A Gunfighter’s Deal (2026) Sinhala Subtitles මෙහි ප්‍රධාන චරිතය වන සයිලස් ජොන්සන් (Silas Johnson) කියන්නේ නිතරම අන් අයගේ හිරිහැර වලට සහ සමච්චලයට ලක්වන, කිසිම කෙනෙකුට විරුද්ධව නැගී සිටින්නට බැරි බයගුලු මනුස්සයෙක්. තමන් ආදරය කරන රෝස් (Rose) නම් තරුණිය ඉදිරියේ පවා අන් අයගෙන් අවමන් විඳින්නට සිදුවීම නිස…

A Gunfighter’s Deal (2026) Sinhala Subtitles
මෙහි ප්‍රධාන චරිතය වන සයිලස් ජොන්සන් (Silas Johnson) කියන්නේ නිතරම අන් අයගේ හිරිහැර වලට සහ සමච්චලයට ලක්වන, කිසිම කෙනෙකුට විරුද්ධව නැගී සිටින්නට බැරි බයගුලු මනුස්සයෙක්. තමන් ආදරය කරන රෝස් (Rose) නම් තරුණිය ඉදිරියේ පවා අන් අයගෙන් අවමන් විඳින්නට සිදුවීම නිසා ඔහු දැඩි කලකිරීමකට පත්වෙනවා.
මේ තත්ත්වයෙන් මිදී මිනිස්සුන්ගේ ගෞරවය දිනාගන්න හිතන ඔහුට දිනක් යක්ෂයාව (The Devil) මුණගැසෙනවා. එහිදී තමන්ගේ ආත්මය යක්ෂයාට පාවා දී, ලෝකයේ වේගවත්ම සහ භයානකම තුවක්කුකාරයා වෙන්න සයිලස් යක්ෂයා සමඟ ගිවිසුමක් ගහනවා. මේ ගිවිසුමත් එක්ක එයාට තුවක්කු සටනකදී කාලය නතර කිරීමේ බලයක් ලැබෙනවා. ඒත් ඒකේ භයානක කොන්දේසියක් තියෙනවා; එනම් තමන්ට අභියෝග කරන ඕනෑම කෙනෙකුව ඔහු විසින් අනිවාර්යයෙන්ම මරා දමන්නට සිදුවීමයි.
බලය සහ ගෞරවය ලැබුණත්, සයිලස් ක්‍රමයෙන් කිසිම අනුකම්පාවක් නැති දරුණු මිනීමරුවෙක් බවට පත්වෙනවා. අවසානයේදී මේ දරුණු ජීවිතය නිසාම ඔහුට තමන්ගේ ආදරයත් (රෝස්) අහිමි වී ජීවිතයම විනාශ මුඛයට යනවා. තමන් ගත්තු මේ වැරදි තීරණය ගැන දැඩි ලෙස පසුතැවෙන සයිලස්, පාස්ටර්වරයෙකුගේ උදව්වෙන් යක්ෂයාගේ ගිවිසුමෙන් ගැලවිලා තමන්ගේ ආත්මයයි, නැතිවුණු ආදරයයි ආපහු ලබාගන්න අපූරු අරගලයක නිරත වෙනවා.
චිත්‍රපටයට අදාල වීඩියෝ පිටපත අපේ ටෙලිග්‍රෑම් සමූහයෙන් ගන්න පුලුවන්.
*-* ජය ශ්‍රී *-*
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා අදාළ වේ.
695 downloadsDownload A-Gunfighters-Deal-2025.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
A Gunfighter’s Deal (2026) Sinhala Subtitles
Subtitles by
යසිරු හසරංග
Subtitles
1 comment
Buddhika laKMal
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තෑන්ක්ස් මචෝ මේ සුපිරියට සබ් එක දුන්නට