ආයුබෝවන් යාළුවනේ! අද මම ඔයාලට ගේන්නේ හොලිවුඩ් සිනමාවේ බිහිවුණ ප්‍රබල සිනමා නිර්මාණයක්. මේක crime drama වර්ගයේ චිත්‍රපටයක්. මුලින්ම කියන්න ඕනේ මගේ පළමු උපසිරැසි නිර්මාණයෙන් ඔයාලට ගෙනාපු Enemy of the State චිත්‍රපටයට ඔයාලගෙන් වටිනා comments මට ලැබුණා. ඔයාලා මට ඒ කරපු සුබ පැතුම්, දිරි ගැන්වීම් හැම එකක…

ආයුබෝවන් යාළුවනේ! අද මම ඔයාලට ගේන්නේ හොලිවුඩ් සිනමාවේ බිහිවුණ ප්‍රබල සිනමා නිර්මාණයක්. මේක crime drama වර්ගයේ චිත්‍රපටයක්. මුලින්ම කියන්න ඕනේ මගේ පළමු උපසිරැසි නිර්මාණයෙන් ඔයාලට ගෙනාපු Enemy of the State චිත්‍රපටයට ඔයාලගෙන් වටිනා comments මට ලැබුණා. ඔයාලා මට ඒ කරපු සුබ පැතුම්, දිරි ගැන්වීම් හැම එකකටම මම මගේ හෘදයාංගම ස්තූතිය පල කරනවා. ඇත්තටම ඒවා නිසා තමයි මට මේ දෙවන උපසිරැසි නිර්මාණය කරන්නත් ශක්තිය ලැබුණේ. අපි දැන් අද ගෙනෙන චිත්‍රපටය ගැන බලමු.
ලෝකයේ බුද්ධිමත්ම සත්වයා මිනිසා වුණත් සමාජයේ දකින්න තියෙන්නේ සැබෑ මිනිසත්කම කියා දෙන අක්මුල් ගැලවී යන මිනිසත්කම දියාරු වී යන තත්වයක්. මිනිසත්කම ඇදබැද තියාගත් යහපත් සාරධර්ම, ආකල්ප, හැසිරීම් වගේම අනිත් වටිනා මුල් විතරක් නෙවෙයි, ඒ හැම එකකටම ජීවය දෙන ආගම ධර්මයේ සාරයද මිනිසා උරාගන්න බවක් නම් පේන්න තියෙනවා අඩුයි. කොටින්ම දැන් සමාජය අරාජික වෙලා සාපරාධි ක්‍රියාත් හැමතැනම ඔඩු දුවනවා. ගුණාත්මක සිනමාවක එක කාර්යයක් වෙන්නේ මේ සමාජය ගැන මිනිසා ගැන තියෙන සත්‍යය පෙන්වලා මිනිසුන්ට යහමඟ යන්නට රුකුලක් දෙන එකයි. අපි ආස කරන විවිධාකාර චිත්‍රපටි බලන අතරේ මේ වගේ වැදගත් චිත්‍රපටි බලන එකත් කොතරම් වටිනවද? Dead Man Walking චිත්‍රපටය මං නොවරදවාම බලන්න කියන්නේ ඒ නිසයි.
මේ චිත්‍රපටය විවාදයට ලක් කල හැකි එකක් බව කියන්න පුළුවන්. හේතුව මේ චිත්‍රපටයේ එකිනෙකට ගැටෙන වැදගත් පැතිකඩ කීපයක්ම පෙන්වීමයි. පළවෙනි එක මරණ දඬුවම, දෙවැන්න ආගම ධර්මය, තුන්වෙනි එක නීතිය. මේ පැතිකඩ තුන චිත්‍රපටයේ ප්‍රබල විදියට පෙන්වන්නේ විවාදාත්මක විදියට කිව්වොත් හරි. වැදගත්ම දේ මේ සිනමා පටයෙන් වටිනා පාඩම් කීපයක්ම අපේ ජීවිතයට ගන්න පුළුවන් වීමයි. මේ පොළොව යට වැළලුනාම ඉතිරි වන්නේ තම කුසල් හා අකුසල් විතරක් බව තේරෙන්නේ මිනිසෙක් මරණයට ලං වෙනකොට බවත්, වැරදිවලට යොමුවීම ඉතා භයානක බවත්, ආගම ධර්මය ජීවත්වන මිනිසාට මෙන්ම මියයන මිනිසාටද වැදගත් වන ආකාරයත්, අපි කරන පාපකර්මවලට ස්වභාවිකව හෝ මිනිසා විසින්ම දඬුවම් දෙන බවත්, ඒ වගේ වරදකාරි මිනිසුන් මරණ මංචකයේදී කොතරම් තැවෙනවද කියන එකත් විතරක් නෙවෙයි නීතියේ පවතින දුර්වලතාද මේ චිත්‍රපටයේ සාර්ථක විදියට පෙන්වනවා. මෙහි ප්‍රධාන චරිතයන් සඳහා රංගනයෙන් දායක වන්නේ ඔස්කාර් සම්මානයෙන් දෙවරක්ම හොඳම නළුවා ලෙස පිදුම් ලැබු සුපිරි නළු Sean Penn සහ නිළි Susan Sarandon යන අයයි. අධ්‍යක්ෂණය Tim Robbins විසින්. ඔස්කාර් සම්මාන උලෙළේ සම්මාන 4 ක් සඳහා මෙය නිරදේශ වුණ අතර (හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම අධ්‍යක්ෂක, හොඳම චිත්‍රපට ගීතය) හොඳම නිළිය සඳහා සම්මානය (Susan Sarandon) දිනා ගත්තා. එමෙන්ම ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ සම්මාන 3 ක් දිනා ගත්තා (හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම තිර රචනය). IMDb දර්ශකයේ 7.6/10 ක අගයක් මේකට ලැබිලා තියෙනවා. මට හිතෙන්නේ මීට වැඩි අගයක් මේකට ලැබෙන්න ඕන කියලයි.
