අදුරේ මාතාව එහෙමත් නැත්තන් අදුරට උපන් මව ගැන ඔයාල හැමෝම වගෙ අහල ඇති. නෑ අහල තියෙනවා නමුත් අදුරේ මාතාව විදිහටනම් නෙමේ. 01) කළු වත හැදි කත ඔව් කළු වත හැදි කත ගැන බොහොම අය අහල ඇති. නැත්තන් Woman in black . මම හිතනවා දැන් මතකෙට එන්න ඇති කියලා. හරි මොකද්ද මේ කළු වත ඇදි කතයි […]

අදුරේ මාතාව එහෙමත් නැත්තන් අදුරට උපන් මව ගැන ඔයාල හැමෝම වගෙ අහල ඇති. නෑ අහල තියෙනවා නමුත් අදුරේ මාතාව විදිහටනම් නෙමේ.
01) කළු වත හැදි කත

ඔව් කළු වත හැදි කත ගැන බොහොම අය අහල ඇති. නැත්තන් Woman in black . මම හිතනවා දැන් මතකෙට එන්න ඇති කියලා. හරි මොකද්ද මේ කළු වත ඇදි කතයි අදුරු මාතවයි ඇති සම්බන්ධය. ගොඩක් සම්බන්දයි. නමුත් ජනප්‍රවාද වලට අනුව වෙනස්.
චරිත දේකේම පාදක වෙන්නෙ එක සිද්දි වුනාට යම් යම් තැන් වල නොගැලපීම් තියෙනවා. හේතුව ඉහත මතක් කරල දුන්නා වගේ ජනප්‍රවාදයි. මේ කළු වත හැදි කත පිලිබදව මූලික වන චරිතය ගොඩනැගෙන්නේ බ්‍රිතාන්‍යයෙන්. එක්තරා ගැමි ප්‍රදේශයක මෙම කියන කළු පැහැති සළුවක් හැදගත් ගැහැණියක් සැරිසරන බවට ජනප්‍රවාද වල සදහන් වෙලා තියෙන විදිහට මුලින්ම මේ කාන්තාව දැකලා තියෙන්නේ ගොවිපලක අයිතිකරුවෙක්. වැඩ නිම වී නිවසට එන ගමන් මගේ මෙම කාන්තාව සිට තිබෙනවා. අගල් දයහක් පමණ අවකාශයක පාවෙමින් සිටි මෙම කාන්තාව දුටු මේ ගොවිපල් හිමියා සිහිය නැතුව බිම ඇද වැටී තිබෙනවා. ඉන්පසු අත්භූත විදිහට කුඩා ලමුන් අතුරුදහන් වෙන්න පටන් අරන් තියෙනවා. ඉන් අනතුරුව මේ ගමේ ජනතාව සවස 6න් පස්සේ ගමන් බිමන් යන එක සදහටම නවත්වලා තියෙනවා.
02) අදුරු මාතාව

මම කතාවේ මූලිකව පාදක වෙන මේ අදුරු මාතාව පිලිබදව දෙවනුවට කතා කරන්න හිතුවේ කළු වත හැදි කත ගැන මුලින් මතක් කරල ඉන්න එක හොදයි කියලා මට හිතුනු නිසා. හරි කවුද මේ අදුරු මාතාව කියන්නේ? අදුරට අධිපති මාතාව..ජීවත් වෙන්නේ සාමාන්‍ය මනුස්සයෙක්ට ජීවත් වෙන්න බැරි කටුක පරිසර භූමි වල. ඒ වගේම ඉතා අප්‍රසන්න ස්ථාන වල. එක් පැත්තකින් මැය මයාකාරියක් විදිහටත් සදහන් වෙනවා. මැයට හැකියි ඕනෑම ශරීරයකට ඇතුල් වෙලා ජීවමානව ජීවත් වෙන්න.
