Chatha Pacha (2026) Sinhala Subtitless මේකේ කතාව මෙහෙමයි. ෆෝර්ට් කොචි වල රෙස්ලින් කණ්ඩායමක් හදන්න ගිහින් වෙන සිද්ධි දාමයක් තමයි මේ චිත්‍රපටය පුරාවටම යන්නේ. තේරෙන්නේ නෑ නේද..? එහෙනම් මෙහෙම කියන්නම්කෝ. සහෝදරයෝ තුන්දෙනෙක් ඉන්නවා මේ කණ්ඩායමේ. එක්කෙනෙක් තමයි සාවීයෝ. අනිත් දෙන්නා වෙට්‍රි හා මානි. ඒ තුන්ද…

මේකේ කතාව මෙහෙමයි. ෆෝර්ට් කොචි වල රෙස්ලින් කණ්ඩායමක් හදන්න ගිහින් වෙන සිද්ධි දාමයක් තමයි මේ චිත්‍රපටය පුරාවටම යන්නේ. තේරෙන්නේ නෑ නේද..? එහෙනම් මෙහෙම කියන්නම්කෝ. සහෝදරයෝ තුන්දෙනෙක් ඉන්නවා මේ කණ්ඩායමේ. එක්කෙනෙක් තමයි සාවීයෝ. අනිත් දෙන්නා වෙට්‍රි හා මානි. ඒ තුන්දෙනාගේ ලොකුම හීනයක් තමයි ඉන්දියාවේ තියෙන හොදම රෙස්ලින් කණ්ඩායම හදන්න. හැබැයි මේ කණ්ඩායම හදන්න ගිහින් ඇතිවෙච්ච බාධක, කම්කටොලු, ප්‍රශ්න මොනවද කියලා දැනගන්න නම් මේ ෆිල්ම් එක බලන්න වෙයි.
මේ ඔයාලට මං මේ ගේන්නේ 2026 අවුරුද්දේ මලයාලම් සිනමාවේ ලොකුම ආදායමක් හිමිකරගත් පළමු චිත්‍රපටය. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි මේ චිත්‍රපටයේ සංකල්පය.ඒක මං විස්තරේදී කියන්නම්.
එහෙනම් යමුකෝ විස්තරේ පැත්තට.
Chatha Pacha එහෙමත් නැත්නම් Chatha Pacha: The Ring of Rowdies කියන්නේ මේ අවුරුද්දේ ජනවාරි 22 වෙනිදා නිකුත් කරපු චිත්‍රපටයක්. මේකේ අධ්‍යක්ෂණය Adhvaith Nayar ගෙන්. නිෂ්පාදනය Shihan Shoukath, Ritesh S. Ramakrishnan කියන දෙන්නගෙන්. සංගීත අධ්‍යක්ෂණය Shankar-Ehsaan-Loy සහ Mujeeb Majeed දෙන්නගෙන්. මේක අයිති වෙන්නේ ඇක්ෂන් කොමඩි ගණයට. මේකේ ධාවන කාලය මිනිත්තු 134ක්.
ප්‍රධාන චරිත විදිහට අපිට දකින්න ලැබෙන්නේ අර්ජුන් අශෝකන්, රෝෂන් මැතිව්, විශාක් නායිර් (මතක ඇතිනේ කුන්ච්කෝ බෝබන් ගේ Officer on Duty ෆිලුම..) සහ ඉශාන් ශවුකත් කියන හතර දෙනා.

ප්‍රධාන චරිත
අනෙකුත් චරිත විදිහට ලක්ෂ්මි මෙනන්, සිද්ධිකි, කාර්මෙන් එස් මැතිව්, රාෆි, මලයාලම් නළු සායිකුමාර්, මිනෝන් වගේ අය රංගනයෙන් දායක වෙනවා.

