Watch Trailer

Badrinath (2011) Sinhala Subtitles | ආගමයි, නීතියයි, ආදරයයි [සිංහල උපසිරැසි සමඟ]

හලෝ යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට. මම නම් මේකට අලුතෙන් තමයි එක් උනේ. අලුතෙන් කිව්වට මම හුඟාක් කල් ඉඳලා මේ සයිට් එකෙන් බයිස්කෝප් ඩව්න්ලෝඩ් කර ගන්නවා. ඉතින් මට හිතුනා හැමදාම මම අරගෙනම හරියන්නෙ නෑ, මමත් මොනවා හරි දෙන්න ඕනි කියලා. ඉතින් ඔන්න මමත් අරගෙන ආවා සුපිරිම සුපිරි බයිස්කෝප් එකක්. අපේ සයිට් එකෙ දෙමළ…

හලෝ යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට. මම නම් මේකට අලුතෙන් තමයි එක් උනේ. අලුතෙන් කිව්වට මම හුඟාක් කල් ඉඳලා මේ සයිට් එකෙන් බයිස්කෝප් ඩව්න්ලෝඩ් කර ගන්නවා. ඉතින් මට හිතුනා හැමදාම මම අරගෙනම හරියන්නෙ නෑ, මමත් මොනවා හරි දෙන්න ඕනි කියලා. ඉතින් ඔන්න මමත් අරගෙන ආවා සුපිරිම සුපිරි බයිස්කෝප් එකක්. අපේ සයිට් එකෙ දෙමළ, තෙළිගු බයිස්කොප් පළවෙනවා අඩුයි නේ ඒක හන්දා මම තීරණය කලා ඔයාලට දෙන්න තෙළිගු චිත්‍රපටියක්. ඉතින් යාලුවනේ මම බලපු සුපිරිම එකක් තමා මම මගේ පළවෙනි ලිපිය හැටියට ගේන්නේ.

මේක ටිකක් Magadheera movie එක වගේ. එහෙම කිව්වාට ආත්ම දෙකක කතාවක් නම් නෑ. ඒ උනාට මේකත් ඒ වගේම සුපිරි කතාවක්. දැන් ඉතින් පම්පෝරිය ඇති. අපි දැන් යමු කතාවට , මේ කතාව පටන් ගන්නෙ ඉන්දියවේ ලොකු ලොකු පූජනීය දේවස්ථාන එක එක අය විනාශ කරන හැටි කාටූන් විදිහට පෙන්නමින්. ඉතින් මේ විනාශය ගැන කතා කරන්න එක තැනකට පූජකවරු එකතු වෙනවා. මෙතැනදි එක එක විසදුම් දෙනවා. ඒත් ඒ එකක්වත් හරියන්නෙ නෑ කියලා එක පූජකවරයෙක් පෙන්නල දෙනවා. ඔන්න ඔහොමතමා කතාව පටන් ගන්නෙ. ඊට පස්සෙ ඉන්දියවෙ ඉන්න පාරම්පරික සටන් කලාව දන්න භීෂ්ම නාරායන කියලා පූජක වරයෙක් ගාවට ගමේ ඉන්න ලමයි ටික යවනවා පුරුදු පුහුනු වෙලා ඒ ඒ දේවස්ථාන ආරක්ෂා කරන්න. එත් මේ ලමයි අතරේ අපි හොයන අපේ වීරයා “බද්‍රි” නම් නෑ. එයා ඉන්නෙ ඒ භීෂ්ම නාරායන ඉන්න දේවස්ථානය (තක්ශිලාව) ගාව තියන පොඩි ගම්මානයක. කතාව බලලම දැන ගන්නකෝ අපේ වීරයා කරලියට එන්නෙ කොහොමද කියලා.

ආහ්! මට කියන්න අමතක උනා නෙ, මේ බයිස්කෝප් එකෙ සුපිරි සටන් වගේම ලස්සන ආදර කතාවකුත් යනවා. තමන්ගේ ආදරේ රැකගන්න කෙල්ල දුක් විදින හැටිත් ,ඒක කොල්ලාට කියාගන්න බැරිව අන්තිම මොහොත දක්වා දුක් විඳින හැටිත් ඔයාලට බලලම දැනගන්න පුලුවන්. මොකද කතාවක් බලන්න කලින් කතාව කිව්වහම ඒකෙ කිසිම ගතියක් නෑනේ. ඊට අමතරව මේකේ ලස්සන සින්දු ටිකකුත් තියනවා

