මකතෝ කොබයෂී කියන්නේ පාසල් යන වයසේ ඉන්න කොල්ලෙක්. සාමාන්‍යයෙන් මේ වයසේ ඉන්න ළමයෙකුගේ මනසට දරා ගන්න අමාරු ප්‍රශ්න ගොන්නකට මෙයා මුහුණ දෙනවා. අන්තිමේදී මෙයා සියදිවි නසාගන්න තීරණය කරනවා. නිකමට හිතලා බලන්න, මැරුණාම අපිට මොකක් වෙනවා ඇත්ද? ඇත්තටම අපි කොහෙට යනවා ඇත්ද? හොඳ දේ කෙරුවොත් දිව්‍ය ලෝකේ යනවා කියනවා…

මකතෝ කොබයෂී කියන්නේ පාසල් යන වයසේ ඉන්න කොල්ලෙක්. සාමාන්‍යයෙන් මේ වයසේ ඉන්න ළමයෙකුගේ මනසට දරා ගන්න අමාරු ප්‍රශ්න ගොන්නකට මෙයා මුහුණ දෙනවා. අන්තිමේදී මෙයා සියදිවි නසාගන්න තීරණය කරනවා.
නිකමට හිතලා බලන්න,
මැරුණාම අපිට මොකක් වෙනවා ඇත්ද? ඇත්තටම අපි කොහෙට යනවා ඇත්ද? හොඳ දේ කෙරුවොත් දිව්‍ය ලෝකේ යනවා කියනවා, නරක දේ කළොත් අපායේ යනවා කියනවා. ඉතින් ඔය වගෙ විවිධ කතා සහ මතයන් අපිට අහන්න ලැබෙනවා.
ඉතින් මේ චිත්‍රපටයේදිත් ඔයාට අන්න ඒ වගේ මැරුණු මිනිසුන් ඉන්න තැනක් දකින්න ලැබෙනවා. මෙතන ඉන්න එක ආත්මයකට අර ඉහතින් කිව්ව සියදිවි නසාගත් මකතෝ කොබයෂීගේ සිරුරට ඇතුළු වෙලා ඔහු වගේ ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙනවා.
ඔන්න ඔය විදිහටයි මේකට ආරම්භය ලැබෙන්නේ.
පොඩි කාලේ ඉඳන්ම අපිට හැමෝම කියනවා මහන්සි වෙලා හොඳින් ඉගෙනගන්න. නැත්නම් ජීවත් වෙන්න අමාරුයි කියලා. ඉතින් හොඳින් ඉගෙන ගෙන, හොඳ රස්සාවක් කරලා, හොඳ වැටුපක් ගත්තත් ජීවිතය ලේසිද?
ඇත්තටම ජීවත් වෙනවා කියන එක අමාරු දෙයක්. ඒක අරගලයක්. අපිට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා.
‘ප්‍රශ්න’; ඉතින් ප්‍රශ්න ගැන කතා කළොත්, ප්‍රශ්න නැත්තේ කාටද? මේ ලෝකේ ඉන්න හැමෝටම ප්‍රශ්න තියෙනවා. එක එක අය මුහුණ පාන ප්‍රශ්න විවිධාකාරයි. තවත් අයට මහා හිසරදයක් වෙන දේවල් තවත් අයට එහෙම නෙමේ වෙන්න පුලුවන්. ඉතින් මේක තමා ලෝක ස්වභාවය. හැමදේම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්.
ඉතින් ඔය එක එක ප්‍රශ්න නිසා පුද්ගලයෙකුගේ සිතුම් පැතුම්, චාර්‍යාවන් වෙනස් වෙන්නේ කොහොමද? ඔහුගේ ඒ වෙනස ඔහු වටා ඉන්න අනිත් අයට බලපාන්නේ කොහොමද? මිනිසුන්ගේම හැසිරීම තවත් මිනිසුන්ගේ වෙනසට හේතුවෙන්නේ කොහොමද?
ඉතින් Colorful කියන්නේ මෙන්න මේ වගේ කරුණු කාරණා රැසක් හරි ලස්සනට අපිට ඉදිරිපත් කරන අපූරු ඇනිමේ එකක්.
මේක තිරගත වෙන්නේ 2010 දී. ‘අප්පා, හද්ද පරණයි නේ.’ එහෙම කියලා මඟහැරියොත්, පුතේ ඒක නම් ඉතින් අපරාදේ ඈ… මේ වගේ ඇනිමේ අතේ ඇඟිලි ගානට තියෙන්නේ. ඇනිමේ බලන ටික දෙනා නම් මේක අනිවා බලයි. අනිත් අයත් ඉතින් අනිවා මේක බලන්න.
මේක Drama, Slice of life, Supernatural කියන ශානර වලට තමා වැටෙන්නේ. ජනප්‍රිය ස්ටුඩියෝ එකක් වෙන Sunrise Studio එක තමා මේකේ නිෂ්පාදන කටයුතු කරන්නේ. ඇනිමේ වෙනුවෙන්ම වෙන්වුණු MAL හි 7.77 ක අගයක් හා Imdb හි 7.4 ක අගයක් මේක ලබාගෙන තියෙනවා.
ඉතින් ඕක තමා මේකේ විස්තරේ.
මේ පැය දෙක, මට නම් තනිකරම භාවනාවක් උනා. සමහර තැන්වලදී මේක මාවම ප්‍රශ්න කළා. අනිවා ඔයාටත් එහෙම දැනේවී. ඉතින් ගැඹුරින් හිතලා බැලුවොත් මේකේ හරය ඔයාට ග්‍රහණය කරගන්න පුලුවන් වෙයි.
මිනිසුන්ගේ විවිධ මනෝභාවයන් ගැන සහ චර්‍යාවන් ගැන යථාර්ථවාදී විමසීමක් Colorful කියන්නේ.
සැලකිය යුතුයි –
මේ උපසිරසිය ජපන් බසින් ඇති පිටපතක් ඉලක්ක කර නිකුත් කරන ලද්දක්. ඇනිමේ වල ඉංග්‍රීසි හඬ කවපු පිටපත්, ජපන් පිටපත් හා සසඳන විට දෙබස් අන්තර්ගතයේ යම් යම් වෙනස් කම් දකින්න ලැබෙනවා. ඒ නිසා මේ උපසිරසියට අදාල පිටපතම ලබා ගැනීමට උත්සාහ කරන්න. නැතිනම් ඔයා dual audio පිටපතක් නම් ලබා ගන්නේ ජපන් බසට එහි audio එක මාරු කරගෙන බලන්න.
එහෙනම් තවත් ඇනිමේ එකකින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්!👋

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි japanese BR පිටපත් සඳහා අදාළ වේ.
1,978 downloadsDownload Colorful-2010.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
11 comments
indika 75
Avishka
Thank you for the sinhala subtitle !
Anonymous
Thank you very much.
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
නියම සිංහලයන්ගේ සිරිතකි ........!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Pavith Wijesooriya
අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Vinusha
Thank you for sub...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks..