කොහොමද ඉතින් මම අද අරගෙන ආවෙ 1997 නිකුත් වුන තවත් එක් සත්‍ය කතාවක්.අධ්‍යක්ෂනය කරල තියෙන්නේ මහා සිනමාකරු ස්ටීවන් ස්පිල්බරග් විසින්.රංගනයෙන් දායක වෙන්නෙ Morgan Freeman,Anthony ,Djimon Hounsou යන කට්ටිය. මේක IMDB 7.3 අගයක් අරගෙන තියෙනවා.හරි එහෙනම් කතාව පැත්තට යමු. “අපි කළුයි, හැබැයි අපිත් මිනිස්සු” ඔ…

කොහොමද ඉතින් මම අද අරගෙන ආවෙ 1997 නිකුත් වුන තවත් එක් සත්‍ය කතාවක්.අධ්‍යක්ෂනය කරල තියෙන්නේ මහා සිනමාකරු ස්ටීවන් ස්පිල්බරග් විසින්.රංගනයෙන් දායක වෙන්නෙ Morgan Freeman,Anthony ,Djimon Hounsou යන කට්ටිය. මේක IMDB 7.3 අගයක් අරගෙන තියෙනවා.හරි එහෙනම් කතාව පැත්තට යමු.
“අපි කළුයි, හැබැයි අපිත් මිනිස්සු”
ඔබව විකිණීමට කෙනකුට පුලුවන්ද? එය කෙතරම් සාධාරණද? මේ පොළොවේ සමාන අයිතිය ඔබට නැද්ද? ඔබ වහලකු ලෙස හංවඩු ගසා වෙළඳාමේ යෙදෙනවා නම් ඒ අවනඩුව කාට කියන්නද? කලකට පෙර බටහිර රාජ්‍යයන්වල සේවය පිණිස, විශේෂයෙන්ම අප්‍රිකානු මහාද්වීපයෙන් කළු මිනිසුන් තොග වශයෙන් රැගෙන ඒම සිදු කළ අතර, සුදු මිනිසාගේ චින්තනයට අනුව කල්ලන් යනු සතුන් හා සමාන පිරිසක් බවටයි ඔවුන් විශ්වාස කළේ. සුදු ජාතිකයන් මෙි කල්ලන් දුටුවෙි හුදෙක්ම ගෝත්‍රිකයන් ලෙසයි. මෙි කල්ලන්ගේ කාල වර්ණ සමට, ඔවුන් උචිචාරණය කරන අමුතු බසට, ඔවුන්ගේ අශ්ලීල ගති ස්වභාවයට සුදු ජාතිකයන් පිළිකුල් කළහ. මෙම කල්ලන් ඇමරිකාවේ වහල් සේවයට ප්‍රවාහනය කරනු ලැබුවේ ”මධ්‍ය ගමන” (Middle Passage) හරහායි. කළු ජාතිකයන් වෙළෙඳාම් කිරීමේ දී වෙළෙඳුන් වුණේ බොහෝ විට අප්‍රිකානු රජවරුන් හට යුද නායකයන් අතින්ය. ගෝත්‍ර අතර සිදුවන ගැටුම්වලින් අල්ලා ගන්නා ලද මෙම වහලුන් නව ලෝකයේ රටවලට වෙළෙඳාම් කර ප්‍රවාහනය කළේ කලින් සඳහන් කල මධ්‍ය ගමන ඔස්‌සේ ය. මොවුන් ප්‍රවාහනය කළේ නැව් වලිනි. එක් නැවකට වහලුන් සිය ගණනින් ප්‍රවාහනය කරන ලදී. කාන්තාවන්ට හා ළමයින්ට යම් ඉඩ ප්‍රමාණයක් ලබා දුන්නද ඉඩ ඉතිරි කර ගැනීමට පිරිමි වහලුන් එක බැඳ දම්වැල්වලින් ගැට ගසා එකට පොදියට අසුරන ලදී. මේ ගමන මාස 6 ක් පමණ ගත වන අතර ඇතැම් අවස්‌ථාවලදී ඊටත් වඩා කල් ගත විය. මොවුනට මේ කාලයේ දිනකට එක් ආහාර වේලක් පමණක් ලබා දුන් අතර එය ජීවිතය ගැට ගසා ගැනීමට යාන්තම් ප්‍රමාණවත් විය. ඇතැම් හු මේ ගමනේදී මිය ගියහ. මධ්‍ය ගමන යනු මෙම කළු ජාතිකයන් ලක්‌වන දරුණුතම පීඩිතම අවස්‌ථාවයි. මොවුනට නිතරම සුදු ජාතිකයන් සලකන ලද්දේ මානුෂිකව නොව භාණ්‌ඩයන් ලෙසටය. එහෙත් ඇමරිකානු සිවිල් යුද්ධය විසින් මෙම වහල් සේවය නිමා කිරීමට හේතු විය.