මේකෙ ඉන්න නළු නිළියො ගැන කිව්වොත් අපේ වීරයා විදිහට ඉන්නෙ “Allu Arjun“. නිළියට ඉන්නෙ “Tamannah“, භීෂ්ම නාරයනට ඉන්නෙ “Prakash Raj“, ඒ වගේම ඉන්දියාවේ ප්‍රසිද්ධම නළු නිළි සෙට් එකක් තමා මේකෙ ඉන්නෙ. මේක හදන්න වියදම ගිහින් තියනවා ඉන්දියන් රුපියල් කෝටි 35ක්. මේ චිත්‍රපටිය මිනිත්තු 140 ක කාලයක් ධාවනය වෙනවා. ඒ වගෙම මේක ලියල තියෙන්නෙ Chinni Krishna, කියලා රචකයෙක්. නිෂ්පාදනය හා අධ‍ය්‍යක්ෂණය Allu Aravind හා V. V. Vinayak. ඒ වගෙ මේකට IMDb ratings 5.3/10 ක් හම්බෙලා තියනවා

එහෙනම් ඉතින් ඔන්න මම මගේ පළවෙනි ලිපිය ලිව්වා. තව ඉස්සරහට මම තව හොඳ බයිස්කොප් ටිකක් අරගෙන එනකන් ඔයාලට ජය!!!! පුලුවන් අය කමෙන්ට් එකකුත් දාලයන්න අමතක කරන්නෙපා!!!

ප:ලි : මට මේ ලිපිය ලියන්න ගොඩක් උදව් කලේ සයිට් ඇඩ්මින් වාසල සහෝදරයා. (මම ලිපියක් ලියන්න ඕනෙ කියල මේල් එකක දැම්මහම මාව සාදරයෙන් පිලිඅරගෙන මට නොදන්නා දේ කියලා දුන්නා) ඔබට බොහොම ස්තූතියි සහෝ…

ලිපිය – කසුන් රංගන

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

 

8,749 downloadsDownload Badrinath.2011.SinhalaSubs.Baiscopelk.zip65 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනේෂ් සංජය ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/09/07

Subtitles by

දිනේෂ් සංජය

Subtitles

8,749 downloadsDownload Subtitles65 KB

118 comments

  1. kodizz

    great,,thank am 1st

  2. දනුක බෙන්තරවිතාන

    හුරේ අද මම එක :)

  3. දනුක බෙන්තරවිතාන

    අය්යෝ දෙක :(

  4. AL1717

    Ela Ela macho First Post Ekata
    Jaya Wewaaaa

  5. Kasun

    Thanx okkotama !!! 2 post ekath yawalai tiyenne eekath ikmatama palwei kiyala hithanawa :D

  6. Nimal

    thank u... brother...

  7. chamila

    meka nam charter film akak......

  8. CHANA

    ELA KIRI MACHO... JAYA WEWA,,,

  9. යසිරු මධුක

    එල මචන්. දිගටම කරගෙන යන්න. මම ඔයාට සුබ පතනවා.

  10. janaka

    thank u…

  11. saman

    මචෝ මටත් ෆිල්ම් බා ගන්න හැටි කියපන්කො

  12. nuwan

    elama thamai machan.......!

  13. Kasun

    Thnx machang la!!

  14. shiwantha

    thanx machan

  15. Dina

    elaz.... thank u

  16. Jayampathi

    Thank you

  17. සංදීප

    මචං පළමු ලිපියට මගෙන් සුබ පැතුම්.....

  18. තිවංක

    කරුණාකරලා සිංහල උප ශීර්ශපාට සමඟ චිත්‍රපටි දෙන්න පුලුවන් නම් අගය කරනවා,මම හිතන්නේ එතකොටයි මේ සයිට් ඒකේ අරමුණ ඉටු වෙන්නේ,බයිස්කෝප් සිංහලෙන් කියන්නේ ඉංග්‍රීසි ශීර්ශපාට නෙමෙයිනේ,අවංකවම කියනව නම් මම ඉංග්‍රීසි දන්නේ නෑ. ඒක නිසා ඔයාලා මේ සයිට් එකේ නමට එකඟව ක්‍රියා කරනව නම් එළම තමයි.සමාවෙන්න ඕනා මේවගේ දෙයක් කිවුවට.ඕනෑම අදහසක් දක්වන්න පුලුවන් නිසයි මම මෙහෙම කිවුවේ.අප්සට් ගන්න එපා...

  19. novin nuraj

    මේ film එකනම් සුපිරි.මං කලින් දෙමළ film බලන්න ආස නෑ.මේක බලපු නිසා දෙමළ film වල ආසාව වැඩි වුනා.මේ film එනකම් සුපිරි.

  20. iromi

    thnks bro ... keep it up

  21. C

    SINHALA SUB DUNNOTH PIN GOOOOOOOODAI...

  22. සාරංග ලියනගම

    ගොඩාක් ස්තූතියි වගේම පලවෙනි ලිපියට සුභපැතුම්..
    දිගටම ලිපි දෙන්න සහෝ.... :)

  23. neer

    sinhala sub danawanam thawath hondai ayye....thanks aluth film ekata...

  24. upul hewagamage

    patta fim aka honda song tikak tiyanawa... balanna hemooma..

