Watch Trailer

Daylight (1996) Sinhala Subtitles | ඔයාගේ හුස්ම අල්ලගන්න [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා බයිස්කෝප් යහළු යෙහෙලි හැමෝටම. ඔන්න මම අදත් ඔයාල වෙනුවෙන් තවත් බටහිර චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. පරණ ක්‍රියාදාම චිත්‍රපට බලන ඔයාල වෙනුවෙන් මං අරන් ආවේ සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ 1996 තිරගත වුනු Daylight කියන චිත්‍රපටය. ස්ටැලොන් කිව්වම ඉතින් ඇක්ෂන්ම තමයි නේද. ඔව් මේකෙත් හොද…

ආයුබෝවන්.. සුබ දවසක් වේවා බයිස්කෝප් යහළු යෙහෙලි හැමෝටම. ඔන්න මම අදත් ඔයාල වෙනුවෙන් තවත් බටහිර චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. පරණ ක්‍රියාදාම චිත්‍රපට බලන ඔයාල වෙනුවෙන් මං අරන් ආවේ සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ 1996 තිරගත වුනු Daylight කියන චිත්‍රපටය. ස්ටැලොන් කිව්වම ඉතින් ඇක්ෂන්ම තමයි නේද. ඔව් මේකෙත් හොද ක්‍රියාදාම ටිකක් බලාගන්න පුළුවන්.

ලතුරා එහෙමත් නැත්නම් කිට් ලතුරා ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්. එක ගමන් වාරයකදී මැන්හැටන් සහ නිව් ජර්සි අතර දිවෙන උමං මාර්ගයේ පිපිරීමක් වෙනවා. මේ උමග තියෙන්නේ ගඟක් යටින්. මෙහිදී ඉක්මනටම ක්‍රියාත්මක වෙන ලතුරා තුවාල කරුවන් බේරාගන්නවා. එතනදී ඔහුව හදිසි වෛද්‍ය සේවයේ කෙනෙක් අඳුරගන්නවා. පසුව වැටහෙන්නේ කිට් ලතුරා යනු කලින් හදිසි වෛද්‍ය සේවයේ වැඩ කරපු දැන් සේවයෙන් පහ කරපු කෙනෙක්. මේ වන විට උමගේ මැද්දේ හිරවුනු කණ්ඩායමක් ඉන්නවා. කිට් ස්වෙච්චාවෙන් ඒ අයව බේර ගන්න ඉදිරි පත් වෙන්නේ තමන් සේවය කරපු කාලයේ මේ උමගේ පෙර පුහුණුවීමක් කල අයෙක් නිසයි. ඉතින් කිට් ගේ වීර වික්‍රම ටික බලා ගන්න නම් ඔයාලට Daylight චිත්‍රපටය බලන්නම වෙනවා.

ඉස්සර චිත්‍රපටවල ගොඩක් දුරට පරිගණක ආශ්‍රිත විශේෂ ප්‍රයෝග දර්ශණ නැහැ. ඒ නිසා මහා වතුර කඳක් වුනත්, පිපිරුමක්, ගිනි ජාලාවක් වුනත් බොහොම තාත්වික විදියට තියනවා. මෙවැනි චිත්‍රපට වල අගේ අන්න ඒ නිසයි. සිල්වෙස්ටර් ස්ටැලෝන් මේ චිත්‍රපටයේ කිට් ලතුරා ලෙස රඟපානවා. නමුත් චිත්‍රපටයේ අධ්‍යක්ෂකට ඕන වුනේ මෙය නිකොල්ස් කේජ් සමඟින් රූගත කරන්නයි. යුනිවර්සල් සමාගම එයට එතරම් යහපත් ප්‍රතිචාරයක් දක්වා නැහැ. එයාල කියලා තියෙන්නේ කේජ් චරිතාංග නලුවෙක් බවත් ස්ටැලෝන් වාණිජමය නලුවෙක් බවත් නිසා චිත්‍රපටයේ සාර්ථකත්වයට ස්ටැලෝන් සුදුසු කියලයි.

ඊට අමතරව Amy Brenneman මැඩී හෙවත් මැඩ්ලින් ලෙසත්, Viggo Mortensen රෝයි නොර්ඩ් ලෙසත්, Dan Hedaya ෆ්‍රෑන්ක් ලෙසත්, Stan Shaw ජෝර්ජ් ටයිරෙල් ලෙසත්, Jay O. Sanders ස්ටීවන් ලෙසත්, Karen Young සේරා ලෙසත්,Danielle Harris ඈෂ්ලි ලෙසත්, Vanessa Bell Calloway ග්‍රේස් ලෙසත්, Sage Stallone වින්සන්ට් ලෙසත් රංගනයෙන් දායක වනවා. මෙහි Sage Stallone යනු සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ වැඩිමහල් පුත්‍රයායි.

Leslie Bohem විසින් රචිත John Davis, David T. Friendly සහ Joseph M. Singer ගේ නිෂ්පාදනය කල මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Rob Cohen විසිනි. 1996 දෙසැම්බර් 06 වන දා එක්සත් ජනපදයේ තිරගත වීම ආරම්භ වූ මෙම චිත්‍රපටය විනාඩි 109 ක ධාවන කාලයකින් යුක්තය. ඩොලර් මිලියන 80ක වියදමින් තැනූ මෙය ඩොලර් මිලියන 159.2ක ආදායමක් ලැබීමට සමත් විය. මෙම චිත්‍රපටය මේ වන විට IMDb 5.9ක අගයක් ලබාගෙන ඇත.හොඳයි.. අදට මං නවතින්නම්.. ආයෙත් දවසක තවත් චිත්‍රපටයකට සිංහල සබ් එක්ක මං ඔයාලව බලලා යන්න එන්නම්. එතෙක් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා..

~ ජය වේවා ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

1,884 downloadsDownload Daylight-1996.zip48 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

1,884 downloadsDownload Subtitles48 KB

10 comments

  1. Suranjan

    Thanks jayawewa......!

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  3. Shamal manojan

    මේ ලබාදුන්නු උපසිරැසියට බොහොම ස්තූතියි.........

    Sylvester Stallone ගේ Rocky Balboa 2006 චිත්‍රපටයට උපසිරැසි දෙන්න පුලුවන්ද?

  4. indika75

    thanks..

  5. instant

    ස්තුතියි සහෝ.....

  6. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට..!!

  7. Pramukmili

    Thanxxxxxxxxxxxxxx bro..............

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Dewadithya

    Thanks for sub!

  10. jagath55

    Thanks