Watch Trailer

Captain America (1990) with Sinhala Subtitles | කැප්ටන් ඇමරිකා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් අටවන උපසිරැසිය අරන් ආවා. ඔයාල ගොඩක් අය බලාවි මොකක්ද මේ කැප්ටන් ඇමරිකා චිත්‍රපටය කියල. මොකද ඔයාල ගොඩක් අය මේ චිත්‍රපටය ගැන දන්නේ නැ. ඒත් කියන්න තියෙන්නේ මේක තමා මාවේල් ආයතනය මගින් නිර්මාණය කරපු පලවෙනි කැප්ටන් ඇමරිකා චිත්‍රපටය. මේකෙම සමහර කොටස් සහ නවීන තාක්ෂනය යොදාග…

Captain America (1990)

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් අටවන උපසිරැසිය අරන් ආවා. ඔයාල ගොඩක් අය බලාවි මොකක්ද මේ කැප්ටන් ඇමරිකා චිත්‍රපටය කියල. මොකද ඔයාල ගොඩක් අය මේ චිත්‍රපටය ගැන දන්නේ නැ. ඒත් කියන්න තියෙන්නේ මේක තමා මාවේල් ආයතනය මගින් නිර්මාණය කරපු පලවෙනි කැප්ටන් ඇමරිකා චිත්‍රපටය. මේකෙම සමහර කොටස් සහ නවීන තාක්ෂනය යොදාගෙන තමා ඔයාල දන්නා පළමු කැප්ටන් ඇමරිකා චිත්‍රපටය වන Captain America: The First Avenger (2011) නිර්මාණය වෙන්නේ. ඒත් මේ චිත්‍රපටයත් ඉතාමත් ජනප්‍රිය වෙච්ච එකක් කිවුවොත් හරි. තරමක් පැරණි ඒ වගේම කලාත්මක චිත්‍රපට රසිකයන්ට ඔන්න තමන් කැමති ආකාරයේ මාවේල් නිර්මාණයක් බලන්න අවස්ථාව දැන්. මොකද ඔයාල දන්නවා ගොඩක් මාවේල් චිත්‍රපට පරිගණක තාක්ෂණ උපරිම බාවිතයෙන් නේ නිර්මාණය වෙන්නේ. කොහොම උනත් IMDb අගය 3.3 උනත් Action, Sci-Fi, War වර්ගයට අයිති මේ චිත්‍රපටය කිසි කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් එකක් කියුවොත් හරි. මම ආපහු කියනවා මේක ඩුප්ලිකේට් එකක් නෙවි. මේක තමා පළමු නිල කැප්ටන් ඇමරිකා චිත්‍රපටය.

කතාව ගැන කියනවා නම් ඔයාල දන්නා රෙඩ් ස්කාල් , ස්ටීව් රොජර් මේකෙත් ඉන්නවා. කතාව ඔයාල දන්නා කතාවට ගොඩක් සමානයි. ඒත් වෙනත් කොටස් බොහෝ ගණනක් එකතු කරලා තියනවා. සරලව කියනවා නම් මේක Captain America: The First Avenger (2011) තියන කතාවට තවත් බාහිර කොටස් බොහෝ ගණනක් එකතු වෙච්ච චිත්‍රපටයක්. මම දන්නා පරිදි ඔයාල අනිවාර්යයනේ බලන්න ඕන කියල කියන්න පුළුවන් චිත්‍රපටයක්.

මම හිතන්නේ බයිස්කෝප් එකේ සුහද බෙදීමක් තිබ්බා DC සහ Marvel අතර. ඉතින් මම මගේ Marvel සඳහා නිල සහයෝගය මේ චිත්‍රපටයත් එක්ක ප්‍රකාශ කරනවා. මගේ ප්‍රෝෆයිල් පින්තුරේ දැක්කම මේක අමුතුවෙන් කියන්න ඕන නැතත් නිල වශයෙන් ප්‍රකාශයක් කරන එක හොඳයි නේ. හොඳයි මම ඊළඟට ඔයාලට අරන් එන්නේ මම අතරමග නවත්තන ලද ඩ්‍රකියුලා චිත්‍රපට මාලාවේ තුන්වන එක. ඉතින් එකත් අරන් එන්නම් ඉක්මනට. මම යනවා. බුදු සරණයි …..!

