Down to the Felt (2025) Sinhala Subtitles සූදුව කියන්නේ මිනිහෙක්ව අගාධයටම ඇදලා දාන්න පුළුවන් දෙයක්. ඒ වගේම තමයි තමන්ගේ ජීවිතේ හැමදේම එකපාරටම නැති වුණාම දැනෙන හැඟීම… අද මම අරගෙන ආවේ අන්න ඒ වගේ අන්ත අසරණ තත්ත්වයට පත්වුණු සූදුකාරයෙකුගේ ජීවිතය වටා ගෙතුණු අපූරු සිනමාපටයක්. ඒ තමයි 2025 වසරේ නිකුත් වුණු “…

සූදුව කියන්නේ මිනිහෙක්ව අගාධයටම ඇදලා දාන්න පුළුවන් දෙයක්. ඒ වගේම තමයි තමන්ගේ ජීවිතේ හැමදේම එකපාරටම නැති වුණාම දැනෙන හැඟීම… අද මම අරගෙන ආවේ අන්න ඒ වගේ අන්ත අසරණ තත්ත්වයට පත්වුණු සූදුකාරයෙකුගේ ජීවිතය වටා ගෙතුණු අපූරු සිනමාපටයක්. ඒ තමයි 2025 වසරේ නිකුත් වුණු “DOWN TO THE FELT”. Jon Osbeck ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මෙම චිත්‍රපටය Action, Comedy සහ Thriller ඝණයට අයත් වෙනවා. මෙහි ප්‍රධාන චරිත සඳහා Michael Stahl-David, Michael Weston සහ Scottie Thompson රංගනයෙන් දායක වෙනවා.
කතාව මෙහෙමයි… පෝල් මර්ෆි කියන්නේ දැඩි ලෙස සූදුවට ඇබ්බැහි වූ කෙනෙක්. එකම දවසක් ඇතුළත එයාට එයාගේ රස්සාව, පෙම්වතිය වගේම ගෙයක් ගන්න එකතු කරපු සල්ලිත් ඔක්කොම අහිමි වෙනවා. අන්තිමට එයාට සිද්ධවෙනවා තමන්ගේ අම්මාගේ ගෙදරට වෙලා ජීවත් වෙන්න. ඊටපස්සේ එයා ගන්නවා භයානක තීරණයක්. ඒ තමයි තමන්ගේ අම්මට ජීවිත රක්ෂණ මුදල හෝ ලබා දෙන්න හිතාගෙන, හරියටම සති දෙකකින් තමන්ව ඝාතනය කරන්න කියලා ඩේවිඩ් කියන කුලී ඝාතකයෙක් එක්ක ගිවිසුමක් ගහන එක. හැබැයි කතාව වෙනස් වෙන්නේ එතනින් පස්සේ. හදිසියේම පෝල්ගේ අවාසනාව ඉවර වෙලා එයාට පෝකර් ක්‍රීඩාවෙන් දිගටම දිනන්න පටන් ගන්නවා. ඒ අතරේ එරිකා කියලා ලස්සන තරුණියකුත් මුණගැහෙනවා. දැන් පෝල්ට ආයෙමත් ජීවත් වෙන්න දැඩි ආසාවක් ඇතිවෙනවා. එයාට පුළුවන් වෙයිද තමන් පස්සේ එන කුලී ඝාතකයාව නවත්තගන්න..? පෝල්ට මේ සෙල්ලමෙන් දිනන්න පුළුවන් වෙයිද..? ජීවිතයේ දෙවන අවස්ථාව පෝල්ට හිමි වෙයිද..? ඒක දැනගන්න නම් මේ චිත්‍රපටය බලන්නම වෙනවා…
ඉතින් මේ වගේ තවත් සුපිරි film එක උපසිරැසියක් අරන් නැවත එනකම් මෙතනින් නවතිනවා හැමෝටම ජය වේවා…!!!!
Down to the Felt (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
694 downloadsDownload Down-to-the-Felt-2025.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-11-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Down to the Felt (2025) Sinhala Subtitles
Subtitles by
දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)
Subtitles
- #Down to the Felt (2025) Sinhala Sub
- #Down to the Felt (2025) Sinhala Subtitles
- #Down to the Felt Sinhala Sub
- #Down to the Felt Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තූතියි දමිදු සහෝ උපසිරැසියට