Watch Trailer

The Legend of Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අපි මේ ලෝකෙ ඇවිදින්නෙ… පොඩි වෙලාවකට විතරයි [සිංහල උපසිරසි]

මෙම චිත්‍රපටය සඳහා දෙදෙනෙක් උපසිරැසි ලබාදී ඇති බැවින්, අසාධාරණයක් නොවන පරිදි දෙදෙනාගේම උපසිරැසි මේ ආකාරයෙන් පළකරන්නෙමු. රුක්ෂාන් ඛාන් සහෝ එවූ ලිපිය ආයුබෝවන් කියන ගමන් ඔන්න සුපුරුදු පරිදි වෙනදා වගේම බයිස්කෝප් වාසී සියලුම දෙනාව ආදරෙන් සාදරෙන් පිළිගන්නවා බයිස්කෝප් වෙබ් අඩවිය වෙත. කුඩා කාලයේ සිටම මතකයේ…

මෙම චිත්‍රපටය සඳහා දෙදෙනෙක් උපසිරැසි ලබාදී ඇති බැවින්, අසාධාරණයක් නොවන පරිදි දෙදෙනාගේම උපසිරැසි මේ ආකාරයෙන් පළකරන්නෙමු.

රුක්ෂාන් ඛාන් සහෝ එවූ ලිපිය

ආයුබෝවන් කියන ගමන් ඔන්න සුපුරුදු පරිදි වෙනදා වගේම බයිස්කෝප් වාසී සියලුම දෙනාව ආදරෙන් සාදරෙන් පිළිගන්නවා බයිස්කෝප් වෙබ් අඩවිය වෙත. කුඩා කාලයේ සිටම මතකයේ රැඳුණු බහුතරයකගෙ සිත් ගත් ජනප්‍රියතම කතාමාලා තුළින් ඉහළින්ම තිබෙන ඇනිමේෂන් එකක් වන Avatar: The Last Airbender සීරිස් එකෙ අතුරු චිත්‍රපටයක් ලෙසින් එළියට ආපු (මං එහෙම කියන්න හේතුව පසුවට කියන්නම්) The Legend of Aang: The Last Airbender (2026) චිත්‍රපටයට උපසිරැසි ගෙනෙමින් මතක ආවර්ජණයක් කරන්නයි මේ සූදානම. මොකද පොඩි කාලේ ඉඳන් ආපු ආසම කාටුන් එකක් බව බලපු කවුරුත් සැකයකින් තොරව එකඟ වන බව නොඅනුමානයි. මොකද ප්‍රාධාන නාලිකා දෙකක සිංහල හඬකවා විකාශය වුණා මීට අවුරුදු දහයකට පහලොවකට පෙර. මේ කාටුන් සීරිස් එක නොබලපු කෙනෙක් වුණත් අනිවාරෙන්ම දැකපු කෙනෙක් අනිවාරෙන්ම ඇති. ඉතිං ඒ නිසා මේ ගැන නොදන්න කවුරුත් ඇති කියලා මම නං විස්වාස කරන්නෙ නැතිම තරම්.

2005 වසරේදී මේ කාටුන් සීරිස් එකෙ නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන්නෙ මයිකල් ඩාන්ටේ ඩිමාටිනෝ සහ බ්‍රයන් කොනිට්ස්කො විසින් Nickelodeon Animation Studios හරහා සිදු කෙරුණා වගේම, සජීවිකරණ කටයුතු සඳහා දකුණු කොරියාවේ චිත්‍රාගාර පවා සහාය වී තිබෙනවා. නිෂ්පාදනයේදී ආසියානු සංස්කෘතිය සහ ආක්ටික් සංස්කෘතීන් පදනම් කරගෙන ජපන් ඇනිමේ කලාව වගේම බටහිර කාටූන් කලාව යන දෙකේම මිශ්‍රණයක් දකින්න ලැබෙනවා. ඉතිං මේ කාටූන් සීරිස් එක 2005 සිට 2008 දක්වා කාලය තුළ, කතාවම පොත් තුනක් විදිහට තමයි නිෂ්පාදනය වෙන්නෙ. ඒ Water, Earth සහ Fire ලෙසින්. අවුරුදු 12 දී පැවරෙන මහත් විශාල ඇවටාර් යන වගකීමෙන් පැනලා ගිහින් 100 ක් අයිස් තුළ සිරවී ඉඳලා නැවත ලෝකයට සාමය, සමබරතාවය අරගෙන එන කතාවක් තමයි අපිට කාටුන් සීරිස් එකේදි දකින්න ලැබෙන්නෙ. 

