Watch Trailer

Don’t Listen (2020) AKA Voces Sinhala Subtitles | මරණයේ කටහඬ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්… 2020 ඉවරයක් වෙන්න යන මේ වෙලාවේ තවත් සබ් එකක් ඔයාලට දෙන්න ඕන කියල හිතුණා. ඉතින් හොල්මන් වලට බය වෙන්න ආස අය වෙනුවෙන් තමයි මේ Drama, Horror, Thriller කාණ්ඩ වල ස්පාඤ්ඤ ෆිල්ම් එක. සාමාන්‍යයෙන් මං හොල්මන් ෆිල්ම් 3, 4 කට වඩා සබ් කරලා නෑ. බැලුවට විශේෂයෙන් බලන්න ආසත් නෑ. හේතුව ගොඩක් ඒවයේ කතාවෙ…

කොහොමද ඉතින්… 2020 ඉවරයක් වෙන්න යන මේ වෙලාවේ තවත් සබ් එකක් ඔයාලට දෙන්න ඕන කියල හිතුණා. ඉතින් හොල්මන් වලට බය වෙන්න ආස අය වෙනුවෙන් තමයි මේ Drama, Horror, Thriller කාණ්ඩ වල ස්පාඤ්ඤ ෆිල්ම් එක.

සාමාන්‍යයෙන් මං හොල්මන් ෆිල්ම් 3, 4 කට වඩා සබ් කරලා නෑ. බැලුවට විශේෂයෙන් බලන්න ආසත් නෑ. හේතුව ගොඩක් ඒවයේ කතාවෙ තේරුමක් නෑ වගේ අන්තිමට. ඒත් මට මේ කතාව හිතට ඇල්ලුවා. Don’t Listen කියල ඉංග්‍රීසි title එක තියන මේකෙ මුල් නම Voces. ස්පාඤ්ඤ භාෂාවේ මෙහෙම කියන්නේ ඉංග්‍රීසියෙන් voices හෙවත් සිංහලෙන් “කටහඬවල්” කියන එක.

මේක Ángel Gómez Hernández කියන අධ්‍යක්ෂක වරයාගේ නිර්මාණයක්. Rodolfo Sancho, Ana Fernández, Ramón Barea වගේ අය රංගනයෙන් දායක වෙනවා. සංගීතය Jesús Díaz ගේ. ඒ සංගීතයත් හිතට ඇල්ලුවා. මේ 2020 වසරේ නොවැම්බර් 27 තමයි මේක Netflix හරහා ලෝකයට දකින්න ලැබුණේ. IMDB එකේ මේ වෙද්දි 6.1 ක අගයක් ලබාගෙන තියනවා.

මේකෙ කතාව ගත්තොත්, ඩනියෙල් හා ඔහුගෙ බිරිඳ සාරා පරණ ගෙවල් අරගෙන ඒවා අලුත්වැඩියා කරලා විකුණනවා. ඒ නිසා නිතරම වගේ ගෙවල් මාරු කරනවා. අලුතෙන්ම ගත්ත ලොකු පරණ ගෙදරට ආවට පස්සේ එයාලගෙ පුතා එරික් කියනවා එයාට කටහඬවල් ඇහෙනව කියල. ඒවායින් එක එක චිත්‍ර අඳින්න කියනවා කියල. හැසිරීමත් වෙනස් වෙනවා. මනෝවෛද්‍යවරිය නම් කියන්නේ නිතරම ගෙවල් මාරු කරන නිසා, ඉස්කෝලෙ, යාළුවො දාල එන්න වුණු නිසා ඇති වුණු තත්වයක්, අලුතෙන් යාළුවො හදාගනිද්දි හරියයි කියල.

ඉතින් මේ එරික් අඳින චිත්‍ර වල තියෙන්නේ මොනවද? මේ ගෙදර නිතරම ඉන්න මැස්සො මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද? මොකද වෙන්නේ බලන්න ෆිල්ම් එක අරගෙන බලන්න කියල ආරාධනා කරනවා.

එහෙනම් ලබන්නා වූ 2021 වසර මේ 2020 වගේ නොවී, වසංගත වලින් තොර, හැමෝටම සුබ වෙන වසරක් කියල ප්‍රාර්ථනා කරනවා. ඒ අවුරුද්දෙත් ඉඩ ලැබෙන විදියට උපසිරැසි අරගෙන එන්නම්. හැමෝටම සුබ නව වසරක් වේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

3,838 downloadsDownload Dont-Listen-2020.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිල්ෂාන් මධුරංග

Subtitles

3,838 downloadsDownload Subtitles23 KB

12 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  3. lakshan

    thanks ...........

  4. R_deshan

    සබ් එකට තෑන්ක්ස් සහෝ...wonder women 1984 එකට සබ් නෑනෙ බං තාමත් අනිත් සයිට් ඔක්කොගෙම දීල.බයිස්කෝප් හිතවත් අපි තාම ෆිල්ම් එක බාගෙන බලන් ඉන්නව.අලුතෙන් එන වැඩිය හිට් නැති ෆිල්ම් වලට කලින් ඒකට සබ් දුන්න නම් තමා හොඳ...

    1. සේපාලිකා

      සිරාවට මේ බයිස්කෝප් ගොබ්බයන්ට ඒවා පේන්නේ නෑ. වෙලාවට සබ් එකක් දෙන්න බැරි මෝඩයෝ ටිකක් ඉන්නේ

  5. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  6. Malith Samarawickrama

    Thanks sub ekata

  7. Anonymous

    Tnx....

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Anonymous

    Thank you..

  10. Dewadithya

    Thanks for sub!

  11. Arawinda Sunimal

    thanks sub ekata