කඩඉම් උපසිරැසියකට මගේ ප්‍රියතම නිළිය කංගනා රනෞත්ගේ චිත්‍රපටියක් කරන්න ලොකුම ආසාවක් තිබ්බා. ඉතින් කඩඉම් 4ක් පහු කරලා අද පස්වෙනි කඩඉමට පය තියන මේ වෙලාවේ ඒ ආසාව ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා ඔන්න. ඒ ආසාව එක්ක පොඩි බලාපොරොත්තුවකුත් තිබ්බා මේ කඩඉම් සිනමාපටය බොක්ස්ඔෆිස් වලින් අති සාර්ථක වෙනවා දකින්න. හැබැයි…

කඩඉම් උපසිරැසියකට මගේ ප්‍රියතම නිළිය කංගනා රනෞත්ගේ චිත්‍රපටියක් කරන්න ලොකුම ආසාවක් තිබ්බා. ඉතින් කඩඉම් 4ක් පහු කරලා අද පස්වෙනි කඩඉමට පය තියන මේ වෙලාවේ ඒ ආසාව ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා ඔන්න. ඒ ආසාව එක්ක පොඩි බලාපොරොත්තුවකුත් තිබ්බා මේ කඩඉම් සිනමාපටය බොක්ස්ඔෆිස් වලින් අති සාර්ථක වෙනවා දකින්න. හැබැයි ඒ බලාපොරොත්තුව නම් කණපිට ගැහුවේ නොහිතපු විදිහට. චිත්‍රපටිය ආදායම් අතින් අතිශය අසාර්ථක වුණේ කංගනාගේ, ෆ්ලොප් චිත්‍රපටි ගොන්නට තවත් චිත්‍රපටියක් එකතු කරමින්. මේ සැරේ වැඩේ ගොඩක් දරුණු වෙන්නේ, චිත්‍රපටිය පලවෙනි දවසේ ලබපු භයානක ආදායම නිසා. සැලකිය යුතු තරමේ හයිප් එකක් තිබ්බ නිසාම ප්‍රසිද්ධ චිත්‍රපට විචාරකයෝ පවා Dhaakad පළමු දින ආදායම ලෙස කෝටි 5කට ආසන්න ආදායමක් ලබාවි කියලා පුරෝකථනය කරලා තිබුණා. ඒ වගේම එදාම තිරගත වීම ඇරඹු Bhool Bhulaiyaa 2 චිත්‍රපටයටත් හොඳ අභියෝගයක් එල්ල වේවි යයි කිව්වා. ඒත් සිද්ධ වුණේ නොහිතපු දෙයක්. Dhaakad පළමු දින ආදායම උනේ ලක්ෂ 60ක් වගේ ඉතාම අඩු ආදායමක්. ප්‍රතිවාදී Bhool Bhulaiyaa 2 ඒ අතරේ කෝටි 10 පසු කළ ආදායමක් උපයලා තිබුණා. ගත වුණු ඊළඟ දවස් දෙකේත් Dhaakad හි දෛවය නම් වෙනසක් වුණේ නැහැ. ලක්ෂ ගණන් වලින්ම තමයි ආදායම් සටහන් කළේ. සදුඳා දවස වෙද්දි චිත්‍රපටිය සිනමාහල් රැසකගෙන් ඉවත්කිරීමටත් පියවර අරන් තිබුණා. අවසානයේ කෝටි 4යි ගණනක සම්පූර්ණ ආදායමක් එක්රැස් කරගෙන Dhaakad තමන්ගේ තියටර් ගමන නිමා කරනවා. කෝටි 70කට අධික බරපැනක් දාලා නිෂ්පාදනය කළ කංගනා රනෞත්ගේ Dhaakad තවත් එක් ඩිසාස්ටර් එකක් බවට පත් වුණේ එහෙමයි. ඒ වගේම, මෑත අතීතයේ වැඩියෙන්ම විහිළුවට ලක් වුණු චිත්‍රපට දෙක අතරේ Dhaakad හට වැජඹෙන්න පුළුවන් වෙනවා. ඒ 8වෙනි දවසේදි ඉන්දියාව තුල ඉපයූ සමස්ත ආදායම රුපියල් හාරදහස් ගණනක සීමා වුණු බිග් බජට් චිත්‍රපටිය ලෙසට මීම්ස් පේජස් වල කතාබහට ලක්වෙමින්. ඉතින් ඔය විදිහට වැඩි බලාපොරොත්තු තියන් හිටි චිත්‍රපටයක ඉරණම මෙහෙම විසඳෙනවා. අනවශ්‍ය ප්‍රශ්න වලට පැටලවීමත්, අන් අය කෙරෙහි දක්වන සෘණාත්මක ආකල්ප නිසාත් කංගනා මේ අසාර්ථකත්වයට හිමිකම් කිව්වා කියලා ගොඩ දෙනෙක් කියනවා. නමුත් චිත්‍රපටියක් හොඳයි නම් ඒකට බාහිර කරුණු කිසිවක් බලනොපාන බවයි තවත් අයගේ හැඟීම.