Captain America (1990) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

1990 720p BluRay H264 AAC-RARBG

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම (BR) පිටපත් සඳහා අදාළ වේ.

584 downloadsDownload Captain-America-1990.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

584 downloadsDownload Subtitles30 KB

26 comments

  1. ඉෂාන් මදුෂ

    නියමයි නියමයි.බොහෝම ස්තුතියි සහෝ

  2. Asitha

    elama thanks

  3. Lahiru Lakmal

    Thanks for sub.
    Ohomma parana spider man chithrapatiyakuth thiyenawa.puluwanam eketh sub denna.

  4. Purni

    ඇයි අනේ එක දිගට ඩ්‍රැකියුලා දෙන්නේ නැත්තේ. බලාගෙන ඉඳලා එපා වෙනවා

    1. අසංක ප්‍රදීප් රණතුංග

      හොඳ වීඩියෝ පිටපතක් හොයා ගන්න බැරි උනා ඒකයි පොඩ්ඩක් ප්‍රමාද උනේ. ඒත් ලබන අඟහරුවාදා වෙනකොට උපසිරසි පෝලිමක් සෙට් උනේ නැත්නම් ඉතිරි කොටස් දෙකත් පලවෙවී.

  5. Lahiru Lakmal

    The Green Goblin's Last Stand
    1992
    Spider-man 1977

  6. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

  7. kavinda

    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.

  8. Amila Madhusankha Kumarathilaka

    elama..... keep it up.

  9. Amila Madhusankha Kumarathilaka

    sardar gabbar sing(telugu) mekata sub krnnako kauru hari

  10. Isuru Mahindarathna

    thanks machan...

  11. Seo spider

    වැරදි පැත්ත bro.
    ජය DC comics.

    1. අසංක ප්‍රදීප් රණතුංග

      බැට් මෑන් ගේට්ටුවේ මුරට දාල, සුපර් මෑන් වත්තේ වැඩට අරන්, වොන්ඩර් වුමන් කුස්සියට යවල, කැට් වුමන් හුරතලයට ඇතිකරනවා.
      මොකද මම මාවේල් වොල්වරින්..!

  12. Kulanjana Maduranga

    niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Vikum08

    මේක බාගෙන මාස 6ක් විතර ඇති. මේකට සබ් ඉල්ලන්න හිතුනෙත් නෑ, හරියට සීඩ් එහෙමත් නැති හින්දා, මේ ෆිලුමත් එක්ක 1990 න් පස්සේ ආපු ඔක්කොම මාවෙල් ෆිල්ම්වල සිංහල සබ් දැන් සයිට් එකේ තියෙනවා. ඔබට ජය වේවා..! අද ඉදං මගේ මාවෙල් එකතුවත් සම්පුර්ණයි සිංහල සබ් එක්කම.

    1. අසංක ප්‍රදීප් රණතුංග

      සීඩ්ස් හොඳට තියනවා සහෝ. මට 4G වලින් විනාඩි පහලවකට අඩුවෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් උනා.

  14. ප්‍රණීත් චින්තක

    මාවල් වලට සාදරයෙන් පිලිගන්නවා සහෝ. මේක නම් මම බලලත් නෑ.
    බලමු එහෙනං නේ?

  15. praneeth madu

    ela saho

  16. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  17. Rasindu Perera

    නියමයි.....මාර්වල් නම් ඉතින් හද්ද පරණ හරි බලන්නම්......එල
    සබ් එකට තැන්ක්ස්....

  18. chinthaka

    ජයවේවා ඉදිරියටම යමු

  19. Isuru Ishara Sankalpa

    thanks bro

  20. Withanage Priyantha Dayakeerthi

    වටිනා චිත්‍රපට උපසිරසියක්, එයට ගොඩක් ස්තුතියි!

  21. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා..

  22. සහන් සිතුමිණ

    මම නම් dc උනත් marvel උනත් නිර්මානය හොද එකක්නම් ඕන එකකට කැමතියි තව හොද සබ් දාන ම්ම සුහ පතනවා. ජය වේවා !!

  23. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.