Watch Trailer

Kala (2021) Sinhala Subtitles | සුනඛ වියරුව [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු 25 වෙනිදා තිරගත කිරීම ආරම්භ කරපු සිනමා නිර්මාණය පුරාවට දිවෙන ප්‍රචන්ඩකාරි දර්ශන හේතුවෙන් වැඩිහිටියන්ට පමණක් නැරඹීමට සුදුසුයි කියල ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලය නිර්දේශ කරපු Kala (2021) මලයාලම් සිනමා නිර්මාණය වෙනුවෙනුයි…

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු 25 වෙනිදා තිරගත කිරීම ආරම්භ කරපු සිනමා නිර්මාණය පුරාවට දිවෙන ප්‍රචන්ඩකාරි දර්ශන හේතුවෙන් වැඩිහිටියන්ට පමණක් නැරඹීමට සුදුසුයි කියල ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලය නිර්දේශ කරපු Kala (2021) මලයාලම් සිනමා නිර්මාණය වෙනුවෙනුයි අද උපසිරැසි අරන් ආවේ.

මේක රණ්ඩුවක්. රණ්ඩුවක් කිව්වට අතින් පයින් ගහ ගන්න නිකන්ම නිකන් රණ්ඩුවක් නෙමේ. එකෙකුට එකෙක් පරයා ‌නොයන, අහංකාර, උද්දච්ච, වෛරයෙන් ද්වේශයෙන් පිරුණ ‌පුද්ගලයින් දෙන්නෙක්ගේ සටනක්. ඇත්තටම කෙනෙක්ට බලන් ඉන්න අපහසු ලේ වැගිරෙන ගැටුමක්. වියරු වැටුණු සත්තු දෙන්නෙක්ගේ ගැටුමක්. ‌මොන තරම් අපහසු උනත් බලන් ඉන්න වටිනා කියන ගැටුමක්.

ඉන්දියන් රුපියල් කෝටියක වියදමින් නිර්මාණය කරලා ‌ඉන්දියන් රුපියල් කෝටි 4.2 ක ආදායමක් උපයල බොක්ස් ඔෆිස් වාර්තාවක් තියපු Rohith V. S. ගේ අධ්‍යක්ෂණයක් වන Kala අද වෙද්දි 7.4/10 IMDb අගයක් වගේම 82% ගූගල් පරිශීලක මනාපයකුත් දිනලා තියෙනවා.

මේ කතාව ‌කොතනින්ද පටන් ගන්නේ අපි ෂජීගෙන් පටන් ගමු. ෂජී (Tovino Thomas) කියන්නේ ඉඩම් හිමි වැවිලිකරුවෙක්ගේ පුතෙක්, නාස්තිකාරයෙක්. මනුස්සයා එයාගේ තාත්තාගේ ඒ කියන්නේ රවීන්ද්‍රන්ගේ (Lal) සල්ලි, ව්‍යාපාර කරනවා කියලා එක එක විදියට නාස්ති කරනවා. ඒ හින්දා තාත්තටත් ෂජී ගැන ඒ හැටි විශ්වාසයක් නෑ. නාස්තිකාරයෙක් උනාට ෂජිත් විවාහකයි. එක් දරු පියෙක්. බිරිඳ විද්‍යා (Divya Pillai). හුරතල් පුතා අප්පු එක්ක මේ සෙල්ලක්කාර ෂජී ජීවත් වෙන්නේ තමන්ගේ තාත්තාගේ ගෙදර. ගෙදර වගේම ෂජීගේ ජීවිතෙත් බලය පතුරවන් ඉන්නේ ෂජීගේ තාත්තා. ෂජීගේ ළඟම හිතවතා බ්ලැකී කියලා බල්ලෙක්. ‌ෂජී වගේම අහංකාර ගරු ගාම්භීර විදයට ඉන්න බල්ලෙක්. මෙයත් මේ කතාවේ වැදගත්ම කොටසක්.

