බයිස්කෝප් වෙබ් අඩවියෙන් ගොඩක් සිංහල උපසිරැසි ලබා ගත්ත හින්ද මමත් හිතුවා චිත්‍රපටයකට සිංහල උපසිරැසි දාන්න. ඒ කියන්නේ මේක මගේ පළවෙනි පෝස්ට් එක. මේ චිත්‍රපට වලට සිංහල උපසිරැසි ලබා දීමෙන් මේ වෙබ් අඩවිය කරන්නේ ලොකු සේවයක්. ඒකට ගොඩක් ස්තූතියි! මේ චිත්‍රපටිය romantic වගේම fantasy එකක්. මේකේ රඟපාන්නේ සුපිර…

බයිස්කෝප් වෙබ් අඩවියෙන් ගොඩක් සිංහල උපසිරැසි ලබා ගත්ත හින්ද මමත් හිතුවා චිත්‍රපටයකට සිංහල උපසිරැසි දාන්න. ඒ කියන්නේ මේක මගේ පළවෙනි පෝස්ට් එක. මේ චිත්‍රපට වලට සිංහල උපසිරැසි ලබා දීමෙන් මේ වෙබ් අඩවිය කරන්නේ ලොකු සේවයක්. ඒකට ගොඩක් ස්තූතියි!
මේ චිත්‍රපටිය romantic වගේම fantasy එකක්. මේකේ රඟපාන්නේ සුපිරි හොලිවුඩ් නළු Nicolas cage සහ Meg Ryan. මේකෙදි නිකොලස් කේජ් රඟපාන්නේ දේවදුතයෙක්, ඒ කියන්නේ angel කෙනෙක් විදියට. ඒ අය මිනිසුන්ට නොපෙනන විදියට මිනිසුන්ගේ ක්‍රියාකාරකම් සිතුම් පැතුම් නිරීක්ෂණය කරනවා. හැබැයි සෙත් ටත් ඔහුගේ සගයින්ටත් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් ගැන ගොඩක් ප්‍රශ්න පැන නගිනවා. Angels ලගේ ප්‍රධාන වගකීම තමයි මරණාසන්න ඉන්න අය හමුවෙලා මියයාමෙන් පසුව ඔවුන්ට ඊළඟ ජීවිතය කරා යාමට මඟ පෙන්වීම. නිකොලස් කේජ්ගේ action ෆිල්ම් බලන හැමෝටම කියන්නේ මේ ෆිල්ම් එකත් බලන්න කියලා. මේකේ නිකොලස් රඟපානේ වෙනස්ම චරිතයක් වෙන හින්දා.
එක දවසක සෙත් එනවා රෝහලට හදවත් සැත්කමට භාජනය වෙච්ච රෝගියෙක් එක්කන් යන්න. එහෙදි ඔහු දකිනවා තමන්ගේ උපරිමය යොදාගෙන එම රෝගියා ජිවත් කරවන්න උත්සහකරන වෛද්‍යවරියක්ව. සෙත්මනුෂ්‍ය දුවක් හා ආදරෙන් බැඳෙන්න පටන් ගන්නේ එතනින්. නමුත් මේ දෙන්නට එකතුවෙන්න විවිධ බාධක තියනවා. ඔවුන් දෙන්න ජිවත් වන්නේ ලෝක දෙකක. සෙත්ගේ ආදරය වෛද්‍යවරියට කියන එක හිතන තරම් ලේසිවෙන්නේ නෑ. තමන්ගේ ආදරය ප්‍රකාශ කරගන්න බැරිව දුක විඳින සෙත් ඉන් එහාට ඔහු ඒ සඳහා ගන්න පියවරත් මේ චිත්‍රපටියේ අපූරුවට පෙන්වනවා.
මේ චිත්‍රපටිය ගැන වැඩි විස්තර කියන්න බෑ. ඔයාලම මේක බලලා හොඳද නැද්ද කියලා කමෙන්ට් එකක් දාන්න. මේ චිත්‍රපටියේ මම කිව්වට වැඩිය ගොඩක් දේ සිද්ධ වෙනවා. උපසිරැසි යොදන්න මම ගොඩක් මහන්සිගත්තා. ඒක හොඳද නැද්ද කියලත් අනිවාර්යයෙන් කියන්න. මොකද ඒක තව තවත් ෆිල්ම් වලට සිංහල උපසිරසි යොදන්න ශක්තියක් වෙන හින්දා.
බයිස්කෝප් වල සිංහල උපසිරැසි හදන අයත් එක්ක එක්වෙන්න ලැබීම පිළිබඳ මම ගොඩක් සතුටුවෙනවා. බයිස්කෝප් වෙබ් අඩවියට නැවතත් ස්තූතියි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා ආදාළ වේ.
