Watch Trailer

Cold War II (2016) With sinhala subtitles | ද්‍රෝහියන්ගේ විනාශය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම.. ඔන්න මම තවත් සිනමාපටයක් රැගෙන ආවා.. කට්ටියට මතකත් ඇති මේ සිනමාපටයේ පළමු කොටස Cold war මම කලින් ලබාදුන්නා. ඉතින් ඔන්න එහෙනම් ඒකෙ දෙවැනි කොටසත් දෙන්න තමා මේ හදන්නේ. 2016 ජුලි අටවනදා තිරගත වීම ආරම්භ කළ CRIME/DRAMA වර්ගීකරණයන්ට අයත් මෙම සිනමාපටය මේ වන විට IMDB දර්ශකයේ 6.8ක අගයක් ලබාගැ…

Cold War II (2016)

කොහොමද කට්ටියටම.. ඔන්න මම තවත් සිනමාපටයක් රැගෙන ආවා.. කට්ටියට මතකත් ඇති මේ සිනමාපටයේ පළමු කොටස Cold war මම කලින් ලබාදුන්නා. ඉතින් ඔන්න එහෙනම් ඒකෙ දෙවැනි කොටසත් දෙන්න තමා මේ හදන්නේ.

2016 ජුලි අටවනදා තිරගත වීම ආරම්භ කළ CRIME/DRAMA වර්ගීකරණයන්ට අයත් මෙම සිනමාපටය මේ වන විට IMDB දර්ශකයේ 6.8ක අගයක් ලබාගැනීමට සමත්ව තිබෙනවා. චීන සිනමාපටයක් වෙන මෙහි රංගනයෙන් දායක වන්නේ Aaron kwok,tony ka fai leung, charlie young , eddie pen යන අය ප්රෙධාන චරිත හොබවනවා. චිත්‍රපටයේ කතාව ගත්තොත්…

පළමු සිනමාපටයෙදී විශේෂ බලකායට අයත් වාහනයක් පොලිස් නිලධාරින් පස්දෙනෙක් සමග අතුරුදහන් වෙනවා. මේ ගැන පරීක්ෂණ පවත්වන්න බාර වෙන්නේ නියෝජ්යන පොලිස් කොමසාරිස්වරුන් වන ෂෝන් ලාවූට සහ එම් බී ලීට.එම් බී ලීගේ පුත්රයයා වන ජෝ ලීද අතුරුදහන් වූ පොලිස් නිලධාරින් අතර වූ නිසා ඒ බව හුවා දක්වමින් ෂෝන් ලාවූ මෙහෙයුම තනි පාලනය තමන් යටතට ගන්නවා.. කෙසේ වෙතත් ඔවුන් මුදල් ලබා දී ප්රාමණ ඇපකරුවන් මුදාගැනීමට සැලසුම් කළත් එම මුදල් පවා සොරකම් කිරීමට අපරාධකරුවන් සමත්වෙනවා. කෙසේ වෙතත් පොලිසිය ගනු ලබන සෑම ක්‍රියා මාර්ගයකටම වඩා ඉදිරියෙන් අපරාධකරුවන් පසුවීම නිසා ෂෝන් ලාවූ හට සැකසංකා පහල වෙනවා පොලිසිය ඇතුලෙම කෙනෙක් මේකට සහය දෙනවා ඇති කියලා. ඒ පිලිබදව සොයා ගැන්මට ඔහු නිර්නාමිකව මෙහෙයුම සම්බන්ධ තොරතුරු ICAC ආයතනය වෙත ලබා දී ලෝකයා ඉදිරිපිට තමන්වත් සැකකාරයකු බවට පත් කරගන්නවා.

අවසානයේ ෂෝන් ලාවූ දැනගන්නවා මෙයට සම්බන්ධ මුලිකම පුද්ගලයා අතුරුදන් පිරිස අතර වූ ජෝ ලී බව. ඔහු ඒ බව එම් බී ලී වෙත දැනුම් දී ජෝ ලීව අල්ලා සිරගත කරනවා. නමුත් තවමත් අතුරුදහන් වූ වාහනය හමුවුයේ නැහැ.අවසානයේ එම් බී ලී විශ්රාජම යාමට ඉල්ලුම් කරන අතර ෂෝන් ලාවූ පොලිස් කොමසාරිස්වරයා ලෙස පත්වනවා.චිත්ර පටයේ අන්තිමට පේනවා කවුද කෙනෙක් ෂෝන් ලාවූට දුරකථන ඇමතුමකින් කියනවා ජෝ ලීව නිදහස් කරන්නයි කියලා. දෙවන සිනමාපටය පටන්ගන්නේ අර කිව්ව දුරකථන ඇමතුමෙන්. කතා කරන පුද්ගලයා පවසන්නේ ජෝ ලීව නිදහස් නොකලොත් ෂෝන් ලාවූගේ බිරිද සහ දියණිය පැහැරගන්නා බවයි. ඔවුන් ෂෝන් ලාවූගේ බිරිදව පැහැරගැන්මට පවා සමත් වෙනවා. ඉතින් ඇයව නිදහස් කිරීමටනම් ජෝ ලීව නිදහස් කළයුතු වෙනවා. ඉතින් ෂෝන් ලාවූ කුමක් කරයිද? ජෝ ලීව නිදහස් කරයිද? ඇත්තටම මේ කුමන්ත්රළණය පිටුපස ඉන්න මහා මොලකරු කවුරු වෙන්න ඇතිද? කොමසාරිස් වශයෙන් ෂෝන් ලාවූට කුමන ගැටළුවලට මුහුණ දීමට සිදුවෙත්දැයි ඔබම බලන්න.

ලිපියනම් අවුල් වගේ නෙහ්. ඔව් අවුල් තමා. පළමු සිනමාපටය බලපු අයනම් මේක කොහොමත් බලයි. එහෙම නොබලාපු අය ඉන්නවනම් පූර්ව ප්‍රචාරක පටියක් එහෙම බලලා මුලින්ම පළවැනි සිනමාපටය නරබලා ඉන්න. එහෙනම් ඉක්මනින්ම යලිත් උපසිරසියකින් හමුවෙන බලාපොරොත්තුව මත මා සමුගන්නවා. ඔබ සැමට ජය.

Bridge of Spies (2015)

Cold War II (2016) on IMDb

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Cold War II 2016 Chinese 720p BRRip 800 MB – iExTV

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,460 downloadsDownload Cold-War-II-2016.Baiscopelk.com_.zip77 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

3,460 downloadsDownload Subtitles77 KB

19 comments

  1. යුශාන් පියුමාල්

    niyamai bun thank you wewa onna ehenum mama banna damma

  2. Adithya Gimhana

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
    ~~~ ජය වේවා ! ~~~

  3. ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.බොහෝම ස්තුතියි සබ් එකට
    ජය වේවා!

  4. Udara Damith B/K

    කලින් එක වගේ මේකත් නියමට ඇති කියලා හිතෙනවා .

  5. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  6. Kolitha

    thanx bro....

  7. Bobby

    ඔයානම් පට්ට පොරක් මධුක. සබ් එකට බොහෝම ස්තුතියි.

  8. Hasith

    thankyou macho

  9. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. පුෂ්ප සමීර

    සබ් එකට ස්තූතියි සහෝ

  12. silent$

    Paattaaaaaaaaaaa

  13. අසිත

    elama saho thanks

  14. sadeep

    ko link eka mkd meke

  15. sadeep

    link eka kothanada thinne

  16. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Nishan

    Thanx bro

  18. Hasith

    tnx macho

  19. malith

    Ela els