ඉතිං අද අරගෙන ඇවිල්ල ඔයාලට ඒ කාටුන් සීරිස් එකෙ adult version එක. කට්ටියම මේකෙ තරුණ කාලය (The Legend of Korra සීරිස් එකට කලින් කතාව) ගත කරන අන්දම තමා බලාගන්න ලැබෙන්නෙ. අවුරුදු 18 කට පස්සෙ තමා අපිට ආයෙත් ඈන්ග් ඇතුළු ටීම් ඇවටාර් එක බලාගන්න ලැබෙන්නෙ මේ විදිහට. 2026 ඔක්තෝම්බර් මාසයේ 9 වෙනිදා සිනමාශාලා වෙත නිකුත් වෙන්න තිබුණු මේ The Legend of Aang: The Last Airbender (2026) චිත්‍රපටය පසුව නවතම තීරණයක් අනුව Paramount+ ස්ට්‍රීම් හරහා සෘජුවම නිකුත් කරන්න සූදානම් කර තිබුණා. නමුත් මේ වනවිට ඊට හාත්පසින්ම වෙනස් තත්වයක් තමයි උදාවෙලා තියෙන්නෙ. ඒ මීට දින කිහිපයකට ඉහත අලුත් අවුරුද්දට දින දෙකකට පෙර චිත්‍රපටය සම්පූර්ණයෙන්ම ලීක් වුණා. දැනටමත් ඔයා ෆිල්ම් එක බලපු කෙනෙක් නං අනිවාරෙන්ම ඒ ගැන මේ වෙද්දිත් දන්නවා. ඒ අනුව තමයි ඉඩ සසර වෙන් කරවාගෙන මේකට උපසිරැසි අරගෙන එන්න හිතුවේ.

කතාව ගැන මොනවත්ම සඳහන් නොකර ඉන්නම්, මොකද ඔයාට ඇවටාර් රසිකයෙක් නං, ඒක මුලින්ම බලන කෙනෙක්ට පරණ සුන්දර මතක ආවර්ජණය කරගෙනම බලන්න ඉඩ ඉතිරී කරන්න ඕන නිසා. පරණ මතක ඇවිස්සෙන තැන් පවා ශොට්ස් පවා චිත්‍රපටයට ඇතුලත් වෙනවා. ඉතිං කල් වේලා අරන් හරි, ලස්සනට වැඩේ කරපු හොඳ කලර්ෆුල් චිත්‍රපටයක්. රන් ටයිම් එක තව ටිකක් තිබුණා නං කියල හිතුණා ඒත් අවුලක් නෑ කලින් සීරිස් එකට හානියක් නොවෙන්න ලස්සනට වැඩේ කරලා තියෙනවා. එහෙම තියෙද්දිත් ලීක් වුණ එක ගැන නං ඇත්තටම දුකක් තියෙනවා. මේ වෙනකොට ඒකෙ Paramount එක විසින් කියලා තියෙනවා සිස්ටම් එකෙ වරදකින් ලීක් වීමක් වෙන්න විදිහක් නෑ, ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරලා තියෙන්නෙත් කියලා.

ඉතිං එහෙනම් ඔය පොඩි කරුණු ටිකත් දැනගෙනම කතාව බලන්න පටන් ගමු, අදට මං මෙතනින් නවතිනවා.

එහෙනම් හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

අතුල සංජීව සහෝ එවපු ලිපිය

කොහොමඳ ඉතිං හැමෝටම! ටික කාලෙකට පස්සේ තමයි මේ සබ් එකක් කරේ, ඒකත් ආසාවෙන් එනකන් බලාගෙන හිටපු ෆිල්ම් එකක්. ඇවටාර් කිව්වම අපි හැමෝටම ඉස්සෙල්ලම මතක් වෙන්නේ ඔළුවේ ඉඳන් අත් පා වෙනකන්ම ඊතල වගේ පච්ච කොටාගෙන ඉන්න අර පුංචි ආන්ග් ව. මොකද මාත් ඇතුළුව ගොඩක් අයගේ ළමා කාලය ලස්සන කරපු ඒ ලස්සන ඈනිමේෂන් කතාමාලාව නිසා. මගේනම් අදටත් ඇවටාර් ද ලාස්ට් එයාර්බෙන්ඩර් තමයි  ඇනිමේෂන් සීරිස් වලින් මුල්ම තැන තියෙන්නේ, ඒ තරම් මම ඒකට ආසයි.

