ඔන්න යාළුවනේ තවත් සුපිරි චිත්‍රපටියක් සිංහලෙන් උපසිරැසි අරගෙන ආයෙත් ඔයාලා හමුවට ආවා. මේ චිත්‍රපටියට හරියන ඉංග්‍රිසි උපසිරැසි ගොනුවක් තාමත් ඇවිත් නැහැ. ඒකට හේතුව තමයි මේ චිත්‍රපටියට ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගත වෙලා තිබීම. ඉතින් ඒ ඉංග්‍රීසි උපසිරැසි සිංහලට පරිවර්තනය කරලා මම දිනේශ් ගමගේ සොහොයුරාට ලබා…

ඔන්න යාළුවනේ තවත් සුපිරි චිත්‍රපටියක් සිංහලෙන් උපසිරැසි අරගෙන ආයෙත් ඔයාලා හමුවට ආවා. මේ චිත්‍රපටියට හරියන ඉංග්‍රිසි උපසිරැසි ගොනුවක් තාමත් ඇවිත් නැහැ. ඒකට හේතුව තමයි මේ චිත්‍රපටියට ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගත වෙලා තිබීම. ඉතින් ඒ ඉංග්‍රීසි උපසිරැසි සිංහලට පරිවර්තනය කරලා මම දිනේශ් ගමගේ සොහොයුරාට ලබා දුන්නම ඔහු තමයි වෙලාවට ගැලපෙන විදිහට මේ උපසිරැසි ගොනුව ප්‍රතිනිර්මාණය කරලා ඔයාලා අතට පත් කරේ.
IMDb 6.4/10ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර 576වෙනි ස්ථානයේ තියෙනවා. ජැකී චෑන් කිව්වම ඉතින් සුපිරි සටන් තියෙනවා කියලා අමුතුවෙන් ඔයාලට කියන්න ඕන නැහැනේ. ජැකී චෑන් විසින්ම තමයි මේකෙ නිශ්පාදනය, අධ්‍යක්ෂණය සහ තිර රචනය කරලා තියෙන්නෙත්. 2012 වසරේ දෙසැම්බර් 28 වෙනිදා තිරගත වීම ඇරඹුන මේ චිත්‍රපටියේ නිශ්පාදන වියදම ඩොලර් මිලියන 10කට අධිකයි. ක්‍රියාදාම ගණයට අයිති වෙන මෙම චිත්‍රපටියේ ත්‍රාසය වගේම විනෝදයත් ගැබ් වෙලා තියෙනවා. ඒ වගේම ජැකී චෑන්‍ගෙ අනිත් චිත්‍රපටි වගේම මේ චිත්‍රපටියත් චුට්ටක්වත් කම්මැලි නැතිව එක දිගටම බලාගෙන ඉන්න පුළුවන් විදිහේ සුපිරි චිත්‍රපටියක් කියලත් කියන්න ඕන.
කතාවේ හැටියට ජැකී චෑන් හෙවත් ජේසී කියන්නෙ කෞතුක භාණ්ඩ හොරකම් කරලා සල්ලි වලට විකුණන කෙනෙක්. එක්තරා සමාගමකින් මෙයාලට ලොකු කොන්ත්‍රාත්තුවක් ලැබෙනවා පුරාණ චීන මාලිගාවකින් කොල්ලකාගෙන ගිය චීන රාශි චක්‍රයට අයත් ලෝකඩ හිස් දොලහක් ඒවා තියෙන තැන් වලින් හොරකම් කරන්න. ඒ හිස් දොලහ තියෙන්නේ ලෝකයේ විවිධ තැන් වල. මේ අභියෝගයට මුහුන දෙන්න ජැකී චෑන්ගේ සහයට සුපිරි කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම සුපිරි තාක්ෂණික උපකරණ හා අවශ්‍ය සියළුම සම්පත් තියෙනවා. හැබැයි ඉතිං මේ හිස් දොලහම හොයා ගන්න එක එච්චර ලේසි වැඩක්නම් නෙවෙයි. ඒවා තියෙන තැන් හොයාගත්තත් හොරකම් කරන එකනම් කොහෙත්ම ලේසි පාසු වැඩක් නෙවෙයි.
ඉතිං යාළුවනේ.. ජේසී කොහොමද මේ හිස් දොලහ හොයා ගන්නේ? ඒ හොයාගන්න හිස් කොහොමද ජේසී හොරකම් කරන්නේ? ඒ වෙනුවෙන් ජේසීට ලැබෙන්නෙ මොනවද? ජේසී කරන වැරැද්ද ජේසීට තේරේවිද? ජේසීට හැම පැත්තෙන්ම බේරිලා මේ හොරකම් මාලාව දිගටම කරගෙන යන්න පුළුවන් වේවිද? ජේසී අන්තිමේදි මේ හොරකම් කිරීම නවත්තාවිද කියලා චිත්‍රපටිය බලලම දැනගන්න.. ඔයාලා හැමෝටම ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR / WEB පිටපත් සඳහා අදාළ වේ.