1,912 downloadsDownload City.of_.Angels.1998.SinhalaSubs.Baiscopelk.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් මධුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012-09-08
Subtitles by
කැලුම් මධුසංක
Subtitles
82 comments
isuruD
ashan
ela ela. tawa oya wage dennama ona.
vee
පට්ට පට්ට මචෝ මම අනිවා ගන්නවා මේක නම් දිගටම සබ් දෙන්න වැඩේ එලම කිරි
gihan
thnxxxx patta
mihin ලංකා
ෂා ලස්සනම කතාවක් වගේ නිකලස් කේජ් ගේ ෆිල්ම් මරු ..පළමු සබ් එකට ජය වේවා ඔන්න දිගටම සබ් දෙන්න
tharanga
asama naluwek digatama subs dena
දිනිඳු සම්පත්
නිකලස් කේජ් ගෙ චිත්‍රපටියක් නම් නොබලම බැහැ.. මුල් උපසිරැසියට ස්තූතියි.. ජයවේවා.. ස්තූතියි.. දිගටම සබ් දෙන්න ලැබේවා..
බයිස්කෝප් අඩවිය දැන්නම් නියමයි.. මේ දෙන දීමට අපිට බලන්න තමයි වෙලාවක් නැත්තේ..
DilanH
එලෝ
අසංක
වැඩේ නියමයි මේ වගේ ඒවාටත් සබ් දෙන එක සිරා
මේවා පරණ උනත් සුපිරි ෆිල්ම්ස්ජය වේවා... ඔන්‍න මේක විතරක් දීලා නිකන් ඉන්න එපා තවත් එකක් ඕනේ ඉක්මනට
යසිරු මධුක
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.බොහොම ස්තුතියි.
දනුක
මරුනේ හොද ෆිල්ම් එකකට සබ් දුන්න එකට පින් සහෝ
මේ වැඩේ දිගටම කරන්න නවත්තවන්න නම් එපා :)ජයම වේවා බයිස්කෝප්!!!
Isuru Udana
නියමයි සහෝ ලගදීම තවත් ලස්සන චිත්‍රපටයකට උපසිරැසි බලාපොරොත්තු වෙනවා...!
~ ජය! ~
chamara
thx palamu sub akata..
gihan
wow.. :-) lassana kathawak wagey.maru hodey.thawa akak sub akakama oney onna.
සිංහලයා
තවත් අලුත් සහෝ කෙනෙක් මරුනේ දැන් ඉතින් සෙට් එක වැඩි වෙන තරමට ෆිල්ම් බලන්න නිවාඩු දාන්නත් වේවි වගේ . :)
ඒ කොහොම උනත් දිගටම මේ වැඩේ කරගෙන යන්න අපෙන් සුභ පැතුම් !!!kalana
nikals inna films maru balannama one mwyage 8mm kiyala akak thiyenawa subs denna puluwan nam patta
sampath....
thnxxx so much... :-) :-P
kalinga
අහ නියමයි මේ වගේ කතා ඕනේ වෙලාවක නිදහසේ බලන්න පුළුවනි .
පළමු සබ් එකට ජය දෙවැනි ඒකත් ඉක්මනට ඕනේ ඔන්නjeewantha
jaya wewaaaa!! mmath gannawa
ccnp
THANKS SAHO BAISCOPE AKATA SADARAYEN PILIGANNAWA..DIGATAMA SUBS DENNA
කැළුම්
උපරිමයි හොදේ පළමු එකම හොදම එකක්නේ දීලා තියෙන්නේ ඔන්න දිගටම සබ් දෙන්න
ජය වේවා බයිස්කෝප්!!!chamath cafe
පිස්සු හැදෙනවා අපුරූ කතාවක් වගේ.බලන්නම ඕනේ මේ වගේ ඒවා
බයිස්කෝප් එකට සාදරයෙන් පිලිගන්නවා!!!!!!එරංග
ඉස්තූතියි නියම බයිස්කෝප් එකක් :)
ganidu
තවත් මේ වගේ හොද ෆිල්ම්ස් වලට සබ් ඕනේ..
ජය වේවාakila
ජය වේවා!
අමීර
Sin sub walata thanks....
හොට්ටා
8 මිලි මීටර් කියන නිකලස් ගේ ෆිල්ම් එකට සබ් දෙන්නකෝ.... :(
අද දුන්න ෆිල්ම් එකට බොහොම පින්
දිගටම සබ්ස් දෙන්නelakiri
එල එල එළකිරි පට්ට කතාවක් වගේ,ඔන්න හොද එකක් ඕනේ තව..
elakiri
පට්ට හොදේ මේවා මාර ගති ෆිල්ම්ස්.තවත් දෙන්නෝ.........
පළමු සබ් එකට ජයම වේවා....... :) :) :) :)rss
thanks baiscope supiri kathawak .