අනෙකුත් චරිත
ළමා චරිත විදිහට අල්වින් මුකුන්ද්, අර්චිත් අභිලාෂ්, දේව් නාරායනන්, ඔර්හන් හයිඩර්, වෙධිකා ශ්‍රීකුමාර් වගේ ළමා රංගන ශිල්පින් රැසක් දායක වෙනවා.

ළමා චරිත
විශේෂ ආරාධිත රංගන ශිල්පින් ලෙස මෙගාස්ටාර් මම්මුට්ට්, සරින් ශිහාබ්, අධ්‍යක්ෂකතුමා, ශිහාන් ශවුකත්, අමල් ෂා, කලිඩ් අල් අමෙරි යන අය රංගනයෙන් දායක වෙනවා.
මේ චිත්‍රපටයේ වියදම ආසන්න වශයෙන් කෝටි 12ක් වෙනවා වගේම ආදායම විදිහට කෝටි 33.35ක් හොයාගෙන තියෙනවා.

Chatha pacha මලයාලම් චිත්‍රපටයේ ආදායම් වාර්තාව
මං කලින් කිව්වනේ මේ චිත්‍රපටය විශේෂ චිත්‍රපටයක් කියලා. ඒකට හේතුව තමයි මේ චිත්‍රපටයේ තියෙන සංකල්පය. ඒ තමා රෙස්ලින්. ලෝකයේ ප්‍රසිද්ධතම රෙස්ලින් තරගයක් වුනු WWE තරගවල අභාෂය මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා කියලයි කියවෙන්නේ. විශේෂයෙන් මේකේ අධ්‍යක්ෂක වරයා කුඩා කාලයේ තමන් මේ WWE තරග බලලා තියෙනවා කියලා තියෙනවා. ඒක මේ විදිහටයි දැක්වෙන්නේ.
“Nayar recalled that, during his childhood he grew up watching WWE on television with his cousins and grandfather and the influence of WWE in India, where professional westlers such as John Cena, The Undertaker, Triple H and Dwayne Johnson (known as “The Rock”) becoming mythic figures, had led to the development of small wrestling clubs abroad. These prompted him to develop a script based on the film, being the first to be centred on WWE-based sports theme.”
– WikiPedia (Chatha Pacha)
මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය 6.7/10 කුත් ගුගල් පරිශීලක අගය 84%කුත් ලබාදීලා තියෙනවා.
අර්ජුන් අශෝකන් ගේ මීලග චිත්‍රපට අතරේ Kadhal Reset Repeat, Bro Code වගේම Boney M වගේ ඒවා තියෙන්නේ.
මේකේ OTT ගැන කිව්වොත් Netflix හරහා පෙබරවාරි 19 වෙනිදා නිකුත් කරනවා.
මේ සබ දෙන්න පරක්කු වෙන්න හේතුව තමයි මේකේ අමාරුවේ වැටුණු තැන් ගොඩක් තිබ්බා. මොකද මේකේ තියෙන වචන සමහරක් ඒවා නුහුරු වුනු නිසාමයි වෙලාව ගියෙත්. අනිත් එක කාර්යබහුලත්වය නිසා.
එහෙනම් තව සබකින් ආයේ හමුවෙමු. සුබ දවසක්!
Chatha Pacha: The Ring of Rowdies (2025) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
872 downloadsDownload Chatha-Pacha-The-Ring-of-Rowdies2026.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඕෂද එරංග (Era Boy)” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2025-12-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Chatha Pacha: The Ring of Rowdies (2025) Sinhala SubtitlesSubtitles by
ඕෂද එරංග (Era Boy)
Subtitles
- #2025
- #Chatha Pacha (2026) Sinhala Sub
- #Chatha Pacha (2026) Sinhala Subtitless
- #Chatha Pacha Sinhala Sub
- #Chatha Pacha Sinhala Subtitless
- #Drama
- #Editor's Pick
- #Indian Box Office Hits
- #malayalam
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #ඕෂද එරංග (Era Boy)
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තෑන්ක්ස් ඕෂද සහෝ මේකට සබ් එක දුන්නට