ඇත්තටම හින්දි සිනමාවේ වර්තමානයේ ආපු Satyameva Jayate 2, Heropanti 2 වගේ බාල නිර්මාණවත් මුහුණ නොපාපු සෘණාත්මක ප්‍රතිචාර Dhaakad විසින් ලබාගත්තා. උඩ කියපු චිත්‍රපට ප්‍රසිද්ධ විචාරකයන්ගෙන් තරු 3.5 හෝ 4 ලබාගනිද්දී Dhaakad හිමි කරගත්තේ තරු 1.5ක් වගේ අගයක්. ඉතින් ඇත්තටම Dhaakad මේ කියන තරමටම නරකද? ඒ ගැන තීරණය කරගන්න මං පුද්ගලිකව ගොඩක් වෙලාවට ඇස් වහගෙන වුණත් විශ්වාස කරන Filmi Indian චැනලයේ Deeksha Sharma විසින් කළ රිවීව් එකේ විශේෂ කොටස් පහළ එකතු කරනවා. ඒ වචන වල හැම ක්‍රෙඩිට් එකක්ම එයාට දෙන ගමන්, මධ්‍යස්ථ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා Dhaakad නරඹන්න කියලා.

Dhaakad Review by Deeksha Sharma
මේකයි, ගොඩක් බොලිවුඩ් චිත්‍රපටියක් බලන්න කලින් ඒකෙ නළුවා කවුද කියන ප්‍රශ්නේ ගොඩක් වෙලාවට ඇහෙනවා, ඒත් ඒ ප්‍රශ්නෙම නිළියක් සම්බන්ධව නම් උත්තරය විදිහට කංගනා රනෞත් ඇහෙන්න 90%ක අවස්ථාවක් තියෙනවා, මොකද කිව්වොත් මෙයාට හැකියාව වගේම ධෛර්යයත් තියෙනවා චිත්‍රපටයක් තනිවම තමන්ගේ කරපිටින් අරන් ගිහින් “ඇයි කොල්ලෝ විතරක් හැම ආතල් එකක්ම ගන්නේ’ කියන කතාව ඇත්තක් කරන්න තරම්. දැන් එයාගේ ඔය චිත්‍රපට ලැයිස්තුවට තව එකක් එකතු වෙනවා, ඒ තමයි Dhaakad. විශ්වාස කරන්න, චිත්‍රපටිය ගැන නරක දේවල් ගොඩක් ඇහුණට කාරණාව ඊට ටිකක් අනිත් පැත්ත. කතාවේ හැටියට අග්නි කියන්නේ ඔත්තු සේවයේ ඉන්න විශේෂ නියෝජිතවරියක්, මෙයාගේ එකම විනෝදෙ තමා මිනිස්සුන්ගේ අතපය කඩන එක, ඒකත් ඒ කෙනාගෙම අඩවියට රිංගලා. මේ නීතිය ගැලපෙන්නේ මිනිස්සුන්ට විතරයි, මේ සැරේ මෙයාට ලැබෙන මෙහෙයුම නම් ලේසි වෙන්නේ නැහැ, මොකද මේ එදිරිවාදියා මොකෙක් වුණත් මනුස්සයෙක් කියලා කියන්න නම් බැරි නිසා ; රුද්‍රවීර්.
