Watch Trailer

The Boy and the Beast (2015) aka Bakemono no ko Sinhala Subtitles | මෘර්ගයෙකුගේ හදවත. [සිංහල උපසිරසි]

The Boy and the Beast (2015) aka Bakemono no ko Sinhala Subtitles ඇනිම් රසිකයො හැමෝටම සුබම සුබ දවසක් වේවා! ඔන්න එහෙනම් ඔයාල වෙනුවෙන්ම තවත් සුපිරිම සුපිරි කතාවක් අරගෙන ආවා 2015 වසරෙ, ජුලි 11වෙනිදා රිලීස් වුන ජපන් ඇනිමේෂන් චිත්‍රපටක් තමයි The Boy and the beast කියල කියන්නෙ Mr.Mamoru Hosoda අතින් රචනා…

The Boy and the Beast (2015) aka Bakemono no ko Sinhala Subtitles

ඇනිම් රසිකයො හැමෝටම සුබම සුබ දවසක් වේවා!

ඔන්න එහෙනම් ඔයාල වෙනුවෙන්ම තවත් සුපිරිම සුපිරි කතාවක් අරගෙන ආවා 2015 වසරෙ, ජුලි 11වෙනිදා රිලීස් වුන ජපන් ඇනිමේෂන් චිත්‍රපටක් තමයි The Boy and the beast කියල කියන්නෙ Mr.Mamoru Hosoda අතින් රචනා උන විශිෂ්ට නිර්මාණයක්

The Boy and the Beast (2015) aka Bakemono no ko Sinhala Subtitles

ඉතින් මේ චිත්‍රපටය නිශ්පාදනය කරන්නෙ සුප්‍රසිද්ධ ඇනිමේ චිත්‍රපට නිශ්පාදන සමාගමක් වෙන Studio Chizu කියන සමාගම විසින්. ඉතින් මේකෙ මුල් චිත්‍රපට මිනිත්තු 120 පුරාවට දිවයනවා. ඒවගේම මේ කතාවෙ පසුබිම් සංගීතය සපයලා තියෙන්නෙ Masakatsu Takagi විසින්.

මේ චිත්‍රපටයෙ සාර්ථකවය ගැන කියනව නම්, ප්‍රසිද්ධ ඇනිමේ විකාශනය කරන වෙබ්-අඩවියක් වෙන Crunchyroll වල 4.9/5ක රසික ආකර්ෂණයක් අරගෙන තියෙන එකෙන්ම හොඳට පැහැදිලි වෙනවා☝️ MyAnimList වල 8.2/10ක් සහ Rotten Tomatoes වල 88% වගේම Imb Ratings 7.6/10D අගයක් අරගෙන තියෙනව විතරක් නෙවෙයි 82% ක Google පරීශීලකයින් ප්‍රමාණයක් හිමිකරගෙන තියෙනවා..

Box-office වාර්තා ගැන බැලුවොත් ජපානයේ පමණක් ජපන් යෙන් බිලියන 5.85 ක් වගේම ලොව පුරාම ඇමරිකානු ඩොලර් මිලියන $51.4ක විෂිශ්ට ආදායම් වාර්තාවක් තියන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. Genres ගැන බැලුවොත් Action, adventure, comedy, fantasy කියන GENRES වලට තමා අයිති වෙන්නෙ…