මෙම වහලුන් පාදකකොටගෙන ස්ටීවන් ස්පිල්බර්ග් 1997දී නිෂ්පාදනය කරන “Amisted” චිත්‍රපටය සඳහා පාදක වනුයේ වර්ෂ 1839දී සිදු වූ සත්‍ය සිදුවීමකි. ස්පාඤ්ඤ බසින් “AMISTAD” හි අර්ථය නමි මිත්‍රත්වය යන්නයි. එහෙත් වර්ෂ 1839 දී මෙම මිත්‍රත්වය නාමය පෙරදැරිකරගත් නාවුක යාත්‍රාවක් කියුබානු මුහුදු තීරයේ දී යාත්‍රා කරයි. නාව්ක යාත්‍රාවෙි මිත්‍රත්වය නාමය සඳහන් වුව ද, ඊට ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් මෙි රුවල් නවුකාව තුළ සිදුවෙයි. ඒ අහිංසක අප්‍රිකානු ජනයා වහලුන් ලෙස විකිණීම සඳහා ඇමෙරිකාව වෙත ප්‍රවාහනය කිරීමේ අරමුණින් යන ගමනකි.
අප්‍රිකානු රටවලින් අල්ලාගනු ලබන මෙම ජනයා තම මෙහෙකාරයන් උදෙසා අනේකවිධ වධ බන්ධන මැද බලහත්කාරයෙන් නැවක සිරකරගෙන සිටිති. යදමින් බැඳ විලංගු ලා ගෙනයන මෙම අප්‍රිකානු ජනයාට නවුකාවෙිදි ඉතා සුළු ආහාර ප්‍රමාණයක් සැපයෙයි. එය එක කටකටවත් මදි ය. කැම දෙන්නෙ තිරිසනුන්ට මෙනි. සුදු මිනසාගේ මිලේච්ඡ කස පහරින් මෙම අප්‍රිකානු ජනයාගේ කොඳු ලෙයින් තෙත් කරයි. දීර්ඝ කාලයක් මුහුදේ යාත්‍රා කරන මෙම අප්‍රිකානු වහල් ජනයාගේ ජීවිතය දුක්ඛිත අන්දමට මහ සයුර මැද ගෙවෙයි. ඇතැමෙක් අසනීප වෙති. ඔවුන්ට ක්ෂණික මරණය හිමිවෙයි. සිය ගණන් කුසගින්න නිසාද, පහරදීම් නිසාද මිය යති. රාත්‍රි වර්ෂාවක් මැද එක් ධෛර්යමත් අප්‍රිකානුවෙක් යදමින් බැඳී සිටිය ද තම ලේ තැවරුණ ඇඟිලිවලින් නැව් බඳ සූරන්නට පටන් ගනී. ඔහු බැඳි විලංගුවේ යකඩ ඇණයක් ගලවා ගැනීමට හැකිවේ. ඉන් යදම්වල අගුල් ඉවත් වේ. ඔහු තවත් සහෝදර අප්‍රිකානුවන් මුදා ගනිති. ඉන් අනතුරුව නැවේ කැරැල්ලක් ඇරඹේ. ඒ නාවුක ප්‍රධානීන්ට එරෙහිවය. කැරලිකරුවෝ ජයග්‍රාහී ලෙස නැවේ බලය අත්පත් කරගනිති. මෙි