” මගේ මල්ලි ලක්ශයකින් එක්කෙනෙක්. වයසින් නෙවෙයි ජීවිතය මනින්න ඕනෙ, කරපු ක්‍රියා වලින්. කැප්ටන් වික්‍රම් බත්‍රාගෙ අවුරුදු 25ක ජීවිතය ගැන හිතල බලනකොට මට තේරුම් ගියා… …සොල්දාදුවෙක් වෙනවට වැඩිය උතුම් දෙයක් වෙන නෑ කියලා. සොල්දාදුවෙක්ගෙ ආඩම්බරයට වඩා දෙයක් වෙන නෑ කියලා. අපේ දේශයට වඩා කිසිම ධර්මයක් උතුම් නෑ…

” මගේ මල්ලි ලක්ශයකින් එක්කෙනෙක්.
වයසින් නෙවෙයි ජීවිතය මනින්න ඕනෙ, කරපු ක්‍රියා වලින්.
කැප්ටන් වික්‍රම් බත්‍රාගෙ අවුරුදු 25ක ජීවිතය ගැන හිතල බලනකොට මට තේරුම් ගියා…
…සොල්දාදුවෙක් වෙනවට වැඩිය උතුම් දෙයක් වෙන නෑ කියලා.
සොල්දාදුවෙක්ගෙ ආඩම්බරයට වඩා දෙයක් වෙන නෑ කියලා.
අපේ දේශයට වඩා කිසිම ධර්මයක් උතුම් නෑ කියලා. “
ආයුබෝවන් බයිස්කොප්වාසී සියලු දෙනාටම. ටික කාලෙකට පස්සේ උපසිරසියක් අරගෙන එන්නයි සූදානම. පහුගිය දිනවල දැඩි ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනාගත්තු IMDB මීටරය 8.8/10 කට කරකවන්න සමත් වුනු Shershah චිත්‍රපටය පහුගියදා ඩිජිටල් අවකාශය හරහා මුදා හැරුනා. ඇවිත් දින කීපයක් වුනත් දහර අක්කත් එක්ක එකතු වෙලා මේ සුපිරි චිත්‍රපටයට උපසිරැසිය අවසානයේ අරගෙන එන්න ලැබුනා. උපසිරැසිය කරන්න ආරාධනා කල හසන්ත අයියටත් මුලින්ම ස්තුතිය පල කරනවා. ඇවිත් මේ වෙද්දී දින කීපයක් ගතවෙද්දී මේ චිත්‍රපටයට දැඩි ප්‍රේක්ෂක ප්‍රසාදය හිමිවෙලා තියෙන බව සඳහන් කල යුතුයි. සියලු දෙනා අගයන චිත්‍රපටයක් ලෙස මේ වෙද්දී මේ චිත්‍රපටය නම් වෙලා ඉවරයි.
යුධ පසුබිමක් මූලික කරගෙන නිර්මාණය කරනු ලැබූ මෙම චිත්‍රපටය biographical war film ගණයට අයත් වෙනවා. මෙය අධ්‍යක්ෂණය කරන්නේ විෂ්ණුවර්ධන මහතා විසින් වන අතර නිෂ්පාදනය කරන් ජොහාර් ප්‍රමුඛ ධර්මා ප්‍රඩක්ෂන් ආයතනය විසින්. චිත්‍රපටයට මූලිකවම පසුබිම් කරගෙන තියෙන්නේ ඉන්දියාවේ සිටි නිර්භීත සෙබලෙකු වන පද්මවීර චක්‍ර සම්මාන නාමයෙන්ද පිදුම් ලද වික්‍රම් බත්‍රා ලුතිනන් වරයාගේ ජීවන ගමනේ සංසිද්ධි කීපයක්.
ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති කාර්ගිල් යුද්ධයේ සුවිශේෂී චරිතයක් වූ කැප්ටන් වික්‍රම් බත්‍රා ඉන්දීය යුධ හමුදාවේ සේවය කළ රණවිරුවෙක්. කාර්ගිල් යුද්ධයේ කළ සේවාව වෙනුවෙන් ඔහුව ජාතික වීරයෙක් ලෙස නම් කරනු ලැබුවේ පද්මවීරචක්‍ර ගෞරව ඇගයීම ලබා දෙමින්. එවිට ඔහුට වයස අවුරුදු 24 ක් පමණයි. එවැනි තරුණ වයසකට ඉන්දීය යුධ විරුවෙකු ලැබූ විශාල ඇගයීමක් ලෙස එය නම් කල හැකියි. වික්‍රම් යනු කුඩා කලදීම හමුදා සේවයට බැඳීමට හීන දකින තරුණයෙක්. මෙම යුධ විරුවා කාර්ගිල් යුද්ධය තුල සිදු කළ සේවය දැන ගැනීමට නම් Shershaah නරඹන්නට ඔබට ආරාධනා කරනවා. ඉතින් මම මෙහිදී වැඩිය විස්තරයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉන්දියානු කාර්ගිල් යුද්ධය ගැන ඉන්දියානු සිනමාවට කැමති රසිකයින් බොහෝ දේ මේ වනවිටත් අහල දැකල තියෙනවා වගේම මින් පෙරත් කාර්ගිල් යුද්ධය ගැන චිත්‍රපට කීපයක්ම ඉන්දියානු සිනමාවට දායාද වී තිබෙනවා. එමෙන්ම කාර්ගිල් යුද්ධය පිලිබඳ විකිපීඩියා පිටුවේහිදීද දැවැන්ත විස්තරයක් ඔබට දැකගන්න පුළුවන්.
