Watch Trailer

Constable (2025) Sinhala Subtitles | වදුරු මුහුණු දාම ඝාතන රැල්ලේ අභිරහස [සිංහල උපසිරැසි]

Constable (2025) Sinhala Subtitless මේ සිද්ධි දාමය සිදුවන්නේ එක්තරා පුංචි ගමක. එක්තරා රැක තනියෙන් යන කෙල්ලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ තැතක්. ඉන්පසු නගරේ මන්ත්‍රීගේ පුතාගේ ඝාතනයක්. මේක අවසානයේදී ඝාතන රැල්ලක් විදිහට යනවා. මේක අන්තිමේදී විසදන්නේ ඒ පුංචි නගරේ ඉන්න පොලිසියේ සාමාන්‍ය කොස්තාපල් වරයෙක්.…

Constable (2025) Sinhala Subtitless

මේ සිද්ධි දාමය සිදුවන්නේ එක්තරා පුංචි ගමක. එක්තරා රැක තනියෙන් යන කෙල්ලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ තැතක්. ඉන්පසු නගරේ මන්ත්‍රීගේ පුතාගේ ඝාතනයක්. මේක අවසානයේදී ඝාතන රැල්ලක් විදිහට යනවා. මේක අන්තිමේදී විසදන්නේ ඒ පුංචි නගරේ ඉන්න පොලිසියේ සාමාන්‍ය කොස්තාපල් වරයෙක්.

මේ වැඩේ කරන්නේ කවුද? කවුද මෙයාට උදව් දෙන කෙනා? ඇයි මේ වගේ දේ කරන්නේ? මේකට විසදුම මේ චිත්‍රපටයේ ඇතුලෙම තියෙනවා.

ආ දෙයක් තියෙනවා කියන්න.. මේකේ අන්තිම ටික හිත සංවේදී වෙන තැනක්. ඒ හින්දා මුල ඉදන්ම බලන්නකෝ..

ඉතින් ශම්භාලා එකට ලැබිච්ච හොද ප්‍රතිචාර නිසාම මට හිතුණා ඇක්ෂන් ගනයේ චිත්‍රපටයකට උපසිරැසියක් කරන්න. ඒ වගේ එකක් හොය හොය ඉද්දි මේක මට භාර දුන්නේ බයිස්කෝප් සිංහලෙන් සයිට් එකේ ඇඩ්මින් කෙනෙක් වුනු රවිදු හේෂාන් අයියා. ඉතින් එයාට ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා.

මේකේ ඔරිජිනල් පිටපත් ඇවිල්ලා ටික දවසක් වුනාට මේකේ උපසිරසියක් හරියට තිබුනේ නෑ. ඔරිජිනල් පිටපත ඩවුන්ලෝඩ් කරලා බැලුවට පස්සේ තමයි දෙවියෝ සිහි වුනේ. ඒ පිටපතේ ESub එකක් නෑ. දැන් මොකක්ද කරන්නේ කියලා කල්පනා කලාම කැමියක් හොයාගෙන ඒකේ ඒ ESub එක පිහිටෙන් පුංචි තෙලිගු දැනුමත් එක්කහු කරගෙන වැඩේට බැස්සා. ඒකෙන් සබ හදලා ඔන්න සින්ක් කළා ඈ.

එහෙනම් ඉතින් විස්තරේට යමු.

මේකේ නම Constable. 2025 ඔක්තෝම්බර් 10 වෙනිදා නිකුත් කරපු මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Aryan Subhan SK ගෙන්. එයයි කතාව ලියන්නේ. නිෂ්පාදනය Balagam Jagadish ගෙන්. සංගීතය Gyaani සහ Subhash Anand ගෙන්. මේකේ ධාවන කාලය මිනිත්තු 130ක්.

රංගනයෙන් Varun Sandesh, Madhulika Varanasi ට අමතරව Surya Kumar Bhagawan Das, Kalpa Latha, Muralidhar Goud ඇතුළු රංගන ශිල්පින් රැසක් රංගනයෙන් දායක වෙනවා.

Varun Sandesh ගේ මීලග චිත්‍රපට වෙන්නේ Yadbhaavam Tadbhavati වගේම Chitram Chudara යන ඒවා.

මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය 7.9/10 අගයක් ලබාදීලා තියෙනවා.

මේකේ ඔරිජිනල් පිටපත් නිකුත් වෙන්නේ ETV Win හරහා මේ අවුරුද්දේ ජනවාරි 29 වෙනිදා.

ඇත්තටම සමාවෙන්න මේක වෙලාවට දෙන්න බැරි වුණා නම්. මොකද එක ෆිලුමක සබක් භාර අරගෙන තිබිලා ඒකවත් කරගන්න බැරි තත්ත්වයක තිබුනේ. ඒ වගේම අධ්‍යාපනික වැඩ කටයුතුත් ගොඩ ගැහිලා ඒ ටික ඉවරයක් කරන ගමන් තමයි මේ වැඩෙත් කරන්නේ. යම් කිසි උපසිරසියක් දෙන්න බැරි වුනොත් ප්‍රේක්ෂක ඔයාලගෙන් මං සමාව ඉල්ලනවා.

එහෙනම් තවත් සබකින් ආයේ හමුවෙමු.

Constable (2025) Sinhala Subtitless

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP  පිටපත් සඳහා පමණක් වලංගු වේ.

2,869 downloadsDownload Constable-2025.zip49 KB

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඕෂද එරංග (Era Boy)” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2025-12-30

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Constable (2025) Sinhala Subtitles

Subtitles by

ඕෂද එරංග (Era Boy)

Subtitles

2,869 downloadsDownload Subtitles49 KB

2 comments

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි ඕෂද සහෝ ඔයගේ වැඩත් පාඩුකරගෙන මේකට සබ් හදල දුන්නට....
    ❤️❤️❤️

  2. Tharidu Sagara Sadalu

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