Cinderella II: Dreams Come True (2002) Sinhala Subtitles හලෝ යාලුවනේ! ඔන්න අද මම අරගෙන ආවේ 2002 අවුරුද්දේ නිකුත් වුණ 1950දී ආපු මුල්ම සින්ඩරෙල්ලා ෆිල්ම් එකේ දෙවැනි කොටසයි. විශේෂම දේ තමයි, මුළු සින්ඩරෙල්ලා ෆිල්ම් සෙට් එකෙන්ම මුලින්ම “Digital Ink and Paint” තාක්ෂණය පාවිච්චි කළේ මේකටයි. ඒ කිව්වේ සින්ඩ…

හලෝ යාලුවනේ! ඔන්න අද මම අරගෙන ආවේ 2002 අවුරුද්දේ නිකුත් වුණ 1950දී ආපු මුල්ම සින්ඩරෙල්ලා ෆිල්ම් එකේ දෙවැනි කොටසයි. විශේෂම දේ තමයි, මුළු සින්ඩරෙල්ලා ෆිල්ම් සෙට් එකෙන්ම මුලින්ම “Digital Ink and Paint” තාක්ෂණය පාවිච්චි කළේ මේකටයි.
ඒ කිව්වේ සින්ඩරෙල්ලා පලවෙනි ෆිල්ම් එකේදී ඇනිමේෂන් ශිල්පීන් හැම රූපයක්ම අතින් ඇඳලා, ඒක විනිවිද පෙනෙන සෙලියුලොයිඩ් තහඩු වලට මාරු කරලා, ආයෙත් ඒ තහඩු වල පිටුපසින් අතින්ම පාට කරන්න ඕනේ. මේක හරිම වෙහෙසකර, කාලය යන වැඩක්.
හැබැයි Digital Ink and Paint ක්‍රමයේදී වෙන්නේ ශිල්පීන් අතින් අඳින චිත්‍ර ස්කෑන් කරලා පරිගණකයට ගන්නවා. ඊට පස්සේ පරිගණක මෘදුකාංගයක් පාවිච්චි කරලා ඒ ඇඳපු රේඛා වඩාත් පැහැදිලිව සහ පිරිසිදුව “ඩිජිටල්ව” සකස් කරනවා. අන්තිමට අතින් පාට කරනවා වෙනුවට පරිගණකයෙන් ඉතාම වේගයෙන් සහ නිවැරදිව පාට පුරවනවා. (ලොකු ක්‍රියාවලියක් කෙටියෙන් කිව්වේ)
ඒ වගේම ඇත්තම කිව්වොත් මේ චිත්‍රපටය ගැන විචාරකයන්ගෙන් ලැබුණේ නම් ඒ තරම් හොඳ ප්‍රතිචාර නෙවෙයි. ගොඩක් අය මේකට සෘණාත්මක ප්‍රතිචාර තමයි දීලා තිබුණේ. හැබැයි විචාරකයෝ මොනවා කිව්වත්, ෆිල්ම් එක බලපු පිරිස වැඩි නිසා මේකට වියදම් කරපු මුදල වගේ කිහිප ගුණයක් ආදායම් විදිහට හොයාගන්න නිෂ්පාදකයන්ට පුළුවන් වුණා. ඒ කියන්නේ බොක්ස් ඔෆිස් අතින් නම් මේක අසාර්ථක වුණේ නැහැ.
මගේ අදහස ගැනත් කිව්වොත්, ඇත්තටම මේක හරිම ලස්සන කතාවක් තියන චිත්‍රපටයක්. කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්.
විචාරක ප්‍රතිචාර,
- IMDb අගය: 5/10
- Rotten Tomatoes: 13%
සිනමාපටයේ තොරතුරු,
- අධ්‍යක්ෂණය : John Kafka
- වර්ගය : Animation | Family | Fantasy
- ධාවන කාලය : පැය 1 මිනිත්තු 13
කතාව ගැන පොඩ්ඩක්:

ඔන් අපේ ජැක්, ගස්, සුරංගනාවිය සහ අනිත් මී පැටවු ටික එකතු වෙලා තීරණය කරනවා සින්ඩරෙල්ලා විවාහ වුණාට පස්සේ වෙච්ච දේවල් අලුත් පොතක ලියන්න. ඉතිං ඒ විදිහට ලියපු කතා තුනක් එකතු කරලා තමයි මේ චිත්‍රපටය හැදිලා තියෙන්නේ.
පලවෙනි කතාව – මධුසමය ඉවර වෙලා සින්ඩරෙල්ලා සහ කුමාරයා ආපහු මාලිගාවට ආවත්, රජතුමයි කුමාරයයි ටික දවසකට පිටතට යනවා, ඒ අතරේ මාලිගාවේ උත්සව සහ රාජකීය භෝජන සංග්‍රහයන් පවත්වන වගකීම සින්ඩරෙල්ලාට පැවරෙනවා. ඉතිං සින්ඩරෙල්ලා කොයි විදිහට ඒ දේවල් බේරුමක් කර ගනිවිද?
දෙවන කතාව – තමන් හරිම පුංචි නිසා සින්ඩරෙල්ලාට වෙනදා වගේ උදව් කරන්න බැහැ කියලා ජැක්ට දුක හිතෙනවා. ඊට පස්සේ ඉතින් සුරංගනාවිය ජැක්ව මනුස්සයෙක් බවට පත් කරනවා. ඇත්තටම ජැක් බලාපොරොත්තු වුණ විදිහටම එයාට දේවල් කරන්න පුළුවන් වෙයිද?
තුන්වන කතාව – සින්ඩරෙල්ලාගේ නපුරු සහෝදරියක් වෙන ඇනස්ටේෂියා, බේකරි හිමිකරුවෙක් එක්ක ආදරයෙන් බැඳෙනවා. හැබැයි ඇගේ අම්මා (ලේඩි ට්‍රේමයින්) සහ අනිත් සහෝදරිය ඒකට කැමති වෙන්නේ නැහැ. ඔන්න දවසක් සින්ඩරෙල්ලා මේ දෙන්නව දකිනවා. ඉතිං තමන්ට නොයෙකුත් නපුරු කම් කරපු ඇනස්ටේෂියාට, සින්ඩරෙල්ලා උදව් කරාවිද එයාගේ ආදර ජය ගන්න?
නරඹන්නන්ගේ අවධානයට:
”මේ චිත්‍රපටය G (General Audiences) වර්ගීකරණයට අයත් එකක්, ඒ කියන්නේ කිසිම වයස් භේදයක් නැතුව පුංචි දරුවන්ගේ ඉඳන් වැඩිහිටියන් දක්වා ඕනෑම කෙනෙකුට බය නැතුව නරඹන්න පුළුවන් පවුලේ සැමටම ගැලපෙන නිර්මාණයක්.” (හැබැයි පොඩිම පොඩි සිප ගැනිමේ දර්ශන තියෙනවා.)
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා!
Cinderella II: Dreams Come True (2002) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් අදාළ වේ.
336 downloadsDownload Cinderella-II-Dreams-Come-True-2002.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Cinderella II: Dreams Come True Sinhala SubtitlesSubtitles by
නිශාන් සමීර
Subtitles
- #Cinderella II: Dreams Come True (2002) Sinhala Sub
- #Cinderella II: Dreams Come True (2002) Sinhala Subtitles
- #Cinderella II: Dreams Come True Sinhala Sub
- #Cinderella II: Dreams Come True Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #නිශාන් සමීර
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Nimesh Darshana
sub ekata thanks bro❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් මචෝ සබ්එකට