මෙම අත්භූත කාන්තාවට හැකියි කුඩා ලමුන් හැර මැදි වියේ මිනිසුන්ගේ සිත් තුල ඒ ඒ අය ආදරය කරන දේවල් අමතක කරලා දාන්න. ඒක වෙන්නෙ කොහොමද කියලා කාටවත් හිතා ගන්න බැරි විදිහේ දෙයක්. කොහොම නමුත් මැය ඒ මිනිසුන්ගෙ සිත් වලින් අමතක කරන්න මූලික වුනේ තමන්ගේ ආදරනිය දරුවන් වගේ තමුන් ලගින් ආදරය කරන මතකයන්. මෙම කාන්තාව හමුවෙන්නේ මෙක්සිකෝවේන්.
එක් එක් ප්‍රදෙශවල මෙම කාන්තාව එක් එක් නාමයගෙන් හැදිවුවා. තවත් මිනිසුන් අදුරු මාතාව අයදින්න පුරුදූ වී සිටියා. සමහරු විශ්වාස කලා මැය දෙවගනක් විදිහටත්.
04) කදුලු සලන ගැහැණිය
ගොඩ දෙනෙක් ඇය ගැන දන්නවා ඇති. හුග දෙන්නෙක් දන්න ලා ලොරෝනාගේ මහ රාත්‍රී අදෝනාව හුග දෙන්නෙක් දන්නවා ඇති. විටෙක කදුලු සලමින් සිටින්නේ ඇගේ දරුවන් අහිමි වීමේ වේදනාවෙන් බව මතයක් ඇත. එම වේදනාව තරහවක් ඇති කර ගනිමින් දරුවන් ඇය වෙත ගෙන්වා ගන්නා ඇය පසුව ජලයෙන් ගිල්වා මරණයට පත් කරයි. ජනප්‍රවාද වල කියැවෙන්නේ ඇගේ දරුවන්ද ජලයේ ගිලි මියගොස් ඇති බවයි.
ඉතින් යාලුවනේ මේ චිත්‍රපටය පාදක වෙලා තියෙන්නේ අදුරේ මාතාව වටයි. ජාත්‍යන්තර සිනමා වර්ගීකරණයේ 6.0/10 වගේ විශාල ලකුනු මට්ටමක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම කුනු තක්කාලි අගයත් 76% ක් ලබා ගන්න සමත් වෙලත් තියෙනවා. 2019 වසරේ ජූලි 29 කැනඩාවේදී තමා මුල් තිරගත වීම ප්‍රදර්ශනය වෙල තියෙන්නේ. ඒ වගේම Deadhead, Smush, Secrets of fenville චිත්‍රපට අධ්‍යක්ෂ විදිහට කටයුතු කරලා තියෙන Drew T.Pierce සහ ඉහත චිත්‍රපට වල සම අධ්‍යක්ෂ තනතුරු වලට පන පෙවූ Brett pierc ය.
ප්‍රධාන රංගන දායකත්වය
01) John paul howard
* Midnight taxas (2017) , * Hell or high water (2016), * Walk ride redeo (2019)
02) Piper curda
* I dont do it (2014), * Youth & Consequences (2018), * Teen beach (2015)
03) Jamison jones
* Hollywood homicide (2003), * He was a quiet man (2007), * The whispers ( 2015)
යන නළු නිලි කැල රංගනයෙක් දායක වෙනවා. තව අය ඉන්නවා.
හොදයි කතාව පැත්තට හැරෙමු. බෙන් සහ ඔහුගෙ පියා සේවය කරන්නේ යාත්‍රා කුලියට දෙන ආයතනයක. බෙන්ගෙ අම්මා එයාගෙ පියා එක්ක වෙන් වෙලා ඉන්නේ. ඒ අතරේ බෙන්ගෙ අල්ලපු ගෙදරට නිවාඩුවක් ගත කරන්න එක්තරා පවුලක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ පවුලේ අම්මයි පුතයි වනාන්තරයක සංචාරයක් කරල එන අතරතුර මැරිච්ච ලොකු ගෝනෙක් හම්බවෙලා ඒ ගෝනාව ගෙදර අරන් එනවා. ඔතනින් තමා කතාවේ සහ විනාශයේ අරම්භය පටන් ගන්නේ.. කතාව පටන් ගන්න එක අවසානෙට සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න දරපු උත්සහය ඇත්තටම සාර්ථක වෙලා තියෙනවා. එතනින් එහාට මම කතාව කියන එක නවත්වන්නම්..එහෙම නැති වුනොත් රසය නැති වෙනවා.
