Watch Trailer

Crazy Rich Asians (2018) Sinhala Subtitles | මාන්නක්කාර ආසියාතිකයො! [සිංහල උපසිරැසි සමඟ]

රොමැන්ටික් කොමඩියක් බලමුද? නිකන් නෙවෙයි තේරෙන සිංහලෙන්ම? ලිපි කියවන්න කම්මැලි කට්ටියකුත් ඉන්නවනේ. ඒ අය වෙනුවෙන් කෙටියෙන්ම මේ ටික කියන්නම්. මේ අපි ගෙනාවේ Crazy rich asians 2018 කියන දැනට iMDb දර්ශකයේ ලකුණු 7 ක් හිමි කරගෙන ඉන්න, Golden globe සම්මාන 2කට නිර්දේශ වුන, ඒ විතරක් නෙවේ තවත් සම්මාන 37 කට නිර…

රොමැන්ටික් කොමඩියක් බලමුද? නිකන් නෙවෙයි තේරෙන සිංහලෙන්ම? ලිපි කියවන්න කම්මැලි කට්ටියකුත් ඉන්නවනේ. ඒ අය වෙනුවෙන් කෙටියෙන්ම මේ ටික කියන්නම්. මේ අපි ගෙනාවේ Crazy rich asians 2018 කියන දැනට iMDb දර්ශකයේ ලකුණු 7 ක් හිමි කරගෙන ඉන්න, Golden globe සම්මාන 2කට නිර්දේශ වුන, ඒ විතරක් නෙවේ තවත් සම්මාන 37 කට නිර්දේශ වුන, සම්මාන 6ක් දිනා ගත්ත සිනමා සිත්තමක්. Romance, comedy කිව්වම අපි බලාපොරොත්තු වෙන දේ දීලා තියන සිනමා සිත්තමක්.

ඉතින් crazy rich asians චිත්‍රපටයේ විනාඩි 120 ගත වෙන්නෙ රේචල් චූ කියන ආර්ථික විද්‍යා මහාචාර්‍යවරිය, තමන්ගෙ පෙම්වතාගේ පවුලේ අය හමුවෙන්න යන ගමනත්, එතනදී රේචල්ට මුහුණ දෙන්න වෙන අනපේක්ෂිත, අපූරු සිදුවීමුත් එක්ක. මේකට ප්‍රධානම හේතුව තමයි රේචල් හීනෙකින්වත් නොහිතූ විදියට නික් ඒ කියන්නෙ රේචල්ගෙ පෙම්වතා පැවත එන්නේ අතිශයෙන්ම සුපිරි (සල්ලි උඩ පීනන්න පුලුවන් තරමට) පෝසත් පවුලකින් වීම. රේචල් ආර්ථික විද්‍යා මහාචාර්‍යවරියක් වුනාට ඒ වගේ සුපිරි පවුලක් එක්ක පෑහෙන එක…? ඒක තමයි බලන්න වටින කතන්දරේ!

Crazy rich asians කියන්නේ ආසියාවේ බලපුළුවන්කාරයෝ ගැන මොනවට පෙන්නුම් කරන චිත්‍රපටයක්. හැබැයි දේශපාලනික විදියට නෙවෙයි. ආසියාව කියන්නෙ චීනය, කොරියාව, සිංගප්පූරුව හෝ ජපානය විතරක් නෙවෙයි. ඒත් ආසියාවේ බලපුළුවන්කාරයෝ කවුද කිව්වොත් ඒ රටවල් තමයි ඉදිරියෙන්ම ඉන්නේ. ඒ අතරිනුත් චීනය කියන්නෙ කොයි තරම් බලවතෙක් ද කියනව නම් නැපෝලියන් බොනපාට් චීනය හඳුන්වලා තියනවා නිදා ගෙන ඉන්න සිංහයෙක් විදියට. නිදා ගෙන ඉන්න සිංහයා ඇහැරව ගත්‍තොත් මොකද වෙන්නෙ කියල තේරෙනව ඇතිනේ..! නික් පැවත එන්නෙත් එහෙව් චීන රටේ නම්බුව, පරම්පරාගත උරුමය ගැන ඉහවහා ගිය අභිමානයකින් ඉන්න පවුලකින්. රේචල් බොහොම දක්ෂ කෙල්ලෙක්, තරුණ වයසෙදිම ආර්ථික විද්‍යා මහාචාර්‍යවරියක් වුනා කිව්වම ඒක පැහැදිලියිනේ. ඉතින් නිදා ගෙන ඉන්න සිංහයා ඇහැරව ගත්ත රේචල්ට සිංහයාගෙ ගොදුරක් වෙන්න වෙයිද? නැත්නම් ඒ සිංහයාව හීලෑ කරගන්න පුලුවන් වෙයිද?

