Watch Trailer

Chameli (2003) Sinhala subtitles | නාඳුනන්නන් දෙදෙනෙක්, නා කපන වැස්සක්…. [සිංහල උපසිරසි]

වැහිබර කාලකන්නි රාත්‍රියක්.. හිතේ තියන බර ගතියත් එක්ක අහසත් බර වෙලා අමන්ට මුළු වටපිටාවම පේන්නේ මහා බරක් වගේ.. බැංකුවක වැඩ කරන සල්ලිකාරයෙක් වුණත් අමන්ගෙ හිතේ සතුටක් නෑ.. ඒකටත් හේතුවක් තියෙනවා. අමන්ට අද පාටියක්, පාටිය අතරතුර කඩන් වැටුණු මහා වැස්සක්, හරියට පුපුරන්න ඔන්න මෙන්න තිබ්බ අමන්ගේ හිත වගේ.. වත…

වැහිබර කාලකන්නි රාත්‍රියක්..
හිතේ තියන බර ගතියත් එක්ක අහසත් බර වෙලා අමන්ට මුළු වටපිටාවම පේන්නේ මහා බරක් වගේ..
බැංකුවක වැඩ කරන සල්ලිකාරයෙක් වුණත් අමන්ගෙ හිතේ සතුටක් නෑ..
ඒකටත් හේතුවක් තියෙනවා.
අමන්ට අද පාටියක්, පාටිය අතරතුර කඩන් වැටුණු මහා වැස්සක්,
හරියට පුපුරන්න ඔන්න මෙන්න තිබ්බ අමන්ගේ හිත වගේ..
වතුර එහෙන් මෙහෙන් දෝරේ ගලාගෙන, මහා ගංවතුරක් වෙලා..
හරියට අමන්ගේ ඇහෙන් ගලන කඳුළු වගේ..
අමන් පාටියෙන් එළියට ආවා…
මහ රෑ.. මහ පාර මැද්දේ .. වාහනේ නැවතුණා…
මහ පාර මැද්දේ අනාතයෙක් වුණ අමන්‍ට මුණගැහෙනවා
තවත් ඔහු වගේම ජීවිතයේ අනාත වුණු කෙල්ලෙක්..
නෑ වැරදුනා ගැහැණියක්.. ඈ නමින් චමේලී…
පිච්චමලී හිංදියෙන් චමේලි කියන්නෙ සමන්පිච්ච මලට..
මේ චිත්‍රපටයේ ඉතුරු කථාව ගලාගෙන යන්නෙ හරියට
රත්වුණු තාච්චියට දාපු බටර් කෑල්ල වගේ.. චරිත දෙකයි..
සරලයි,.. සුමටයි… ලස්සනයි… ඒත් ඒ චරිත දෙකේ ඇතුලාන්තය හරිම කර්කශයි..
ජීවිතේ දෙවිදිහකට තනිවුණ දෙන්නෙක් තම තමන්ගෙ හිස්තැන් අනෙකා එක්ක පුරවා ගන්න වෙහෙසවෙන රැයක්..
මේක ඒ දෙන්නගෙ රැය… රාගයෙන් තොර ප්‍රේමයෙන් තොර, අනුකම්පාවෙන් ගෙවන රැය “
බෙහෙකාහේ මන් කහී…. කොයි ජානතේ නහී…..”
ඔන්න ආවා නොස්ටැල්ජියාව… “භගේරෙ මන්.. “
ඇත්තටම බලන එකාව මේකෙ තද කරලා, අතුල්ලලා,
චොප්ප චොරොප්පම් වෙන්න අලවලා තියාගන්නෙ මේ සිංදුව…

මම අදත් මේ පැත්තට ගොඩ වැදුණේ හින්දි චිත්‍රපටයක් අරගෙන මේකේ නම චමේලී, ඔය උඩ තියෙන ලස්සන හෑල්ල ලිව්වේ චරිත් මොරගොඩ විසින්, ෆේස්බුක් එකේ භාරත සිනමා රසික සංසදය වෙනුවෙන්. ඒ ලිපි කොටසේ සියලුම හිමිකම් ඔහුගේ. chameli තිරගත වෙන්නේ 2004 ජනවාරි මුල් සතියේ.

