Watch Trailer

Cinemabandi (2021) AKA Cinema Bandi Sinhala Subtitles | ගැමියන්ගේ බයිස්කෝප් [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! තවත් තෙලුගු සිනමා පටයකට සිංහල උපසිරැසි අරගෙන තමයි අද ඇවිත් ඉන්නේ. මුලින්ම කියන්න ඕනේ සම්ප්‍රධායික චිත්‍රපට කලාවෙන් මිදුණු චිත්‍රපටයක් නිසා වෙනස් විදිහේ චිත්‍රපට බලන්න කැමති අයට තමයි මේක හරියන්නේ. විශේෂයෙන් මලයාලම් චිත්‍රපට ආරට කැමති අයට නම් මේක මැණිකක්. Praveen Kandregula ගේ කුළුඳුල් සින…

ආයුබෝවේවා! තවත් තෙලුගු සිනමා පටයකට සිංහල උපසිරැසි අරගෙන තමයි අද ඇවිත් ඉන්නේ. මුලින්ම කියන්න ඕනේ සම්ප්‍රධායික චිත්‍රපට කලාවෙන් මිදුණු චිත්‍රපටයක් නිසා වෙනස් විදිහේ චිත්‍රපට බලන්න කැමති අයට තමයි මේක හරියන්නේ. විශේෂයෙන් මලයාලම් චිත්‍රපට ආරට කැමති අයට නම් මේක මැණිකක්. Praveen Kandregula ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටය කෝඩුකාර රංගණ ශිල්පීන් බොහෝ දෙනෙක්ගෙන් සමන්විතයි. තිර රචනය Vasanth Maringanti ගෙන්. සංගීතය Satyavolu Sirish සහ Varun Reddy ගෙන්. පවතින කොරෝනා වසංගතය හමුවේ 2021 මැයි 14 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා මුදා හැරුණු මෙම චිත්‍රපටයට මේ වන විට IMDb දර්ශකයේ 8.2ක අගයක් ලැබී තිබෙනවා.

ගැමි පරිසරයක් වටා ගෙතෙන මෙම චිත්‍රපටය පුරාම දිවෙන්නේ කැමරාවක් නිසා ඇතිවුන සිදුවීම් පෙළක් ගැන. වීරා කියන්නේ දුෂ්කර ගමක ත්‍රීවිල් රියදුරෙක්. හැම වෙලාවෙම ගම ගැනමයි කතාව. ගම පහත් කරලා කතා කරනවාට කොහෙත්ම කැමති නෑ. කවදා හරි ගම දියුණු වෙයි කියන මතය හිතේ දරාගෙන ඉන්න මේ වීරාට දවසක් ත්‍රීවිල් එකේ දාලා ගිහින් තිබිලා කැමරාවක් හම්බවෙනවා. කැමරාවක් කිවුවට නිකන්ම නිකන් කැමරාවක් නෙවෙයි. ලක්ෂ ගානක් වටින, චිත්‍රපට නිෂ්පාදනයට යොදා ගන්නා මාදිලියක කැමරාවක්. ඉතින් මේ කැමරාව විකුණන්න හිතන් ඉන්න වීරාට ටීවී එකේ ගිය ප්‍රවෘත්තියක් හිතට වදිනවා. ඒ තමයි ඉස්සරට වඩා දැන් පොඩි පොඩි චිත්‍රපට, මහා පරිමාණ චිත්‍රපට වලට වඩා සාර්ථක වන බව ගැන කියවුන ප්‍රවෘත්තියක්. ඉතින් වීරාටත් හිතෙනවා මේ කැමරාව විකුණන්නේ නැතුව පොඩියට චිත්‍රපටියක් කරන්න. ඉතින් මේ අහිංසක ගැමි හිතේ ඇතිවුන ඒ සිතුවිල්ල මල්ඵලගන්වා ගන්න දරණ උත්සාහය ගැන තමයි මේ විනාඩි 98ක් පුරා දිවෙන චිත්‍රපටයෙන් කියවෙන්නේ. එහෙනම් වෙනස් චිත්‍රපට වලට කැමති හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