මේකේ කතාව යන්නේ මෙහෙමයි: අමානුෂික ලෙස තරුණ යුවලක්ව ඝාතනය කිරීමේ වරදට මරණ දඬුවම ලබාදීම සඳහා මැතිව් පොන්ස්ලේට් (Sean Penn) ව වසර 6 ක් සිරගෙයි රඳවනවා. එම ඝාතනය සඳහා කාල් විටේලෝ නම් මැතිව්ගේ යාළුවාද හවුල් වී තිබුණත් දක්ෂ නීතිඥවරයෙක්ගේ මාර්ගයෙන් මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට ලිහිල් කරගැනීමට ඔහු සමත් වෙනවා. තම මරණය ළඟා වෙන්න වෙන්න මැතිව් හෙලන් කියන කන්‍යා සොයුරියගෙන් (Susan Sarandon) තම අවසන් අභියාචනය ගොනු කරන්නට උදව් ඉල්ලනවා. මැතිව් කියන්නේ තරුණ යුවළව තමන් ඝාතනය නොකළ බවත්, විටේලෝ එය කරපු බවත්ය. අභියාචනය සඳහා හෙලන් සොයුරිය උදව් කරන්න ඉදිරිපත් වනවා. කොහොම වුවත් එම අභියාචනය ප්‍රතික්ෂේප වෙනවා. මරණ දඬුවම දවසේදී තමන්ගේ ආධ්‍යාත්මික උපදේශකවරයා ලෙස ඉන්නැයි මැතිව් හෙලන් සොයුරියගෙන් ඉල්ලන අතර ඇය ඊට එකඟ වෙනවා. ඇය තරුණ යුවළගේ දෙමව්පියන් හමුවී ඔවුන්ගේ දුකටත් සවන් දෙනවා. ඒත් මේ දෙමව්පියන්ට තේරුම් ගන්න බැරි වෙනවා ඇය මැතිව්ගේ ආධ්‍යාත්මික උපදේශකවරයා වෙන්න කැමති ඇයි කියන එක. ඔවුන් ඇයට චෝදනා කරනවා ඇය මැතිව්ගේ පැත්ත ගන්න බවට. මේ අතර ඇය මැතිව්ගේ පැත්ත ගන්න බව පුවත්පත් මාධ්‍ය වලින් රට පුරා ප්‍රචලිත වී ඇයව ගැරහුමටද ලක් වෙනවා. හෙලන් සොයුරිය මැතිව්ට කියනවා එදා ඔහු සැබවින්ම කළ දේට වගකීම භාර ගැනීමෙන් පමණක් ඔහුට මුක්තිය හිමිවන බව. මැතිව් තරයේම කියන්නේ තමන් ඒ ඝාතනය නොකළ බවත් විටේලෝ කරපු බවත්ය. සත්‍ය අසත්‍ය මොකක්ද කියන එක චිත්‍රපටය නරඹලාම දැන ගන්න.