ඔයාගේ විනෝදාංශය මොකක්ද? ඔව් ඔයාගෙන් තමා ඇහුවේ. ගිටාර් ගහන්නද, චිත්‍ර අඳින්නද නැත්තම් සයිකල් පදින්නද? මේ රුද්‍රවීර්ගේ විනෝදාංශය තමා කෙල්ලන්ව විකුණන එක. වයස කීයක් වුණත් බොහොමයක් කෙල්ලන්ට රුද්‍රවීර්ගෙන් නම් බේරෙන්න ලේසි වුණේ නැහැ. රුද්‍රවීර්ගේ ඇස් මායිමට කවුරුහරි කෙල්ලෙක් අහු වුණොත්, ඊළඟ දවසේ ඒ කෙල්ල කාත් එක්කහරි කාමරේක බලහත්කාරයෙන් ඇඳක වැතිරිලා ඉන්න පේන්න තියෙයි. ඉතින් ඔය අතරේ මොන කෙල්ල මොන ඇඳටද යන්නේ කියන එක තීරණය කරන්නේ “රෝහිනී” විතරමයි. මේ මැඩම්ට යක්ෂනී කියන එක යක්ෂනීටත් කරන අවනම්බුවක්. ඉතින් මේ සුන්දර මූණු පිටිපස්සේ හැංගිලා ඉන්න යමපල්ලෝ ටිකෙන් ටික ගැහැණු ළමයිව එයාලගේ මරණය කරා අරගෙන යන එක තමයි කළේ. අපේ අග්නි නිතරම කියන දෙයක් තමා, ශරීරයෙන් ආත්මය වෙන් කරන එක මගේ බිස්නස් එක කියලා. ඒත් මේ රුද්‍රවීර් කියන කෙනාට නම් ආත්මයක් කියලා එකක් තිබ්බේ නැහැ. මිනිහා කෙලින්ම රාක්ෂයෙක්, හදවතේ තියෙන්නේ ගින්දර විතරයි අත තිබ්බොත් අනිවාර්යෙන් අළු වෙලා යනවා. ඒ කියන්නේ මේ සැරේ ගින්දර සෙල්ලම් කරන්නේ ගින්දර එක්කමයි. ඒත් මේ දෙන්නට මීට එහා ගිය තව සම්බන්ධයක් තියෙනවා, ඒක ඔයාලා බලලම ඉන්න.

කෙලින්ම කාරණේට බහින්නම්කෝ, අපිට මාරම පුරුද්දක් තියෙනවා ක්‍රියාදාම චිත්‍රපටියක වීරයා, තමන්ගේ අම්මව සහෝදරියව, පෙම්වතියව බේරගන්න 500ක් 600ක් මිනිස්සු එක්ක තනියෙන් ගහගන්න ඒවම බලන විදිහේ. ඒත් නිලියම ඒ වැඩේ කරද්දී, අපි ක්‍රියාදාම ගැන අමතක කරලා හිතන්නේ අහවල් නළුවා මෙතන හිටියා නම් මේ වැඩේ කොච්චර හොඳට කරයිද කියන එකයි. ඒ කියන්නේ නළුවෙක් කළොත් අත්පුඩි, නිලියෙක් කරන්න උත්සහ කරපු ගමන් කෙලින්ම අපහාසද? එහෙම කොහොමද? හරි පිළිගන්නවා, චිත්‍රපටිය හැමෝම වෙනුවෙන් නම් නෙමේ, මේක එක විදිහක අත්හදාබැලීමක්. මුළු පවුලටම බලන්න පුළුවන් එකක් නෙමේ, ක්‍රියාදාම වලට ආස අයට විතරක්ම හදලා තියෙන එකක්. ඒත් ඔයා ඒ විදිහේ චිත්‍රපටියක් බැලුවේ නැහැ කියලා, චිත්‍රපටිය නරකයි කියන්න බැහැනේ? ඇත්තටම චිත්‍රපටියේ බර පැන ටිකක් සීමා සහිතයි. ඒ හින්දා දර්ශන තල එහෙම උපරිම මට්ටමටම නැහැ. තව වැඩියෙන් වියදම් කරලා මේක මහ පරිමාණයෙන් හැදුවා නම් හොලිවුඩ් Vs Dhaakad සටන නියමෙට වැඩ කරන්න තිබුණා. මේකයි, පටලවගන්න එපා, සමහර චිත්‍රපටි තියෙනවා, ඒකෙ හැබෑම වීරයා තමා “කතාව”. ඒත් Dhaakad කියන්නේ නම් එහෙම චිත්‍රපටියක් නෙමේ. මෙතැනදී වීරයා වෙන්නේ කතාව පෙන්නන විදිහෙයි. ඒ හින්දා පැය දෙකක් ඔයාට කම්මැලිකමක් නැතිව වාඩිවෙලා මේක බලතහැකි. සමහර වෙලාවට බටහිර සිනමාවක රසයත් ඔයාට දැනෙයි, විශේෂයෙන්ම චිත්‍රපටියේ ඉන්න දුෂ්ට චරිත නිතරම පෙන්නුවේ අන්ධකාර රාමු වලින්, මොකද මෙයාලා අනිත් අයගේ ජීවිත වලින් පාට හොරකම් කරන නිසා. ඒ වගේම ක්‍රියාදාම දර්ශන නම් මාරයි, කංගනාගේ ශක්තිය + පසුබිම් සංගීතය, මේ දෙක එකතු වුණාම සාමාන්‍ය දර්ශනයක් පවා සුපිරියක් බවට පත් කරනවා.
ඔව් බොරු කියන්නේ මොකටද, චිත්‍රපටියේ තිර රචනය පොඩ්ඩක් මන්දගාමී ගතියක් දැනෙනවා, එක තැනක කතාව නතර වෙනවත් වගේ දැනෙනවා, සමහර දර්ශන නැවත නැවතත් පෙන්නන්න ගන්නවා. ඒ වගේම අවසානයත් යම් විදිහකින් කලින් හිතාගන්න පුළුවන් විදිහේ එකක්. ඒ කියන්නේ විශේෂ විදිහේ කිසිම දෙයක් තිබ්බේ නැහැ. හොඳ සහ නරක අතරින් කවුද දිනන්නේ කියලා අපි ඉතින් පොඩි කාලේ ඉඳන්ම දන්නවනේ. ඒත් කවුරුත් නොහිතන විදිහේ එක ට්විස්ට් එකක් තියෙනවා, ඒකෙන් මුළු කතාවම වෙන පැත්තකට යන්න ගන්නවා. ඒ කියන්නේ ඔයා මෙච්චර වෙලා බලපු දේ බොරුවක්, එයාලා ඔයාගේ මොළෙත් එක්ක සෙල්ලම් කරලා. ඒක මරු.