ධනුෂ්ක ලක්මාල් (ධනා)
සාදරයෙන් පිලිගන්නවා මචන් බයිස්කෝප් අඩවියට. ලස්සන කතාවක් වගේ. මං බලලා නැහැ. දැන් බාන්න දැම්මා. තවත් ලස්සන ඒවට උපසිරැසි අරගෙන එන්න. ජය වේවා මචන්
අහිංසක හිත්නේ.
ymail
තෑන්ක්ස් මචෝ....
චරිත පොල්ගස්දෙණිය
මේ වැඩේ දිගටම කරගෙන යන්න
අපෙන් සුභ පැතුම් !!!g-a-n-d-u
THX SAHO GOOD LUCK
d2dinu
එළකිරි, ජයවේවා!
වෙනුර
නිය,,,මා....යි
තවත් දෙන්නෝ........lasidu
සිරා සිරා මෙන්න ෆිල්ම්ස් නියමයි
uda
හැබෑට තව මොනවා කියල කියන්නද සහෝ...
කියන්න දෙයක් නෑ තව, කියන්න ඕනේ හැමදේම කට්ටිය කියලානේ! :)
අමුතුවෙන් කියන්න කිසි දෙයක් නෑ. තියෙන්නේ දිගටම අපිත් එක්කම ඉදලා මේ සද්කටයුත්තට ඔයාගේ ශක්ති තරමින් අතහිත දෙන එක දිගටම කරගෙන ගිහිං මේ කරන සේවයට දිගටම දායක වෙන්න කියන එක තමයි!ඔයා නියම ෆිල්ම් එකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ සිංහලත් එක්කලා.
මේකෙ තියෙන කතාව කොයි වගේද කියල කියෙව්වහම බලන්නමයි හිත, දැනටනම් පෝළිම හිටු කියලා. නමුත් කොහොම හරි නොබලා කෝමද? බලන එක බලනවා. සබ් වලට බොහොම තුති.
ජය!kaveen
ela machan.digatama me wage films walata sub denna.
rusuru | රුසිරු
බයිස්කෝප් ජය අලුත් කොල්ලටත් ජයම වේවා වැඩේ කරගෙන යමු ඔන්න ඔහොම
maxy (හේවා ලුණුවිලගේ )
පට්ටම වැඩක් මචෝ මුලින්ම කරලා තියෙන්නේ, මැක්සම ෆිල්ම් එකක්, නිකොලස් ගේ නම් අයෙත් අහන්න දෙයක් නැ නේ, එත් මේකේ අන්තිමටනම් පට්ටම දුකයි, පට්ටම ලව් ස්ටොරියක් තමයි මේ, අනිවා කවුරුත් බලන්න, මමත් අයෙත් බලනවා සබ් එක්කම, තැන්ක්ස් මචන්,
Dina
බොහොම ස්තුත්යි යාලුවා අපි වෙනුවෙන් මහන්සි වෙලා සබ් එක හැදුවට..
මිනිදු ලියනගේ (මිනියා)
කතාව ටිකක් අමුතුයි වගේ
අනිවා බාගෙන බලන්න ඕනේ
ගොඩක් ස්තුතී ..M.D.A Pradeep (අමිල මනනදේව)
නිකී කියන්නේ මගේ ප්‍රියතම නළුවා සහෝ.ඒත් මේක මට මග ඇරුන ෆිල්ම් එකක්.ගොඩාක් ස්තුතියි සබ් එකට.පළමු වැඩේට මගෙනුත් සුභ පැතුම්.
ජය වේවා!!namal
ela kiri hamadama me wage ewa denna.digatama karagena yanna jaya....
kuda
thankx
රොයිලි
උණුසුම් සුබපැතුම් වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. නිකලස් අයියගේ ඔක්කොම චිත්‍රපටි ටික බලලා තියෙනවා වුනාට මේක මඟ ඇරිලනේ. කැලුම් මධුසංක සහෝට බොහොම ස්තූතියි කියන ගමන්ම ඔන්න මමත් බානවා. :P :P
කේ. යූ. ජී. උදාර
දිගටම මේ වැඩේ කරගෙන යමු........
බොහොම ස්තූතියි සහෝ.Rumesh
1st
rubyashen
නියම බයිස්කොප් එකක් වගේ රාත්‍රියේ මෙක බැවා දැන් බලනවා කමෙන්ට් එක පරක්කු උනාට සොරී අනික නිකල්ස් ගේ මුවි එකක් බලන්නේ නැතුව කොහොම ඉන්නද?
පට්ට තැන්ක් සබ් වලට සහො
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
msg eka apu gamanma awa balanna niyamai saho dannam site eka eka kiri.sub eka dunnata dodal sthuthi.