Watch Trailer

Atlas (2024) Sinhala Subtitles | කෘතිම බුද්ධියේ අනාගතය මෙහෙම වෙයිද? [සිංහල උපසිරැසි]

Wonka (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම. සෑහෙන කාලෙකට පස්සේ උපසිරසියක් ඉවර කලා. එක එක වැඩ මැද්දේ මාස 4ක් විතර මේක ඇදුනා.ඇට්ලස් චිත්‍රපටය නිකුත් වුණේ 2024 මැයි 24 වෙනිදා. මේකට IMDB අගය 5.6ක් වගේ ලැබිලා තියෙනවා. ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නේ කවුරුත් හඳුනන Jennifer Lopez. ඒවගේම Shang-chi…

Atlas (2024) Cover

Wonka (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම. සෑහෙන කාලෙකට පස්සේ උපසිරසියක් ඉවර කලා. එක එක වැඩ මැද්දේ මාස 4ක් විතර මේක ඇදුනා.ඇට්ලස් චිත්‍රපටය නිකුත් වුණේ 2024 මැයි 24 වෙනිදා. මේකට IMDB අගය 5.6ක් වගේ ලැබිලා තියෙනවා. ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නේ කවුරුත් හඳුනන Jennifer Lopez. ඒවගේම Shang-chi චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණපොවපු Simu Liu මේ චිත්‍රපටයෙදි දුෂ්ටයාගේ චරිතයට දායක වෙනවා. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Rampage, San Andreas, Journey 2 කියන චිත්‍රපට නිර්මාණය කරපු Brad Peyton කියන අධ්‍යක්ෂකවරයා විසින්. අපි මේකේ කතාව දිහාට යොමුවෙමු.

Spoiler Alert : මේක 2043 වසරේ වෙන සිද්ධි දාමයක්. ඒ වෙද්දි ලෝකය බොහොම දියුණු තත්වයේ පවතිනවා. ලෝකය පුරාම (Ai) කෘතිම බුද්ධි රොබෝවරුන් විහිදිලා ඉන්නවා. ඒ අතරේ හාර්ලන් කියන Ai රොබෝ තමන්ගේ ප්‍රෝගෑමින් වලින් පිට ගිහින් පෘථිවි වැසියන් ඝාතනය කරන්න ගන්නවා. මේ අතරෙදි හාර්ලන් අතුරුදහන් වෙනවා. ICN කියන යුධ මධ්‍යස්ථානයෙන් ඇට්ලස්ට කතා කරනවා හාර්ලන්ව හොයාගන්න උදව් කරන්න කියලා. ඇට්ලස් කියන්නේ දත්ත විශ්ලේෂකයෙක්. ඉතින් මොනවගේ දේකින් හාර්ලන්ව හොයාගන්න පුලුවන් වෙයිද? හාර්ලන්ගේ ඉදිරි සැලසුම් මොනවා වෙයිද? හාර්ලන්ව නවත්තන්න පුලුවන් වෙයිද? අනිත් කාරණේ තමා හාර්ලන් පෘථිවියෙන් පිට වාසස්ථානයක තමයි ජීවත් වෙන්නේ. එහෙනම් කතාව බලලා රසවිඳින්න. තවත් උපසිරසියකින් මුණගැහෙමු. ජයවේවා!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEBRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.

5,138 downloadsDownload Atlas-2024-Sinhala-Subtitles.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

5,138 downloadsDownload Subtitles45 KB

3 comments

  1. Buddhika laKMal

    ස්තූතියි සහෝ සබට

  2. Duminda K

    Thanx 4 da sub brother..!

  3. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.