දවසක් ෂජීලගේ වත්තේ පුවක් කඩන්න දෙමළ කම්කරුවො පිරිසක් එනවා. එදා ෂජීගේ තාත්තට හදිස්සියේම ඉස්පිරිතාලේ පරික්ෂණ වගයකට යන්න සිද්ධවෙන හින්දා පුවක් කඩන වැඩ කටයුතු බලන්න සිද්ධ වෙන්නේ ෂජීට. මේ දෙමළ කම්කරුවො අතරේ ෂජීගේ පරණ තරහකාරයෙක් ඉන්නවා. ඇත්තටම මේ කථාව පුරාවට දිවෙන්නේ මේ දෙන්නා අතර සිදුවන ගැටුම. පරණ වෛරයක් පිරිමහන්න ෂජී හොයන් එන මේ කෙසග හාදයා ඇත්තටම යකෙක්. පූසන්ට පණ හයියයි කියලා කියනවානේ. මේ යෝධයගේ පණ ඊටත් වඩා හයියයි. ගලේ ගැහුවත් මැරෙන්නෙ නැති එකෙක්.

ගැටුමට හේතුව මොකද්ද? ගැටුමක් ඉවර වෙන්න ඕනේ සටන් කරන දෙන්නගෙන් එකෙක් මැරිලද? නෑ….නොහිතපු අවසානයක්!

තවත් සිංහල උපසිරැසියකින් හමු වෙමු. සුබ දවසක් වේවා.

https://en.wikipedia.org/wiki/Gatham

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

11,828 downloadsDownload Kala-2021.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

11,828 downloadsDownload Subtitles28 KB

37 comments

  1. Kevin

    Most waiting malayalam movie
    Thanks sister

  2. Shaggy

    Thank you very much

  3. Pasindu Madumal

    දෙනකම් හිටියේ,
    ස්තුතියි අක්කේ උපසිරැසියට ❤️

  4. Rajitha

    Thanks.....jayawewa....!

  5. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
    මේකත් දෙනකන් බලන් හිටපු මලයාලමක්
    මලයාලමෙන් හමුනොවෙන වර්ගයේ එකක්, බලලම ඉමුකෝ
    ජය වේවා!!!

  6. Nethini123

    බොහොම ස්තූතියි අක්කේ......මලයාලම් පෝළිමක්ම තියෙනවා බලන්න.....මේකත් එක්ක දැන් :-P

  7. Anonymous

    නියම ෆිලුමක් වගෙ
    තැන්ක්ස් වේවා

  8. Lakshitha

    Thanks akke
    Jaya wewa

  9. Thiwanka

    සිංහල උපසිරසියට ස්තුතියි

  10. Kushan

    Sub akta thanks

  11. Neo

    Thanks sister
    Keep it up

  12. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  13. Niraj

    thanks :)

  14. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  15. Sheron

    Thankz sister

  16. Anonymous

    patta pahara film ekaka. balannama watinawa

  17. Mw dilhani

    තැන්ක් යූ සිස්. ඔයාගෙ සබ් නම් නියමයි. ලිපිත් ඒ වගේ.

  18. Naveen

    සිංහල උපසිරසියට තැන්ක්ස්
    ජයෙන් ජයම වෙවා

  19. Anonymous

    Thnkz sis

  20. Priyan

    තැන්ක්ස් වේවා

  21. Sameera Wickramasinghe

    ThnZ..මමත් පුළුවන් සබ් එකක් හදන්න ඔයාලගේ සයිට් එකට?

    1. Anonymous

      ෆිල්ම් එකක් තෝරගෙන, මේල් එකක් එවලා වැඩේ පටන්ගන්න.

    2. Anonymous

      Adeh hdpn kollo
      Good luck

  22. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  23. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  24. Anonymous

    Thanks

  25. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  26. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  27. A R

    thank you sub ekata

  28. ishan

    sub ekta thanx

  29. සාරංග ජේ. ලියනගම

    Thanks...

  30. lakshan

    thank you for sub

  31. John

    alert("Film");

  32. Namiee N. Kumara

    tankss

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  35. Dilini

    Thank You