  25. Kasun

    Thanks hamotama issarahata sinhala sub ekathu karannam mata welaawa thama aula sinhala hadanna,namuth mama uthsaaha karannam subs danna.

  26. Anonymous

    man trailer ekath baluwa..supiri..aniwa banawa..
    thankz sahoo......

  27. D_DASH

    elama thama tamil film fatta balanda oni .. mukuth nathuwa hitiye thanks bro film akak dunnata...

  28. රාම් රාජ්

    මේක බැලුවා නියමයි.බලන්න වටින ෆිලම් එකක්‍.

  29. mihiran

    ela film ekaka wage.sinhala sub thibunam maru.mekata thanx machoooo.

  30. Timbelekke

    gon haal paruwo demala ewa balanna apita ona na kawda oi oya demalunwa ganan ganne denawanam english ewa denna naththam palayan!

  31. Janaka

    mama poddak parkku una bamu balanna

  32. indika

    හරි හරි දිගටම කරගෙන යං මගෙනුත් සබපැතුම් සිංහල සබ් දෙන්න පුල්වන්නම් වටිනවා මලේ

  33. sujeewa

    එල මචන්. දිගටම කරගෙන යන්න. මම ඔයාට සුබ පතනවා

  34. හේමාල්

    THANKS OU.BANNA DEMMA :D

  35. kdn

    ela ela ela

  36. ashen

    Thx
    tamil walata kattiya echchara. Kemeti ne. English films walata try 1 dunnoth hoda comment tikak balaganta puluwan. Try up

  37. jana

    Good luk

  38. kathu

    Suba pethum saho..!! Thawa danna.... Ela

  39. අබා

    ස්තූතියි සහෝ

  40. suranga

    macho link 1k wada karanwd lkiyla podk chek kran,mokda mata thma link 1k wada kare naha......

  41. JanuK

    මම ආසම නළුවෙක්තමයි ඉන්නේ මේ ෆිල්ම් එක වගේම තමයි තව එකක් තියනවා නම killadi . මේකට ආසඅය අනිවා මම කියපු ෆිල්ම් එක බලන්න සුපිරි ෆිල්ම් එකක් ..... ගොඩක් ස්තුති ෆිල්ම් එකට කසුන් සහෝ .....

  42. Suneth

    Taraha wenna epa yalu,film 1 nam maha chater 1k

  43. මාටිං

    @ ටින් බෙලෙක්කයා,
    "...kawda oi oya demalunwa ganan ganne..."

    මේ වගේ පාහරයො නිසා තමා මේ රටට හෙනේ ගහල තියෙන්නෙ. දෙමළ කියන්නෙ තවත භාෂාවක්. දෙමළ මිනිස්සු කියන්නෙත් මිනිස්සු. (කොටි ගැන නෙවෙයි මම කියන්නෙ) මෙයා හිතාගෙන ඉන්නෙ මෙයා නෙළුම් කුමාරිගෙ පුතා කියල වෙන්න ඇති. නිරපරාදෙ ගරහන්න එපා.

    @ ඇඩ්මින්,

    කරුනාකරල ජාතිවාදි හැගීම් අවුස්සන මුළු රටටම හානිකර, ජාත්‍යන්තරටය අපට ගහන්න පාර හදලදෙන, මේ වගේ ගොං හරක් කමෙන්ටු අයින් කරන්න.

    මාටිං

  44. rate mulle sumana

    adiiiiiiiiii mkadda adi me flm eka balpnko melo rhk na ne adiiiii hadapu ekage amma appa mathak wenawa adiiiiiiii

  45. maru sira

    ammata teeeeeeeeeeek

  46. lcw

    sherlock holmes 2011 akata sub dammoth. hoda comment tikak baladanna puluwan.oriya usabit ake tiyenawa.sub danna hode

  47. ජනුක්

    උබලා දෙමල ඒවා බලන්නේ නැති උනාට මචං ඒවා බලන පිරිසකුත් ඉන්නවා ,,,,, උබලට මේ ෆිල්ම් එක හොද නැති උනාට මටනම් මේක සුපිරි ෆිල්ම් එකක් ...

  48. gaishara

    narakada api demala film walata wenama categoryak ariyoth

    Thank you film akata

  49. මහතුන්

    වෙන මොකවත් හින්ද නෙමෙයි,,තමන්නා අක්කි ඉන්නවා කියපු හින්දම බා ගන්නවා...එළ සහෝ,,,කීප් ඕන් ගොයින්... :)

  50. waru...

    ෆිල්ම් 1නං හොදයි..මම කලින් බලලතියනව...හැබැයි මට හිතෙන්නෙ..රුපියල් 200ක් 300ක් වියදං කරන් බාන අයනං CD SHOP 1කින් රුපියල් 60ක් 70ක් දීල DVD 1ක් ගන්න 1 හොදයි..කතා 4ක් තියනවනෙ..දෙමළ ෆිල්ම් DVD ``1ක..

Load more comments