ජයග්‍රාහී කැරලිකරැවන් උත්සාහ කරනුයේ නැවත අප්‍රිකාව බලා යාමට ය. අවාසනාවට ඔවුන් නැවතත් අැමරිකානුවන්ගේ සිරභාරයට පත් වෙි. සියල්ලෝ සිරගත කෙරෙති. ඔවුනට විරුද්ධව නඩු පැවරේ. ඒ මිනීමැරුම් සහ මංකොල්ලකෑම් වෙනුවෙනි. තමනට වඩාත් අවාසිදායක දේශපාලන මොහොතක තමා නොදන්නා දේශයක, තමාට නොවැටහෙන ආගන්තුක බසකින් නඩු ඇසෙන වටපිටාවක අප්‍රිකානුවෝ සිය නිදහස සඳහා වූ සියලු බලාපොරොත්තු අත්හරිති.එහෙත් ඔවුනට පසුව සාධාරණය ඉෂ්ට වේ. මේ සාධාරණය ඉටුවීම අහම්බයක් නොවේ. පැරණි ඇමෙරිකානු ජනාධිපතිවරයකු වූ John Quincy Adams ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටීමේ ප්‍රතිඵලයකි. එලෙසම ‘සින්කේ’ නම් දිරිමත් වහල් නායකයාගේ නොනැසෙන සුලු උත්සාහයේ ප්‍රතිඵලයකි. John Quincy Adams නීතිඥයකු ලෙස ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අප්‍රිකානුවන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමේ ජවනිකා ස්පිල්බර්ග් ගේ අධ්‍යක්ෂණ කුසලතාවන් මනා ලෙස ප්‍රදර්ශනය කරන්නේය. එලෙසම Anthony Hopkins ගේ බරසාර කටහඬද ඔහුටම අනන්‍ය වූ සාඩම්බර රංග ශෛලියද සිනමා කෘතියේ තේජස වැඩිකරවනවා.
මානව ඉතිහාසයේ මානව අයිතීන් කඩකිරීම් විෂයෙහි දහසක් ඇඟිලි ඇමෙරිකාව වෙත දිගුවිය හැකි වුව ද ඒ සියල්ල අමතක කළ හැකි එක් දැවැන්ත මානුෂීය මෙහෙවරක් චිත්‍රපටය තුළින් හුවා දක්වයි. ඊට නායකත්වය දෙනු ලබන්නේ ඒබ්‍රහම් ලින්කන් ය. ඒ නම් වහල් මෙහෙය අවලංගු කරවීමයි. ඇමෙරිකාවට සිය ජීවිත කාලයටම ඒ ගෞරවය ප්‍රමාණවත් වන්නේය. 1863 ජනවාරි පළමුවැනිදා මෙම ඓතිහාසික සිදුවීම සිදුවෙයි. Emanicipation Proclamation ප්‍රකාශයත් සමගම නිල සංඛ්‍යලේඛන අනුව මිලියන 3.5ක ජනයා වහල් බවින් මිදෙන්නේය.
