ආයුබෝවන්… සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම. ඔන්න මං සුපුරුදු විදිහට පැරණි චිත්‍රපට වලට කැමති, ඒවා අගය කරන චිත්‍රපට රසිකයින් වෙනුවෙන් තවත් එක් ෆැන්ටසි වීර වික්‍රමාන්විත චිත්‍රපටයකට සිංහල උපසිරසි අරන් ආවා. පසුගිය දිනෙක මං උපසිරසි අරන් ආව ජේසන්ගේ මහා මුහුදු ගමන Jason and the Argonauts (1963) ඔයාල දැනටමත්…

ආයුබෝවන්… සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම. ඔන්න මං සුපුරුදු විදිහට පැරණි චිත්‍රපට වලට කැමති, ඒවා අගය කරන චිත්‍රපට රසිකයින් වෙනුවෙන් තවත් එක් ෆැන්ටසි වීර වික්‍රමාන්විත චිත්‍රපටයකට සිංහල උපසිරසි අරන් ආවා.

පසුගිය දිනෙක මං උපසිරසි අරන් ආව ජේසන්ගේ මහා මුහුදු ගමන Jason and the Argonauts (1963) ඔයාල දැනටමත් බලලා ඇති. ඒ උපසිරසියට ස්තුති කරලා ඇගයීමක් කල සෑම සියළු දෙනාටම මගේ ස්තුතිය පුදකරනවා. මේ චිත්‍රපටයත් ඒ වගේ චිත්‍රපටයක්.

The 7th Voyage of Sinbad
සින්බෑඩ්ගේ හත්වන මුහුදු ගමන.

Nathan H. Juran විසින් අධ්‍යක්ෂණය කල Charles H. Schneer විසින් නිෂ්පාදය කල මෙම චිත්‍රපටය මුලින්ම තිරගත වෙලා තියෙන්නේ 1958 දෙසැම්බර් 23 දා. Columbia Pictures සමාගම විසින් බෙදාහැරි මෙම චිත්‍රපටය ඔවුන් විසින් බෙදාහැරි සින්බෑඩ් චිත්‍රපට තුනෙන් පළමු චිත්‍රපටයයි. පසුකාලීනව The Golden Voyage of Sinbad (1973) සහ Sinbad and the Eye of the Tiger (1977) යන චිත්‍රපට දෙකද එම සමාගම විසින් බෙදාහැරි චිත්‍රපට වේ.

මෙම චිත්‍රපට තුනේම විශේෂ ප්‍රයෝග දර්ශණ, නැවතුම් චලන සජීවීකරණ (stop-motion animation) තාක්ෂණය වන Dynamation මගින් නිමවා ඇත. එහි නිර්මාණකරුවා වන්නේ Ray Harryhausen ය.

කළුසුදු චිත්‍රපට වලට පසුව ආ Technicolor වර්ණයෙන් මෙම චිත්‍රපටය වර්ණගන්වා ඇත.

සින්බෑඩ් ඔහුගේ කාර්ය මණ්ඩලයත් සමඟ මුහුදේ අතරමංව ඉන්න අතරේ අහම්බයෙන් කොලොස්සා නම් දූපතක් හොයාගන්නවා. ගමනේ ඉතිරිය සඳහා අවශ්‍ය ආහාර හා වතුර සපයාගන්නා අතරතුරේ එක් ඇසක් ඇති සයික්ලොප්ස් නම් යෝධයෙකුගේ පහරකෑමකට ලක්වෙන සින්බෑඩ් දූපතේ සිටින සොකුරා නම් ඉන්ද්‍රජාලිකයාගේ සහයද ඇතුව යෝධයා සටන් කර පරාජය කරයි. එහිදී සොකුරාගේ බලගතු මැජික් පහන අතෑරෙන අතර සින්බෑඩ් ලවා නැවතත් කොලොස්සා දූපතට යෑමට සොකුරා ඔහුගේ බලය පාවිච්චි කර කුමන්ත්‍රණයක් දියත් කරනවා. ඒ සඳහා සොකුරා බිල්ලට ගන්නේ සින්බෑඩ් හා විවාහවීමට සිටින පරිසා කුමරියයි.

චිත්‍රපටයේ සින්බෑඩ් ලෙස Kerwin Mathews එක්වන අතර පරිසා කුමරිය ලෙස Kathryn Grant, සොකුරා ලෙස Torin Thatcher, කලිෆ් ලෙස Alec Mango සහ බරෝනි හෙවත් බහිරවයා ලෙස එවකට ඇමරිකානු ළමා නළුවෙක් වන Richard Ross Eyer රංගනයෙන් දායක වේ.

මෙම චිත්‍රපටය විනාඩි 88ක ධාවන කාලයකින් යුක්තය. මෙම චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ඇ. ඩොලර් 650.000ක් පමණ වන අතර බොක්ස් ඔෆීස් ආදායම ඩොලර් මිලියන 3.2 කි.

මේ චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 7.1 ක්, Rotten Tomatoes 100% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 81%ක කැමැත්ත ලැබී ඇත.

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුව දවසක් වේවා…

~ ජය වේවා ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,671 downloadsDownload The.7th.Voyage.of_.Sinbad.1958.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

1,671 downloadsDownload Subtitles32 KB

18 comments

  1. Anonymous

    Thanks jayawewa....!

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. Supun Kaushalya

    පරණ කියල නෑ මේ ෆිල්ම්ස් පට්ට

  4. thilina

    ado ado ado adoooooooo menna film yako .ammooooooo balala tynva maruuuu .dan apahu blnna oniii.thx bro

  5. indika 75

    thanks..

  6. Anonymous

    Thanks, Old is gold!

  7. Priyantha Dayakeerthi

    රොෂාන් සමීර ජයසිංහ සොයුර,
    පරණ වටිනා කතා මාලාවක්, බලන්න ඕන. ස්තුතියි ඔබේ වෙහෙසට!

  8. ශාමල් මනෝජන්

    උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ.
    හැකිනම් Clash of the Titans - 1981 චිත්‍රපටයටත් සබ් දෙන්න.

  9. Gihan Lakmal

    ela machoooo

  10. tharaka

    thanks sahooo meka maruu

  11. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ........!!

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  13. Udara Damith

    elaaaaaaaaaaaaa

  14. Dewadithya

    Thanks for Sub!

  15. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  16. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Anonymous

    Sinbad and the Eye of the Tiger (1977) oketh dendoo