Devarakondalo Vijay Premakatha (2021) Sinhala Subtitles ආයුබෝවන්, මගේ මේ උපසිරැසි ගමනේ ඉන්දියානු සිනාමා පටයක් අරගෙන ආපු මුල්ම අවස්ථාව තමයි මේ. සාමාන්‍යයෙන් මම හුඟක්ම නරඹන්නේ සහ උපසිරැසි ගන්වන්න කැමති ඉංග්‍රීසි චිත්‍රපට සහ කතා මාලා. ඒත් හොඳ එකක් හම්බවුනොත් ඒක හින්දි, දෙමළ, කොරියන් ද මට අදාල නෑ, මම බ…

Devarakondalo Vijay Premakatha (2021) Sinhala Subtitles

ආයුබෝවන්, මගේ මේ උපසිරැසි ගමනේ ඉන්දියානු සිනාමා පටයක් අරගෙන ආපු මුල්ම අවස්ථාව තමයි මේ. සාමාන්‍යයෙන් මම හුඟක්ම නරඹන්නේ සහ උපසිරැසි ගන්වන්න කැමති ඉංග්‍රීසි චිත්‍රපට සහ කතා මාලා. ඒත් හොඳ එකක් හම්බවුනොත් ඒක හින්දි, දෙමළ, කොරියන් ද මට අදාල නෑ, මම බලනවා. හැබැයි ඒවා උපසිරැසි ගන්වන්න මෙතුවක් කාලයකට පෙලඹුනේ නෑ.  ඒත් මේ අහම්ඹෙන් අහුවෙලා බලපු එක තෙලිඟු චිත්‍රපටියක් නිසා මේවා වල රස මටත් ටිකක් දැනෙන්න ගත්තා. ඉතින් මේ චිත්‍රපටිය සම්පූර්ණයෙන් බලලා ඉවර කරපුවම මේ වගේ ලස්සන සංවේදී චිත්‍රපටියකට උපසිරැසි නොගන්නවා මට ඉන්නම බැරි වුණා. අනික මේ වගේ එකක් ඔයාලට බලන්න මිස් වෙන්න හොඳ නෑ. ජීවිතයට ලොකු ආදර්ශයක් පවා මේක බලලා ඔයාලට අරගන්න පුළුවන්. 

  ලේන්සුවක් අරගෙන එහෙනම් කට්ටිය ලැස්ති වෙන්න. මොකද මේක බලනකොට අපිටත් ඇඬෙන්න එන ගතියක් තියෙන්නේ.  

දේවකී, ගමක ජීවත් වෙන පෝසත් පවුලක රත්තරන් වගේ හැදුණ ලස්සනම ලස්සන කෙල්ලෙක්. මෙයාගේ තාත්තා ගමේ නායකයා වගේ කෙනෙක්, ඒ කියන්නේ ධනවත්, බලවත්, වංශවත් අසරණයින්ට පිහිට වෙන කෙනෙක්. මේ පවුලට ගමේ කවුරුත් ආදරෙයි වගේම වන්දනාමාන පවා කරනවා.

මේ ගමේම විජේ කියලා ත්‍රීවිල් එකක් එළවන ලස්සන දුප්පත් කොල්ලෙකුත් ඉන්නවා. මේ විජේයි දේවකියි දෙන්නා පොඩි කාලේ ඉඳන් ආදරයක පැටලිලා ඉන්නේ. මේ ආදර කතාව දිග හැරෙන්නේ කරදර බාධක රැසක් මැදයි. පවුල් බැඳීම්, සමාජ තත්ත්වය, ආර්ථික තත්ත්වය යන මේ හැමදේම මේ දෙන්නගේ සම්බන්ධතාවයට බලපෑම් එල්ල කරනවා. මේ තරුණ ජෝඩුවට මුහුණ දෙන්නට වෙන අභියෝග රැසක්ම එනවා.

