Watch Trailer

Challengers (2024) Sinhala Subtitles | සමකෝණී ත්‍රිකෝණයකි ඔබත්, මාත් ඇයත්, තිදෙන! [සිංහල උපසිරසි] 18+

Challengers (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මෑත කාලයේදී යම් කතා බහකට ලක්වුණ තරමක් ආන්දෝලනාත්මක චිත්‍රපටයක්. මං එහෙම කිව්වේ මේ චිත්‍රපටය ප්‍රචාරණ කටයුතු වලදි ඉස්මතු කරලා පෙන්නුවේ කොල්ලො දෙන්නෙක් එක් කෙල්ලෙක්ට ට්‍රයි කරන වර්ගයේ කතාවක් විදිහටනෙ . ඒ කෙල්ලට නම් රංගනයෙන් දායක වෙන්නේ ම…

Challengers (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මෑත කාලයේදී යම් කතා බහකට ලක්වුණ තරමක් ආන්දෝලනාත්මක චිත්‍රපටයක්. මං එහෙම කිව්වේ මේ චිත්‍රපටය ප්‍රචාරණ කටයුතු වලදි ඉස්මතු කරලා පෙන්නුවේ කොල්ලො දෙන්නෙක් එක් කෙල්ලෙක්ට ට්‍රයි කරන වර්ගයේ කතාවක් විදිහටනෙ . ඒ කෙල්ලට නම් රංගනයෙන් දායක වෙන්නේ මෑත කාලයේදී ඉතාමත් ප්‍රසිද්ධියට පත්, බොහෝ ප්‍රේක්ෂකයන් අතර විවේචනයට ලක්වූ, නමුත් තමන්ගෙ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරන නිළියක් වෙන Zendaya. ඇය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත් වුණේ යුෆොරියා, ඩූන්, ස්පයිඩර්-මෑන් වැනි අති සාර්ථක නිර්මාණ නිසයි, ඒ වාගෙ සාර්ථකත්වයට සෙන්ද්‍යාගෙ රඟපෑමත් ලොකු පිටුවහලක් වුණා කියන එකත් නොරහසක්.

Challengers (2024) Sinhala Subtitles

ඒවා පැත්තක තියල මේ චිත්‍රපටය ගැන කතා කලොත්, මේකත් විචාරකයන් අතර ඉහල පැසසුමට ලක්වුණ චිත්‍රපටයක් කියල කියන්න පුළුවන්. ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින්ම ඒ ගැන කිව්වොත් IMDb දර්ශකේ 7.6 ඉහල අගයකුත් කුණු තක්කාලි 88% අගයකුත් ගන්න හැකි වෙලා තියෙනවා වගේම ඇමරිකානු ඩොලර් මිලියන 78 බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවකුත් තියන්න මේකට හැකිවෙලා තියෙනවා. මේ චිත්‍රපටය මෙච්චර සාර්ථක වෙන්න සෙන්ද්‍යාගෙ රඟපෑම වගේම Mike Faist සහ Josh O’Connor රංඟනයත් දායක වෙලා තියෙනවා. ඊට අමතරව මෙහි අධ්‍යක්ෂවරයා වෙන්නේ Luca Guadagnino මහතායි. ඔහු තමයි Call Me by Your Name, Bones and All, Suspiria වැනි ඉතා ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කලේ. මෙහි තිරගත වීම් ආරම්භ කලේ ලංකාවෙත් ඇතුලුව ගිය අප්‍රේල් 22 දා.

Challengers (2024) Sinhala Subtitles

කතාව ගැන මතක් කලොත්, ආර්ට් ඩොනල්සන් සහ පැට්‍රික් සවයික් කියන්නේ පොඩි කාලෙ ඉදන් ඒ කියන්නෙ වයස අවුරුදු 12 ඉදන් එකටම හැදී වැඩුනු හොඳම යාළුවන් දෙදෙනෙක්. මෙයාල දෙන්නම ටෙනිස් ක්‍රීඩකයො. මෙතනින් ආර්ට් කියන්නෙ ටෙනිස් වලට පැට්‍රික් තරම් දක්ෂ ක්‍රීඩකයෙක් නෙවෙයි තරුණ කාලෙදි, ඒ වගේම කෙල්ලො ගැනත් ලොකුවටම උනන්දුවක් නෑ. පැට්‍රික් ඒකෙ අනික් අත, ටෙනිස් වලට දක්ෂ ක්‍රීඩකයෙක්, මෙයාට ඕනෙ ටෙනිස් වලින් ඉහලටම ගිහින් ඒකෙන් ජීවත් වෙන්න, ඒ වගේම කෙල්ලො ගැනත් ලොකු උනන්දුවක් තියෙනවා. එතකොට කවුද මේ කෙල්ල? ඔව්, ටාෂි ඩන්කන්. ටෙනිස් වල සුපිරිම ක්‍රීඩිකාවක්, වෙනම ලෙවල් එකක්, ටෙනිස් මුළු ජීවිතේම හා කරගත්ත කෙනෙක්. ඔන්න දැං කොහොමින් කොහොම හරි මේ දෙන්න ටාෂිව අදුරගෙන දෙන්නම එකම කෙල්ලට ට්‍රයි කරන්න ගන්නවා. ඉතිං කාට කෙල්ලව සෙට් වෙයිද?

