The Plot (2024) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම! අද මම උපසිරසියක් අරගෙන ආවේ බයිස්කෝප්වාසීන් මගෙන් උපසිරසියක් කරන්න කියලා ඉල්ලපු කොරියන් ෆිලුමකට. 2024 වර්ෂයේ විකාශනය උණු මේ ෆිලුම Thriller / Crime කියන ශානර වර්ගයට තමයි වර්ග වෙන්නේ. මේක අධ්‍යක්ෂකවරයා වන්නේ Lee-yo-sup කියන අධ්‍යක්ෂකවරයා ඒවගේම තිර රචන…
The Plot (2024) Sinhala Subtitles
ආයුබෝවන් හැමෝටම!
අද මම උපසිරසියක් අරගෙන ආවේ බයිස්කෝප්වාසීන් මගෙන් උපසිරසියක් කරන්න කියලා ඉල්ලපු කොරියන් ෆිලුමකට. 2024 වර්ෂයේ විකාශනය උණු මේ ෆිලුම Thriller / Crime කියන ශානර වර්ගයට තමයි වර්ග වෙන්නේ. මේක අධ්‍යක්ෂකවරයා වන්නේ Lee-yo-sup කියන අධ්‍යක්ෂකවරයා ඒවගේම තිර රචනාවෙන් දායක වෙන්නේත් එයාම තමයි. ඉතින් මේ ෆිලුමේ රංගනයෙන් දායක වෙන්නෙත් ක්ෂේත්‍රයේ දක්ෂකම් දැක්වූ නළු නිළි පිරිසක්.
අපි කතාව පැත්තට ගියොත් මේකේ ප්‍රධාන චරිතය වෙන්නේ යොන්ග් ඉල්. ඉතින් මෙයා සුවිශේෂි පුද්ගලයෙක් හැබැයි අහිංසකයෙක්නම් නෙමෙයි.

පුද්ගලයෙක්ට වෙනස් කරන්න බැරි එක දෙයක් තියනවනේ ඒ තමයි ඒ කෙනා මැරෙන වෙලාව සහ මැරෙන්න හේතුව ඒ කියන්නේ කොච්චර ලොකු වැඩ්ඩෙක්ට උනත් මරණය පාලනය කරන්න බෑනේ. ඒත් යොන්ග් ඉල්ටනම් ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි. මෙයාගේ රැකියාව වෙන්නෙත් මරණය පාලනය කරන එක. යොන්ග් ඉල් කියන්නේ කෙනෙක්ගේ මරණයක් හදිසි අනතුරක් බවට සකස් කරන නිර්මාණකරුවෙක්. ඒ කියන්නේ මෙයා මිනිස්සුන්ව මරන්නේ සැලසුම් කරලා ස්වභාවික අනතුරකින් මැරුණා කියලා අනිත් අයට පේන්න. මේක සැලසුම් කරපු බවට කිසිම සාක්ෂියක් ඉතුරු නොවෙන විදියට වැඩ කරන්නත් මෙයා හරිම දක්ෂයි. දැක්කනේ එසේ මෙසේ මනුස්සයෙක් නෙමෙයි ඉතින්. මෙයා මේවා කරන්නේ තනියමනම් නෙමෙයි මෙයාට ඉන්නවා කණ්ඩායමක් ඒ චුල් ජොන්ග් , ජැකී සහ ජුම් මාන් කියන අය. මෙයාලා අනිත් අයගේ කොන්ත්‍රාත්වලට තමයි මෙහෙම මිනිස්සු මරන්නේ ඒ කියන්නේ මෙයාලා සල්ලි හම්බකරන්නේ මේවා කරලා.
කතාවේ යොන්ග් ඉල්ගේ ලගින්ම හිටපු යාලුවෙක් වුණු ජැක් නෝනි කියලා කෙනෙක්ගේ මරණයක් ගැන පෙන්නනවා මේකත් ස්වභාවික අනතුරක් වගේ පේන්න සලස්වපු සැලසුම් කරපු අනතුරක් කියලා යොන්ග් ඉල් විශ්වාස කරනවා. ඉතින් ඒක කරලා තියෙන්නෙ යොන්ග් ඉල් වගේම වැඩ කරන පිරිසිදු කරන්නන් කියලා හදුන්වන වෙනත් කණ්ඩායමක් විසින් කියලා තමයි යොන්ග් ඉල් විශ්වාස කරන්නේ.
මේ ඔක්කොම අතරේ මෙයාලට ලැබෙනවා ඔවුන්ගේ ජීවිත කනපිට පෙරලන කොන්ත්‍රාත්තුවක්. මෙවර ඉලක්කය මාධ්‍ය සහ මුළු ලෝකයේම අවධානයට ලක්ව ඇති බලගතු චරිතයක් වන අභිචෝදකවරයෙක්. කණගාටුවට කරුණ වෙන්නේ මේ කොන්ත්‍රාත්තුව අරගෙන එන්නේ එයාගෙම දුව විසින් වීම. අපේ මේ කණ්ඩායම මේ කොන්ත්‍රාත්තුව භාරගන්නවා. ඔවුන් මේ මරණය ස්වභාවික මරණයක් බවට පරිවර්තනය කරන්න සැලසුමක් දියත් කරනවා. ඉතින් මේ කොන්ත්‍රාත්තුව අස්සෙ වෙන කුමන්ත්‍රණයකුත් ක්‍රියාත්මක වෙනවා ඒ අතරෙත් මන් කලින් කියපු පිරිසිදු කරන්නන් කියලා හදුන්වන කණ්ඩායමේ වැඩ ටිකකුත් වෙනවා. ඒකෙන් මේ කණ්ඩායමටත් ලොකු බලපෑමක් සිද්දවෙනවා.
හරි එහෙනන් කියෙව්වා ඇති එහෙනන් මේ යොන්ග් ඉල් ඇතුළු කණ්ඩායමට මේ අභිචෝදකයව ඝාතනය කරන්න පුලුවන් වේවිද? ඔවුන්ගේ සැලසුම සාර්ථක වේවිද? මේ කොන්ත්‍රාත්තවෙන් කණ්ඩායමට වෙන බලපෑම් මොනවද කියලා එහෙනන් නරඹලම දැනගන්න.
තවත් උපසිරසියකින් හමුවෙනකම් හැමෝටම ජය!
The Plot (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEB-DL පිටපත් සඳහා පමණක් වලංගු වේ.
3,515 downloadsDownload The-Plot-2024.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාරා ගුණරත්න” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2024-08-01
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Plot (2024) Sinhala SubtitlesSubtitles by
ඉෂාරා ගුණරත්න
Subtitles
12 comments
Gagan pabasara
Buddhika laKMal
බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට
Thilina Weerasinghe
සබ් එකට බොහොම ස්තුතියි
Charuka
අක්කේ මං ඔයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. බයිස්කෝප් එකට කොරියානු රසිකයෙකු සිටීම ගැන. මාත් කොරියානු රසිකයෙක්. මං හිතනව මේ විදියට දිගටම කරගෙන යයි කියලා.
Nayana Buddhika
උපසිරැසියට බොහොම ස්තූතියි
TFR
Thank you, Drive (2024) ekatath sub one
sanjaya
walking dead season 3 sinhala sub denna puluwnd
Yash
Thank you sister.
Really appreciate.jazz
බොහොම ස්තුතියි
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
Malith samarawickrama
Thnks so much sub ekata
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතියි Dead Man 2024 චිත්‍රපටය උපසිරස කරන්න කො