Watch Trailer

Culpa Tuya (2024) AKA Your Fault Sinhala Subtitles | ආදරේ කරන එක වැරැද්දක්ද? [සිංහල උපසිරසි] 18+ [50*]

Culpa Tuya (2024) Sinhala Subtitles දිනය – 2020 මැයි 22. මගේ පලවෙනි උපසිරැසිය බයිස්කෝප් අඩවියේ පළවුණු දවස. එතන ඉඳන් මේ පලවෙනි කඩයිමට ළඟාවෙන්න මට අවුරුදු 5කට ආසන්න කාලයක් ගත උනා. වැඩේ ලේසි නෑ. මේ බයිස්කෝප් අඩවියේ උපසිරැසි කඩයිම් 200,300,400,500 කරපු අපේ අනිත් සහෝදර සහෝදරියොත් එක්ක බලද්දි ඇත්තටම මේක…

Culpa Tuya (2024) Sinhala Subtitles  දිනය – 2020 මැයි 22. මගේ පලවෙනි උපසිරැසිය බයිස්කෝප් අඩවියේ පළවුණු දවස. එතන ඉඳන් මේ පලවෙනි කඩයිමට ළඟාවෙන්න මට අවුරුදු 5කට ආසන්න කාලයක් ගත උනා. වැඩේ ලේසි නෑ. මේ බයිස්කෝප් අඩවියේ උපසිරැසි කඩයිම් 200,300,400,500 කරපු අපේ අනිත් සහෝදර සහෝදරියොත් එක්ක බලද්දි ඇත්තටම මේක පොඩිම පොඩි කඩයිමක් විතරයි. උපසිරැසි කරන්න පටන් ගත්ත කාලෙ නම් සබ් 50ක් ගහන එක තුන් හිතකවත් තිබ්බ දෙයක් නෙවෙයි. ඒත් අර සබ් කරන එකත් කොටි වලිගෙ අල්ල ගත්ත වගේ වැඩක් කියන දේ තේරුනේ ටික කාලයක් ගියාට පස්සෙ. ඒත් නොදැනීම අවුරුදු කීපයකට පස්සෙ මේ කඩයිමට ලං වෙන්න මට පුළුවන් උනා. මේ කඩයිම තනියම ආව ගමනක් නෙවෙයි. මේ 50 වෙනි කඩයිමට එනකම් මට සහය දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට ගොඩක් ස්තූති වන්ත වෙනව මේ වෙලාවෙ. අපේ විමුක්ති සහෝ, චාමිකර අයියා, තිසර අයියා, රවිඳු සහෝ එයින් නම් කීපයක් විතරයි. ඒ වගේම බයිස්කෝප් වාසී ඔබ හැමෝටමත් ගොඩක් ස්තුති වෙනවා මේ අවුරුදු ගානම අපිත් එක්ක එකතු වෙලා හිටියට. ඉතින් මීට වඩා දේවල් කියන්න යන්නෙ නෑ. එකම ඉල්ලීම තමා කොමන්ටුවකින් අපිව දිරිමත් කරන්න කියන දේ තමා. මොකද ඔයාලගෙ කොමන්ටුවකින් තමා අපිට තව තව ඔයාල වෙනුවෙන් සබ් දෙන්න ආසාව ඇති වෙන්නෙ. දැන් ඒවා ඇති අපි ෆිල්ම් එක දිහාට යමු. මුලින්ම කියන්න ඕනෙ පරක්කු උනාට සමාවෙන්න ඕනෙ. අනික ඔයාල මේකෙ පලවෙනි ෆිල්ම් එක බලල නැත්තම් දැන්ම ගිහින් ඒක බලල එන්න. මොකද ඒක බලන්නෙ නැතුව මේක බලල වැඩක් නෑ. ඔයාලට තේරෙන්නෙ නැති වෙයි. ඒ වගේම මම පලවෙනි ෆිල්ම් එකේ හැඳින්වීමෙදි කිව්ව වගේ මේක පොත් තුනක් ආශ්‍රයෙන් නිර්මාණය වන සිනමාපට ත්‍රිත්වයක්. ඉතින් මේකෙ තුන්වෙනි ෆිල්ම් එක 2026 අවුරුද්දේ බලාගන්න පුළුවන් වෙයි. ඒකටත් අනිවාර්යෙන්ම උපසිරැසි අරගෙන එන්නම්. විශේෂයෙන් කියන්න ඕනෙ මේක ගොඩක්ම තනියම බලනව නම් හොඳයි. මේකෙ පලවෙනි එක බැලුව නම් ඒ ඇයි කියල තේරෙයි. පලවෙනි ෆිල්ම් එක ගැන පොඩිම පොඩි හැඳින්වීමක් මන් කරන්නම්. රෆායෙල් එයාගෙ දුව වෙන නෝවා එක්ක තමන්ගේ අලුත් ස්වාමියා වෙන විල් ගෙ ගෙදර පදිංචියට යනවා. එතකොට විල්ට ඉන්නවා පුතෙක්. එයාගෙ නම නිකලස්. නැත්තම් නික්. මුලින් මුලින් අයියයි නංගියි වලියට බර වෙලා හිටියට පස්සෙ පස්සෙ දෙන්නට දෙන්න නැතුවම බැරුව යනවා. ඒත් දෙන්නගෙම දෙමව්පියන් මේකට වැඩිය කැමැත්තක් දක්වන්නේ නෑ. ඒත් ඒ දෙන්නට ඒවගෙන් වැඩක් නෑ. දෙන්න එකතු වෙලා තීරණයක් ගන්නවා. ඉතින් එතනින් තමා පලවෙනි ෆිල්ම් එක ඉවර වෙන්නෙ. මේ ටික කියවලා අපෝ මේක හරියන්නේ නෑ කියල හිතන්න එපා. මන් කෙටිම කෙටි හැඳින්වීමක් විතරයි කරේ. එතනින් එහාට වෙන දේ ඉතින් මේ දෙවැනි ෆිල්ම් එක බලලම දැනගමු. පලවෙනි ෆිල්ම් එකේ සුපුරුදු චරිත ටික වගේම අලුත් චරිත කීපයක් අලුතෙන් මේ සැරේ ෆිලුමට එකතු වෙනවා. ඒ චරිතත් එක්ක මේ සැරෙත් නියමට ෆිලුම ගලාගෙන යනවා. දැන් තියන වැඩත් එක්ක ආයෙ කවදා සබ් එකක් කරන්න පුළුවන් වෙයිද කියල දන්නෙ නෑ. ඒත් පුළුවන් උන ගමන් තව ෆිලුමකට උපසිරැසි ගේන පොරොන්දුව දෙනව වගේම මේ හිටිය වගේ හැමදාමත් බයිස්කෝප් අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න කියල ඉල්ලන ගමන් දැනට නවතිනවා. හැමෝම පරිස්සමින් ඉන්නෝ..!! Culpa Tuya (2024) Sinhala Subtitles 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,184 downloadsDownload Culpa-Tuya-2024.zip48 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Culpa Tuya (2024) Sinhala Subtitles 