අර්ජුන් රාම්පාල් රුද්‍රවීර් විදිහට නියමයි, එයාගේ පෙනුම සහ පෞරුෂත්වය දුෂ්ටයෙක් විදිහට මාරයි. ඒත් එයා කෙරෙහි වෛරයක් ඇති කරවන්න තරම් කතාවේ රචනය නම් දුර්වල වෙලා තියෙනවා. ඒ වගේම මෙයාගේ කතා විලාශයත් ටිකක් අවුල්, සමහර වෙලාවට මොනාද කිව්වේ කියල තේරුම් ගන්න බැහැ. දිව්‍යා දත්තා හරිම භයානකයි. මෙයාගේ වචන වගේම තුවක්කුවේ උණ්ඩ අතර තිබ්බේ වෙනම තරඟයක්. මැඩම්ගේ වැඩ වල හැටියට මෙයා ගැන නම් වෛරයක් අනිවාර්යෙන්ම ඇති වෙයි. ඒ වගේම අපි කංගනා ගැන කතා කළොත්, මැඩම් මෙතන කරලා තියෙන දේ නම් බොලිවුඩයේ කිසිම නිළියෙක්ට ළඟාවෙන්න බැරි විදිහේ දෙයක්. මුලින්ම ක්‍රියාදාම චිත්‍රපටයක් ඇතුලේ නළුවෙක් වෙනුවට නිළියෙක් වීමේ පීඩනය, දෙවැනි එක හොලිවුඩයේ අධි වියදම් චිත්‍රපට එක්ක තරඟ කරන එක, ඒකත් සාපේක්ෂව වැඩි බරපැනක් යොදවන්නේ නැතිවම තනිකරම තමන්ගේ රඟපෑම් වලින් විතරක්ම. ඒ වගේම එකම චිත්‍රපටිය ඇතුලේ චරිත ගොඩකට පණ පොවන එක. රහස් නියෝජිතයෙක්ගේ ඉඳන් තමන්ගේ තාරුණ්‍ය විකුණන්න තරම් අසරණ වෙච්ච ගෑනියෙක්ගේ චරිතයක් දක්වාම. ඒ කියන්නේ රංගනයේ තියෙන විචලයන් දැක්කද ඔයාලා, ෆ්ලවර් නෙමේ ෆයර් තමා බොස්!!
ඉතින් මගේ පැත්තෙන් Dhaakad වෙනුවෙන් දෙනවා තරු පහෙන් තුනක්. පලවෙනි තරුව කංගනා වෙනුවෙන් විතරමයි, ඉන්දියන් සිනමාවේ අත්හදාබැලීම් කරනවට ස්තූතියි. දෙවැනි තරුව හොඳම හිංසාවාදී ක්‍රියාදාමයන් සහ පසුබිමින් ඇහෙන සංගීතය වෙනුවෙන්. තුන්වෙනි තරුව, බටහිර සිනමාකරණය වෙනුවෙන්, අන්ධකාර කවියක් වගේ පරණ මතකයන් පෙන්නනවට. සෘණාත්මක පැත්ත ගැන කතා කළොත් එක තරුවක් කැපෙනවා, ටිකක් විතර ප්‍රාථමික මට්ටමේ කතා තේමාව නිසා සහ කලින් හිතාගන්න පුළුවන් අවසානය නිසා. දෙවැනි තරුව ඉඳහිට කතාව මගින් නතර වෙන ගතියටයි, තිර රචනය මන්දගාමී වෙනවා. බොලිවුඩ් වල අළුත් විදිහේ වැඩක් බලාගන්න කැමති නම්, අලුත් දේවල් ඉල්ලලා කෑගහන අය අතර කෙනෙක් නම් අනිවාර්යෙන් Dhaakad බලන්න ගන්න.

ඉතින් ඕක තමා Deeksha Sharmaගේ රිවීව් එක. චිත්‍රපටය ගැන මගේ පුද්ගලික අදහසත් මීට සමානයි. කියන තරම් චිත්‍රපටය නරකත් නැහැ, තව කවුරුහරි මේක මාරයි කියනවා නම් ඒ තරම් මාරත් නැහැ. හැබැයි ක්‍රියාදාම දර්ශන නම් සුපිරිමයි ඉතින් ආයේ කියන්න දෙයක් නැහැ. කොහොම කොහොම හරි මේක Zee5 වෙතින් පහුගිය දවසේ එලි බැස්සා. මේ වෙද්දි වාර්තාගත නැරඹුම් සංඛ්‍යාවක් පෙන්නුම් කරලා කියලත් ආරංචියි. ඒ වගේම Dhaakad තිරගත වෙන්නත් කලින්ම මේකේ දෙවැනි සහ තෙවැනි කොටස් නිෂ්පාදනය කරන්න සැලසුම් කරලයි තිබ්බේ. සිද්ධ වෙච්ච අවාසනාවන්ත දෙයින් පස්සේ මං නම් හිතන්නේ නැහැ තවත් කොටස් එළියට එයි කියලා. කොහොමත් Dhaakad විසින් කංගනාගේ වෘත්තීමය නිළි ජීවිතයට රතු එළියක් පෙන්නලා හමාරයි. චිත්‍රපටය මොන තරම් නරක වුණත් සැලකිය යුතු තරමේ ආරම්භක ආදායමක්වත් පෙන්නුම් කරගන්න මේකට බැරි වුණා. ඒ කියන්නේ කිසිම කෙනෙක් Dhaakad වෙනුවෙන් මෙහෙමයි කියලා සැලකිල්ලක් දක්වලා නැහැ. මේ දිනවල බොලිවුඩ් බොහොමයක් ආදායම් අතින් අසාර්ථක වෙන එක පුදුමයක් නොවුණත් Dhaakad වලට සිදු වුණු මේ දේවල් නම් නොසලකා හැර බැහැ. ඉතින් කංගනා ඉදිරියේදී හොඳ තේරීම් වලට යොමු වෙලා, අනවශ්‍ය දේවල් වලින් ඈත් වෙලා හරි මගකට ඒවි කියලා බලාපොරොත්තු වෙමු.

