The Damned (2024) Sinhala Subtitles බයිස්කෝප්වාසී හැමෝටම සුබ දවසක් වේවා! කොහොමද ඉතිං? හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඔන්න එහෙනම් ලැබුනු විවේකයෙන් ඔයාලට තවත් හොරර් ෆිල්ම් එකක් උස්සගෙන ආවා. ඇත්තටම මේක හොරර් ෆිලුමක්ම කියලා කියන්නත් බෑ. මොකද මේ සලරුව නිර්මාණය වෙලා තියෙන්නේ නෝර්වීජියානු මිත්‍යා ප්‍රවාද…

The Damned (2024) Sinhala Subtitles 

බයිස්කෝප්වාසී හැමෝටම සුබ දවසක් වේවා! කොහොමද ඉතිං? හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඔන්න එහෙනම් ලැබුනු විවේකයෙන් ඔයාලට තවත් හොරර් ෆිල්ම් එකක් උස්සගෙන ආවා. ඇත්තටම මේක හොරර් ෆිලුමක්ම කියලා කියන්නත් බෑ. මොකද මේ සලරුව නිර්මාණය වෙලා තියෙන්නේ නෝර්වීජියානු මිත්‍යා ප්‍රවාදයක් ආශ්‍රය කරගෙන. ඒ වගේම මේක කාගෙවත් වැඩි අවධානයකට ලක් නොවුනු හොඳ නිර්මාණයක් කියලා කියන්න පුළුවන්. ඉතිං හොල්මන් ෆිල්ම් බලන්න ආස අපේ යාළුවෝ හැමෝම මේකට කැමති වෙයි කියලා හිතනවා. එහෙනම් කතාව ගැන කියන්න කලින් මේ චිත්‍රපටයේ තොරතුරු ටිකකුත් බලලා ඉමු.

The Damned ෆිල්ම් එක මේ වෙද්දි 6.0ක හොඳ IMDb අගයක් සහ රොටන් ටොමෑටෝවල 90%ක් වගේ දැවැන්ත අගයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම මේක Folk Horror කාණ්ඩය යටතේ තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. ඔයාලා The Ritual (2017), The Witch (2015), Sleepy Hollow  (1999) සහ Midsommer (2019) වගේ ෆිල්ම් බලලා තියෙනවනම් මේකත් අන්න ඒ වගේ ෆිලුමක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Thordur Palsson මහත්මයා විසින්. ඒ වගේම මෙහි Odessa Young ඊවා ලෙසත්, සුපතල පීකී බ්ලයින්ඩර්ස් කතා මාලාවේ ජෝන් ශෙල්බි ලෙස රංගනයෙන් දායක උන Joe Cole ඩැනියෙල් ලෙසත්, Game of Thrones කතාමාලාව තුලින් සැන්ඩෝර් “ද හවුන්ඩ්” ක්ලේගන් ලෙස ජනාදරයට පත්වුන Rory McCann රැග්නා ලෙසත් රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටය ඇමරිකාව තුල නිකුත් වෙන්නේ මේ මාසේ 03 වෙනිදා. අඩු බජට් එකකින් නිමවුන මේ සලරුව මේ වෙද්දි ඩොලර් මිලියන 1.3ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගෙන තියෙන බවත් මතක් කරන්න ඕන.

මේ සලරුව අයත් වෙන්නේ Folk Horror කාණ්ඩයට කියලා මම කිව්වනේ. ඉතිං මේ පැරණි මිත්‍යා ප්‍රවාද වලින් නිර්මාණය උන චිත්‍රපටි රැසක් අපිට දකින්න ලැබිලා තියෙනවා. ඒ අතර නෝර්වීජියානු ප්‍රවාද ලොවපුරා අතිශය ජනප්‍රිය බව හැමෝම දන්නවනේ. ඒකට උදාහරණ විදියට තෝර්, ලෝකි, ඔඩින්, බෝර්, ෆ්රීගා වගේ චරිත පෙන්නන්න පුළුවන්. ඩෘගර් කියන්නෙත් අන්න ඒ වගේ නෝර්වීජියානු ප්‍රවාද වල එන රාක්ෂ චරිතයක්. ඈත කාලයේ මුහුදේදි අනතුරු වලින් මියයන නාවිකයන්ව නිසි ලෙස භූමීදානය කරේ නැත්තම් එයාලව ඩෘගර් විසින් නැගිට්ටවනවා කියලා ඔවුන් විශ්වාස කලා. ඒ කියන්නේ කොටින්ම ඒ මළසිරුරු සොම්බින් වගේ තත්වෙකට පත් වෙනවා. ඒ වගේම ඩෘගර් විසින් තමන් අවට ඉන්න හැමෝගෙම මනස වියවුල් කරලා මැරෙන තැනටම පත් කරන බවත් සඳහන් වෙනවා. ඉතිං මේ දේ වලක්වන්නනම් නාවිකයෙක් මියගියාම ඔහුගේ මළසිරුරේ පතුල් වලට යකඩ ඇණ ගහලා, ගැටයක් යෙදූ ලණු වලින් ඔහුව ගැටගහලා, මිනී පෙට්ටිය තුන් වතාවක් කරකවලා වලලන්න ඕන කියලා විශ්වාසයක් තියෙනවා.

ඊවා කියන්නේ 19 වන සියවසේ ආක්ටික් බොක්කේ තියෙන මසුන් අල්ලන තිප්පොලක අයිතිකාරි. ඇත්තටම මේක එයාගේ සැමියට අයිති එකක් වගේම එයා දැන් මිය ගිහින් නිසා ඊවා තමයි මේ තැන බලාගන්නේ. දවසක් මේ තිප්පල ගාව අයිස් පරයක ගැටිලා නැවක් අනතුරට පත්වෙනවා. එතනින් පස්සේ ඊවටයි, එයාගේ කණ්ඩායමටයි මේ ඩෘගර්ගේ ශාපයට මූණ දෙන්න සිද්ධ වෙන විදිය ඔයාලට මේ සිනමාපටයෙන් බලාගන්න පුළුවන්. එහෙනම් ඉතින් මට යන්න අවසරයි. මේ ෆිලුම මට වෙන් කරලා දුන්න රවිදු හේශාන් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා වගේම කොමෙන්ටුවක් කොටාගෙන යන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. වාසනාවක් තිබුනොත් තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා!

Den of Thieves 2: Pantera (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,432 downloadsDownload The-Damned-2024.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Kraven the Hunter (2024) Sinhala Subtitles

Subtitles

2,432 downloadsDownload Subtitles23 KB

7 comments

  1. අවිශ්ක

    ස්තූතියි sub එකට

  2. Buddhika laKMal

    අඩේ.. තෑන්ක්ස් මචං මේකට සබ් දුන්නට..............

  3. SAVI ZX

    ස්තුතියි සබ් එකට යාළු ❤️

  4. Buddhika laKMal

    thanks machan sub ekata

  5. Bimsara Yashan (ඔලිව)

    එක දිගට සුපිරිම ෆිල්ම් ටිකක් ගෙනත්නේ. මේක නම් මරු වගේ. අරන්ම බලන්න ඕනෙ. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි.

  7. Nishan Sameera

    ●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.