අයුබෝවන් එහෙනම් හැම දෙනාටම ඔන්න එහෙනම් ඉක්මනින්ම ආවා තවත් සිනමා නිර්මාණයක් අරගෙන, “Dookudu” කියන්නෙ 2011 අවුරුද්දෙ ආපු තෙලුගු සිනමා පටයක්. මේක action comedy කාණ්ඩයට අයත් සිනමාපටයක්. Srinu Vaitla අධ්‍යක්ෂනයක්. තිර රචනය Vaitla,Kona Venkat,Gopimohan.නිෂ්පාදනය Ram Achanta,Gopi Achanta,Anil Sunkara. මෙහ…

අයුබෝවන් එහෙනම් හැම දෙනාටම ඔන්න එහෙනම් ඉක්මනින්ම ආවා තවත් සිනමා නිර්මාණයක් අරගෙන, “Dookudu” කියන්නෙ 2011 අවුරුද්දෙ ආපු තෙලුගු සිනමා පටයක්. මේක action comedy කාණ්ඩයට අයත් සිනමාපටයක්.  Srinu Vaitla  අධ්‍යක්ෂනයක්. තිර රචනය  Vaitla,Kona Venkat,Gopimohan.නිෂ්පාදනය Ram Achanta,Gopi Achanta,Anil Sunkara.

මෙහි රඟන දායකත්වය  Mahesh Babu,Samantha,Prakash Raj,Sonu Sood,Brahmanandam.

image.pngimage.pngimage.pngimage.pngimage.png

හරි කතාව ගැන පොඩ්ඩක් බලමු ,අජේ කුමාර් කියන පොලිස් නිලධාරියෙක් . එයාගෙ තාත්තා හිටපු  MLA (මන්ත්‍රි) කෙනෙක්. අනතුරකින් අජේගේ තාත්තා කෝමා එකකට වැටෙනවා පස්සේ අවුරුදු ගානකින් අවදි වෙනවා. ඒත් එයාගෙ සෞඛ්‍ය තත්වය තවම හොඳ නෑ. ඉතින් එයාගෙ සුවය වෙනුවෙන්, අජේ තමන්ගෙ තාත්තගේ හීනය ඉෂ්ට කරන්න MLA කෙනෙක් විදියට රඟපානවා. ඒ අතරෙම එයාගෙ තාත්තට හිරිහැර කරපු අයත් හොයනවා. මේ චිත්‍රපටය හදලා තියෙන්නේ 2003 දී ආපු ජර්මන් චිත්‍රපටයක් අනුවයි.

මේක වැඩ පටන් අරගෙන තියෙන්නෙ 2010 ජුනි 28 වෙනිදා Hyderabad වල. ෂූටින් පටන් ගත්තෙ 2010 ඔක්තෝබර් 22 වෙනිදා Turkey වල. ඒක ඉවර වුණේ 2011 සැප්තැම්බර් මැද. වැඩි හරියක් ෂූට් කළේ Hyderabad වල. ඒ වගේම Mumbai,Gujarat,Istanbul,Dubai සහ Switzerland වත් ෂූට් කරලා තියෙනවා.

සංගීතය – S.Thaman. සංස්කරණය – M.R.Varma කැමරාකරණය – K.V.Guhan

මේ සිනමා පටය තිරගත කළේ 2011 සැප්තැම්බර් 23 වෙනිදා. ලෝකෙ පුරා සිනමා ශාලා 1800 ක තිරගත කළා. හොඳ ප්‍රතිචාර ලැබි තිබෙනවා.  box-office වර්තා රැසක් තබා තියෙනවා.  Los Angeles Times සගරාවේ සදහන් කර තිබුනේ “ඔයා කවදාවත් අහලා නැති ලොකුම හිට් එක” කියලා.

ඉන්දියානු රුපියල් කෝටි 58.9 වැය කර නිෂ්පාදනය පිරිවැයක් යුත් මෙහි. මුළු ආදායම ඉන්දියානු රුපියල් කෝටි 101ක් විතර වුණා. ඒ අවුරුද්දෙ වැඩිම ආදායම් ලැබූ තෙලුගු චිත්‍රපටය වුණේ මේ සිනමාපටයයි. ඒ වගේම ඒ වෙනකම් දෙවෙනියට වැඩිම ආදායම් ලබපු තෙලුගු චිත්‍රපටය ද වෙනවා.

සම්මාන වශයෙන්.  Nandi සම්මාන 7ක්, Filmfare සම්මාන 6ක්,  SIIMA සම්මාන 8 ක් සහ CineMAA සම්මාන 8ක් දිනා ගෙන තියෙනවා.

බෙංගාලි භාෂාවට නැවත නිර්මාණය වුනා  Challenge 2 (2012) කියලා. කන්නඩ භාෂාවටත් නැවත නිර්මාණය වුනා Power (2014) කියලා. ඊට අමතරව හින්දි, දෙමළ, මලයාලම්, ඔඩියා සහ කන්නඩ භාෂාවලටත් හඬකවලා තියනවා.  Mahesh Babu ගේ (Pokiri 2006) සිනමා පටයත් බලන්න බලලා නැති නම් බලන්න කියලා ඔන්න එහෙනම් ආරාධනා කරනවා.

                                                 Challenge 2 (2012)   Power (2014)
හොදයි එහෙනම් හැම දෙනාටම ආරාධනා කරනවා සිනමාපටය රස විදින්න කියලා, ඉක්මනින්ම නැවතත් හමුවෙමු තවත් සිනිමා නිර්මාණයකින් හැමොටම ජයෙන් ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Bluray පිටපත් සඳහා අදාළ වේ.

995 downloadsDownload Dookudu-2011.zip98 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශාන් ශානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

අශාන් ශානක

Subtitles

995 downloadsDownload Subtitles98 KB

1 comment

  1. Milinda Sandaruwan

    සෑහෙන කාලෙකින් ආයම මහේෂ් බාබුගේ පරන ෆිලුම් ටිකක් බැලුවා , සබට බොහොම ස්තුතියි සහෝ ජය ❤️

    Saripodhaa Sanivaaram (2024) Telugu
    නානිගේ අලුත් ෆිලුම , මේකට ඉක්මනින් සබ් එක දෙන්න