ඉතින් මගේ 250වෙනි උපසිරසිය වෙනකම් ආපු ගමන ගැනත් නොකියම බැහැ. බයිස්කෝප් එක්ක රැඳිලා ඉන්න ඔය හැමෝමත්, අපේ පරිපාලක මඩුල්ලත්, සහෝදර උපසිරැසිකරුවන් පිරිසත් ආදරයෙන් සිහිපත් කරන්නම ඕන මේ වෙලේදී. මෙතරම් දුරක් එන්න ශක්තියක් වුණේ ඔය හැමෝමයි. තවත් පුලු පුලුවන් විදිහට උපසිරැසි අරන් එන්නම්, එතකොට යතාකාලේදී තව කඩඉමක් ගහන්න පුළුවන් වෙයි. ඔය හැමෝටම ආයෙත් ස්තූතියි. චිත්‍රපටය නරඹන්න කියලා ඉල්ලා සිටින ගමන් මං සමුගන්නවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.
6,947 downloadsDownload ධාකඩ්-2022.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
57 comments
Anonymous
Kantha_DLA
250 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Kushan
Sub akta thanks
Gathsara Umesh
250 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!❤️
Naveen
සුබපැතුම් 250ට
උපසිරසියට තුතිNaveen Mbr
ජයෙන් ජයම අත් වේවා! <3 <3
Anonymous
සුබපැතුම් බොම්ක❤️
Hasitha
250 වන උපසිරසියට උනුසුම් සුබපැතුම් සහෝ ..!!
අචින්ත
මෙච්චර ඉක්මනට? ටිකක් විතර කන්..ෆියුසින් කන්ෆියුසින් වගේ..
දැට්ස් ඕකේ කියමු කන්ගනා ගෙ එකකින්ම කඩයිමක් ගහන්න ලැබිල තියනවා..හම්මේ ඇති යන්තන්
ඒකට ඉස්සල්ලම මගේ.. උණුසුම් සුභ පැතුම්
මේක ට්‍රේලරේ බලා ඉවසා දරාගෙන හිටියේ අසීරුවෙන්.. දැන් ඉතිං බලන්නම් පින් කියල
එහෙම නම් හදවතේ උපසිරැසිකරුවාණනි 250ට මෙන්න මගෙනුත් සුභ පැතුම්!!
පේ වීගෙන ආගමක් වගේ කරන වැඩේ බාධාවකින් තොරව කරගන්න ලැබේවා
තවත් සිනමාපට ගොඩකට උපසිරැසි ගේන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
හයියෝ මොකක්ද අනේ ඒ පික් එකsahangayantha
thanks a lot saho sub ekata
Anonymous
මුලින්ම මේ උපසිරසියට ගොඩක් ස්තූතියි. මේ කඩයිමට හදවතින්ම සුබ පතනවා. 250 ක් ලේසි පහසු ගමනක් නෙමේ. මොන තරම් දුරක් දුෂ්කරතා මැද උනත් උපසිරසිකරණයේ මේ තරම් දුරක් ආව එක ගැන ගොඩක් සතුටුයි මල්ලි. 500 වෙනි කඩයිමටත් ඉක්මනින් යන්න සිත් පහල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මගේ උපසිරසිකරණයේ role model ඔයා. ඔයා හින්දා භාෂාවේ නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ඒ හැමදේටම ස්තූතියි මල්ලි. තව තවත් උපසිරසි කරන්න හැකියාව, ධෛර්යය, ශක්තිය ලැබේවා. ❤️
Redrux
Congrtz bro
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම 250 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!
