Watch Trailer

Coming to America (1988) Sinhala Subtitles | සම්ප්‍රදාය කැඩීමත් වෙනමම සම්ප්‍රදායක් [සිංහල උපසිරසි සමඟ] (18+)

සියලුදෙනාටම සුභ නත්තලක් වේවා යි මුලින්ම ප්‍රාර්ථනා කරනවා.අද අරගෙන ආපු ෆිල්ම් එක ටිකක් විතර පරණ එකක්.ඒ වගේම මේක තමයි මම මුලින්ම උපසිරැසිය කරන ෆිල්ම් එක.පලමු උපසිරැසියම හොද ෆිල්ම් එකකට කරන්න ලැබුනු එකනම් ගොඩක් ලොකු දෙයක්.ඇත්තටම ශාන් විමුක්ති(විමා) සහෝදරයාත් ගොඩක් උදව් කලා මේ වැඩේට.ඉතින් විමා සහෝටත් ස…

සියලුදෙනාටම සුභ නත්තලක් වේවා යි මුලින්ම ප්‍රාර්ථනා කරනවා.අද අරගෙන ආපු ෆිල්ම් එක ටිකක් විතර පරණ එකක්.ඒ වගේම මේක තමයි මම මුලින්ම උපසිරැසිය කරන ෆිල්ම් එක.පලමු උපසිරැසියම හොද ෆිල්ම් එකකට කරන්න ලැබුනු එකනම් ගොඩක් ලොකු දෙයක්.ඇත්තටම ශාන් විමුක්ති(විමා) සහෝදරයාත් ගොඩක් උදව් කලා මේ වැඩේට.ඉතින් විමා සහෝටත් ස්තූතිය පුද කරමින් මම ෆිල්ම් එක පැත්තට හැරෙන්නම්.

මේ ෆිල්ම් එක රිලීස් කරල තියෙන්නෙ 1988දී.මේකත් අනිත් ෆිල්ම් ගොඩක් වගේ ඇමෙරිකාවේ නිෂ්පාදන කරන ලද්දක්.මේක අතිශය ජනප්‍රිය වූ චිත්‍රපටයක් කීවොත් නිවැරදියි.මේ චිත්‍රපටය සදහා IMDB දර්ශකයේ 7/10 ක් වගේ ලොකු අගයක් ලැබිලා තියෙනවා.ඒ වගේම මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්නෙ එඩී මර්පි(Eddie Murphy).නම කීවාටනම් සමහර කට්ටිය දන්නෙ නැතිව ඇති.ඒත් Dr.Dolittle කීවොත්නම් නොදන්නා කෙනෙක් නෑනේ.ඉතින් එයා තමයි මේ චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතය කරන්නෙ.ඒවගේම ආර්සේනියො හෝල්(Aresenio Hall), ෂැරී හෙඩ්ලි(Shari Headly) වගේ විශාල නළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා.මේ චිත්‍රපටයේ විශේෂ ලක්ෂණයක් තමයි එක් නළුවෙක් චරිත කීපයක්ම රග දැක්වීම.ඔයාලත් හොදට බලන්නකෝ ඒ චරිත අදුනගන්න පුලුවන්ද කියලා.

කතාව ගැන කෙටියෙන් කීවොත්, අකීම් කියලා කුමාරයෙක් ඉන්නවා.කුමාරයෙක් කීවම හිතාගන්න පුලුවන්නෙ.ඉතින් මෙයා තමා සමුන්ඩා කියන රාජ්‍යයේ අනාගත පාලකයා.මේ රාජ්‍යයේ සම්ප්‍රදායක් තියෙනවා.ඒ තමයි කුමාරවරු විවාහ වෙන්න ඕනෙ දෙමාපියන් නම් කරන කුමාරිය එක්ක විතරයි.ඉතින් අකීම්ටත් එයාගෙ දෙමාපියෝ කුමාරියක් යෝජනා කරනවා.ඒත් අකීම් මේකට කැමති නෑ.අකීම්ට ඕනැ කරන්නෙ වෙනස්ම විදිහෙ කාන්තාවක්.ඉතින් අකීම් එයාගෙ යාලුවත් එක්කන් ඇමෙරිකාවට යනවා ගෑණුලමයෙක් හොයාගෙන.මෙයාලා ගෑණුලමයි හොයන්න යන්නෙත් ක්වීන්ස් වලට.කොහොමහරි අකීම්ට සෑහෙන ගේමක් දීලා කෙල්ලෙක්ව දාගන්න ලැබෙනවා.කොහොම හරි ඒ වැඩෙත් හරියාගෙන යද්දී මෙයාලට හිතපු නැති කරදරවලට මුහුණ දෙන්න වෙනවා.ඉතින් අන්තිමට අකීම්ගෙ උත්සාහය සාර්ථක වෙයිද?ඒකනම් දැනගන්න වෙන්නෙ කතාව බලලාම තමයි.

