ඔන්න යාළුවනේ තවත් වෙනස් තේමාවක් රැගත් චිත්‍රපටියක් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට අරගෙන ආවා. පහු ගිය ටිකේ එක දිගටම රූපවාහිණී කතා මාලා 02කට සිංහල උපසිරැසි ලබා දුන් නිසා මේ චිකේ චිත්‍රපටි කිහිපයක් ඔයාලට ලබා දෙන්න හිතුවා. මේ චිත්‍රපටිය ගැන මාව දැනුවත් කරේ අපේ සමීර කරුණාරත්න සහෝදරයා. ඒ ගැන ඔහුට ස්තූතිව…

ඔන්න යාළුවනේ තවත් වෙනස් තේමාවක් රැගත් චිත්‍රපටියක් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට අරගෙන ආවා. පහු ගිය ටිකේ එක දිගටම රූපවාහිණී කතා මාලා 02කට සිංහල උපසිරැසි ලබා දුන් නිසා මේ චිකේ චිත්‍රපටි කිහිපයක් ඔයාලට ලබා දෙන්න හිතුවා. මේ චිත්‍රපටිය ගැන මාව දැනුවත් කරේ අපේ සමීර කරුණාරත්න සහෝදරයා. ඒ ගැන ඔහුට ස්තූතිවන්ත වෙන ගමන් චිත්‍රපටිය ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්. මේක සම්භාව්‍ය චිත්‍රපටියක්. 2014 ජූලි 30 වෙනිදා ඇමරිකාවේ ප්‍රදර්ශණය වීම ඇරඹුන මේ චිත්‍රපටිය විනාඩි 90ක් පුරා දිවෙනවා. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන ලී ගේ චරිතය රඟදක්වන්නේ Jackass Presents: Bad Grandpa (2013), Captain Phillips (2013) වැනි සුපිරි චිත්‍රපටි වල රඟ දැක්වූ Catherine Keener විසිනුයි. IMDb වෙබ් අඩවියේ 6.5/10ක ඇගයීම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය සම්මානයක් සඳහා නාම යෝජනා ලබපු නාට්‍යමය ගණයට ගැනෙන චිත්‍රපටියක්. මේ කතාව ගොඩක් අය බලන විදිහේ කතාවක් නෙවෙයි. ඒත් වෙනස් තේමාවක් රැගත් චිත්‍රපටියක් නිසයි ඔයාලා අතට පත් කරන්න හිතුවේ. .
කතාව පටන් ගන්නේ ටිකක් වෙනස් විදිහකට. ලී නැමති යුද්ධයේ සිදුවීම් ඡායාරූපයට නගන ඡායාරූප ශිල්පිණියක් නවාතැන් ගැනීම සඳහා හෝටලයකට පැමිණෙනවා. එහිදී ඇය ඉල්ලා සිටින්නේ ඇය ගියවර නැවතුන කාමරයම ඇයට ලබා දෙන ලෙසයි. පෙනෙන හැටියට ඇය ලොකු අකරතැබ්බයකට මුහුණ දීලා වගෙයි හැසිරෙන්නේ. ඒ වගේම ඇගේ සිරුරේ ඇතැම් ස්ථාන වල පහර කෑමට ලක්උන ආකාරයකුත් පෙන්නුම් කරනවා. ඇය හෝටල් සේවකයින්ට ඇගේ කාමරේ පිරිසිදු කරන්නවත් ඉඩ දෙන්නෙ නෑ. ඒ වගේම ඒ හෝටලයේ නැවතිලා ඉන්න අමුත්තන්ගෙනුත් වහන් වෙලා ඉන්න තමයි ඇය උත්සාහ කරන්නේ. එම කාමරයේ දුරකථනයට පවා ඇය පිළිතුරු දෙන්නෙ නෑ.
දිනක් ලී එලියට ගිය අතරේ ඇයට කලින් ලිබියාවෙදි දැකලා පුරුදු ගෑනු ලමයෙක් අහම්බෙන් වගේ දකින්න ලැබෙනවා. ඒ ගෑනු ලමයා ඉන්නේ ලොකු අකරතැබ්බයකට මුහුන දීලයි. ඉතිං ලී ඉදිරිපත් වෙනවා ඒ ගෑනු ළමයට උදව් කරන්න.
ඉතිං යාළුවනේ. කතාව ඊට වැඩිය කියන්න යන්නෙ නෑ. ලී ට මොකක්ද වෙලා තියෙන්නේ? ඇයි ඇගේ සිරුරේ පහර දීමේ සලකුණු තියෙන්නේ? ඇය ඇගේ හෝටල් කාමරයට කාටවත් ඇතුළුවෙන්න දෙන්නෙ නැත්තේ? ඇයි ලී හැමෝගෙන්ම දුරස් වෙලා ඉන්නේ? කවුද ඇයට හමුවන දැකලා පුරුදු කාන්තාව? ඒ කාන්තාව මැදි වෙලා ඉන්න ප්‍රශ්ණෙ මොකක්ද? ලී ඇයට ඒකෙන් ගැලවෙන්න උදව් කරාවිද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජය වේවා!!!
700 MB (HD) කොපිය මෙතනින් බාගන්න
C05326EC6F130A62AA2FFEA9474375307AF9B3B3815 MB (WEB) කොපිය මෙතනින් බාගන්න
AE6AFF9E4FD909CD7B51430FE116C0BC2EFBCDDB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
658 downloadsDownload War.Story_.2014.baiscopelk.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
20 comments
ෂෙහාන් [Shehan]
නලින්
ස්තුතියි දිනිදු අයියා!
අම්‍ුතුම අාරක කථාවක් වගේ ස්තුතියි උපසිරසට
ජය වේවා!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)yashan
thanx bro
කේ.යූ.ජී. උදාර
නියමයි දිනිඳු........
වෙනසක් සහිත නිර්මාණයක් අරන් ආවට බොහොම ස්තූතියි.Kulanjana Maduranga
elazzzz.subata thanks DINIDU saho.digatama sub demu.jaya wewa......
Jack
පට්ටයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ela ela..
mama balana jaathiye kathaawak wage...
anika supiri sub karuwek kalaanm supirima wenna epai film ekath..
a nisaa "onna baanawa"i kiyanne na...
chance ekak labunu wigasa baawagannawa...
jaya wewaa macho..Saman Prasad (Black Panther)
ගොඩක් තුති වේවා දිනිදු අයියේ...
Global
Thanks Bro..Great Work..!
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
බලමුකො සහෝ
තව හොද ටිකක් බලලා කරමු
සබට තුති
ඔබට ජය..........rohan
ela saho.. tnx.
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Naween
උපසිරසියට බොහොම පිං මචන්...
තවත් ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා..
ඔබට ජය....!Aditha Praween
නියමයි
දිගටම සබ් දෙමු .
ජය පතනවා !
:DLouise
I see you share interesting things here, you can earn some extra money, your blog
has big potential, for the monetizing method, just search in google
- K2 advices how to monetize a websiteඉසු ඩිපි (Isu DP)
නියමයි සහෝ..
ඊලග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-DNandana
Thank U Dinidu.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D