දිගටම සබ් කරමු....Janith
චොර එකක් නෙහ් කඩයිමට තෝරන් තියෙන්නේ
කොහොමවුනත් කඩයිමට සුබපැතුම් ලොක්කාUdara Damith
elaaaaaaaaaaaa
UDARA DAMITH
suba pethum
ඉසුරු
250 ට 250 ස් වාරයක් ස්තුතියි වේවා
හැම එකටම කමෙන්ට් නොදැම්මට සමාව බජනය කරත්වා
500 වාරයක් ස්තුතියි කරන දවසත් ඉක්මනින් නොවුනත් අනිවාර්යයෙන්ම පැමිනෙත්වාNaveen Mbr
උණුසුම් සුබ පැතුම් සහෝදරයා! ජයෙන් ජයම අත් වේවා! <3 <3 <3
Naveen Mbr
උණුසුම් සුබ පැතුම් සහෝදරයා! <3 <3
Idunil Weerasinghe
Congratulations brother
buddhika
thanks sub ekata
Pasindu Madumal
මුලින්ම උණුසුම් සුබ පැතුම් එක් කරනවා 250වෙනි උපසිරැසි ගැන්වීමට සහෝදරයා!✌
මෙච්චර ඉක්මනට 250කුත් ගැහුවා කියන්නේ චරිතයක් තමයි.
ඒ වගේම කඩයිමට තෝරගෙන තියෙන චිත්‍රපටියත් ගොඩක් විශේෂ එකක්
ෆ්ලොප් එකක් වුණත් බලන්න ඕනේ චිත්‍රපටියක්. ලිපියේ කියල තියෙන දේවල් 100% ඇත්ත.
300ත් කන්ගනාගේ එකකින් අල්ලමු! ජයවේවා ❤ආසිරි ප්‍රියන්ත (හේවා)
250t සුබ පහුම් සගෝ.....
මාස්ටර්ශිට් එකකින්ම 250 ගැහුවා ඒනම් ආ...
රාම්පාල් නිසා බලනවා....
ජය වේවා!!Anonymous
හින්දි නම් ඉතින් මයුරයා තමයි
එලකිරි සහෝනදීක ගුරුගේ
ෂුබපැතුම් ෂහෝදරයා
ජනා
පස්වන කඩයිමට සුබපැතුම් සහෝ
bunny
Congrts buddy
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
තවමත් කරලියේ රැඳිසිටිමින් සිංහල උපසිරැසිකරණය වෙනුවෙන් තම කාලය මහන්සිය උපරිමයෙන්ම කැප කරනා ඔබට මාගේ හෘදයාංගම ආචාරය මුලින්ම පුද කර සිටිනවා! 250 කඩඉමට ආවා කියද්දිත් පුදුම හිතුණා! මීටත් වඩා ඉක්මණින් 300 වෙනි සිංහල උපසිරැසි කඩඉමත් පසුකරන්නට අවශ්‍යය කරන ශක්තිය ධෛර්යය කාලය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා!
Buddhika Lakmal (laKMal)
250වෙනි උපසිරැසියට සුබ පැතුම් මචං.... ඉදිරියටත් අපි වෙනුවෙන් සිංහල උපසිරැසි කිරීමට කාලය වෙලාව ලැබේවා.. කරන කියන සියලුම වැඩකටයුතු සාර්තක වේවා.....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Pasindu
කඩයිමට සුබපැතුම්
#අරගලයට ජය වේවාAnonymous
Congrats phoenix
Anonymous
Thanks macho
Anonymous
Thanks macho........
indika 75
250 වන උපසිරැසියට උණුසුම් සුබ පැතුම් !!