ඒ වගේම මේ චිත්‍රපටයට උපසිරැසි කරන්න කියලා ආරාධනා කරපු අශාන් විමුක්ති සහෝදරයාට වගේම මුහුණු පොතෙන් ඉල්ලීම් කරපු අයටත් බොහොම ස්තූතියි කියමින් අදට සමුගන්නවා. ඒ වගේම චිත්‍රපට බලලා ගුණදොස් කියන්න කියලත් හැමෝටම ආරාධනා කරනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE HDRip පිටපත් සඳහා  අදාළ වේ.

4,916 downloadsDownload Cinemabandi-2021.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශසිත් සඳරුවන් (සඳේ)

Subtitles

4,916 downloadsDownload Subtitles47 KB

22 comments

  1. -NB-

    ඕගොල්ලන් කොරියන් ඩ්‍රාමා ,කොරියන් Movies වලට සබ් දෙන එක නවත්තලාද? එපා වෙලා තියෙන්නේ.මළයාලම් , දෙමළ, හින්දි , ඉංග්‍රීසි ඒවාට විතරයිනේ ඕගොල්ලෝ සබ් දෙන්නේ

    1. ශසිත් සඳරුවන්

      එහෙම නෑ සහෝ... කොරියන් ඒවට සබ් කරන පිරිසකුත් ඉන්නවා. ඒ අය වෙලාව තියෙන හැටියට සබ් ලබා දෙනවා. අවශ්‍ය ඒවා තියෙනවා නම් ඒ අයගේ සබ් වලට කමෙන්ට් කරලා ඉල්ලන්න. ජය!

    2. -NB-

      කමෙන්ට් එකක් නම් දැම්මා සහෝ . Reply තමයි නැත්තේ. ඔය movies වලට සබ් දෙනවා වගේ කොරියන් ඩ්‍රාමා වලටත් ඉදිරියට සබ් දෙන්න

    3. ශසිත් සඳරුවන්

      බලමුකෝ. :P
      ඕන සීරීස් වල නම් ටික කමෙන්ට් කරන් යන්න.
      දන්න අයට මාත් කියන්නම්.
      ජය!

  2. Anonymous

    බොහොම ස්තූතියි. හොය හොය හිටපු එකක්

  3. Pasindu Madumal

    වැඩ පටන් අරන් වගේ ❤️
    සබට තුති සදේ අයියා

  4. Nethini123

    හොඳ ප්‍රතිචාර විතරමයි මේ චිත්‍රපටය ගැන අහන්න ලැබුණේ.....බොහොම ස්තූතියි උපසිරැසට

  5. rkkasun

    thanx

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  7. Hewa

    Cupiriyak wage....
    Balannone...
    Thanks sadee sabata...

  8. විමා

    සබට බෝම තුති සඳේ
    මේවා තමා නියම මැණික් කැට

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. kavinu

    මේ අවුරුද්දෙ බලපුවයින් ආතල්ම තෙ‌ළෙඟුව!!
    බොහොම ස්තූතියි සඳේ අයියේ,
    කවදත් වගේම අදත් සබ පර්ෆෙක්ට්!!

  11. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  12. PahasaraDv

    Thankz....

  13. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  14. isuru srinath sjs

    ඔන්න මචෝ මේ අද තමයි බලන්න හදන්නෙ..බලමු ඉතින්..කවුරුත් හොද කියනවා.ඒ නිසාම බලමු.උපසිරැසියට බොහොම ස්තුතියි මචො..
    ජය.!!

  15. Anonymous

    machn meke subtitles denna pluwanda Manusangada

  16. Super 077

    Thanks for the sub

  17. Anonymous

    elm saho patta

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!