උපසිරැසි ගන්වන වැඩ වලින් ටික කලකට ඈත් වෙලා ඉද්දී රවිදු රුක්ෂාන් මල්ලි තමයි උපසිරැසියේ බාගයක් කරමු කියලා යෝජනාව දැම්මේ. ඒ වගේම මේ චිත්‍රපටයේ එන බයිබල පාඨ සිංහලට පරිවර්තනේ කරලා දුන්නෙ ඉසුරු දිල්ෂාන්. ඉතින් කාලෙකට පස්සෙ අත ගහපු උපසිරැසිය බාගෙන, බලලා ඒ ගැන ඔයාලගෙ වටිනා අදහසුත් අපට කියන්න. එහෙමනම්, නැවත හමුවෙමු.

ආයුබෝවන්!

“Let her sleep, for when China wakes she will shake the world.”
~Napoléon Bonaparte

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

9,730 downloadsDownload Crazy-Rich-Asians-2018-Update.zip123 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට සහ “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

9,730 downloadsDownload Subtitles123 KB

28 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. Jayasanka

    මේක නම් මං මග බලාගෙන ඉදපු පිලුමක්. දැන් දැන් සබ දෙයි කියල මාස 3 ක් විතර බලන් හිටියා. සබ නැතුව බලනවා වෙලාවට මං ඉංග්‍රීසි දන්නෙ නෑනෙ. ගොඩක් ස්තුතියි සබට උන මහන්සියට.

  3. gihan perera

    මේ වගේ ෆිල්ම් නොබලා කොහොමද...ස්තුතියි උපසිරැසි දුන්නට සහෝදරී...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  4. Chamindu Madhushan

    Sub eka denakan maga balan hitapu filumak. Thank you sahodari..

  5. thilz

    thank u very much

  6. Chanu mikhail

    thanks

  7. harshani11112

    ස්තුති දෙන්නාටම..
    තෙරැවන්සරණයි

  8. Udisuru

    එනකම් මග බලාගෙන හිටියෙටැන්ක්ස්

  9. Eranda Malith 2.0

    sub ekata Thanks

  10. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxx

  11. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

  12. Deshani

    thank you

  13. Rukshan37

    Ela ela

  14. DILEKA

    උපසිරැසියට තුති.

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. isuru dilshan

    උපසිරැසිය වෙනුවෙන් ස්තූතියි දෙන්නටම!! යතා කාලයේ අනිවා බලන එකක්...බයිබල් පාඨ කිව්වට ඉතින් ලයින් 7.8යි තිබුනෙ..:-) ඒක පවා මතක් කලාට ස්තූතියි.. ජය ජය වේවා///

  17. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දෙන්නටම.
    ජයෙන් ජයම වේවා!

  18. M.W. Dilhani

    thanks both of you

  19. TharakaWAS

    SUb 1kata thanks...!!!
    Jaya wewa...!!!

  20. ricadodamien

    Thank U Ravidu brother & Helili Sister & baiscope team for the sub. it was good. love it. All the best to baiscope team.......

  21. AsithaDilruwan

    ela saho thanks

  22. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  23. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි .....!

  24. nirodha uthpala

    Thx for sub digatama sub denna labeva keya hadavatinma partana karanava obata jaya

  25. Nidi

    සතුටුයි, හොඳයි, ස්තුතියි!
    රවිඳු, හෙළලි.
    ඇත්තම කියනවා නං මේ film එක බලද්දී
    වැඩියත්ම හිතට වදින්නේ
    මෙහෙමත් කෝටිපතියෝ ඉන්නවද කියන කාරණාව.

  26. Anonymous

    thanks for sub

  27. salamuthu

    thank you aiye

  28. Sahan Gayantha

    thanks a lot brothers sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.