දහරා මුතු අමා
250ට උනුසුම් සුබ පැතුම්. ඔයාගේ උපසිරැසියක් නම් ඉතින් ආයේ අහන්න දෙයක් නෑ. සුපිරිම තමයි. ඉතින් ඊලග කඩයිම් වලටත් යන්න ශක්තිය සහ ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා. ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්තක වේවා කියලත් ප්‍රාර්තනා කරනවා. ඒ වගේම කන්ගනාගේ ඊලග චිත්‍රපටියෙන් 300ත් දෙමු.
Anonymous
waddek tmai ithin
jaya wewa brotherSheron
Congratulations for 250th sub ..keep going
oshanda
malli.. unusum suba pethum.. issarahatath sub karanna shakthiya lebewa
Deshan
5වන කඩයිමට සුබපැතුම් සහෝ
ජය වේවා!!!Rashi Iddamalgoda
Congratulations bro, thnks sub akata. මෙකෙ අවසානය තමා අවුල් වුනේ.. අනික ඉක්මනින් වගෙ හැමදෙම ඉවර වුනා. අර්ජුන් රාම්පාල් ගෙ චරිතයෙ වැඩි දෙයක් වුනේ නැ.. අනිත් film වල වගෙ දුෂ්ටයා වෙන එකෙක් කියලා හැගෙව්වා. කෙල්ලගෙ අම්මා තාත්තා මරපු පැහැදිලි හෙතුවක් නැතිව අවසානය ඉක්මනින් ඉවර වුනා. මට අනුව නම් film එකේ කිසි ගැම්මක් තිබ්බෙ නැ..
Rashi Iddamalgoda
මම බයිස්කෝප් එකට කැමති මොන film , Tv සිරිස් එක දැම්මාත් හොද පැහැදිලි කිරිමක් තියෙන එකට..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
යුරාන් ධනුක (දනුවා)
නියමයි සහෝ 250 වෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම් !
Rumesh
සුබපැතුම් සහෝ
Anonymous
එලකිරි සුපිරිකිරි
V.P
250 වන උපසිරසියට සුබපැතුම් සහෝ
හැමදාම වගේ ඉදිරියටත් ගුනාත්මක නිර්මාන ලබාදෙන්න හැකියාව ලැබේවාඑල්. සී. දමැල්
250වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම්! :)
උපසිරස රහට ලියන්න වගේම ලිපි රස ගන්වන්නත් උපන් හපනෙක් තමයි ඉතින්... 300ත් ඉක්මනින් ගහන්න සහ අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ජය ✌Neo
Congrats brother
Keep it upSohan Jayasooriya
අඩේ දැනුයි දන්නෙ අයියා 250 ගහලා කියලා.. හදවතින්ම සුබ පතනව හොඳේ..ඔයාගෙ සබ් වල කොලිටිය ගැන නම් ඉතින් ආයෙ කතා කරන්න දෙයක් නෑනේ..අනික ඔයා සබ් කරන්න ගන්නෙත් අමුතු අමුතු සීන් තියෙන ෆිල්ම්ස්..ඒවා මරු... තව තවත් කඩඉම් වලට යන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ජය වේවා අයියේ...
Heli
උණුසුම් සුබ පැතුම්! ඔයාගෙ සබ් එකක් නම් ට්‍රේලරේ නොබලම ඩවුන්ලෝඩ් කරලා බලන ගානට කට්ටිය කැමති වැඩ්ඩෙක් තමයි ඉතින් මේ..
කිසිදු ලාබ ප්‍රයෝජනයක් නොතකා කරන මේ වැඩේට ස්තූති වේවා!Lakshitha
කඩයිමට උනුසුම් සුබපැතුම් සහෝ ..ජයෙන් ජයම වේවා ..!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Dhaakad (2022) Sinhala Subtitles | ගින්නට නොදෙවැනි හිතුවක්කාර දඩබ්බරී..!! [සිංහල උපසිරසි] (250)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/07/ධාකඩ්-2022-1.jpg)
Congratz for 250th sub
Also thanks for sub