call.of.Heroes.2016.1080p.WEB-DL.x264.AAC-HQC
- Call.of.Heroes.2016.WEBRip-AVC.DVO.1.45Gb.stalkerok.new-team.mkv
- INDOXXI.COM-SD.360p
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත සඳහන් පිටපත් සඳහා අදාළ වේ.
4,546 downloadsDownload Call.of_.Heroes.2016.Web_.Baiscopelk.com_.zip183 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamithMihiranga2-e1479677831817.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චමිත් මිහිරංග
Subtitles
21 comments
Bobby
Tharidu Sagara
සිංහල උපසිරැසියට “චමිත් මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට සහෝ
Dulanga
Thanks
darshana
https://www.facebook.com/groups/1819481614953282/
torrent එක දීලයි ඇත්තේපසිදු අමරසිංහ
Grimm tv series එකටත් සබ් දාන්න පුලුවන්නම් ලොකු දෙයක්
Chamith Mihiranga
ලින්ක්ස් හොයාගන්න අමාරු කෙනෙක් ඉන්නවනම් මේ කමෙන්ටුව දාලා තියෙන ෆේස්බුක් ගිනුමට සම්බන්ධ වෙලා ලින්ක්ස් අරගන්න පුලුවන්..
19893@
Hello .link plzzzzzzzzzzzzzzz
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි මචෝ.
මේක සුපිරි ෆිලුමක් මචෝ. සුපිරි ෆයිට් ටිකක් තියෙන්නේ.
බොහෝම ස්තුතියි මේකට සබ් දුන්නට.
ජයෙන් ජය..Randika Nilakshana
Download link eka hoyaganna beene ,,,,
Chamith Mihiranga
mama me reply karala thiyena nama uda click karama ena fb acc ekata msg ekak dannako saho.. links ewannam.
19893@
Hello .link plzzzzzzzzzzzzzzz
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
19893@
Link plzzzzzzzzzzzzzzz
Rakitha Ranathunga
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...
ජයෙන් ජය..අසිත
ජය වේවා!!!
බොහොම පින්malith
Ela ela
19893@
Kata hari puluwan nam link eka denna......plzzzzzzzzzzzzzzz
chandima
Please upload "Lock Up - 1989".Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank you Very much