ස්පීල්බර්ග් AMISTAD චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමෙන් අැමරිකානු ජනයාගේ ශිෂ්ටබව වෙනුවෙන් පෙනී සිටිමක් ද මෙි හරහා සිදුවෙයි. එය සෘජු පෙනී සිටීමක් නොවේ. ඇමෙරිකානු මව්බිම වෙනුවෙන් සටන් පාඨ පැවසීමක්ද නොවේ. එහෙත් ඇමෙරිකානු උසාවිය ගත් තීරණය නිසා අහිංසක වහලුන් නිදහස් කිරීමත්, ඇමෙරිකානු යුද නැවක කාල තුවක්කුවලින් Lombark හී දැවැන්ත බළකොටුව කෙමෙන් විනාශ වී යන රූප පෙළක් නරඹන්නා තුළ ඇති කරනුයේ ඇමෙරිකාව කෙරෙහි ගෞරවයකි. අැමරිකානු සුදු මිනිසාගේ වගකීම වෙනුවෙන් වහල් මෙහෙයට විරුද්ධව නිර්භීත තීරණයක් ගත් ඒබ්‍රහම් ලින්කන් කෙරෙහි ගෞරවයක් චිත්‍රපටය හරහා උපදි. චිත්‍රපටය කාලය සහ අවකාශය පෙන්වීමෙි දී එම යුගයට අදාළ අැඳුමි පැළඳුම්, මෝස්තර, ගති ස්වභාවය සහ පරිසරය විශිෂ්ට අන්දමින් නිරෑපණය වෙයි. චිත්‍රපටය හි තිර රචනයේ ඇති ශක්තිමත්බව නිසා ම සාර්ථක චිත්‍රපටයක් නිර්මාණය කර ඇත. මෙහි රචකයා David Franzoni ය. ඔහු ඓතිහාසික තේමාවන් ආශ්‍රිත චිත්‍රපට රචනයෙහිලා විශිෂ්ටයෙකි. සම්මාන ලැබූ Gladiator , King Arthur වැනි නිර්මාණයන්හි තිර රචකයා Franzoni ය. චිත්‍රපටයට විශාල සහයක් ලබා දෙන අප්‍රිකානු උරැවට යන සංගීත භාවිතාව අපුරැ ය. ඉතාමත් අව්‍යාජ ඉතා විශිෂ්ට කෘතියක් ප්‍රේක්ෂකයා ඉදිරියේ තබන “ඇමිස්ටඩි” සිනමා කෘතිය තම මවිබිමෙි ගෞරවය ඉහළ නංවන්නට ද ස්පීල්බර්ග් සමත් වෙලා තියෙනවා.
එහෙනම් ජය වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BRRip පිටපත් සඳහා අදාළ වේ.
2,931 downloadsDownload Amistad-1997.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-07-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලක්ෂාන්
Subtitles
- #1997
- #Anthony Hopkins
- #Box Office Hits
- #Djimon Hounsou
- #Editor's Pick
- #Golden Globe Nominated
- #MaxxA
- #Morgan Freeman
- #Must Watch
- #Nigel Hawthorne
- #Offbeat
- #Oscar Nominated
- #sinhala
- #Sinhala Subtitle
- #Steven Spielberg
- #subtitle
- #You Decide
- #උපසිරැසි
- #ලක්ෂාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
22 comments
Prabath
Anonymous
Supiri
Kantha_DLA
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
Westworld season 4 sub denna ko
Anonymous
සම්මාන නිර්දේශිත සිනමාපටයක් නිසා නරඹන්නට තීරණය කළා. තවත් මෙවැනි ඒවාට සබ් දෙන්න, ස්තුතියි ඔබට!
Anonymous
Lakshan,
I think that is good film, thanks your sinhala subtitles...Anoma Miss
Paws of the Fury ekta sub den nadda
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
හසිත මධුෂාන්
දිගටම මේ වගේ සබ් කරන්න මග ඇරුන පරණ හොඳ ෆිල්ම් වලට සබ් දෙන්න සහෝ...
123456kosala
link eka ganne kohomada
Anonymous
Biscopedownload eke thiyenwa
Chandika
Thanks
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥g
Dewadithya
Thanks for Sub!
Anonymous
විශිෂ්ඨ සිනමා නිර්මාණයකට සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Manu
Godak sthuthi.. Jaya wewa!
Anonymous
Thanks Brother
Thisara Prabhath Senarathne
Thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks brother. Good luck.