එහෙනම් මම ගිහිල්ලා එන්නම්..හැමෝටම ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම WEB පිටපත් සඳහා අදාළ වේ.
3,490 downloadsDownload The-Wretched-2019.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ ලක්ෂාන් (ධනු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-06-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ධනුෂ ලක්ෂාන්
Subtitles
14 comments
Hashan M. Priyadarshana
Suranjan
Thanks jayawewa....!
suranuwan
thanks bro..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Parneeth
Tks bro rick n morty ekata sub dennako kauru hari
indika75
thanks..
Dianadias
Thank you
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALNATH
Thanks .........................good luck .......................
Thanks
මුලින්ම කියන්න ඕනේ සබ් එකට බොහොම ස්තූතියි. මේ comment එක දාන්න හිතුවේ සබ් එක කරපු කෙනාට ඉස්සරහට තවත් හොදට සබ් කරන්න හැකියාව ලැබෙන්න කියලයි. ඒ නිසා මේක critic එකක් විදියට මිසක් සබ් එක කරපු කෙනාට කරපු අපහාසයක් නෙවෙයි කියලා සලකනවා නම් බොහොම නිවැරදියි. මුලින්ම කියන්න ඕනේ මට තේරුණ විදියට මේ සබ් එකේ ගොඩක් dialogues, Google translate පාවිච්චි කරලා තමයි කරලා තියෙන්නේ. මම ඒකට වැරදියි කියන්නේ නෑ, නමුත් එහෙම කලාම ගොඩක් ඒවා translate වෙන්නේ වැරදියට. ඒ හේතුව නිසා ෆිල්ම් එකේ ගොඩක් තැන් හරියට තේරුම්ගන්න බැරි වුණා. උදාහරණයක් විදියට original subtitle එකේ එක dialogue එකක කියනවා "how to drive a stick" කියලා, මේක සින්හල subtitle එකේ තියෙන්නේ "ඔයා පොල්ලකින් පදවනවා වගේ" කියලා. නමුත් ඇත්තටම ඒකෙන් කියන්නේ manual වාහනයක් එලවනවා කියන එක. ඒ වගේ ගොඩක් තැන් තිබුණා. ඒ නිසා ආයෙමත් සබ් කරපු කෙනාට ස්තුති කරන ගමන් මේ comment එකත් ඉස්සරහට කරන සබ් වලදී සලකලා බලන්න කියලා ඉල්ලන්න කැමතියි. Good luck!
විමා
ඇඩ්මින් මඩුල්ල වෙනුවෙන්,
බොහොම ස්තුතියි සහෝ මේ අඩුපාඩු පෙන්වාදීම සම්බන්ධව.
අපි මේ සම්බන්ධව උපසිරසිකරුවාගේ අවධානයට යොමුකලා.
ඉදිරියටත් මෙවැනි සහයෝගයක් බලාපොරොත්තු වෙනව අපි.
නැවතත් බොහොම ස්තුතියි. :)
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Wretched (2019) with sinhala subtitles | අදුරේ මාතාව [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/The-Wretched-2019.jpg)
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ... මේ අතරින් කැමති film එකකට සබ් දෙනවද බ්‍රෝ..
* Dark Floors (2008)
* Uninhabited (2010)
* The Eye (2002) [The Eye 2008 english film එකේ original japanese film එක]
* Primer (2004)
* Unseen (2016)
* Relic (1997)
* The Cured (2017)
* The First Wave (2014)
* Still/Born (2017)
* Unsane (2018)
* Contracted (film series)
ජය වේවා.!