Watch Trailer

Madanolsavam (2023) Sinhala Subtitles | නම තමයි ප්‍රශ්ණෙ [සිංහල උපසිරැසි]

Madanolsavam (2023) Sinhala Subtitles ආයුබෝවන්, සුභ නත්තලක් වේවා! බොහොම කාලෙකින් ඔබ හමුවට එන්නෙ. ටික කලක් නිහඬව හිටියා. විදේශ ගත වීම නිසා මාසයක් විතර උප සිරැසියක් කරන්න බැරි උනා. ඒ කාලෙ මම කෝ කියල බොහෝ දෙනෙක් විමසල තිබුනා. ඒ කාටවත් පිළිතුරු දෙන්න බැරි උනාට සමා වෙන්න. ඒකට අවකාශයක් තිබුනෙ නෑ. ඒ සේරටම…

Madanolsavam (2023) Sinhala Subtitles

ආයුබෝවන්, සුභ නත්තලක් වේවා! බොහොම කාලෙකින් ඔබ හමුවට එන්නෙ. ටික කලක් නිහඬව හිටියා. විදේශ ගත වීම නිසා මාසයක් විතර උප සිරැසියක් කරන්න බැරි උනා. ඒ කාලෙ මම කෝ කියල බොහෝ දෙනෙක් විමසල තිබුනා. ඒ කාටවත් පිළිතුරු දෙන්න බැරි උනාට සමා වෙන්න. ඒකට අවකාශයක් තිබුනෙ නෑ. ඒ සේරටම ස්‍තූතියි. ඔන්න අද ඉඳල ආයෙමත් උප සිරැසි එවනවා. 

මුලින්ම 2023 නිකුත් උන ඒත් මේ ළඟදි OTT  නිකුත් උන ලස්සන කොමඩියකින් තමයි වැඩ පටන් ගත්තෙ. මේකට තිබුන ප්‍රතිචාර නිසා එන කල් මග බලා ගෙන හිටියෙ. ඔන්න අන්තිමට ආවා.

සුරාජ් වෙංජාරමුඩු වඩාත්ම දක්ෂ නමේම තියෙනව වගේ මුඩු චරිත කරන්න. ඔන්න ආයෙත් එයා නිදිමත චරිතයකින් ඔබ හමුවට එනවා. චරිතය නිදිමත උනාට බලන අපිට නම් ඒක ප්‍රබෝධමත්. ඒක එයාගෙ දක්ෂතාවය. බොහෝ විට නාගෙන්ද්‍රන්ස් වෙඩිංස් වගේ සීරීස් එකේ චරිතයත් මෙයාට එන්න මේ චිත්‍රපටය පාදක වෙන්න ඇති. මේක කේරළ මැතිවරණ සමයක සිද්ධියක්. ඉතින් මේකෙ තියෙන සිද්ධියට කිට්ටු අත්දැකීම් අපේ මැතිවරණ ව්‍යාපාර වලත් තියෙනව. මෑතකදි පවා මේවගෙ ප්‍රතිඵල දැන ගන්න පුළුවන් උනා. මේකෙත් මේ අහිංසක මනුස්සයා තමංගෙ නම නිසා දේශපාලකයන්ගෙ කඹ ඇඳීමක් මැදට හිර වෙනවා. එයාගෙ ඉරණ් කුමක් වේවිද?

සුරාජ් සමග රාජේශ් මාධවන්,භාමා අරුන් බාබු ඇන්තනි, ස්වාති දාස් ප්‍රභූ වැනි නළුවන් රඟපාන මෙහි අධ්‍යක්ෂනය සුධීශ් ගෝපිනාත්ගේ.

චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා. නැවත හමු වෙමු.

Madanolsavam (2023) Sinhala Subtitles  

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

1,402 downloadsDownload Madanolsavam-2023.zip55 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Madanolsavam (2023) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

1,402 downloadsDownload Subtitles55 KB

4 comments

  1. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට....
    ඔයාගේ වැඩවලටත් සුබපැතුම්.....
    කරන කියන සියලුම දේවල් සාරතක වේවා......

  2. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  3. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  4. Sahan Gayantha

    thanks a lot Bandula brother sub ekata