The Boy and the Beast (2015) aka Bakemono no ko Sinhala Subtitles

…ස්පොයිල් නැතිවෙන විදියට ඔයාලට කතාව ගැන පොඩි සාරාංශයක් ඉදිරිපත් කරොත්….
වර්තමාන ජපානයේ විශාල ජනාකීර්ණ නාගරික ප්‍රදේශයක් වන “ෂිබුයා” නගරයේ ඉපදුන වයස අවුරුදු 8/9 වගේ පුංචි පිරිමි ළමයෙක් ඉන්නවා. ඉතින් රිය අනතුරකින් මෙයාට මෙයාගෙ අම්මව අහිමි වෙනවා. පොඩි කාලෙදිම තාත්තාව මෙයාලට මගහැරෙනවා. ලෝකය ගැන ලොකු වෛරයකින් ඉන්න මේ ලමයට ශිබුයා වල මෘර්ග නගරයක මෘර්ග රණශූරයෙක් වෙන වලසෙක්ගෙ වගේ පෙනුමක් තියෙන “කුමැට්සු” කියන මෘර්ගයාව මුනගැසීමත් එක්ක තමයි මෙයාගෙ ජීවිත කතාව වෙනස් වෙන්නෙ.

“ජුටෙන්ගයි” නමින් හඳුන්වපු මේ මෘර්ග නගරයේ සාමාන්‍යයෙන් මෘර්ගයො 100.000 විතර වාසය කරන ජනාකීර්ණ නගරයක්.

The Boy and the Beast (2015) aka Bakemono no ko Sinhala Subtitles

ඉතින් මේ නගරයේ මුල්ම පාලකයා දෙවියෙක් විදියට නැවත ඉපදෙන බලාපොරොත්තුවෙන්. නායක කමට සුදුස්සෙක්ව නම් කරනවා. ඒ මෘර්ගයා “අයෝසෙන්” කියල හැඳින්වෙන විශාල ශිෂ්‍ය පිරිසක් ඉන්න දක්ෂ රණශූරයෙක්. වගේම ජොජිමාරු සහ ඉචිරෝහිකෝ කියන දෙන්නගෙ තාත්තා…

ඉතින් හැමෝම පුදුම කරමින් නායකයා තවත් අපේක්ෂකයෙක්ව නම්කරා. ඒ තමා අපි කලින් කතා උන කූමැට්සු කියන මෘර්ගයා. මෙයාගෙ ගති පැවතුම් නිසා මේ හදයාට එක ශිෂ්‍යයෙක් වත් හිටියෙ නෑ. ඉතින් නායක කම ගන්න මෙයාට ලොකු ශිෂ්‍ය පිරිසක් ඕන වෙනවා. මෙයාට මනුස්ස ලෝකෙදි “රෙන්” කියන පුංචි පිරිමි ලමයව මුනගැහෙන්න අන්න ඒ වෙලාවෙදි. මෘර්ගයා මෙයාට තියන නම තමා කියුටා. ජැපනීස් වලින් (කියු) කියන්නෙ නමයටනෙ.

The Boy and the Beast (2015) aka Bakemono no ko Sinhala Subtitles

ඉතින් කතාවෙ ඉස්සරහට මොනා වෙයිද? ඇත්තටම මෘර්ගයෙක් එක්ක ලමයෙකුට ජීවත් වෙන්න පුළුවන්ද? හරිම ලස්සන කතාවක් “highly recommend “

ඔයල කතාව බලල comment එකකුත් දාගෙන යන්න කියන ගමන් අලුත් ඇනිම් එකකින් හම්බවෙකල් හැමෝටම good luck ✌️

~ ලංකන් Weebs වෙනුවෙන් – සඳක මලීෂ ~

 

 

The Boy and the Beast (2015) aka Bakemono no ko Sinhala Subtitles

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BluRay පිටපත සඳහා පමණක් ලබා දි ඇත.

1,718 downloadsDownload The-Boy-and-the-Beast-2015.zip56 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Boy and the Beast (2015) aka Bakemono no ko Sinhala Subtitles

Subtitles

1,718 downloadsDownload Subtitles56 KB

6 comments

  1. zoro

    cowboy bebop movie eka ikmanata onee bro

    1. Ranga

      අපි පුළුවන් තරම් උත්සාහයක් දෙන්නම් සහෝ...

  2. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  3. Anonymous

    balapu supirima anime ekak

  4. Dilshan buddika

    සුපිරි ❤️

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.