චිත්‍රපටයේ වික්‍රම් බත්‍රා ලෙස සිද්ධාර්ත් මල්හෝත්‍රා චරිත නිරූපණය කරන අතර ඔහුගේ පෙම්වතිය ලෙසින් සුරූපී කියාරා අද්වානි රංගනයේ නිරත වෙනවා. දෙදෙනාගේම රංගනය විචාරකයින්ගේ මෙන්ම රසිකයින්ගේද දැඩි පසසුමකට ලක්වූ අතර ඔවුන් දෙදෙනාට අමතරව ශිව් පණ්ඩිත්, නිකිල් ධීර් වැනි රංගන ශිල්පීන්ද මේ සඳහා රංගනයෙන් දායක වනවා. චිත්‍රපටයේ වැඩි කොටසක් කාශ්මීර්හි කාර්ගිල්හි සැබෑ ස්ථානවලම සිදුකර තිබෙන අතර දැඩි සීතල සහ මුහුදු මට්ටමෙන් ඉතා ඉහල, ඔක්සිජන් මට්ටම ඉතා අඩු පරිසරයක දින පනහකට ආසන්න කාලයක් ශේර්ෂා කණ්ඩායම එහි රූගතකිරීම් වල නිරතවී තිබෙනවා. කොවිඩ් තත්වය නිසා විටින් විට නිකුත් වීම පසු වුවත් අවසානයේ ඇමේසන් ප්‍රයිම් වෙතින් මෙය අගෝස්තු 12 නිකුත් වන්නේ 75 වැනි ඉන්දියානු නිදහස් දිනයට සමගාමීව එම සතිය තුල. මිනිත්තු 135ක් තුලට කැටි කල මෙම අති සාර්ථක යුධමය මෙන්ම හැඟීම්බර කතා පුවත ඔබටත් අනිවාරෙන්ම නරඹන්න කියලා ආරාධානා කර සිටිනවා.
එහෙනම් යන්න අවසරයි. අරගෙන බලන්න කියල ආරාධනා කරනවා බලලා රසවිඳින්න කියල ආරාධනා කරනවා. මේ උපසිරැසිය වෙනුවෙන් මාත් එක්ක එකතු වුනු දහරා අක්කටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වන අතර මේක අපිට උපසිරැසි කරන්න අවස්ථාව ලබාදුන්නු හසන්ත අයියා ඇතුළු ඇඩ්මින් මණ්ඩලයටත් ස්තුතිය පල කරනවා. බයිස්කෝප් පවුලේ සහෝදර උපසිරැසිකරුවන් හැමෝමවත් මතක් කරන ගමන් හැමදාම අදහසක් පල කරන සැමට හෘදයාංගම ස්තුතිය පල කර සිටිනවා. ඒ වගේම විවේචනයක්, අගයකිරීමක්, බැනුමක්, දිරිගැන්වීමක්, වැරද්දක්, නිවැරදි කිරීමක් ඔය මොනවහරි කියන්න තියේනම් අදත් පහල තීරුව විවෘතව තිබෙනවා. එහි අදහසක් පලකරගෙන යන්නත් ආරාධනා කරනවා. ඒ වගේම එතන කියන්න බැරි දෙයක් තියේ නම් [email protected] ඊමේලයට උනත් ඕනම දෙයක් එවන්න ඔබට හැකියාව තියෙනවා. වැරද්දක් තිබේ නම් ඒවා නිවැරදි කරගන්න අප ඕනම වෙලාවක සූදානම්ව සිටින බවත් සඳහන් කරන්න කැමතියි. ඔබට අප හා සමීප වන්නට තවත් ඉඩකඩ වෙන්ව පවතින තැන් කීපයක්ද පහලින් සඳහන් කරන ගමන් මා සමුගන්නවා. ඔබට ජයෙන් ජය..!!!
“අපේ රේඩියො සෙට් එක…
…පාකිස්තානි සොල්දාදුවො, නිලධාරීන් කවුරු හරි…
එයා කිව්වා මගෙ සංකේත නම ශේර්ශා කියලා.
ඕ ශේර්ශා උඹ ආවනෙ.
උඩට නම් එන්න එපා ආවොත් උඹට කෙල වෙයි කියලා.
ඒ මොහොතෙ තමයි උන් අපිට අභියෝග කලේ.
ඉතින් මගෙ කොල්ලන්ට කේන්ති ගියා.
පාකිස්තානියො කොහොමද අපිට අභියෝග කරන්නෙ කියලා.