කොහොම හරි කාලය ගතවෙනවත් එක්කම ආංග් ගේ කාලය අවසන් වෙලා ඊළඟ ඇවටාර් කොර්‍රා සහා දැන් එයාගේ කාලයත් අවසන් වෙලා තමයි තියෙන්නේ. මෙතනඳි මම  ඇවටාර් කොර්‍රා ගැන මතක් කරපු නිසා කියන්නම්  ද ලෙජන්ඩ් ඔෆ් කොර්‍රා කතාමාලාව ඈවටාර් ද ලාස්ට් එයාබෙන්ඩර් තරන්ම නම් මිනිස්සු අතරට ගියේ නැහැ මොකද, කොර්‍රා කතාමාලාවේ තියෙන සමහර සංකල්ප නිසා, ඒ කිව්වේ මිනිස් සම්බන්ධකම් වගේ දේවල් නිකං මොඩර්න් වර්ල්ඩ් එකේ දේවල් එක්ක සම්බන්ඳ කරන්න උත්සහා කරලා තිබ්බා. ෆිල්ම් පිස්සෙක් විදිහට ඒ වගේ දේවල් වලට නම් මමත් තදින්ම විරුද්ද කෙනෙක් මොකද සමාජීය වශයෙන් මිනිස්සු ආස නැති දේවල් බලෙන් කාවද්දන්න යන එකෙන් වෙන්නේ හොඳට ගොඩනඟන්න තිබුන දෙයක් නිකරුනේ අවපැහැ වෙන එක.

සුබම ආරන්චිය කියන්නේ අපි ආසකරන ඇවටර් ද ලාස්ට් වයිබ් එකේ ෆිල්ම් එකක් හැදෙනවා කියලා පැරනමවුන්ට් සහා නිකලඩොන් ලා නිවේදනේ කරාම ආයත් අර පරන ලස්සන වයිබ් එක නැවත වතාවක් විඳගන්න අවස්‍තාව ලැබෙන එක ගැන මම නම් පට්ට සතුටු වුනා, ඒ වගේම එයාල කිව්වා වගේම ඒක කරා. මේ මූවී එක නම් වෙනම එකක් කට්ටිය ආග් සහා කණ්ඩායම තරුණ කාලේ කරපු වීර වැඩ තමා මේකේ තියෙන්නේ. මේ ෆිල්ම් එක ගැන නම් මම පට්ට සතුටුයි ඒ තරම් මේක ලස්සන ැනිමේෂන් සහා කතාවක් තියෙන ෆිල්ම් එකක්.

මේ ෆිල්ම් එක ගැන මට තියෙන එකම කණගාටුව තමයි මේක සිනමාහල් වලට නිකුත් වෙන්න තුබුනත් ඒක වෙන්න ටික කාලෙකට කළින් සමාගම ඇතුලේ උන වැරැද්දක් නිසා සම්පූර්ණ ෆිල්ම් එකම ලීක් උන එකයි. වැරදිලාවත් එහෙම නොවී මේක සිනමාහල් වලට ආවනම් අනිවාර්‍යයෙන් මේක හොඳ සාර්ථක ආදායමක් හොයනවා මොකද මේක ඒතරම් නියම වැඩක් ඔයාලා බලද්දි ඔයාලටම ඒක තේරෙයි. කොහොම හරි ඒ උන දේත් එක්ක මේක සිනමාහල් වලට නිකුත් වුනේ නැහැ පසුගිය ජූලි 24 වෙනිඳා පැරනමවුන්ට් ඔස්සේ නිකුත් කළා.

එහෙනම් ඉතිං මම මේ ෆිල්ම් එකේ කතාව ගැන කිසිම විස්තරයක් නොකියා ඔයාලටම ඒක විඳින්න අවස්ථාව දෙන්නම්, ආයත් ැවටාර් කන්ඩායම එක්ක අළුත් මතකයන් ටිකක් එකතු කරගන්න කියලා ආරාධනා කරනවා. ජය වේවා!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB / WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,579 downloadsDownload Avatar-Aang.-The-Last-Airbender-2026.zip77 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “අතුල සංජීව” සහ “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

The Legend of Aang: The Last Airbender Sinhala Subtitles

Subtitles

3,579 downloadsDownload Subtitles77 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි රුක්ෂාන් සහෝ මේකට සිංහල උපසිරැසි දුන්නට