Dead Man Walking චිත්‍රපටය මනුෂ්‍යත්වයේ වැදගත් සංකේතයක් පෙන්වනවා. ඒ ආදරයයි. ආගම ධර්මය ඇසුරින් ආදරය වගේම දයාව අනුකම්පාව වැනි ආදරයත් එක්ක බැඳෙන අනිත් මානුෂීය ගුණයන්ද ගැඹුරින් මේ සිනමා නිර්මාණයෙන් පෙන්වනවා. අනික මේක සත්‍ය සිදුවීමක්. මනඃකල්පිත එකක් නෙවෙයි. මේ චිත්‍රපටය සාර්ථක වෙන්න හේතුවුණු තවත් කාරණයක් නම් ප්‍රධාන නළු නිළි දෙපළගේ අසම සම රංගනයයි. මම Sean Penn ගේ දැකපු විශිෂ්ටම රංගනය තියෙන්නේ මේ චිත්‍රපටයේ. වර්තමානයේ ලංකාවේ අපරාධ ක්‍රියාවල ප්‍රවණතාවයත් වැඩි නිසා මේ වගේ චිත්‍රපටයක් ගෙනෙන එක කාලීන වශයෙන් ඉතා වැදගත් වෙනවා. ඒ නිසා මේ චිත්‍රපටය නොවරදවාම බලන්න. ඔබට සදා ජය!!!
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
d93c008ac1dd61f97940ecf0f18b242b0e38d142 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
665 downloadsDownload Dead.Man_.Walking.1995.baiscopelk.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/විරාජ්-කොඩිතුවක්කු-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කොඩිතුවක්කු (තෙලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විරාජ් කොඩිතුවක්කු
Subtitles
33 comments
Nandana
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
niyamai viraaj..
niyamama film ekak..
oyaa kalin dunnu enemy of the states ekath baluwaaaa..upasirasiya nm aaye supiriyatama thibbaa...
e wagema aniwaa mekath kohoma hari hoyaa gannawa...
jaya wewaa maho...
me wage supirima gnaye film apita sinhalath ekka gnawata..
jaya wewaa..නලින්
ස්තුතියි විරාජ් සහෝ!
ජය වේවා!
ෂෙහාන් [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
පුබුදු
හොද ෆිල්ම් 1ක්. ස්තුතියි සහෝදරයා........
Jack
නියමයි සහෝ. පට්ට කතාවක්
බොහෝම ස්තුතියි සබ් එකට.Global
Supiri Kollo...!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sisira Hegoda
Thanks.
කේ.යූ.ජී. උදාර
සබට වගේ ම හොඳට විස්තරාත්මකව ලියපු ලිපියටත් බොහොම ස්තූතියි විරාජ්.
මේ වෙනස ඉස්සරහටත් ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා.Kulanjana Maduranga
Good post Friend.subata thanks VIRAJ saho.Great work. keep it up.jaya wewa..............
nimantha
එල මුව් 1ක් වගේ අනිවා බානවා .......සබට තැන්කු...
Saman Prasad (Black Panther)
ගොඩක් තුති වේවා සහෝ උපසිරැසියට. ජය වේවා...!!!
Tharindu
Thank you wewa saho.....
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!era
thanks macho.. all the best....
SaDuN dAnUsHkA
බොහොම ස්තුතියි එල
Shan Vimukthi
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
කලින් එකත් දේශ ද්‍රෝහියෙක්මයි නේද
ලිපියනම් හොදට ලියල
ෆිලුම බගන්නම්යි හිතෙන්නේ ලිපිය කියෙවුවම“චූටී මල්ලි”
එල ඈ....
ලිපියත් හොදාඅ
වෙලාවක බලනවා
සබට තුති
ඔබට ජය...........wiki
ඔබට බොහොම ස්තූතියි .....!
rohan
good one bro ... & meaningful article... tnx
..දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ,ලිපියත් හොඳට තියෙනවා,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
inoka perera
නැවත නැවතත් ස්තුතියි ඔබට අති විශිෂ්ඨ චිත්‍රපටයක් මේ වගේ ඒවට ප්‍රතිචාර අඩු වෙන්න පුලුවන් ඒත් සැබෑ සිනමාව කියන එක දන්න අය ඔබේ කැපවීම අගය කරනවා මේ වගේ චිත්‍රපටයක් ඉදිරිපත් කිරීම ගැන නැවතත් ස්ත්‍රතියි
Hiruni
superb.. thanx!! :)
Naween
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ඔබට ජය ...!Prasanna de Silva
මෙවැනි චිත්‍රපටයකට උපසිරෑසි සෑපයු ඔබට තුති.
oshan
niyama film ekak..aniwa kattiyama balanna..Supiriy
Thankxx broo great workricadodamien
Thank u Viraj brother & baiscope team for the sub, all the best to baiscope team..............
Wicki
බොහොම ස්තූතියි
Lakshan1327
Godak shthuthi bro.superi filam akak maka
sameera
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank U Viraj.