Watch Trailer

Crime 101 (2026) Sinhala Subtitles | දැවැන්ත සොරකමක සුලමුල! [සිංහල උපසිරැසි] [Bluray Updates]

Crime 101 (2026) Sinhala Subtitles 2026 වසරේ තිරගත වන අතිශය උද්වේගකර Crime / Thriller ගණයට අයත් සුපිරිම චිත්‍රපටයක් තමයි “Crime 101” කියන්නේ. Marvel චිත්‍රපට හරහා ලොවක් ආදරය දිනාගත් Chris Hemsworth (තෝර්) සහ Mark Ruffalo (හල්ක්) වගේම, සම්මානලාභී නළු Barry Keoghan ගේ විශිෂ්ට රංගනයෙන් මේ චිත්‍රපටය හැ…

Crime 101 (2026) Sinhala Subtitles

2026 වසරේ තිරගත වන අතිශය උද්වේගකර Crime / Thriller ගණයට අයත් සුපිරිම චිත්‍රපටයක් තමයි “Crime 101” කියන්නේ. Marvel චිත්‍රපට හරහා ලොවක් ආදරය දිනාගත් Chris Hemsworth (තෝර්) සහ Mark Ruffalo (හල්ක්) වගේම, සම්මානලාභී නළු Barry Keoghan ගේ විශිෂ්ට රංගනයෙන් මේ චිත්‍රපටය හැඩවෙනවා. ප්‍රකට ලේඛක Don Winslow ගේ කතාවක් ඇසුරින් නිර්මාණය වූ මෙය අධ්‍යක්ෂණය කරන්නේ **Bart Layton** විසින්.

කතාව ගෙතෙන්නේ කිසිම සාක්ෂියක් හෝ හෝඩුවාවක් ඉතුරු නොකරන, තමන්ගේම නීති මාලාවකට අනුව වැඩ කරන අතිදක්ෂ තනි මංකොල්ලකාරයෙක් වටායි. මොහුගේ විශේෂත්වය තමයි කිසිම දවසක තමන්ගේ මංකොල්ලකෑම් වලදී කිසිම කෙනෙකුට තුවාලයක් නොකර ඉතාමත් සූක්ෂමව බඩු ටික අරගෙන පැනලා යන එක. තමන්ගේ ජීවිතේ කරන ලොකුම සහ අවසාන සොරකම (ඩොලර් මිලියන 11ක වටිනාකමකින් යුත් දියමන්ති මංකොල්ලයක්) සඳහා ඔහු සැලසුම් සකස් කරනවා. මේ සැලසුම අතරතුරේදී, තමන්ගේ රැකියාව සහ ජීවිතය ගැන ලොකු කළකිරීමකින් ඉන්න දක්ෂ රක්ෂණ නියෝජිතවරියක් (Insurance Broker) වන ෂැරන්, අහම්බෙන් වගේ මේ හොරාගේ මාර්ගයට සම්බන්ධ වෙනවා.

අනෙක් පැත්තෙන්, හැමෝම මේවා අහඹු මංකොල්ලකෑම් විදිහට දැක්කත්, එකම එක දක්ෂ රහස් පරීක්ෂකවරයෙක් (Detective) මේ සොරකම් පිටුපස තියෙන “රටාව” (Pattern) තේරුම් ගන්නවා. ඔහු මේ දැවැන්ත සොරකම ව්‍යර්ථ කරලා කොහොම හරි මේ හොරාව නීතියේ රැහැනට කොටු කරගන්න එක දිගටම පන්නන්න පටන් ගන්නවා.

මේක ටිකක් සාමාන්‍ය  වෙඩි තියාගන්න, මිනී මරාගන්න සාමාන්‍ය හොර-පොලිස් කතාවක් නෙවෙයි. පොලිසිය, ධනපතියන්ගේ දේපළ රකින රක්ෂණ සමාගම් සහ මොළයෙන් ගේම ගහන අතිදක්ෂ හොරෙක් අතර සිදුවන සුපිරි බුද්ධිමය සටනක් (Mind game) මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්. Chris Hemsworth ගේ වෙනස්ම විදිහේ රංගනයකුත් මේකෙන් දැකගන්න ලැබෙනවා.

හොරාගේ මේ අවසාන මහා සොරකම සාර්ථක වෙයිද? නැත්නම් රහස් පරීක්ෂකයා ඔහුව අත්අඩංගුවට ගනීවිද? රක්ෂණ නිලධාරිනිය මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ හැමදේටම උත්තර දැනගන්න නම් අනිවාර්යයෙන්ම ෆිල්ම් එක බලන්නම වෙනවා.

කිසිම කම්මැලිකමක් නැතුව, ආරම්භයේ ඉඳන් අවසානය වෙනකම්ම කුතුහලය උපරිමයෙන්ම තියාගෙන බලන්න පුළුවන් මේ “Crime 101” චිත්‍රපටය, අපේ අලුත්ම සිංහල උපසිරැසියත් එක්කම රසවිඳින්න කියලා අපි හැමෝටම ආරාධනා කරනවා!

මේ උපසිරැසියට අදාල වීඩියෝ පිටපත අපේ බයිස්කෝප් ටෙලිග්‍රෑම් සමූහයෙන් ගන්න පුලුවන්.

 

                                        *-* ජය ශ්‍රී *-*

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Bluray/WEBRIP පිටපත් සඳහා අදාළ වේ.

8,091 downloadsDownload Crime-101-2026-Bluray-Updates.zip99 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

Crime 101 (2026) Sinhala Subtitles

Subtitles by

යසිරු හසරංග

Subtitles

8,091 downloadsDownload Subtitles99 KB

9 comments

  1. Viraj

    Thanks

  2. Buddhika laKMal

    බොහෝම ස්තූථියි යසිරු සහෝ උපසිරැසියට

  3. Asela Madusanka

    thanks

  4. sumed

    sub ekata thanks bro

  5. Sahan Gayantha

    thanks a lot Yasiru saho sub ekata

  6. damith niwanthaka

    Thanks bro. Jaya wewa.....!!!

  7. Anonymous

    Thanka bro

  8. prasad kandamulla

    සබ් එකට මහන්සි උනාට බොහෝම ස්තුතියි සහෝ....

  9. නිශාන් සමීර

    ●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●