ආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම… දිනෙන් දින රටේ සෞඛ්‍ය තත්වය එන්න එන්නම නරක අතට හැරෙනවා. අපි කවුරුත් වෙනදටත් වඩා පරිස්සම් වෙන්න ඕන කාලයක් මේ. පුළුවන් තරම් නිවෙස් වලටම වෙලා ඉන්න බලන්න. ගමන් බිමන් හැකිතාක් අඩු කරන්න. නිතරම සෞඛ්‍ය නීති පිළිපදින්න. කවුරු කොහොම කිව්වත්, මොනවා විවේචනය කලත් අපි අපේ ආරක්ෂා…

ආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම…
දිනෙන් දින රටේ සෞඛ්‍ය තත්වය එන්න එන්නම නරක අතට හැරෙනවා.
අපි කවුරුත් වෙනදටත් වඩා පරිස්සම් වෙන්න ඕන කාලයක් මේ.
පුළුවන් තරම් නිවෙස් වලටම වෙලා ඉන්න බලන්න.
ගමන් බිමන් හැකිතාක් අඩු කරන්න.
නිතරම සෞඛ්‍ය නීති පිළිපදින්න.
කවුරු කොහොම කිව්වත්, මොනවා විවේචනය කලත් අපි අපේ ආරක්ෂාව, අපේ ජීවිත, පවුලේ අයගේ ජීවිත සුරක්ෂිත කරගනිමු.

ඉතින් ඔන්න මං අදත් සිංහල උපසිරසියක් අරගෙන සිංහල උපසිරසි මහ ගෙදර පැත්තේ ආවා. මේ Death Wish චිත්‍රපට මාලාවේ තුන් වෙනි චිත්‍රපටයයි.

Death Wish 3

තම බිරිඳටත්, තම එකම දුවටත් මුහුණ දෙන්න වුන අවාසනාවන්ත ඉරණම නිසා පෝල් කර්සි වෙනස්ම පුද්ගලයෙක් විදිහට වෙනස් වෙනවා. ඔහු තම පවුලට මේ ඉරණම ගෙනා අයවලුන්ව විනාශ කරලා දැම්මා. මේ සිද්ධි වලින් පස්සේ ඔහු නැවතත් නිව් යෝර්ක් වල නැගෙනහිර ප්‍රදේශයට එන්නේ කොරියානු යුද්ධයේ සිටි තමන්ගේ යාළුවෙක් වන චාලිව මුණගැහෙන්නයි. ඒත් අවාසනාවන්ත විදිහට, මුණගැහිලා මහ වෙලාවක් යන්න ඉස්සෙල්ලා චාලිත් මෙලොව හැර යනවා. ඒ වීදියේ ඉන්න ඇතැම් කරදරකාර කොල්ලකරුවන් නිසා. භයානක කාලයන් දෙකක්ම පසුකර මදක් නිවිසැනසිල්ලේ ඉන්න හිතපු කර්සිට මුහුණ දෙන්න වෙන්නේ තවත් මහා යුද්ධයකටයි….

1985 නොවැම්බර් පළමුවනදා එක්සත් ජනපදයේ තිරගතවීම ආරම්භ කල මෙම චිත්‍රපටයේ නිෂ්පාදනය Menahem Golan සහ Yoram Globus සමගින් Michael Winner විසිනි. පළමු හා දෙවන චිත්‍රපට මෙන්ම තුන්වන කොටසත් අධ්‍යක්ෂණය Michael Winner විසිනි. සුපුරුදු පෝල් කර්සි ලෙස චාල්ස් බ්‍රොන්සන් රංගනයෙන් එක්වන අතර සෙසු චරිත සඳහා Deborah Raffin, Ed Lauter, Martin Balsam, Gavan O’Herlihy ඇතුළු රැසක් දායක වේ.

විනාඩි 92ක ධාවන කාලයකින් යුත් මේ චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 5.9 ක්, Rotten Tomatoes 11% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 89%ක කැමැත්ත ලැබී ඇත. චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ඇ.ඩොලර් මිලියන 10ක් පමණ වන අතර බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩොලර් මිලියන 16.1 ක් පමණ වේ.

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුව දවසක් වේවා…

~ ජය වේවා ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,047 downloadsDownload Death.Wish_.3.1985.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,047 downloadsDownload Subtitles31 KB

14 comments

  1. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    දිගටම පැරණි චිත්‍රපට දෙන්න.

  2. Priyantha Dayakeerthi

    රොෂාන් සමීර ජයසිංහ සොයුර,
    ඔබේ මෙම සිංහල උපසිරසියටත් ස්තුතියි, ඔබේ සබ් වලින් Death wish 1 සහ 2 කොටස් නැරඹුවා. මේ සබ් එකත් ඩවුන්ලෝඩ් කළා. මෙවැනි සිනමාපට තෝරාගෙන සබ් කිරීම ගැන ගොඩක් ස්තුතියි. ඉදිරි තෝරා ගැනීම් මෙවැනි ඒවා වෙනවානම් ගොඩක් කැමතියි. ස්තුතියි ඔබේ වෙහෙසට!!!

  3. Priyantha Dayakeerthi

    මෙම Death wish සිනමාපට මාලාව මෙතෙක් නොබලපු අයට මමත් යෝජනා කරනවා බලන්න කියලා. ඇත්තෙන්ම කුතුහලයෙන් දිගටම නරඹන්න පුළුවන් නිර්මාණ තුනක්.

  4. Suranjan

    Thanks jayawewa....!

  5. Anonymous

    thnx mchn

  6. jagath55

    Thanks

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ death wish 4, 5යිත් සබ් දෙන්න

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. Anonymous

    ඒ කාලයේ හවුස් ෆුල් වෙච්ච ෆිල්ම්. ස්තුතියි ඔබට.......

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  12. Dewadithya

    Thanks for Sub!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.