Challengers (2024) Sinhala Subtitles

ඔන්න ඕකයි මෙයාලගෙ හයිස්කූල් කතාව. හැබැයි ඕකම නෙමේ මේ ෆිල්ම් එකේ කතාව වෙන්නෙ. නියම කතාව පටන් ගන්නෙ ඊට අවුරුදු ගානකට පස්සෙ. ඒ වෙනකොට යාළුවො දෙන්න වෙන් වෙලා. යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක් ටෙනිස් වලින් හොඳටම සාර්ථක වෙලා ටාෂිවත් කසාද බැඳලා. එතකොට අනික් යාලුව යන එනමක් නැති තැනටම අනාත වෙලා. මං එයාලගෙ නම් වශයෙන් කියන්නෑ ඒත් චිත්‍රපටය බලන මුල් විනාඩි දහයෙන්ම ඔයාලට ඒ බව තේරෙයි. ඒ අනුව මේ දෙන්නව යලිත් එකතු කරන්නේ ටෙනිස් වල තියෙන චැලෙන්ජර් කියලා ශූරතාවයකින්, ඒකෙදි මේ දෙන්නට කරට කර අවසන් තරඟයෙදි සටන් කරන්න වෙනවා.. හරි පොඩ්ඩක් ඉන්න, මං මුළු කතාවම කිව්වනෙ කියල තරහ ගන්න එපා, මොකද ෆිල්ම් එක පටන් ගන්නෙම ඒ අවසන් තරගෙන්. චිත්‍රපටය කාල රාමු තුනකින් වගේ පෙන්නනව. එකක් වර්තමානයේ තියෙන මෙයාලගෙ අවසන් තරඟෙ, අනික තරඟෙට සතියකට දෙකකට වගේ කලින්, අනිත් එක මෙයාලගෙ තරුණ හයිස්කූල් කාලෙ. ඉතින් පටල ගන්නැතුව හරියට බලන්න ඔයාලට උදව් වෙන්නයි මං පොඩි විස්තරයක් කිව්වේ සහ මං කිව්ව ඔක්කොම ෆිල්ම් එකේ මුල් විනාඩි දහයෙන් වගේ පෙන්නනවා. ඉතිං මේ අවසන් තරඟෙන් කවුරු දිනයිද? මේ වෙන් වුණු යාළුවො යලි එකතු වෙයිද? මේ තුන් වෙනි පාර්ශවේකට ආපු කෙල්ල මෙයාලගෙ යාළුකමට කොහොම බලපායිද? බලලාම දැනගන්න.

Challengers (2024) Sinhala Subtitles

මේ වගේ ෆිල්ම් එකකට කැමති නම් ආයෙ දෙපාරක් නොහිතා ඩව්න්ලෝඩ් කරන් බලන්න, පසුතැවෙන එකක් නම් නෑ. එහෙනම් ඔච්චරයි ෆිල්ම් එක ගැන කියන්න තියෙන්නේ, අවසාන වශයෙන් මාව මේ ෆිල්ම් එකට උපසිරැසි කරන්න එකතු කරගත්ත යුරාන් සහෝට සහ විමා අයියට ස්තූති කරන ගමන් අපි සමුගන්නවා. ආයෙත් අළුත්ම චිත්‍රපටයක් අරන් ඉක්මනින්ම එනවා. එහෙනම් ජයවේවා!

Challengers (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

9,595 downloadsDownload Challengers.2024.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට සහ “යුරාන් ධනුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Challengers (2024) Sinhala Subtitles

Subtitles

9,595 downloadsDownload Subtitles43 KB

11 comments

  1. Buddhika Lakmal

    තෑන්ක්ස් බිම්සර සහෝටයි ධනුක සහෝටයි මේ මූවි එකට සිංහල සබ් දුන්නට....
    ජයවේවා......

  2. ඔලිව

    Gendaya <3

  3. Dilshan Karunarathne

    Thank you, brother...

  4. Kavindu Nethmina

    Sub ekata thanks bro

  5. ගෙන්ඩයා

    අනේ සබ් එකට ගොඩක් ස්තූතියි දෙන්නටම. ඉන්නම බැරුව හිටියෙ මේක දෙනකල්හ්හ්.. ගොඩක් පිං ඇත්තටම දෙන්නටම.

  6. Sahan Gayantha

    thanks a lot sahola sub ekata

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Ashan Dilruk

    Thank you for the sub

  9. YasiruNawod

    thank fro sinhala sub

  10. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  11. Yohan Maduranga

    thank you Jayawewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.