Firebreak (2026) Sinhala Subtitles මාරා ඇතුළු ඇගේ පවුලේ අය වනාන්තරයක් මැද පිහිටි ඔවුන්ගේ නිවස විකුණා දමා යන්නට සූදානම් වන්නේ, මාරාගේ සැමියාගේ අභාවයෙන් පසු ඔවුන්ගේ ජීවිත අලුතින් ආරම්භ කිරීමේ අරමුණෙනි. නමුත් ඔවුන් බඩු බාහිරාදිය අසුරාගෙන පිටත්ව යාමට සූදානම් වන මොහොතේම, මුළු කැලයම වෙලාගන්නා දරුණු ලැව්ග…

Firebreak (2026) Sinhala Subtitles
මාරා ඇතුළු ඇගේ පවුලේ අය වනාන්තරයක් මැද පිහිටි ඔවුන්ගේ නිවස විකුණා දමා යන්නට සූදානම් වන්නේ, මාරාගේ සැමියාගේ අභාවයෙන් පසු ඔවුන්ගේ ජීවිත අලුතින් ආරම්භ කිරීමේ අරමුණෙනි. නමුත් ඔවුන් බඩු බාහිරාදිය අසුරාගෙන පිටත්ව යාමට සූදානම් වන මොහොතේම, මුළු කැලයම වෙලාගන්නා දරුණු ලැව්ගින්නක් ඇතිවෙනවා.
සියල්ලෝම වහාම එම ස්ථානයෙන් ඉවත් වීමට සූදානම් වනවිට, මාරාගේ 8 හැවිරිදි දියණිය වන ‘ලයිඩ්’ හදිසියේම අතුරුදහන් වී ඇති බව ඔවුන්ට දැනගන්නට ලැබෙනවා. ගින්න වේගයෙන් පැතිරෙන නිසා පොලිස් සෙවීම් කටයුතු ද නතර කර, වහාම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස පොලිසිය ඔවුන්ට නියෝග කරනවා. නමුත් තම ආදරණීය දියණිය කැලේ තනි කර දමා යන්නට මාරා කිසිසේත්ම සූදානම් නැහැ.
මේ අතරතුර ඔවුන්ගේ අසල්වැසියා වන සන්තියාගෝගේ අමුතු හැසිරීම් නිසා පවුලේ අයගේ සැකය ඔහු වෙත යොමු වෙනවා.
ලයිඩ්ට ඇත්තටම කුමක් සිදුවන්නට ඇත්ද?
ඇය ලැව්ගින්නට මැදි වුණාද? නැතහොත් අසල්වැසියා ඇයව පැහැරගත්තාද?
ලැව්ගින්න ඔවුන් වෙත ළඟා වීමට පෙර මාරාට තම දියණියව සොයාගත හැකි වේවිද?
ත්‍රාසය, කුතුහලය සහ මවකගේ අපරිමිත ආදරය මනාව කැටි වූ මේ චිත්‍රපටය, ත්‍රාසජනක (Thriller/Drama) චිත්‍රපට රසිකයින්ට වෙනස්ම අත්දැකීමක් ගෙන එනවා. අවසාන විනාඩිය දක්වාම කුතුහලයෙන් යුතුව නරඹන්න පුළුවන් මේ Firebreak (2026) චිත්‍රපටයට නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා!
මේ චිත්‍රපයට අදාල වීඩියෝ පිටපත අපේ ඩවුන්ලෝඩ් සයිට් එකෙන් වගේම අපේ ටෙලිග්‍රෑම් සමූහයෙන් ගන්නත් පුලුවන්.
*-* ජය ශ්‍රී *-*
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා අදාළ වේ.
721 downloadsDownload Firebreak-2026.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Firebreak (2026) Sinhala Subtitles
Subtitles by
යසිරු හසරංග
Subtitles
1 comment
Buddhika laKMal
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි යසිරු සහෝ උපසිරැසියට