 

මෙයාලා මේවා ජය ගන්නේ කොහොමද ? කෙල්ලගේ අම්මා තාත්තා මේ සම්බන්ධය දිහා කොහොම බලයිද ? ගමේ මිනිස්සු කොහොම කටයුතු කරයිද ? මේ ආදර කතාවේ අවසානය සතුටුදායක එකක් වෙයිද ? නැත්තම් කඳුළු සලන එකක් වෙයිද ?

මෙම චිත්‍රපටය නරඹන ඔබට මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත හැකි වනු ඇත. ආදරය, පවුල, සමාජය යන සංකල්ප අතර ඇති ගැටුම් ගැඹුරින් විමසන මෙම කතාව ඔබේ හදවතට කතා කරනු ඇත. ජීවිතයේ අඳුරු පැති මෙන්ම ආලෝකමත් මොහොතද මවා පෑමට සමත් මෙම චිත්‍රපටය, ඔබේ දෑස් නිසැකවම කඳුළින් තෙත් කරනු ඇත.

 

ආදරය නම් වූ හැඟීම කෙතරම් බලවත්ද ? එය සියලු බාධක ජය ගැනීමට සමත්ද ? නැතහොත් සමාජයේ යථාර්ථයන් හමුවේ පරාජය විය යුතුද ? මේ සියලු ප්‍රශ්න සඳහා පිළිතුරු සොයන ගමනක් වන මෙම චිත්‍රපටය, ඔබේ හදවතේ රැඳී පවතිනු ඇත.

 

ඒ පුංචි කතාවෙන් කියැවුණේ ලෝකේ තියෙන හොඳම දේ ගැන.  ඒ තමයි ආදරේ. සල්ලි වලට ගන්න බැරි, කාටවත් නවත්තන්න බැරි ආදරේ.  ඉතින් මතක තියාගන්න, ආදරේ කරන්න.  ඒත් ඒ ආදරේ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න එපා.  මොකද ආදරේ කියන්නේ ජීවිතේ විනාශ කරගන්න දෙයක් නෙවෙයි, ජීවත් වෙන්න තියෙන හේතුවක්.   මේ චිත්‍රපටිය Download කරගන්නේ කොහොමද ? ඔයාලට මේක ගන්න පුළුවන් එකම තැන වෙන්නේ YouTube එක. YouTube එකේ BhavaniHD Movies YouTube චැනල් එකෙන් මේක බාගන්න. මේකට ඔයාලට පුළුවන් Y2mate, Savenet වගේ YouTube වීඩියෝ බාගන්න ඉඩ දෙන සයිට් යොදා ගන්න. එහෙමත් නැත්තම් IDM වගේ මෘදුකාංගයක් මේකට භාවිත කරන්න පුළුවන්. සමහර විට මේක බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකෙත් දෙන්න පුළුවන්.   මේ ගැන මෙහෙම කියන්න හේතු වුණේ, ඔයාලට මොනම විදියකටවත් සුපුරුදු විදියට ටොරෙන්ට් වලින් මේ චිත්‍රපටියේ ඔරිජිනල්ම පිටපතක් කොහෙන්වත්ම හොයාගන්න වෙන්නේ නැති නිසයි. දන්නවනේ ඉතින් මේ තෙලිඟු ඒවා ගැන… ලේසියෙන් එහෙම ඔරිජිනල්ම පිටපත් එළියට එන්නේ නෑ. Devarakondalo Vijay Premakatha (2021) Sinhala Subtitles

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි BhavaniHD Movies YouTube නාලිකාවේ පිටපත් සඳහා අදාළ වේ.

822 downloadsDownload Devarakondalo-Vijay-Premakatha-2021.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Even Stevens Movie (2003) Sinhala Subtitles

Subtitles by

UD Shehan

Subtitles

822 downloadsDownload Subtitles53 KB

3 comments

  1. Buddhika laKMal

    ස්තූතියි ශෙහාන් සහෝ මේ වගේ එහෙකට සබ් දුන්නට.....
    ඔයා කියනවනං ඉතිං බෑමක් තමයි.....

  2. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  3. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