මගෙ කණ්ඩායමේ ජය පාඨය වුනේ යේ දිල් මාන්ගේ මෝර්.
අපේ කට්ටිය ඒකෙන් සෑහෙන ශක්තිමත් වුනා.
ඒගොල්ලන්ට තව බංකර් විනාස කරන්න ඕනෙ වුනා…
ඒ නිසා අපිට තව පරිච්චේදයක් ලැබුනා.”
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පිටුව
බයිස්කෝප් සිංහලනේ නිල ෆේස්බුක් එකමුතුව

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
33,908 downloadsDownload SRSHA-2021.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්හාර” සොහොයුරාට සහ දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
63 comments
Charith
Anonymous
patta
Anonymous
Dial 100 sub plz
DILmin
උපසිරැසියට ස්තූතියි ..
'Netrikann' sub plz
Kushan
Sub akta thanks
විමා
සබට තුති දෙන්නටම! :)
Lakshitha
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි ..ජයෙන් ජයම වේවා !!
Akila
ෆිලුම බාගෙන බලන් හිටියා බයිස්කෝප් එකෙන් සබ දෙනකන්,බලන් හිටපු එකට පාඩුවක් නෑ,ලගදි බලපු සුපිරිම හින්දි ෆිලුම,චාටර් සබ් එකක් එක්ක බැලුවනම් මේ ගතිය නැහැ..
කියන්න වචන නෑ ඉතින් ඔයාලගේ මේ මෙහෙය ගැන
බොහෝමත්ම ස්තුතියි දෙදෙනාටමvidya
komd film ganne mn baiscope eken dena link wlin ynne komd gnne
Teron
Thanks both ..keep going
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Naveen
උපසිරසියට තුති
Anonymous
සබට තුති දෙන්නටම!!
Anonymous
කොච්චර පරක්කු උනත් කමක් නෑ මේ කොලිටිය අඩු කරගන්න එපා.සබට තුති
Uvi
සිංහල උපසිරසියට ස්තුතියි
Rajitha
දෙපලටම ගොඩක් ස්තුතියි
Idunil Weerasinghe
Thanks both
indika75
thanks..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Manoj
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
තෑන්ක්ස් සබ් එකට
Neo
Thanks both
Keep it upකුමාර
උපසිරසියට ස්තුතියි දෙදෙනාටම
Bellbottom එකත් එන්න තියනවා නේද
ඒකටත් උපසිරසි දෙමු ආවමRatta
Thanks dennatama
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම … !!
EZ
nama sinhalen thiyena nisa English walin nama gahuwara penanne nah bro
Anonymous
නියම ෆිලුම ..උපසිරසිකරුවන් දෙපලටම ස්තුතියි ..
Dineth de silva
thanks baiscope
Anonymous
Netrikann film ekata sub denna
Anonymous
Thanks guyz..great movie
R_deshan
දෙන්නටම ගොඩක් ස්තූතියි සුපිරි සබ් එකක් මේ සුපිරි ෆිල්ම් එකට අරන් ආවට.Bhuj වගේ නෙමේ ගොඩක් හිතට දැනෙන විදියට මේ ෆිල්ම් එක කරල තියනවා.කිසි කතාවක් නැතුව 10/10ම දෙන්න පුලුවන් ෆිල්ම් එකක්.නැවත වතාවක් ස්තූතියි ඉක්මනින් සබ් එක දුන්නට!!
Ishan
සබ් එකත් දීල අඩු පාඩුවක් තියනම් කියන්නලු හදාගන්න. පුදුම නිහතමානී කමක් ආදරෙයි සෙට් එකටම ❤️
D.J
සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම
Dial 100 - 2021 ෆිල්ම් එකටත් සබ් දෙන්නAnonymous
තෑන්ක්ස් වේවා
Samith
Thanks
නිමාද් කොඩිතුවක්කු
පිස්සු පීකුදු පහරක්
හැමෝම බලන්න
සබ් දීපු දෙන්නට ස්තුතියAnonymous
තැන්කු තැන්කු
Redrux
Thnkz bro
Lahiru
මරු ෆිලුම.ස්තුතියි ඔබ දෙදෙනාටම
V.P
ලගදි බලපු සුපිරියක්
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි දෙදෙනාටමහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Pesh
සිද්ධාර්ත්ගේ බලපු හොදම මූවී එක
සබ් එකත් ලෙසටම තිබුනා
තැන්ක්ස් දෙන්නටමKavindu
Thanks
Anonymous
thank you
Anonymous
supiriyak thamai ithin.hamoma blnnaaaaaaaaaaaaaaaaaa
Hasantha
Thank you
Pramukmili
Thanxxxxxxxxxx sis & bro......................
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ශසිත් සඳරුවන්
සබට තුති වේවා දෙන්නටම..
දිගටම සබ් දෙමු ආ...
ජය!Anonymous
Ye dil maange more
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
එකදිගට සුපිරි ෆිල්ම් සැට් එකක්ම දුන්නා
නියමයි බයිස්කෝප්