Watch Trailer

Double iSmart (2024) Sinhala Subtitles | ඩබල් ඉස්මාර්ට්. [සිංහල උපසිරසි]

Double iSmart (2024) Sinhala Subtitles ඇත්තටම කියන්න කණගාටුයි. මේකේ පලවෙනි චිත්‍රපටිය ගැන කිව්වොත් iSmart Shankar 2019 එක හොදටම හිට් වුන ෆිල්ම් එකක්.ඒත් මේක Double iSmart බලාපොරොත්තු කඩ කරමින් හෙනම ෆ්ලොප්/ෆේල් එකක් වුනා. අගෝස්තු 15 වෙනිදා තිරගත කිරීම් ඇරඹුනු චිත්‍රපටය අපි හැමෝගෙම බලාපොරොත්තු සුන් ක…

Double iSmart (2024) Sinhala Subtitles

ඇත්තටම කියන්න කණගාටුයි. මේකේ පලවෙනි චිත්‍රපටිය ගැන කිව්වොත් iSmart Shankar 2019 එක හොදටම හිට් වුන ෆිල්ම් එකක්.ඒත් මේක Double iSmart බලාපොරොත්තු කඩ කරමින් හෙනම ෆ්ලොප්/ෆේල් එකක් වුනා. අගෝස්තු 15 වෙනිදා තිරගත කිරීම් ඇරඹුනු චිත්‍රපටය අපි හැමෝගෙම බලාපොරොත්තු සුන් කරපු චිත්‍රපටයක් උනා.

කතාවේ ප්‍රදාන චරිත විදියට අපිට Ram Pothineni, Kavya Thapar, Sanjay Dutt, VJ Bani ව දකින්න පුලුවන්, Ram Pothineni හැමදාමත් වගේ සුපිරි ඇක්ටින් පාරක් දෙනවා.

පලවෙනි ෆිලුම ගැන කතා කරොත් අපිට බලාගන්න පුලුවන් ශන්කර්ගේ කෙල්ල මරන එකට පලිගන්න හදපු ශන්කර් පලිගන්න හදන හැටි. ඒත් එක්කම ශන්කර්ට වෙඩි වදිනවා.ඊට පස්සෙ සාරාගේ කොල්ලා වරුන්ගේ මතකයන් ඔක්කොම ශන්කර්ගේ ඔලුවට සැත්කමක් කරලා දානවා. කෝමහරි ශන්කර් විදියටයි සාරාගේ කොල්ලා වරුන් විදියටයි මාරු වෙවී ශන්කර් තමන්ගේ පලි ගැනීම ඉටු කරගන්නවා. ඒත් අන්තිමට ශන්කර් සම්පූර්ණයෙන්ම වරුන් වෙලා ඉද්දී ශන්කර් ආයේ එනවා අපිට පලවෙනි ෆිලුමෙන් බලාගන්න පුලුවන් උනා.

දෙවෙනි ෆිල්ම් එක ගැන කතා කරොත් මේක පලවෙනි එකට සම්බන්දයක් නෑ, ඒත් මේක බලනවනම් පලවෙනි එක බලලා ඉන්න එක හොදයි. මේකෙ කතාව යන්නෙ ශන්කර්ගේ ලමා කාලයේ උන සිදුවීම් ටිකක් එක්කයි, පලවෙනි ෆිලුමේ ඉදපු චරිත ටිකකුත් අපිට මේකෙන් ආයෙත් දැක බලා ගන්න පුලුවන් වෙනවා. මේකේ ප්‍රදාන හතුරාට (බිග් බුල්) මොලේ ගෙඩියක් ඇවිල්ලා එයා මැරෙන එක මාස 3කට සීමා වෙලා ඉද්දි scientist කෙනෙක් මෙයාට අදහසක් දෙනවා. ඒ මෙයාගේ මතක ඔක්කොම ශන්කර් ගේ ඔලුවට දාලා ශන්කර්ව බිග් බුල් කරවන්න. ඒ වැඩේ සාර්තක වෙයිද නැද්ද මොනා වෙයිද කියලා ඔයාලම බලාගන්න එහෙනම්…

ඒ වගේම මේක මගේ පලවෙනි තෙලිගු ෆිල්ම් එක, ගොඩක් අඩුපාඩු ඇති. ඒ වගේම මට මේ උපසිරසිය කරන්න ගොඩක් උදව් කරපු ඇන්ඩ්මින් මඩුල්ලේ රවිදූ හේශාන් අයියටත් බොහොම ස්තූතිවන්ත වෙනවා.

Double iSmart (2024) Sinhala Subtitles

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB/ HQ HDRip පිටපත් සඳහා ගැළපේ.

6,608 downloadsDownload Double-iSmart-2024-2.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිදු නිම්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Tillu Square (2024) Sinhala Subtitles

Subtitles by

උවිදු නිම්සර

Subtitles

6,608 downloadsDownload Subtitles58 KB

2 comments

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි උවිදු සහෝ උපසිරැසියට

  2. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