මේක අධ්‍යක්ෂණය කරන්නේ සුධීර් මිශ්‍රා එක්ක ආනන්ත් බලානි, ආනන්ත් බලානි චිත්‍රපටය අතරමඟදී මියයනවා, ඉන්පසු තමා සුධීර් අධ්‍යක්ෂණයට එකතුවෙන්නේ, කතාව උඩ තිබුණු ලිපියෙන් කට්ටියට වැටහෙන්න ඇති, මේ කතාවේ ප්‍රධාන චරිත දෙක වුණු අමන් සහ චමේලීට රංගනයෙන් දායක වෙන්නේ රාහුල් බෝස් සහ කරීනා කපූර්. චමේලී චරිතයට අමීෂා පටෙල්ට ආරාධනය කළත්, ගණිකාවකගේ චරිතය වෘත්තීය ගමනට කැළලක් වෙයි කියලා භාරගෙන නැහැ. සන්දේශ් ශාන්දිල්‍යා විසින් සංගීතය සැපයුණු ඉර්ශාද් කාමිල් රචනා කරපු සිංදු කිහිපයක් මෙහි අන්තර්ගතයි. ගීත සියල්ලම වගේ ගායනා කරන්නේ සුනිධි චෞහාන් විසින්. මෙහි කැමරාකරණය සුවිශේෂියි, එය මෙහෙයවන්නේ අසීම් බජාජ් විසින් ඔහුගේ කැමරාවට එවර ෆිල්ම්ෆෙයාර් සම්මානයත් ලැබෙනවා.

වසර 2000දී සිනමාවට අවතීර්ණ වුණු කරීනා කපූර් මුල්කාලීනව රඟපෑ චිත්‍රපට සියල්ලෙහිම වාගේ අන්තර්ගත වුණේ අධි රංගනයක්, මේ ඒ බැම්මෙන් මිදුණු, ඇගේ හැකියාව මනාවට ඔප්පු කළ චිත්‍රපටයක් ඇතැමෙකුට අනුව මේ අදටත් ඇගේ හොඳම රංගනය, මේ රංගනය උදෙසා කරීනාට එවර ෆිල්ම්ෆෙයාර් උළලේදී විශේෂ සම්මානයක් හිමිවුණා.

මිනිත්තු 108ක් දිවෙන මේ කවියක් වැනි මේ එක රැයේ කතාව, නැතිනම් චිත්‍රපටිය නරඹන්න ආරාධනා කරනවා එහෙනම්.

එහෙනම් ආයෙත් උපසිරැසියකින් මුණ ගැහෙමු, ගිහින් එන්නම්.

“හම්හේ රහී ප්‍යාර් කේ, ෆීර් මිලේන්ගේ, චල්තේ චල්තේ”

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා ගැළපේ.

1,612 downloadsDownload Chameli-2004.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

1,612 downloadsDownload Subtitles41 KB

17 comments

  1. Anonymous

    තෑන්ක්ස් ලොක්කා
    දිගටම මේ වගේ මගහැරුනු හින්දි ෆිල්ම් දෙන්න බලන්න
    ජය වේවා

  2. KauShi

    Tu Hi Mera Sunday film ekata sub dennako.

  3. Lahiru

    Thanks brother

  4. Oshada

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  5. අචින්ත

    කරීන ගෙ career-best වගේම most underrated වැඩේ මේ වෙන්න ඕන.
    ඒ විතරක් සුනිධි ගෙ ලස්සන සිංදු කීපයකුත් තියනවා..ඒවත් ඊට එහා නෑ අහලවත් නැතුව ඇති වැඩි දෙනෙක් මේ වෙනකොට..පට්ට වැඩක් මචන්

  6. Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. indika 75

    thanks..

  8. Anonymous

    Sniper white raven film ekata sub eka dennako

  9. Anonymous

    Me filume copya awlak nadda
    Blpu kenek kynwda

  10. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  12. Anonymous

    Thanks for sub

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  14. Naveen

    උපසිරසියට තුති

  15. Anonymous

    “Kaduva” -2022 sub plz

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!