ඔන්න යාළුවනේ මම මගේ 49 වෙනි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, මේක අරන් එන්න ටිකක් පරක්කු උණේ මේකට ඉංග්‍රීසි උපසිරසියක් මට අන්තර්ජාලයෙන් හොයා ගන්න බැරි උණ හින්ද. ස්පාඤ්ඤ එකක් අරන් ගූගල් පරිවර්තනයෙන් පරිවර්තනය කරන්න උණා. ඒකත් ලයින් එක එක! නැත්නම් පරිවර්තනය වෙන්නේ නැහැ. ඒකත් හරියටම නැහැ. චිත්‍රපටයත්…

ඔන්න යාළුවනේ මම මගේ 49 වෙනි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, මේක අරන් එන්න ටිකක් පරක්කු උණේ මේකට ඉංග්‍රීසි උපසිරසියක් මට අන්තර්ජාලයෙන් හොයා ගන්න බැරි උණ හින්ද. ස්පාඤ්ඤ එකක් අරන් ගූගල් පරිවර්තනයෙන් පරිවර්තනය කරන්න උණා. ඒකත් ලයින් එක එක! නැත්නම් පරිවර්තනය වෙන්නේ නැහැ. ඒකත් හරියටම නැහැ. චිත්‍රපටයත් බල බල තමයි මේ සිංහල උපසිරසිය හැදුවේ. ඒකනම් මාරම ජොලි. ඔයාලට හිතාගන්න පුළුවන්නේ. ඉතින් වැරදි අඩුපාඩුත් ඇති. මේක තමයි මේ චිත්‍රපට මාලාවේ 4 වැන්න. මේක IMDb වල ලකුණු 4.1ක් වැනි අගයක් තමයි ගන්න සමත් වෙලා තියෙන්නේ. අපි එහෙමනම් දැන් කතාව ගැන බලමු.
අපේ මේ විහිළු මනුෂ්‍යාගේ ගමේ වෙළඳ දැන්වීමක් රූගත කරන්න කට්ටියක් එනවා. එතන ඉන්න කාන්තාවක් ඔහුට කොකාකෝලා බෝතලයකට ප්ලාස්ටික් කුරුල්ලෙක්ව දාල දෙනවා. ඉන්පසු මෙයා වගේම ගමේ අයත් කියන්නේ කුරුල්ලව නිදහස් කරන්න කියල. ඔවුන් ඒ ගැන නොදන්නා හින්දා ඔහු ඇය සොයාගෙන යනවා. එතකොටම වගේ ඇය ඇයගේ රටට යන්න පිටත් වෙනවා. ඔහු කෙසේ හෝ ගුවන් තොටුපලට ගිහින් ඇය අසලටම යන විට ඇය වීසි කරන බෝතලය ඔහුගේ ඔළුවේ වැදී ඔහු කූඩයක් තුළට වැටෙනවා. ඉන්පසු අර කූඩය ගුවන් යානයට දානවා. ඔහුත් ඒකෙම හොන්ග් කොන්ග් වලට යනවා. ඒක තමයි ඔහුගේ පළමු ගුවන් ගමන. ඉන්පසු එහෙට ගියපසු ඔහුට වැරදීමකින් අනුන්ගේ දියමන්ති ටිකක් ලැබෙනවා. ඔහු ඒ මොනවාද කියල දන්නේ නැති උණත් ඒ ටික තියා ගන්නවා. දැන් අර මිනිස්සු මෙයා පස්සෙන් එනවා දියමන්ති ටික ගන්න. ඒ වගේම මෙයා අර ගැහැණු කෙනා හොයාගෙන කුරුල්ලව නිදහස් කර ගයිද? තව මොන මොන දේවල් වලට මෙයාට මුහුණ දෙන්න වෙයිද කියල බලන්න ඔයාලත් කැමතිනම් මේක අරගෙන බලන්න.
මෙහි 5වෙනි සහ අවසාන කොටසෙන් ඉක්මනින් හමුවෙමු.
අදහසක් දාල යන්න මොකද මේකට මම ගොඩක් මහන්සි උණා. ජයවේවා.
1,933 downloadsDownload Crazy.Hong_.Kong_.1993.baiscopelk.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිමුතු තරංග
Subtitles
29 comments
Imesh
චතුර මදුසංක
නියමයි සහෝ,
පට්ටයි වගෙයි,අනිවා බානවා.
එහෙනම් බොහෝම ස්තුතියිniro
patta machooo.. mahansi unata padu nehe.. alama ala.. ilaga 1th ikmanin dipan..
නලින්
නියමයි දිමුතු සහෝ 5 වෙනි කොටසෙන්ම 50ත් ඔන්න ඔහේ ගහලා දාන්න...
49න් 50ට යන ගමනට මගෙන් සුභ පැතුම්!
ජය වේවා!sandu
Prisoners of the Sun (2013) sub plz..........
mudiya/මුදියා
අනිව මේක නම් බලනව.
එහෙනම් බලමුකො අපේ දිමුතුවගෙ 50 කොහොම වෙයිද කියල.
ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!mindika
Thanks !!!!!!!!!!!!!!!!!!
Nisal lakshan
ela ela meka heta withara gannawa 50 gahanakan balan innawa ekata palaweni comment ekama danna :D
රොයිලි
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. තව එකයි එහෙනම් ඈ? 50 ට මොකක්ද දෙන්න හිතාගෙන ඉන්නේ? ජය෴෴ :P :P
“චූටී මල්ලි”
අම්ම්හ්..... එල එල
මේකනම් ජොලි ඇති තමා
තව 1යි නෙ රොබොකොපුත් ඇවිත්
තියෙන්නෙ 50 ගහන්න නියම භාන්ඩේ
සබට තුති
ඔබට ජය.......Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :)Anonymous
Meke original sub eka danna puluwanda...? Meke tyena eka weda karanne naa
Ravindu Heshan - Admin
Dan Wada
කේ.යූ.ජී. උදාර
මෙච්චර මහන්සි වුණ එකේ කමෙන්ට් එකක් නොදා යන්නෙ කොහොමද.........
ඊළඟ එකත් ඉක්මනට ම දීල ෆිෆ්ටියත් ගහමු දිමුතු.
බොහොම ස්තූතියි.upali
great..!!! v love you bro..!!!
Nandana
Thank You Dimuthu.
chamarasp
appata hudu.. menna God must be crazy eke 4th eka.. Download kirilla itin aniwa sure tamai... thnk u saho...
indika
thnq
mad
thannnxxxxxxxx mcn
Uraj Deemantha
:P හික්ස්...... පට්ටෙට ඈති..... බාගන්න ඕනා..... :D
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
ruchcha
thanku mchn. man asama film set ekak. Ikmanatama dapan saho 5th. oya hondai aahh...
Dushantha
meke 3 wen kotasa mata balanna labune na Plz bro eke link eka danawada mata down karaganna,,,,??
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍chanadana
niyamayi saho oyaa kalin deepu film thunama beluwa oyaata godaak sthUthiyi mEwata sub daala dhunnata mama godaak aasawen balapu film tikak mE
Niro
thnx macho meka nam patta film set ekak
sanjeewa
thank's yaluwe.......
Sameera Mayadunna
ඒ සුපිරි බන් සබට ගොඩක් පිං අහ්....!
isuru neranjan
tnx mcn
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පට්ට සහෝ...මම මේකේ කලින් ආපු 3 බැලුවා...මේකත් බාගෙන බලන්නම වෙනවා..