Watch Trailer

Die My Love (2025) Sinhala Subtitles | වියරු වූ පෙම [සිංහල උපසිරැසි]

Die My Love (2025) Sinhala Subtitles මේක 2025 වසරේ නිකුත් වුන ඩ්‍රාමා/ත්‍රිලර් (Drama/Thriller) වර්ගයේ චිත්‍රපටියක්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක පොඩ්ඩක් විතර වෙනස්, ගැඹුරු කතාවක් තියෙන ෆිල්ම් එකක්. කතාව ගැන පොඩි සඳහනක් කරොත්, මේකේ ප්‍රධාන චරිතය තමයි ග්‍රේස් (Grace). එයා අලුත උපන් දරුවෙක් ඉන්න අම්මා ක…

Die My Love (2025) Sinhala Subtitles

මේක 2025 වසරේ නිකුත් වුන ඩ්‍රාමා/ත්‍රිලර් (Drama/Thriller) වර්ගයේ චිත්‍රපටියක්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක පොඩ්ඩක් විතර වෙනස්, ගැඹුරු කතාවක් තියෙන ෆිල්ම් එකක්. කතාව ගැන පොඩි සඳහනක් කරොත්, මේකේ ප්‍රධාන චරිතය තමයි ග්‍රේස් (Grace). එයා අලුත උපන් දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. හැබැයි එයා ඉන්නේ ලොකු මානසික පීඩනයකින්. දන්නවනේ අර බබාලා හම්බුනාම එන ඩිප්‍රෙෂන් එක (Postpartum depression/psychosis). එයාට හිතෙන්නේ එයාගේ ජීවිතේ හිරවෙලා වගේ. එයාගේ මහත්තයා ජැක්සන් (Jackson) එක්ක තියෙන සම්බන්ධයත් එච්චර හොඳ නැහැ. ග්‍රේස් ටිකෙන් ටික පාලනයෙන් ගිලිහෙන හැටි සහ ඇය ඇතුලේ තියෙන ඒ මානසික අරගලය තමයි ෆිල්ම් එක පුරාවටම දකින්න ලැබෙන්නේ. ඇමරිකාවේ ගම්බද පළාතක තමයි කතාව සිද්ධ වෙන්නේ.

නළු නිළියන් ගැන කිව්වොත්,ග්‍රේස් (Grace) අපි කවුරුත් ආස කරන Jennifer Lawrence තමයි මේ චරිතයට පණ පොවන්නේ. ඇයගේ රංගනය මේකේ සුපිරියටම තියෙනවා. ජැක්සන් (Jackson)ග්‍රේස්ගේ මහත්තයා විදියට ඉන්නේ Robert Pattinson. හැරී (Harry): තවත් ප්‍රධාන චරිතයක් විදියට LaKeith Stanfield රඟපානවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Lynne Ramsay. එයා ප්‍රසිද්ධයි මේ වගේ මනෝවිද්‍යාත්මක පැතිකඩවල් තියෙන ෆිල්ම් වලට උදාහරණයක් විදියට “We Need to Talk About Kevin”. හරි එහෙනම් වෙනදා වගේම කතාවේ සාර්ථක අසාර්ථකබාවය බලන ඔයාලට භාරයි. තවත් ලස්සන කතාවකින් හමුවෙමු.

*-* ජය ශ්‍රී *-*

Die My Love (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා අදාළ වේ.

759 downloadsDownload Die-My-Love2025.zip26 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

Die My Love (2025) Sinhala Subtitles

Subtitles by

යසිරු හසරංග

Subtitles

759 downloadsDownload Subtitles26 KB

3 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ...!

  2. Buddhika laKMal

    ස්තූතියි සහෝ සබ්එකට

  3. Asiri Priyantha (Hewa)

    Ammatasiri, Menna meyaa...