Subtitles by

සුජිත් ප්‍රියංකර

Subtitles

7,184 downloadsDownload Subtitles48 KB

12 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    කඩයිමට උණුසුම් සුබ පැතුම් සහෝ
    හෙමින් හෙමින් හරි ඊළග එකටත් එමු ඔහොම්ම
    සියළු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල පතනවා
    ජයවේවා!!!

    1. Anonymous

      Meke first film ekahoyagnne khomda
      khomda

  2. Supun

    Gemmak tamai... Jaya weewaa... 50 weni upasirasiyata suba pethum...!!! ❤️❤️❤️❤️

  3. Kavindu Nethmina

    Sub Ekata Thanks Bro..50 weni Sub Ekata congratulations ...thawath supiri film ekaka sub ekak denna

  4. PCVENOM

    Congrats for 50

    waiting another 50 !!!!

  5. Buddhika laKMal

    50වෙනි උපසිරැසියට සුබපැතුම් සුජිත් සහෝ........
    කොහොමින් කොහොම හරි ඉඩක්තියෙනවෙලාවට තවත් සබ් ගේමු....
    ඔයාගේ සියලුවැඩකටයුතු සාර්තක වෙන්න කියලා පතනවා....
    මේ උපසිරැසියටත් ස්තූතියි....
    ජයවේවා........

  6. Nadun Gunawardana

    My Fault:London එකෙත් ඕනේ..

  7. Chamara

    මොකක්ද පළවෙනි ෆිල්ම් එක මේකට අදාල,????

  8. එල්. සී. ‎දමැල්

    සමාවෙන්න ඕණ කමෙන්ට් එකක් දාන්න සෑහෙන ප්‍රමාද වුණාට...
    50වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් සුජිත් සහෝ! :)
    සබ් එකටත් ස්තුතියි!
    100ත් ඉක්මනින් ගහන්න සහ අනිත් සියලු කටයුතුත් සාර්ථකව කරගන්නටත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජය ✌

  9. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    50 වන සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  10. Ruchira

    Thanks for the sub!!!!!

  11. methu

    Meka balanne kohomda