ඉතින් මේ චිත්‍රපටය බලන්න කියලා සියලු දෙනාටම ආරධනා කරනවා.චිත්‍රපටය ගැනනම් ආයි කියන්න දෙයක් නෑ සුපිරිම චිත්‍රපටයක්.ඒක වගකීමෙන් කියන්න පුලුවන්.තව දෙයක් කියන්න තියෙනවා.මේ චිත්‍රපටයේ එක තැනක නිරුවත් දර්ශනයක් අඩංගු වෙනවා.ඉතින් චිත්‍රපටය තෝරා බේරාගෙන නැරඹීම ඔබට භාර කරනවා.ආයෙත් අලුත් උපසිරැසියක් සමග හමුවීමේ බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා. ඔබට ජය…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

5,961 downloadsDownload Coming-To-America-1988.zip51 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සාලිය රණස්ගල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-12-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සාලිය රණස්ගල්ල

Subtitles

5,961 downloadsDownload Subtitles51 KB

23 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....
    පලවෙනිම සබ් එකට තෝරගෙන තියෙන්නෙම පට්ටම කොමඩියක් තමයි. සෑහෙන කාලෙකට කලින් සබ් නැතුව බැලුවා. අද ආපහු සබ් එකත් එක්කම බලන්න ඕනේ. පුලුවන්නම් දිගටම මේ වගේ සබ් කරලා නැති පරන උනත් හොද ෆිල්ම් වලට සබ් කරමු සහෝ....

    1. හසිත මධුෂාන්

      අදයි ෆිල්ම් එක බලන්න වෙලාවක් හම්බ උනේ... සබ් එක සුපිරියටම කරල තිබුනා. ඒක නිසා ස්තූතියි කියලා යන්න ආපහු හොයාගෙනම ආවා...

    2. හසිත මධුෂාන්

      පලවෙනිම සබ් එකෙන් සබ් කරන එක නතර කරල දාන එක නං මහම අපරාදයක් සහෝ....

  2. Hashan M. Priyadarshana

    Thank you machan sub ekata..
    Jaya wewa!

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  4. TharakaWAS

    Thanks for sub for...!!!

  5. jagath55

    Thanks

  6. AsithaDilruwan

    ela saho thanks

  7. ranga11112

    Thank you saho... labanna wu 2019 aluth aurudda niduk nirogi suba nawa wasarak weva....
    theruwan saranai
    HAPPY NEW YEAR

  8. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. සනිඳු ලක්ඛිත

    පළමු උපසිරසට සුභ පැතුම් සහෝ..නිමය ෆිලුමක් ගෙනල්ලා තියෙන්නේ..උපසිරසට ස්තූති..ඉදිරියටත් උපසිරස කරන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..බුදුසරණයි..ජයවේවා!

  11. kent parker

    thanks

  12. ricadodamien

    Thank U Saliya brother & baiscope team for the sub, all the best to baiscope etam................

  13. Gayan Chathuranga

    thanks saho!

  14. saliya456

    මුලින්ම සමාව ඉල්ලනවා පෝස්ට් එකක් දාන්න බැරි උන එකට.ස්තූති කරපු හා සුභ පතපු සියලු දෙනාටම ගොඩක් ස්තූතියි.නැවතත් අලුත් උපසිරැසියකින් හමුවීමෙ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා,ඔබ සියලුදෙනාටම ජය...!!!

  15. Dewadithya

    Thanks for sub!

  16. Anonymous

    අලුත් coming 2 America film එකට sub ඕනේ...

  17. Shaggy

    බොහොම ස්තූතියි

  18. ශාමල් මනෝජන්

    Coming 2 America - 2021 ෆිල්ම් එකට උපසිරැසි දෙන්නකෝ

  19. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!

  20. sasiru

    Thank you very much for your commitment, highly appreciate it. please keep going.

  21. Anonymous

    2021sub nadda