9,932 downloadsDownload Chinese.Zodiac.2012.3.zip165 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
98 comments
Bandula
lasidu
ජය වේවා තැන්ක්ස් සබ් එකයි ටොරෙන්ට් ගත්තා :)
chami
thnxxxxxxxxxxx maxxxaaa
කැලුම් ගුණසේකර
ස්තුතියි දිදුළ සහෝ. ඒ වගේ ම අපේ දිනේෂ් ගමගේ සහෝටත් ගොඩක් ස්තුතියි.
Isuru
ela kiri jacki chan innawa kiyanne patta athi
chathu
thakz
උදාර
ලොවෙත් නැත පට්ට පතුරු
quik
thanks
sura
අනිවා එල කිරි මචං............
wow
wow.... maru :D
Sandun M Fernando
පට්ට.... අනිවා බලන්න ඕනේ.... තෑන්ක්ස් හොදේ.... මේ බාන ගමන්..
rusuru | රුසිරු
මේක දේනකම උන්නේ..ජය වේවා සබ් දෙන්න ගත්ත මහන්සියට
vee
නියම පහර..... අනිවා බලනව
ccnp
Thanks
naleen
maxxa dindidu
ositha
Jaya weywa !!! dwn wenna damma
tharanga
ලොවෙත් නෑ මචෝ මෙන්න ෆිල්ම්ස් බලන්න ඕනේ.
zumo man
elazzz thnxzzzz
Nilanka
thanks macho sinhala sub walata.
narto
thn so much
පැතුම්
මේක සුපිරිම ෆිල්ම් එකක්.නිධන් හොයන යන සිං එකක් .හැමෝම බලන්න සුපර් .සබ් දුන්න නිසා ආයේ බලන්න ඕනේ.
thusitha
ela ela ela ela ela
නලියා
නියමයි දිනිදු සහෝ..
ඔන්න මාත් ගන්නවෝ
ජය වේවා...
chamath cafe
මරු ෆිල්ම් එකක් බාන්න දැම්ම. ජැකී ඉන්නවා නම් නොබලා කොහොමද
kalinga
නියමයි දිනිදු අනිවා බලන්න...ඕනේ මේක....................... :)
තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!..........................
ජය!...................................
එරංග
තැන්ක්ස් වේවා!
sidath.
ptta wadak
geeth
FILM AKA THIYENAWA SUB AKA GATHTHA. TXZ
Fernando
Download wenna damma macho.bohoma thanks
කැළුම්
මේක පට්ට කියලා අහලා තිබ්බ.දැන් සබ් එක්කම බලන්න හැකි :)
jack
Patta machan
akila
ලොවෙත් නෑ මම ආසම ටයිප් එකේ කතාවක්. ජයම වේවා බයිස්කෝප්
uda
මේකා හිමිංචා වගේ පැත්තකට වෙලා ඉදලා ඉදලා අල්ලන්නෙම නිලවලින්මයි.(දිනිදුවා :P)
මම දන්නා විදිහට ජැකී චෑන් ගෙ අවසාන ප්‍රධාන ක්‍රියාදාම රංගනය මේකයි. (Major Action Feature Film). ඒ හින්දා සිංහල ගෙනාවට කමෙන්ට් එකක් නොදා බෑ...
මින් පස්සෙ ක්‍රියාදාම නළුවෙක් ලෙස ප්‍රධාන චරිත තවත් නොකරන බවක් තමයි ඔහු කියලානම් තිබුණේ... බලමුකෝ; මොකෝ වෙන්නෙ කියලා... වයසත් ඇතිනෙ දැන් :D
ස්තුතියිKasun
elaaaaaaaaaaaaaaaaaaaaaaaazzz
chandana
thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
jana
jyama wewa kolla :)
eraNga
film aka aran huga dawask sub nathuwa ballana kammali kame unne.loku deyak sub dunna aka nam.
MXX
thankssss
waruna
niyami GR8
kapila
ELA
DiN3sH | දිනේෂ් ගමගේ දෙල්ලව
පට්ට ෆිල්ම් එක... හැමෝම බලන්න.... ස්තුතියි දිනිඳු සහෝ.....
venu
maxxxxxa
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අහ්හ් ටික දවසකින් නේද.... මැක්සා බාන්ඩයක් අරන් ඇවිත් තියෙන්නේ... අනිවා බෑමක් තමයි ඉතින්.... පට්ටයි.....
dev
bohoma stuti saho,maru film ekak wage,....
ravi70
jayen jaya
mudiya / මුදියා
නියමයි දිනිඳු සහෝ.දිනේෂ්ටත් පිං උදවු කරාට.නියම ෆිල්ම් එකක් වෙන්න ඇති මේක.අනිව බෑමක් තමයි.ජයවේවා.බොහෝ.....................................ම ස්තූතියි...!
Nuwan
Thank you very much for the movie and the subtitles.
zumo man
elaz thnxz
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. අනිවා බානවා :P :P
“චූටී මල්ලි”
ජැකී චෑන් ඉතින් කොහොමත් පට්ට බුවානෙ
එලටම ඇති
සබට තෑන්ක්ස්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සුපර නළුවෙක් ඉන්නේ බලන්න ඕනේ